ජිනීවා මෙහෙයුමෙන් පසු...

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන චෝදනාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු ලැබ...

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන චෝදනාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු ලැබී නැත. මෙම චෝදනාවෙන් ශ්‍රී ලංකාවට ගැලවිය හැකි වුවද එපමණකින් එම ප්‍රශ්නය අවසන් වනු ඇතැයි සිතිය නොහැකිය. මීට පෙර ද මෙම චෝදනාව මෙම කවුන්සිලයේදීම ශ්‍රී ලංකාවට එල්ල වූ අතර එයින් ශ්‍රී ලංකාවට ගැලවීමට හැකිවිය. නමුත් මෙවර යළිත් එය ඉදිරිපත් වී ඇති අතර මෙම චෝදනාව එල්ල කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක්‌ තිබෙන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය විනාශ කර ඇතත්, දෙමළ වර්ගවාදී අදහස්‌ සහිත පිරිසක්‌ එතෙර සිට තවමත් ඊළාම් සිහිනය දකිමින් සිටීම එයට ප්‍රධාන හේතුව වේ. ප්‍රභාකරන් විසින් ඊළමෙන් මෙපිට කිසියම් ආකාරයක විසඳුමක්‌ භාරගත්තේ නැත. ෆෙඩරල් පන්නයේ විසඳුමකට පළමු වාරයේ කැමැති වී ඊළඟ අවස්‌ථාවේදී ඊළමක්‌ අත්පත් කර ගැනීමේ අවස්‌ථා ගණනාවක්‌ ප්‍රභාකරන්ට ලැබුණමුත් පියවරෙන් පියවර ඊළමට යැම ඔහුගේ අභිප්‍රාය නොවීය. උතුරු හා නැගෙනහිර පළාතේ මහ ඇමැති වී, ඊළඟ අදියරේදී ඊළාම් නායකයා වන විසඳුම ප්‍රභාකරන් තෝරා නොගත්තද, එල්. ටී. ටී. ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පවා එම විසඳුම විශ්වාස කරන තත්ත්වයේ පසුවිය. එල්. ටී. ටී. ඊ. නොවන දෙමළ වර්ගවාදීහු සියලු දෙනාම පාහේ එම පන්නයේ විසඳුමක්‌ විශ්වාස කරන පුද්ගලයෝ වූහ. එතෙර සිටින දෙමළ වර්ගවාදයේ දැන් සිහිනය බවට පත්ව තිබෙන්නේ, එවැනි අදියර දෙකකින් ඊළම කරගන්නා පිළිවෙතකට යැම බව පෙනේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය හරහා බලපෑම් කිරීමට, යුද අපරාධ චෝදනා එල්ල කිරීමට එතෙර දෙමළ වර්ගවාදීන් සහාය දෙමින් සිටී. එසේම තමන්ගේ වර්ගවාදී ව්‍යාපෘතියේ "ආදරණීය නායකයා හා සෙස්‌සෝ විනාශ කිරීම සඳහා වන පළිය ශ්‍රී ලංකාවෙන් ගැනීම ද මොවුන්ගේ එක්‌ අභිප්‍රායකි. විදේශගතව ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවගේ අනිකුත් රටවැසි දෙමළ ප්‍රජාවෝ ද වෙති. මොවුහු බොහෝ දෙනකු රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටම් සමඟ කිට්‌ටු සබඳතා ඇති පුද්ගලයෝ ද වෙති. මේ නිසා ජාත්‍යන්තරය හරහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට පහසු මාවත් ඔවුනට විවර වී තිබේ. අනෙක්‌ අතින් සමහර රටවල සිටින දෙමළ ප්‍රතිශතය ඉහළ වීම හේතුවෙන් එම රටවල මැතිවරණයන්හිදී ඔවුන්ගේ ඡන්දවලට ද වටිනාකමක්‌ ලැබී තිබේ. එම ඡන්ද පොදිය පෙන්වමින්, ශ්‍රී ලංකාවට එම රටවල පාලකයන් ලවා බලපෑම් කරවීම ද එතෙර සිටින දෙමළ වර්ගවාදීන් අනුගමනය කරන ක්‍රමවේදයක්‌ වේ. මෙම සියල්ලේ අවසානය වන්නේ, ශ්‍රී ලංකාව තුළ ඊළමක්‌ යළි ඇති කර ගන්නා තෙක්‌, එතෙර සිට සිය බලපෑම, එම රාජ්‍යයන් සමඟ එක්‌ව කරනා තැනකට එතෙර සිටින දෙමළ වර්ගවාදීන් කටයුතු කිරීමය.

එසේම, ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සිය දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක්‌ කරගත් රටවල් කිහිපයක්‌ ද ලෝකයේ වේ. ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය එයින් පෙරමුණේ සිටිති. තමනට අවශ්‍ය බලතුලනය සඳහා හෝ, සිංහලත්වය, බෞද්ධත්වය පිළිබඳව ඇති වෛරයකින් හෝ, සම්පත් කොල්ලකෑම සඳහා සහ කාරණා මුල්කර ගනිමින් මෙම රටවල් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

යුද අපරාධ චෝදනාව ශ්‍රී ලංකාවට එල්ල කිරීම මගින්, යුද්ධයට නායකත්වය දුන් ජනාධිපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු ප්‍රධාන හමුදා නිලධාරීන් චෝදනාලාභීන් කරනවාට අමතර තමන් අපේක්‍ෂා කරනාකාරයේ කැබලි වූ ශ්‍රී ලංකාවක්‌ බිහිකර ගැනීම ද ඔවුන්ගේ අරමුණ වී තිබේ. යුද අපරාධ චෝදනාව පෙන්වමින් ශ්‍රී ලංකාවේ යුද විරුවන් පෝරකයට ගෙන යනවා සේම ෆෙඩරල්කරණය ඔස්‌සේ ශ්‍රී ලංකාව පෝරකයට දැක්‌කීමේ අවශ්‍යතාවය ඔවුනට තිබෙන බව පෙනේ. බටහිරෙන් යුද අපරාධ චෝදනා එල්ල කරන විට එම චෝදනා එල්ල නොකරමින්, තමන්ගේ සහය එම තීරණාත්මක අවස්‌ථාවේ ශ්‍රී ලංකාවට ලබා දීමට නම්, 13 + දෙන ලෙස ඉන්දියාව ඉල්ලා සිටින්නේ, සියල්ලේ අවසානය ශ්‍රී ලංකාව කැබඅලි රාජ්‍යයක්‌ බවට පත්කිරීම අවශ්‍යතාව බව පෙන්වා දෙමිනි.

මානව හිමිකම් කවුන්සිලයේදී අප වරක්‌ ගැලවී යළිත් ගැලවී පැමිණියත් එම චෝදනාව එල්ල කිරීම මගින් ෆෙඩරල් ශ්‍රී ලංකාවක්‌ බිහිකර ගැනීම සඳහා දෙමළ වර්ගවාදයට හා එයට අනුබල දෙන රටවලට ඇති වුවමනාව පරාජය කරන තැනකට තවම රට පැමිණ නැත.

යුද ජයග්‍රහණය ලබාගෙන ඇතිමුත් එම ජයග්‍රහණය හා ත්‍රස්‌තවාදය මතු වූ පසුබිම නිවැරැදි ආකාරයෙන් ලෝකයාට විස්‌තර කිරීමට තවමත් ශ්‍රී ලංකාව සමත්ව නැත. එල්. ටී. ටී. ඊ. යේ කෲරභාවය ලෝකයාට පෙන්වා දුන් පලියට යුද ජයග්‍රහණය උත්කෘෂ්ඨ වන්නේ හෝ ත්‍රස්‌තවාදය බිහි වූ හේතු ලෝකයාට තේරුම් යන්නේ නැත. ප්‍රශ්නයේ අනෙකා වූ දෙමළ වර්ගවාදය ලෝකයාට ඒත්තු ගන්වා තිබෙන මිථ්‍යාවන් පොදියට පිළිතුරු නොබැඳ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලෝකයා ඉදිරියේ සපථ කිරීමෙන් පමණක්‌ මෙම තත්ත්වයෙන් ගැලවිය නොහැක. ත්‍රස්‌තවාදය නිමා වී ඇති හෙයින් දෙමළ ජනයාට ෆෙඩරල් පන්නයේ විසඳුමක්‌ දෙන ලෙස ලෝකයා බල කරන විට දෙමළ වර්ගවාදය වපුරා ඇති මිත්‍යාවන් පිළිබඳව ඔවුනට කියා දීමත්, එම මිත්‍යාවන් විනාශ කරනා අන්දමේ පිළිවෙතක්‌ සිය ඉදිරි දැක්‌ම බවට පත්කර ගැනීමත් ශ්‍රී ලංකාව තවම සිදුකරගෙන නැත. ඓතිහාසික දෙමළ නිජභූමි මිථ්‍යාව සුන් කරමින් දෙමළ වර්ගවාදයට පිළිතුරු දීමේ කාර්යයට අත නොගැසුවොත් මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවලින් ගැලවුණද ෆෙඩරල් ශ්‍රී ලංකාවක්‌ ඇතිකිරීමෙන් ගැලවීමක්‌ ලබන්නට ශ්‍රී ලංකාව සමත් නොවනු ඇත. ඒ වාසි ලබාගෙන ගමන් කරමින් ශ්‍රී ලංකාව කටයුතු කළහොත්, මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධානත්වය දරන, නවනීදන් පිල්ලේ ද දෙමළ කාන්තාවක්‌ නිසා, මෙතැනදී ඇයගේ භූමිකාව එක්‌ පැත්තකට බරවීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රශ්න කළ හැකිය. එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමෙන් පසු ඉතිරි කොටස වන දෙමළ වර්ගවාදය පරාජය කළ යුත්තේ එවැනි ගමනක යමින් වුවද ශ්‍රී ලංකාව තවම සිටින්නේ, එල්. ටී. ටී. ඊ. ය පරාජය කළ තැනින් ඉදිරියට නොයන තැනකය. මෙහිදී රාජපක්‍ෂ ආණ්‌ඩුවේ පිළිවෙත ප්‍රධාන ලෙස බලපා තිබෙන අතර විපක්‍ෂය සිටිනා ස්‌ථාවරය විසින් ද ආණ්‌aඩුවට බලකරමින් තිබෙන්නේ එතැනින් ඉදිරියට යැමට පස්‌සට නොව යා යුතු යෑයි කියන තැනකය.

එල්. ටී. ටී. ඊ. ය පරාජය කරනා මොහොතේ, යුද ජයග්‍රහණයේ තනි අයිතිකරු බවට රාජපක්‍ෂ ආණ්‌ඩුව පත්වූයේ, විපක්‍ෂය මෙවැනි ස්‌ථාවරයක හිඳීම තුළය. ඒ මොහොතේ විපක්‍ෂය නිරූපණය කළ භූමිකාව වාසිසහගත වූයේ එල්. ටී. ටී. ඊ. යටය.

තමන් නිරූපණය කළ භූමිකාව හේතුවෙන් යුද ජයග්‍රහණයේ ඵල ලබන්නට විපක්‍ෂයට නොහැකි වූවා සේම, එම තීරණාත්මක මොහොතේ දේශෙද්‍රdaහී චෝදනාවට ලක්‌වීම නිසා පරාජිත දේශපාලනයකට දිගින් දිගටම උරුමකම් කියන්නට ද විපක්‍ෂයට සිදුවිය. ඒත් තවමත් විපක්‍ෂය සිටිsනුයේ ද ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ෆෙඩරල් ශ්‍රී ලංකාවක්‌ අවශ්‍ය යෑයි කියන තැනකය. එසේ නොමැතිව ආණ්‌ඩුවට ද වඩා ඉදිරියට ගොස්‌, ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් විපක්‍ෂය පෙනී සිටියහොත්, යුද ජයග්‍රහණය සඳහා විපක්‍ෂයට අයිතිවාසිකම් කීමට නොලැබුණු අවස්‌ථාව වෙනුවට ඒකීය රාජ්‍යය සුරක්‍ෂිත කිරීමේ අයිතිවාසිකම මගින් දේශපාලන වශයෙන් ඉදිරියට ඒමට ද හැකි වනු ඇත. දැනටත් සජිත් ප්‍රේමදාස ඒකීය ශ්‍රී ලංකාව උදෙසා කතා කරමින් තිබෙන බව පෙනේ. එය විපක්‍ෂයේ නැති වී ගිය ලකුණු දා ගැනීමට සාධනීය ලක්‍ෂණයක්‌ වන්නා සේම, ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් පසු රට යා යුතු ඉදිරි මඟට ද එයින් හයියක්‌ ලැබේ.

ජිනීවාවලින් ගැලවුණද ඉදිරියේ ඇති කර්තව්‍යයට මුහුණදීම සඳහා ඒකීය ශ්‍රී ලංකාව සුරක්‍ෂිත වන ආකාරයෙන් හා දෙමළ වර්ගවාදය සම්පූර්ණයෙන් විනාශ වන ආකාරයේ විසඳුමකට නොගියහොත් ලබාගත් යුද ජයග්‍රහණය ආපසු හැරවීමට දෙමළ වර්ගවාදය හා එයට පක්‍ෂපාතී රටවල් දරන අනවරත උත්සාහයට ශ්‍රී ලංකාවට යටත් වීමට සිදුවනු ඇත.

මනෝජ් අබයධීර
උපුටා ගැනීම
දිවයින
2012-02-27

Related

මනෝජ් අබයදීර 5461484564548179633

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item