වාර්ගික පවිත්‍රකරණයේ පදනම තේසවලාමේ නීතියයි
යාපනය ප්‍රදේශයේ නොයෙකුත් ව්‍යාපාර කටයුතුවල යෙදී සිට ත්‍රස්‌තවාදී කෝලාහල නිසා අවතැන් වූ සිංහල පවුල් එකසිය පනහක් පමණ නැවතත් සිය ම...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_08.html
යාපනය ප්‍රදේශයේ නොයෙකුත් ව්‍යාපාර කටයුතුවල යෙදී සිට ත්‍රස්‌තවාදී කෝලාහල නිසා අවතැන් වූ සිංහල පවුල් එකසිය පනහක් පමණ නැවතත් සිය මුල් ගම් බිම්වල පදිංචියට යැමට උතුරට ගොස් තිබේ.
මේ පිරිස අවතැන් වී ඇත්තේ වසර විසිපහක් පමණ කාලයකට ඉහත දී යෑයි ප්‍රකාශ වේ. නමුත් උතුරේ නිලධාරීන් මේ පිරිසට සවන් දීමට සූදානම් නැත. යාපනයේ පදිංචිවීමට පිටස්‌තර අයට ඉඩකඩම් ලබාදිය නොහැකි බවද ඔවුන් අතින් ප්‍රකාශ වී තිබේ.
මුලතිව් (මුලදීප) සහ මන්නාරම් දිස්‌ත්‍රික් වලද තත්ත්වය මෙසේය. පැරැණි විහාරස්‌ථාන පැවති පුරාවිද්‍යා ස්‌ථානවල පවා නැවත ස්‌ථාන ගත කිරීමට උතුරේ නිලධාරීන්ගෙන් අවසර නොලැබේ.
ලංකාවේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ තනි නීතිරීති වෙනස් කොට කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඊළාම් නීතිය උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වූ ආකාරය පසුගිය කාලයේ දී දැක ගන්නට ලැබිණි.
සැබැවින්ම උතුරට හා නැගෙනහිරට වෙනම නීතියක් ගෙනඒමට උත්සාහ කළ පළමු කණ්‌ඩායම කොටි ත්‍රස්‌තවාදීන් නොවේ. එයට පදනම දමන ලද්දේ ඉංග්‍රිසීන්ගේ පාලන සමයේදීය. ඒ තේසවලාමෙයි නමැති මලබාර් නීති සංග්‍රහය පනතකින් තහවුරු කිරීමෙනි.
යාපා පටුන (යාපනය නගරය අවට ප්‍රදේශය) එදා ලන්දේසීන්ගේ පාලන වසමක්‌ව පැවැති සමයේ දුම්කොළ වගා කිරීම උදෙසා කුලීකරුවන් ගෙන්වීමේ අවශ්‍යතාවක් ලන්දේසීන් වෙත තිබිණි. පෘතුගීසීන් හා යුද වැදී වෙළෙඳ ආධිපත්‍ය සියතට ගැනීමට උත්සාහ දරන කල්හි දකුණු ඉන්දියාවේ අවතැන් වූ මලබාර් (කේරළ) වැසියන් රාශියක් මේ සඳහා යෙදවීමට ඔවුන් හට හැකියාව ලැබිණි.
යාපා පටුන ප්‍රදේශයේ අභිනවයෙන් පදිංචි කරන ලද මලබාර් වැසියන් සිය මුල් බිම වන කේරළයට යමින් එමින් සිය කර්තව්‍යය කිරීමට වෑයම් කිරීම නිසා ලන්දේසීන් අපහසුතාවයට පත් වූ බව පෙනේ. මලබාර් වැසියන් අතර ඇති වූ නොසන්සුන්තාවන් නිසා ද යම්කිසි නීති පද්ධතියක අවශ්‍යතාවය පෙනී ගිය බවද ප්‍රකාශ වේ. ඒ අනුව 1706 වර්ෂයේ දී සයිමන්ස් ලන්දේසි ආණ්‌ඩුකාරවරයාගේ මෙහෙයවීමෙන් තේසවලාමෙයි නමැති මලබාර් ද්‍රවිඩ නීති සංග්‍රහයක් ඇති කරන ලදී.
මේ ලන්දේසි නීති කෙටුම්පත ජැන් පිරුස් විසින් දෙමළට පරිවර්තනය කරන ලද අතර, එය
නිවැරැදි බවට සහතික කර ගැනීමට උතුරේ මුදලිවරුන්ටද ඉදිරිපත් කළ බව පැවසේ. මේ අනුව මේ නීති සංග්‍රහය ක්‍රියාත්මක වූයේ යාපා පටුනට පමණක් වන අතර, එය මලබාර් සංක්‍රමණිකයන්ට සීමා විය.
1706 දී ඉංග්‍රිසීන් ලන්දේසි බල කොටු අල්වා ගැනීමත් ලන්දේසි පාලනය අවසන් වීමත් සමගම ඉංග්‍රිසීන් විසින් ලන්දේසි නීතිය හා රෙගුලාසි ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත් බව පෙනේ.
1700 සිට 1790 දක්‌වා කාලය ලන්දේසීන් ඉන්දියාවෙන් වහල් සේවයට ගෙනා විශාල ද්‍රවිඩ පිරිසක් උතුරේ සහ නැගෙනහිර පදිංචි වූ අතර, ඔවුනොවුන් අතර වෙනම නීතිරීති පද්ධතියක් තිබුණේ යෑයි පැවසේ.
ඉංග්‍රිසීහු 1806 දී අංක 18 දරන නීති කෙටුම්පත මගින් තේසවලාමෙයි නීතිය නෛතිකව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව සියලුම රජයේ මෙහෙයුම්වලදී යම් රෙගුලාසිය බලාත්මක කරන ලදී.
1806 නීති කෙටුම්පතෙන් තේසවලාමෙයි නීතිය යාපන දිස්‌ත්‍රික්‌කයට පමණක් නීති ගත වුවද 1878 දී මරිසල්ට එදිරිව සවරි නම් පුද්ගලයා පැවැරූ නඩුවකදී කැලැරන්ස් ඉංගී්‍රසි විනිසුරුවරයා මෙම නීතිය මන්නාරම් දිස්‌ත්‍රික්‌කයට ද බල පැවැත්වෙන පරිදි සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඉන් අනතුරුව 1900 දී පිලෙයි නාගමිට එදිරිව රාමස්‌වාමි චෙට්‌ටියාර් විසින් පැවරූ නඩුවක දී බොන්තර් නම් විනිසුරුවරයා මේ නීතිය මුළු උතුර පළාතටම බල පැවැත්වෙන ලෙස සිය තීන්දුව දුන් බව සඳහන්ය.
නමුත් වේලුපිල්ලේට එදිරිව සිදම්බරම්, රජුට එරෙහිව පෙරුමාල් සහ ප්‍රනාන්ට එරෙහිව ප්‍රොක්‌ටර් ආදී නඩුවලදී ලැබුණු තීන්දුව වූයේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පුත්තලම් යන දිස්‌ත්‍රික්‌කවලට මේ නීතිය බල නොපවත්වන බවයි. එය ප්‍රාන්තිය නීතියක් ලෙසට බොන්සර් විනිසුරුවරයා දුන් අර්ථ නිරූපණය මගින් ද්‍රවිඩ ජනතාව බහුතරයක් ජීවත් වූ (ඒ වනවිට) උතුර පළාතටම මෙය බලපැවැත්වීම නීතිගත වූ බව පෙනේ. 1900 දී එම නීතිය ව්‍යාවස්‌ථාදායක ප්‍රඥප්තියට ද ඇතුළත් විය.
දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා අවතැන් වූ සිංහල ජනයා සිටි ප්‍රදේශවල ලන්දේසි වහල් ජනතාව පදිංචි කරවීමත් ඔවුන්ට ගැලපෙන නීති සංග්‍රහයක් ඇති කිරීමත් එය පසුව බ්‍රිතාන්‍ය නීතියක් බවට පත්වීමත් නිදහසින් පසු එය රටේ නීති පද්ධතියේ ප්‍රාන්ත නීතියක් ලෙසට එලෙසම තිබීමත් නිසා දෙමළ ඊළාම් මතවාදයට නෛතික පසුබිමක් ලැබුණු බව පැහැදිලිය.
මේ තත්ත්වය මෙසේ වුවද ඉංගී්‍රසීන්ගේ පාලන සමයේ දී බොහෝ සිංහල පිරිසක් උතුර පළාතේ ව්‍යාපාර කටයුතුවලට යොමු වූහ. ඔවුහු බදු පදනමින් වුවද කඩ කාමරවල සිටිමින් සිය ව්‍යාපාර පවත්වාගෙන ගියහ. එසේම පූජ්‍ය කුලියාපිටියේ විමල භාරති හිමියන් යාපනයේ සිංහල පාසලේ උගන්වන ලද්දේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බදු පදනමට ලබා ගන්නා ලද ඉඩමක බෞද්ධ මධ්‍යස්‌ථානයක් පවත්වා ගෙන යමිනි.
සාමාන්‍ය දෙමළ ජනතාව මේ අයට සහෝදරත්වයෙන් සැලකූ අතර, දෙමළ අය අතර තිබූ උග්‍ර කුල භේදය සිංහල අයට අදාළ නොවීය. නමුත් කොටි ත්‍රස්‌තවාදීහු ඊළාම් මතවාදයට අවියෙන් පණ පොවා මෙකී සිංහල ජනතාව උතුරෙන් පළවා හරින ලදහ. යාපනයේ බෞද්ධ මධ්‍යස්‌ථානයටද ගිනි තබන ලද්දේ ය.
යුද්ධයෙන් පසුව නැවත පදිංචි කරවීමේදී ජාත්‍යන්තර ප්‍රජාවට සිය දක්‌ෂතාව පෙන්වා ලකුණු ගැනීමේ වෑයමේ දිගින් දිගටම යෙදී සිටීමට රජය උත්සාහ දරයි. එයට අමතරව උතුරේ දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ ජනප්‍රිය මෙහෙයුමකටද රජය පසුබිම සකස් කරමින් සිටී. එමනිසා අවතැන් වූ සිංහල පවුල් නැවත පදිංචි කරවීම මාර්තු මාසය දක්‌වා කල්ගොස් ඇත.
වත්මන් රජය බලයට පත්ව සිටින්නේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙනි. ඒ බැව් පසුගිය මැතිවරණ වලදී හො¹කාරව පැහැදිලි විය. නමුත් රජය මෙකී සිංහල බෞද්ධයන් භාවිත කරන්නේ සිය දේශපාලන වුවමනාවන් සඳහා පමණක් බව දැන් දැන් කරන ක්‍රියාකාරකම් වලින් පැහැදිලි වේ. භික්‌ෂූන් වහන්සේ පවා මෙලෙස යොදා ගැනීම තුළින් බුද්ධ ශාසනයට වන සෙතක් නම් නොමැති බව කිය යුතුය.
ලංකාව පෙඩරල් රාජ්‍යයක් ලෙසට රජය ප්‍රතිපත්තියක් ලෙසට නොපිළිගනී. එකීය රාජ්‍ය සංකල්පය ශක්‌තිමත් කිරීමට කැප වී සිටින රජය රට පුරා එක නීතියක් ක්‍රියාත්මක කිරීමට ද බැඳී සිටී. එසේ නොමැති වුවහොත් ප්‍රාන්තීය නීති ශක්‌තිමත් වී රට දෙකඩ වීමේ අවදානම යළිත් මතු දිනක ඉදිරියට එනවා නිසැකය.
තේසවලාමේ නීතිය වත්මන් නීති පද්ධතිය තුළ ස්‌ථාවරව තිබීම මගින් සිදුවන්නේ මෙයයි. විධායක බලය තහවුරු කිරීමට එක හදවතින් මනාපය දැක් වූ සිංහල බෞද්ධ බහුතර ජනතාවට කළගුණ සැලකීමට නම් විධායක බලය යොදා මේ ගෝත්‍රික නීතිය ඉවත් කළ යුතුය. ජන අනුපාතය අනුව නැවත පදිංචි කරවීමෙන් ඒකීය රාජ්‍ය සංකල්පය තවතවත් තහවුරු වේ. පටු දේශපාලන අරමුණින් පක්‍ෂවාදීව කටයුතු කරන නායකයන් වෙනුවට ජාතික නායකයන්ගේ වගකීම ඉදිරියේ දී ප්‍රදර්ශනය වනු ඇතැයි අප බලාපොරොත්තුව සිටිමු.
-මතුගම සෙනෙවිරුවන්

උපුටා ගැනීම
දිවයින
2010/10/24
දිවයින
2010/10/24
වසර එක හමාරකට පමණ පෙර දිවයින පුවත්පතේ පලවූ මෙම ලිපිය අදටද ඇති වලංගුභාවය සලකා මෙහි පල කර ඇත.
යාපනයේ දෙමළ ජනතාව සඳහා පසුබිමක් සකස් කරන්නේ ලන්දේසින් විසිනි. දුම්කොළ වැවීම සඳහා ලන්දේසින් විසින් රැගෙන ආ පිරිස් යළි මව්රට වෙත යාම අධෛර්යමත් කිරීම සඳහා ලන්දේසින් තේසවලාමේ නීතිය ස්‌ථාපිත කළේය. මෙම නීතිය යටතේ මලබාර් වාසින්ට තමන්ගේ මව් රටේදී ලැබුණු වරප්‍රසාද හා යාපනයේ ඉඩම් අයිතිය ලැබුණි. බටහිර ඉන්දීය වෙරළ තීරයේ ටිරැවන්කෝර් ප්‍රදේශයෙන් පැමිණි මලබාර්වරුන් හා ලන්දේසි සමයේදීම ශ්‍රමිකයන් ලෙස උතුරුකරයට ගෙන්වන ලද කොරමැන්ඩල් වාසීන් යාපනයේ ස්‌ථිර පදිංචිකරුවන් වීම සඳහා පසුබිම සැකසුනේ මෙලෙසය.
ReplyDeletehttp://www.divaina.com/images/jaffna/therteen08.html