"හනුමා" මෙරටට පැමිණි පළමු ඉන්දීය තානාපතිවරයාය!
ඉන්දීය විදේශ ඇමැති එස්. එම්. ක්‍රිෂ්ණාගේ ශ්‍රී ලංකා සංචාරය මෙරට පමණක් නොව ඉන්දීය මාධ්‍යවලත් දැඩි අවධානයට ලක් විය. ක්‍රිෂ්ණා ඇ...
http://weadikawa.blogspot.com/2012/02/blog-post_07.html
ඉන්දීය විදේශ ඇමැති එස්. එම්. ක්‍රිෂ්ණාගේ ශ්‍රී ලංකා සංචාරය මෙරට පමණක් නොව ඉන්දීය මාධ්‍යවලත් දැඩි අවධානයට ලක් විය. ක්‍රිෂ්ණා ඇමැති හමුවේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනවා යෑයි කීම සන්ධාන රජයේ පාර්ශ්වකරුවන් වන චම්පික රණවකගේත්, විමල් වීරවංශගේත් ඇස් රතුවන කරුණක් විය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව සිය තානාපති සම්බන්ධතා ආරම්භ කළේ 1948 සිටය. එරට හොඳම විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය සඳහා එවන්නේ මේ කුඩා දූපත් අසල්වැසියා භාරත මාතාවට වඩා වැදගත් වන නිසාය. වර්තමාන ඉන්දීය ආණ්‌ඩුවේ ආරක්‍ෂක උපදේශක වන ශිවශන්කර් මෙනන් මහතා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ලෙස සේවය කර ඇති අතර පසුගියදා විශ්‍රාම ලැබූ ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝ මහත්මිය ද මෙරට මහකොමසාරිස් ලෙස සේවය කළාය. වර්තමාන ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මාතායි ද කොළඹ තානාපති කාර්යාලයේ සේවය කර ඇත.
ඉන්දීය විදේශ සේවයේ කටයුතු කළ කේ. පී. ෙµaබියන් මහතා රචනා කළ ,Dසචකදප්ජහල ෂබාස්‌බ Sඑහකැ, මැයෙන් වූ ග්‍රන්ථය පසුගියදා නිකුත් විය. මේ කර්තෘවරයා ද කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කර ඇත. එම ග්‍රන්ථය අනුව රාමායනයේ එන රාම රජුගේ භක්‌තිමත් සේවක "හනුමා" නමැති වානරයා ශ්‍රී ලංකාවට පැමිණි පළමු තානාපතිවරයාය. රාවණා රජුගෙන් සීතා දේවිය බේරා ගැනීමට පැමිණි හනුමා විශේෂ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක යෙදුණු බව ෙµaබියන් මේ ග්‍රන්ථයේ සඳහන් කරයි.
"රාමායනය" වසර අටදහසක් පැරැණි ග්‍රන්ථයකි. එය සංස්‌කෘත භාෂාවෙන් ලියෑවුණු ග්‍රන්ථයක් වන අතර ලොව පුරා හින්දු ආගම අදහන බිලියනයක් පමණ දෙනාගේ අතිශය ගෞරවාදරයට පත්වන හින්දු ආගමික ග්‍රන්ථයකි. මෙලෙස හින්දූන් අතර ගෞරවාදරයට පත්වන අනෙක් ග්‍රන්ථය වන්නේ මහා භාරතයයි. රාමායනයේ ගාථා විසිහතර දහසක් ඇති අතර වාල්මිකී විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. වාල්මිකී සැලකෙන්නේ ඉන්දියාවේ පළමු කවියා ලෙසය.
රාම රජු විෂ්ණු දෙවියන්ගේ හත්වැනි අවතාරය ලෙස සලකන අතර ඔහු අයෝධ්‍යාවේ රජ කළ දශරත රජුගේ හා කෞෂල්‍යා රැජනගේ වැඩිමහලු පුත්‍රයාය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු තානාපතිවරයා ලෙස සැලකෙන වානර "හනුමා" ශිව දෙවියන්ගේ එකළොස්‌වැනි අවතාරය ලෙස සැලකේ. හනුමාගේ පියා වානර රජෙක් වූ කේසරී වන අතර මව අන්ජානා දෙවඟන ලෙස ඉතිහාසයේ සඳහන් වේ.
රාවණ රජු රාමායනයේ සඳහන් කරන්නේ රාක්‌ෂ රජවරයෙක් ලෙසයි. හිටපු තානාපති ෙµaබියන් සිය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ සීතා කුමරිය බේරා ගැනීම සඳහා හනුමා රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ ද එයට රාවණ රජු එකඟ නොවූ බවයි. හනුමා රාවණා රජුට පැවසුවේ වෙන අයකුගේ බිරිඳක් පැහැරගෙන ගොස් සඟවා තබාගැනීම "ධර්මයට" විරුද්ධ බවයි. මේ නිසා උරණ වූ රාවණා රජු සිය මළණුවන් වූ විභීෂණට දැනුම් දුන්නේ මේ වානරයා මරා දමන ලෙසයි. එහෙත් රාවණ රජුගේ මළණුවන් වූ විභීෂණ මෙයට එකඟ වූයේ නැත.
කටාර් රාජ්‍යයේ ද ඉන්දීය තානාපති ලෙස සේවය කළ ෙµaබියන් මහතා රචිත මේ ග්‍රන්ථය පරිච්ජේද 11 කින් යුක්‌තය. මෙහි දුටුගැමුණු රජතුමා විසින් එළාර රජු මරා දැමීම ගැන ද කරුණු සඳහන්ය. මෙම ග්‍රන්ථය ගැන විචාරයක් ලියන මහාචාර්ය වී. සූර්ය නාරායන් සඳහන් කරන්නේ මෙහිදී දුටුගැමුණු රජු ශ්‍රී ලාංකික රජ කෙනෙක් ලෙස සඳහන් කිරීමට නිවැරැදි නොවන බවත් ඔහු සිංහල රජ කෙනකු බවත්ය.
1987 ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ ද මෙම ග්‍රන්ථයේ තොරතුරු ඇතුළත් වේ. විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයා හා කොටි සංවිධානය අතර සාකච්ඡා ඇරඹී ඇති බව නවදිල්ලිය දැනගත් විට රජිව් ගාන්ධි කලබල වූ බවත් ඩී.එම්.කේ. නායක මුරසෝලි මාරන්ට කතාකර ප්‍රභාකරන් මේ සාම සාකච්ඡාවලට යොමුවීම වළක්‌වන්නැයි උපදෙස් දුන් බවද ෙµaබියන් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. විශේෂයෙන්ම රජිව් ගාන්ධි දෙමළ ඊළම පිළිබඳ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් දැක්‌වීමට එකඟව සිටි බවද මෙහි සඳහන් වේ. යහපත් ප්‍රතිචාර කෙසේ වෙතත් අවසානයේ කොටි බෝම්බකාරියකට බිලිවීමට රජිව් ගාන්ධිට සිදුවීම සැබවින්ම අවාසනාවන්ත සිදුවීමකි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සිදුවීම් ගැන නිරන්තර අවධානයෙන් පසුවන බව රහසක් නොවේ. සමහර අවස්‌ථාවන්හිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිදු කළ අත්වැරැදීම් හා අමන ක්‍රියා ගැන ද මෙහි සඳහන් වේ.
ඉන්දීය පළමු තානාපති ශ්‍රී ලංකාවෙන් ගියේ නැට්‌ටට ගිනි ගැනීමෙන් පසුවය. මේ ගින්න නිසා විශාල විනාශයක් සිදු විය. හනුමා සිය දැවෙන වලිගය නිවා ගත්තේ මුහුදෙහි ගිලීමෙනි. සමහර ඉන්දීය තානාපතිවරු ද ශ්‍රී ලංකාව ගිනි තැබීමට උත්සාහ කළ බව රහසක් නොවේ. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම සඳහා මූලික වූ ජොතීන්ද්‍රනාත් ඩික්‌සිත් තානාපතිවරයා කටයුතු කළේ ඉන්දීය රාජතාන්ත්‍රිකයන් ලෙස නොව ආණ්‌ඩුකාරයකු ලෙසය. එම නිසා බලහත්කාරයෙන් පැටවූ එම ගිවිසුම පිළිගන්නට ෙ-. ආර්. ජයවර්ධනයට සිදුවිය. 87 ඉන්දු-ලංකා ගිවිසුම නිසා ඇති වූ සාමයක් නැත. දකුණේ ඇති වූ කැරැල්ල නිසා හැට දහසක් ජීවිත අහිමි වූ අතර සාමසාධක මෙහෙයුමට පැමිණි ඉන්දීය භටයන්ගේ ජීවිත 1200 ක් පස් යට වැළලිනි.
ඉන්දියාව චීනය හා කරට කර සුපිරි ලෝක බලවතෙක් ලෙස ගොඩනැඟෙමින් සිටී. ලොව බලවත් රාජ්‍යයක් බවට පත්වීම සඳහා විශිෂ්ට රාජතාන්ත්‍රිකයන් අවශ්‍යය. ඒ සඳහා ඉන්දීය තානාපති සේවයට ෙµaබියන්ගේ ග්‍රන්ථයෙන් යම් පිටිවහලක් ලැබෙන බව පැහැදිලිය. අපට මේ ගැන සටහනක් තබන්නට අවශ්‍ය වූයේ හනුමා ගැනත් රාවණා රජු ගැනත් ඇති විස්‌තර නිසාය. එදා රාම රජුට අභියෝග කළ රාවණා ලංකා පුත්‍රයකු බව අප කිසිවිටක අමතක කළ යුතු නැත. ඒ අභියෝගය නිසාම ඉන්දියාවට මුල්වරට රාජතාන්ත්‍රික වානරයකු එවීමට සිදුවිය.
චතුර පමුණුව
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-05