වන ආහාර සුරක්‍ෂිත කරගත යුත්තේ ඇයි
-මතුගම සෙනෙවිරුවන් දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ අතරමැදි තොග වෙළෙඳුන්ට හසුවී සිටින ගොවීන්හට කිසිදා ගැලවීමක් නැත. දඹුල්ලෙන් ගමේ පොළට ...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_9798.html
-මතුගම සෙනෙවිරුවන්
දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ අතරමැදි තොග වෙළෙඳුන්ට හසුවී සිටින ගොවීන්හට කිසිදා ගැලවීමක් නැත. දඹුල්ලෙන් ගමේ පොළට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ දෙස බලමින් එළවළු මිල ගැන සුසුම් හෙළන පාරිභෝගිකයන්ට ද වෙනත් විකල්පයක් නැත. ඔවුහු ද නිරන්තරයෙන් දුක් සුසුම් හෙළති.
සොබාදහමට මේ රටේ පුරාණ මිනිස්‌සු සොබාදම් මාතාව යෑයි ආමන්ත්‍රණය කළහ. ඊට හේතුව කිනම් හෝ ආකාරයකින් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී සොබාදහම සියලු සත්වයන්ට ජීවත්වීමට අවශ්‍ය සම්පත් ලබාදීමයි.
ලංකාව වැනි කුඩා රටකට සොබාදහම දී ඇති දායාදයන් බොහෝය. ඒ අතරින් මනුෂ්‍ය ආහාරයට සුදුසු විශාලතම සම්පත් ප්‍රමාණයක් වේ. වනයේ ඉබේ වැවෙන මල් පලා, කොළ පලා, ගෙඩි පලා අල පලා, හතුපලා කොතෙක්‌ද ලන්දේ දෙවටේ පමණක් නොව වැවේ, වැව්පිටියේ සහ ඕවිටේද මේවා බහුල වෙත්. එසේ සුවිසල් ආහාර විවිධත්වයන් රටේ තිබියදීත් මේ රටේ බහුතරයක් ජනතාව ආහාර නිසා සුසුම් හෙළති.
ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යයෝ නුවරඑළියේ භූමිය උපයෝගී කරගෙන තමන්ට අවශ්‍ය එළවළු වගාකර ගත්හ. අර්තාපල් බෝකර ගත්හ. ඒ පෙදෙස පුංචි එංගලන්තයක් විය. කොළඹ කුරුඳුවත්තේ පදිංචිව සිටි ධනවත් නෝනා මහත්වරුන්ට ද මේ එළවළු වර්ග ආහාරයට ගැනීමට අවශ්‍ය වූයේ පෝෂණය ගැන සිතා නොවේ. මේ ආහාර පරිභෝජන රටාව එකල ධනවතුන් අතර මෝස්‌තරයක් විය. පියදාස සිරිසේන මහතාගේ "ජයතිස්‌ස සහ රොසලින්" හෝ "මහා වියවුල" වැනි නවකතා කියවන විටදී මේ මෝස්‌තරයට හැඩගැසුණු නෝනලා ගැන නොව රටම ගැන දැනුනේ දැඩි සංවේගයකි.
වර්තමානය වන විට මේ මෝස්‌තර රටාව නගර ගම්දනව් සිසාරා විසිරී පැතිරී තිබෙන ආකාරය දකින කල්හි දැනෙන සංවේගය රට පිළිබඳ නොවේ අපගේ උරුමය වෙනුවෙනි.
වන ආහාර වන පලා ලංකාවේ ජනතාවට අමිල සම්පතකි. තණපලා බිස්‌සේ සිට සියඹලා හෝ කරකොළ දළුව දක්‌වා මේ සම්පත් විවිධත්වයට අපට හිමිකම් තිබේ. එහෙත් ඒකපුද්ගල ආදායම ගැන සිතමින් හෝ අඩුම තරමින් දෙවැනි ලෝකයේ රටක් බවට පත්වීමේ සිහිනයෙන් හෝ දැවෙමින් තැවෙමින් වන ආහාර බහුලව තිබූ ජයවර්ධනපුරය කෝට්‌ටය, රාජගිරිය, බොරැල්ල, මාළිගාවත්ත මෙන්ම තලවතුගොඩ, නුගේගොඩ ග්‍රාමයන් පවා නාගරීකරණයට ලක්‌කොට මේ සොබාදහමේ අමිල සම්පත් වඳකර ගත් බව සිය හෘදසාක්‍ෂිය පවසන්නේ යෑයි පැරැන්ණන් කියනු ඇත.
සොබාදහම් මෑණියන් නිරුවත් කොට දූෂණය කිරීමේ පාපය අපි අද රටක් වශයෙන් අත්දකිමින් සිටිමු. නමුත් මේ මාතාව අපට තවමත් කරුණාවන්ත වෙයි. ඇයගේ තුරුල්ලේ ගම්දනව් වල තවමත් මේ වන ආහාර දලුලන බව දන්නෝ දනිති. එහෙත් විකෘති කරන ලද නිදහස් අධ්‍යාපනයෙන් කුරුවල් වූ තරුණ තරුණියන්ට මේ ආහාර ගැන වගක්‌වත් නැතිය. දෙමව්පියන්ද මේ ආහාර ගැන දනිතත් ඒවා පිසගන්නට දැනුම නැතියෙන් හිස්‌බැල්මෙන් ඒවා දෙස බලා සිටිති. පෙළක් අය මේවා අලංකාරයට ගෙවතු වල වගා කරගෙන සිටිති.
නිදසුනක් ලෙස ගත හොත් මඩුගස ලංකාවේ ජනතාවට සමීප ආහාර වෘක්‍ෂයකි. මඩු දල්ලේ, ගොබේ, මලේ මෙන්ම මඩු ඇටයේ රස හඳුනන්නෝ අද දුලබ වෙති. ආයුර්වේද වෛද්‍යවරුන් අතර පවා බොහෝදෙනකු මේ ශාකය ඖෂධ පිණිස යොදා ගත්තේ නැත. මඩු ඇටයෙන් තැනූ පිටි වලින් තැනූ පිට්‌ටුව පොල් පැණි තවරා කොස් කොළ ගොටුවේ ලා වණ්‌ඩුවේ තම්බා ගත් විට එම ආහාරය අර්ශස් රෝගීන්ට පිරිමහින අතර ලේ වල සීනි මට්‌ටම පාලනය කිරීමට ද උපකාරී වන ඖෂධීය ආහාරයක් බවට පත්වේ.
මඩුගොබ උයාගන්නට ප්‍රථම ඒවා ගොරකා දමා තම්බා ගන්නේ එහි පවතින මත් ගතිය මඟහැර ගන්නටයි. බෝවිටියා දලු, නාබිරිත්තා දලු, ලුණුවිල කොළ ආදිය ද උයා පිහා ගන්නා විට උණුවතුරේ මඳක් තම්බා දිය ඇර ගැනීම ගෘහණියන්ගේ තාක්‍ෂණයෙකි. ඒ දලු කොළ වල තිබෙන සැර ගතිය අඩුකර ගැනීමට ඒ භාවිතාව සිදුවේ. මේ අතරින් නාබිරිත්ත දලු අර්ශස් රෝගීන්ට ගුණදායක වේ. මදටිය දලු ද හීරැස්‌ස දලු ද ගොරකා දමා තම්බා දිය ඉවත් කර උයා පිහා ගැනීම සිරිතකි. මෙයින් මදටිය කොළ කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණදායක ආහාරයකි.
කුඩා දරුවන්ට බත් කැවීමේදී හාමු කිරීමට සුදුසු ආහාරයකි වදමල් සම්බෝලය. මෙය සාදා ගැනීම ඉතාමත් පහසු වන අතර කෑමට රුචිකරයි. රක්‌ත හීනතාවය පාලනය කිරීමට මෙවැනි ආහාර ඉතාමත් ප්‍රයෝජනවත් වන බව කිවයුතුය.
ලංකාවේ පවතින දේශගුණික විවිධත්වය සහ ජෛව විවිධත්වය හේතු කොටගෙන ඒ ඒ කලාපයන්ට ගැලපෙන ආහාර වර්ධනය වී තිබේ. නහර කරවන නිරන්තරයෙන් දහදිය දමන රජරට ප්‍රදේශයේ කැකිරි ගෙඩියට කොමඩු ගෙඩියට තිබෙන ස්‌ථානය කඳුකරයේ හෝ බස්‌නාහිර තෙත් කලාපයේ නැත. ඒ වෙනුවට මේ ප්‍රදේශවල ඉබේ වැවෙන වැල් අල, කටු අල ආදිය නිරන්තරයෙන් ආහාරයට එක්‌වේ.
මෙයින් අප තේරුම් ගත යුත්තේ ලංකා ජනතාව වෙත සොබාදහම් මෑණියන්ගෙන් ලැබෙන දායාද කෙතරම් විශිෂ්ට ගුණසමුදායකින් යුක්‌ත වී දැයි යන්නයි. ඒ කුළුණු ගුණයට කරුණාවෙන්ම හිස නමන ගැමියා දරුවකු සිය මවගේ තන පුඩුවෙන් කිරි උරා බොන්නා සේ වන සම්පත් අනුභව කරන්නේ ඉමහත් රුචියෙනි. එහිදී මේ ගැමියා තුළ සොබාදහම කෙරෙහි ඇතිවන සෙනෙහස ගහට පොත්ත මෙන් ජීවිතය හා බැඳී පවතී.
ගැමි ගොවියා සිය ගෙවත්තේ මිරිස් පාත්ති කීපයක් අල කඳු කීපයක් කරපිංචා ගසක්, ඉඟුරු කහ පාත්ති කීපයක්, දුර්ලභ ගණයේ අත් බෙහෙත් පැළෑටි කීපයක් වවා ගන්නේ ඒවා නිරන්තරයෙන් ලබාගත නොහෙන බැවිනි. එහේ ගැමි කාන්තාව ගෙමිදුලෙන් පිටමංව බැද්දට වන කල්හි ඇගේ ඉනට එකතු වන වනපලා වර්ෂය පුරාවටම එකසේ නොලැබේ නම් ඒ සාගතයකදී නියඟයකදී පමණි. එවැනි දුර්භික්‍ෂයකදී විටමින් ගුණ බහුල කර කොළ කමින් දිවි ගෙවූ භික්‍ෂූන් වහන්සේ ගැන පවා අපගේ බෞද්ධ සාහිත්‍යයේ සටහන් කර තිබෙන්නේ දැඩි පහන් සංවේගයකිනි යෑයි මට සිතේ.
වර්ෂයකට වරක් අපට දකින්නට ලැබෙන තුඹරවිලද වනයේ හේනේ දකින්නට ලැබෙන්නෙකි. එහෙත් ඒවා දැන් කොරටුවල වගා කරති. ඒවා සුරැක අනාගතයට දායාද කරලීමේ වගකීම අප අතර වෙයි. එසේම ඉවක් බවක් නැතිව ඕවිටි, වගුරු බිම් වන රොදවල් ගොඩකරලීම දැන්වත් නතර කර ගත යුතුය. නිවෙස් සෑදීමට ඒ සඳහා ගැලපෙන භූමි භාග වෙයි. වගුරු බිමේ ගෙවල් තැනීමෙන් අප උපන් බිමේම අනාථයන් වන සැටි පසුගිය ගංවතුර සමයේ අප දුටුවෙමු. මේ තෙත් බිම් මෙන්ම කඳුකර මුඩු ඉඩම් ලෙස හඳුන්වන පන් බිම් පවා ආහාර ආකාර වෙයි. එය හද්දා පිටිසර රත්මල්ගහවැවට මීමුරේට පමණක් නොව කොළඹ නගරයේ මහරගමටත් එකසේ අදාළය. මන්දපෝෂණය වෙනුවෙන් කමිටු පත් කිරීමට වඩා මේ මහා ආහාර ගබඩාවන් රැකගැනීමට සැලසුම් සෑදීම ජාතියේ අනාගතයට වඩා ප්‍රයෝජනවත් යෑයි සිතමි.
මතුගම සෙනෙවිරුවන්
උපුටා ගැනීම
දිවයින
2011-01-23
(වසරකට පමණ ඉහත දිවයින පලකල මෙම ලිපිය අදටද ඇති අදාලත්වය සලකා නැවත පල කර ඇත )