ඉඩම් සහ පොලිස් බලතලවලින් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බෑ
- ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. එල්. ගුණසේකර හතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_6810.html
- ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. එල්. ගුණසේකර
හතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ මේ වන විට ආණ්‌ඩුවේත් විපක්‍ෂයේත් දේශපාලනඥයන් තුළ මත තුනක් ගොඩනැගී තිබේ. මෙම ව්‍යවස්‌ථාව ඉවත් කළ යුතු බව එක් මතයකි. එහි ඇති පොලිස් සහ ඉඩම් බලතල පමණක් ඉවත් කළ යුතුය යන්න තවත් මතයකි. 13 වැනි ව්‍යවස්‌ථාව ඉක්‌මවා යන බලයක් පළාත් සභාවලට ලබාදිය යුතු බව අනෙක් මතයයි.
මේ එක් එක් මත ගැන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන කටයුතු පිළිබඳ ප්‍රාමාණිකයකු සමග අප කළ කතාබහකි මේ.
පළාත් සභා සඳහා බලය බෙදාහැරීම පිළිබඳ ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ පක්‍ෂ අතර මේ වන විට ප්‍රධාන මත තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවා. 13 වැනි සංශෝධනය ඉවත් කළ යුතු බවට ඇතැමුන් යෝජනා කරන අතර එහි ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ වගන්තිය ඉවත් කර එය ක්‍රියාත්මක කළ යුතු බවට ඇතැමුන් යෝජනා කරනවා. 13 වැනි ව්‍යවස්‌ථාව ඉක්‌මවා ගිය බලයක් ලබාදිය යුතු යෑයි ඇතමුන් යෝජනා කරනවා. මේ ව්‍යාකූල තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?
අපේ රටේ අද ඉන්න දේශපාලකයො වැඩිදෙනෙක් කටයුතු කරන්නේ රට ගැනවත් රටේ ජනතාව ගැනවත් හිතල නෙමෙයි. මේ වැඩිදෙනා කටයුතු කරන්නෙ තමුන්ගෙ පක්‍ෂයට බලය ගන්නෙ කොහොමද ඒ හරහා තමුන්ට වාසියක් සලසගන්නෙ කොහොමද කියලයි. ඡන්ද බලාගෙන වැඩ කරන දේශපාලකයො හින්ද රටේ ප්‍රශ්න ගොඩගැහෙනව.
රටක මෙබඳු බැරෑරුම් ජාතික ප්‍රශ්නයක් මතුවීම රටේ ජනතාව වෙනුවෙන් ඊට මැදිහත් වීමට විපක්‍ෂයටත් වගකීමක් තිබෙනව. නමුත් අපේ විපක්‍ෂය ප්‍රකාශ නිකුත් කරනවාට වඩා වැඩි යමක් මේ ප්‍රශ්නය වෙනුවෙන් කරන්නෙ නෑ නේද?
මේ ඉඩම් සහ පොලිස් බලතල පහසුවෙන් ලබාදෙන්න තිබුණ කියල තිස්‌ස අත්තනායක පසුගියදා ප්‍රකාශයක් කරල තිබුණා. 13 වැනි සංශෝධනය සම්මත වුණේ 1987 දී. එජාපය ඊට පස්‌සෙ අවුරුදු 7 ක් බලයෙ හිටිය. නැවත අවුරුදු 3 ක් රනිල් බලයෙ හිටිය. දැන් තිස්‌ස අත්තනායක කියන විදිහට පහසුවෙන් ඕක දෙන්න තිබුණ නම් ඇයි ඒ කාලෙ ඕක දුන්නෙ නැත්තෙ? ඔය ඉඩම් සහ පොලිස් බලතල කවදාවත් නොදිය යුතු ඒවා. නමුත් එදා නොදී ඇයි අද කියන්නෙ ලේසියෙන් දෙන්න පුළුවන් කියල.
මේ ප්‍රශ්නෙ ගැන ඔය ප්‍රකාශ නිකුත් කරන කවුරුවත් මේ තුළ තිබෙන සංකීර්ණත්වය ගැන කල්පනා කරන්නෙ නෑ. උතුර නැගෙනහිර මදකට අමතක කරල අපි හිතමු ඔය බලතල දෙක රටේ අනිත් පළාත් සභාවලට දුන්නයි කියල. මහ ඇමැතිවරුන්ට පොලිස් බලතල දුන්නොත් මේ රටේ කාටවත් ආරක්‍ෂා සහිතව ඉන්න ලැබෙන්නෙ නෑ. පොලිස් බලතල හරහා ඔවුන්ට අසීමිත බලයක් ලැබෙනවා. එය භයානකයි. මෙයින් වෙන්නෙ එක් එක් මහ ඇමැතිවරුන්ට සන්නද්ධ බලඇණි ලබාදීමක්. ඒක මේ රටේ ජනතාවගෙ වියදමින් වෙනම පවත්වාගෙන යන හමුදාවක්. අද අපේ රටේ ඉන්න පළාත් සභා මන්ත්‍රීවරු අතරෙන් ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නෙ කීදෙනාද? අලුත්ම වාහන, නොමිලේ රට ගමන්, පරිගණක ආදිය අරගෙන මේ අය ජනතාව වෙනුවෙන් මොනවද කරන්නෙ? රටට වැඩක් නැති මේ පිරිසට තවත් බලතල දීල මහජන මුදල් විනාශ කිරීම රටට දරාගන්න පුළුවන්කමක් නෑ.
අපේ රටේ වෙනත් පළාත් සභා මුහුණ නොදුන් ප්‍රශ්නයකට උතුර නැගෙනහිර පළාත් සභාව මුහුණ දුන්නා. එනම් බෙදුම්වාදී තර්ජනය. මේ බලතල ලබා දුන්නොත් යළිත් එම තර්ජනය මතුවිය හැකි බවට විශාල සැකයක් මතුව තිබෙනව?
එම තර්ජනය නැවත මතුවෙන්න පුළුවන්. ඔය ඉඩම් බලතල පොලිස් බලතල ඉල්ලන්නෙ ජනතාව නෙමෙයි දේශපාලන පක්‍ෂ. ඔය බලතල පළාත් සභාවලට දුන්න කියල ජනතාවගෙ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙ නෑ. උතුර නැගෙනහිර පළාත්වල ජනතාවගෙ ප්‍රධාන ජීවනෝපාය හැටියට තියෙන මත්ස්‍ය කර්මාන්තය අද ඉන්දියාව උදුරගන්නව. ඔය ඉඩම් පොලිස් බලතල ඉල්ලන දේශපාලකයො මොනවද මේ ගැන කරන්නෙ? මේ අය මේ බලතල ඉල්ලන්නෙ ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. තමුන්ගෙ බලය වැඩිකර ගන්න.
අද මේ ප්‍රශ්නය ගැන කතා කරන බොහෝ දෙනෙක් මෙය හඳුන්වන්නෙ උතුර නැගෙනහිරට දේශපාලන විසඳුමක් විදිහට. දෙමළ ජනතාව අපේ රට පුරාම ඉන්නව. උතුර නැගෙනහිර ලෙස මේ ප්‍රශ්නය විශේෂ කරන්නෙ ඇයි?
අපේ රටේ සමහරු මේ රටේ තියෙනවා යෑයි කියන ජනවාර්ගික ප්‍රශ්නයක් ගැන කතා කරනව. මට නම් අපේ රටේ එහෙම ප්‍රශ්නයක් තියෙන බවක් පේන්නෙ නෑ. මේ රටේ ජනතාවට විවිධ ප්‍රශ්න තියෙනව. මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් හැම කෙනකුටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් දුප්පත්කම. අපේ රටේ හැම ජනවර්ගයකටම බලපාන මේ ප්‍රශ්නය නැතිකරන්න තවම සාර්ථක වැඩපිළිවෙළක් නෑ. බලය බෙදල ඒක කරන්න බෑ. අනිත් එක විරැකියාව. ඒකත් හැම ජනවර්ගයකටම තියෙනව. සෞඛ්‍ය පහසුකම් අඩුවීම මේ අධ්‍යාපන අවුල මේව රටේ හැමෝටම බලපාන ප්‍රශ්න. එක ජනවර්ගයකට විශේෂ ප්‍රශ්න තියෙනව කියන්නෙ බොරුවක්. මේව අපේ රටේ දේශපාලකයො බලය ලබාගන්න යොදන උපක්‍රම. මේ බලතල විධිමත් ආකාරයකට දුන්නට කමක් නෑ කියල ජනතා විමුක්‌ති පෙරමුණත් ඒකෙන් කැඩිල ගිය කැරලිකාරයොත් දැන් කියන්ඩ පටන් අරගෙන තියෙනව. මේ රටේ පොලිස් නිලධාරීන් මරපු ජේවීපී එක දැන් පොලිස් බලතල ගැන කතා කරන එක මහ විහිළුවක්.
කෙසේ වුවත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් අනුමත කර තිබෙනවා. එහි කොටසක් පමණක් ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූලද?
එය නීතියට පටහැනියි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව නීතියෙන් බැඳී සිටිනව. ඒ අනුව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අඩක් ක්‍රියාත්මක කරල ඉතිරි කොටස ක්‍රියාත්මක නොකිරීම නීත්‍යානුකූල නැහැ. නමුත් මේ සංශෝධනයේ දැක්‌වෙන ඉඩම් හා පොලිස් බලතල ලබාදීම නොකළ යුතු දෙයක්. මේ බලතල ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතුයි. මේ බලතල ව්‍යවස්‌ථාවේ තියාගෙන එය ක්‍රියාත්මක නොකිරීම වැරදි වැඩක්. කවුරු විරුද්ධ වුණත් මේ බලතල ව්‍යවස්‌ථාවේ තිබෙනව නම් එය ක්‍රියාත්මක කළ යුතුයි. මේ විදිහටම එක් අවස්‌ථාවක ත්‍රස්‌තවාදී මර්දනය කිරීමේ පනතේ ඇති සමහර බලතල ක්‍රියාත්මක නොකර සිටියා. එය වැරදියි.
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීමට ආණ්‌ඩුව සෙනෙට් සභාවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා?
සෙනෙට් සභාවක් කියන්නෙ විහිළුවක්. ආණ්‌ඩුව කරන්න ඕන එවැනි විහිළු නෙමෙයි මේ සංශෝධනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමයි. මේ ආණ්‌ඩුවට තිබෙන තුනෙන් දෙකේ බලය අනුව විපක්‍ෂයේ සහය දුන්නත් නැතත් ආණ්‌ඩුවට අවශ්‍ය නම් මේ ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කරන්න පුළුවන්. ඔය සෙනෙට් සභා ඇතිකරන්නෙ මහජන මුදලින් තවත් දේශපාලකයො පත්කරන්න. මේ අයට යාන වාහන පඩි නඩි සහ ආරක්‍ෂක කටයුතුවලට මොනතරම් මහජන මුදලක් වියදම් වෙනවද? බඩු මිල වැඩි කරමින් බදු බර වැඩි කරමින් මහජන මුදල් අරගෙන කරන මේ වැඩවලින් රටටවත් ජනතාවට වත් වැඩක් නෑ.
කෙසේ වෙතත් ඉන්දියාවත් බටහිර රටවලුත් මේ ප්‍රශ්නය දෙස විශේෂ අවධානයක් යොමුකර තිබෙනව. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට අපේ රට දුන් පොරොන්දුවක් ගැනත් ඉන්දියාව කියනව. අපට මේ ප්‍රශ්නය මගහැර යන්න පුළුවන්ද?
මේක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. මේක විස¹ ගැනීම අපේ වැඩක්. ඉන්දියාවෙ හෝ වෙනත් රටක හෝ ඇති ප්‍රශ්නයකට අපි උපදෙස් දෙන්න යන්නෙ නෑ. අපේ ප්‍රශ්න විසඳගන්න අපට වෙනත් රටවල උපදෙස් අවශ්‍යත් නෑ. නමුත් අපේ රටේ සමහරු ගුවන් ටිකට් එකක් හෙම නොමිලෙ ලැබුණොත් පිටරටවලට යනව කේලම් කියන්න. සමහරු ලෝකෙ වටේ යනව ගිහින් ශ්‍රී ලංකාවට මැදිහත් වෙන්න කියල ඉල්ලනව. කොටි එක්‌ක කරපු යුද්දෙ අපි ජයග්‍රහණය කළේ ජනාධිපතිතුමා ගත්තු කෙළින් තීරණ හින්ද. ක්‌ලින්ටන්, මූන්, කුෂ්නර් ඔය හැමෝටම අපි අපේ වැඩේ බලාගන්නම් කියල ජනාධිපතිතුමා කිව්ව. අපේ වැඩේ අපි බලාගන්නම් කියල දැන් ඉන්දියාවටත් කියන්න ඕන. ඉන්දියාව සතුටු කරන්න නොයෙක් කතා කියල මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.

-එස්. එල්. ගුණසේකර