ජායිපූර් සාහිත්‍ය උළෙලේ දී රුෂ්ඩි මරාදැමීමට කුමන්ත්‍රණය කළේ කවුරුද?
-චතුර පමුණුව ජායිපූර් නගරය ඉන්දියාවේ රාජස්‌ථාන් ප්‍රාන්තයේ අගනුවරයි. ලොව දස දෙසින් මේ සුන්දර නගරය නැරැඹීමට සංචාරකයෝ ඇදෙති...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_29.html
-චතුර පමුණුව
ජායිපූර් නගරය ඉන්දියාවේ රාජස්‌ථාන් ප්‍රාන්තයේ අගනුවරයි. ලොව දස දෙසින් මේ සුන්දර නගරය නැරැඹීමට සංචාරකයෝ ඇදෙති. Pink City ලෙස අන්වර්ථ නාමයක් දිනා ඇති මෙහි 2006 පටන් විශේෂ සාහිත්‍ය උත්සවයක් පැවැත්වෙයි. ජායිපූර් සාහිත්‍ය උළෙල ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ විශාලතම සාහිත්‍ය උළෙලයි. 2006 වසරේ සිටම අන්තර්ජාතික අවධානය දිනාගත් මෙම සාහිත්‍ය උළෙල මේ වසරේ ජනවාරි 20-24 දිනවලදී පැවැත්විණි. ප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩි මේ උළෙලට සම්බන්ධවීමට නියමිතව සිටියද අවසානයේ එය අවංලගු වූයේ මුස්‌ලිම් ආගමික නායකයන්ගේ විරෝධය නිසාය. රුෂ්ඩිගේ සිද්ධිය නිසා ජායිපූර් සාහිත්‍ය උළෙලට වෙනදාටත් වඩා ප්‍රසිද්ධියක් ලැබිණි. කෙසේ නමුත් 2007 වසරේ දී මේ සාහිත්‍ය උළෙල සඳහා රුෂ්ඩි සහභාගි විය. 2006 වසරේදී මේ සාහිත්‍ය උළෙලට සහභාගි වූයේ ලේඛකයන් 18 දෙනෙක් පමණක් වුවද 2009 දී ප්‍රකට ලේඛකයන් 140 ක් ඇතුළු දොළොස් දහසක් සාහිත්‍ය ප්‍රේමීහු මේ උළෙලට සහභාගි වූහ. 2010 දී තිස්‌දහසක් ජායිපූර් වෙත පැමිණියේ ආසියාවේ විශාලතම සාහිත්‍ය උත්සවයට සම්බන්ධ වීමේ අරමුණෙනි. 2011 දී ලේඛක ලේඛිකාවෝ 226 ක් මෙයට සහභාගි විය.
මෙවර සාහිත්‍ය උළෙල සඳහා ප්‍රකට ඇමරිකානු රූපවාහිනි නිවේදිකා ඔඡ්රා වින්ෆ්‍රිද සහභාගි වූවාය. 1988 සැප්තැම්බර් මාසයේ දී පළ කෙරුණු ''The Satanic Verses'' කෘතිය නිසා මුස්‌ලිම් ආගමිකයන් අතර රුෂ්ඩි ද්‍රෝහියකු බවට පත්විය. 1989 පෙබරවාරි 14 වැනිදා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි නියෝග කළේ මේ ගත් කතුවරයා මරාදැමිය යුතු බවයි. 1988 සිට මේ බුකර් සම්මානලාභී ලේඛකයාට එරෙහිව පවතින උග්‍ර මුස්‌ලිම් විරෝධය නිසාම ඔහුට මෙවර ජායිපූර් සාහිත්‍ය උළෙලට සහභාගි වීමට නොහැකි විය. රාජස්‌ථානයේ දේශපාලන පක්‌ෂ මෙන්ම ප්‍රාන්ත ආණ්‌ඩුවද මුස්‌ලිම් ආගමිකයන් අමනාප කර ගැනීමට කැමැති නැත. ප්‍රාන්තයේ ජනගහනයෙන් 18% ක් මුස්‌ලිම් වන නිසා ඔවුනගේ ඡන්ද පදනම ඉතා වැදගත්ය. ජායිපූර් සාහිත්‍ය උළෙලට සල්මන් රුෂ්ඩි සහභාගි වන බව මුලින්ම ප්‍රකාශ වූ විටම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මුස්‌ලිම් ආගමික නායකයන් පිරිසක් මෙයට විරෝධය පළකළ අතර එනිසාම ජායිපූර් හි වෙසෙන මුස්‌ලිම් වැසියෝ මේ සාහිත්‍ය උළෙල පැවත්වෙන ස්‌ථානයට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයට සූදානමින් සිටියහ. කෙසේ නමුත් දේශපාලකයන්ගේ දැඩි බලපෑම මත ජායිපූර් සාහිත්‍ය උළෙලේ සංවිධායකයන්ට රුෂ්ඩිගේ නම කථික ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට සිදු විය.
රාජස්‌ථානයේ ප්‍රාන්ත ආණ්‌ඩුවේ බලය ඇත්තේ කොංග්‍රස් පක්‌ෂයටයි. රාජස්‌ථාන් ප්‍රාන්ත ආණ්‌ඩුවේ බලධරයන් ප්‍රකාශ කළේ ජායිපූර් සාහිත්‍ය උළෙලට රුෂ්ඩි පැමිණියහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවයි. රජයේ ඔත්තු සේවා අනුව මුස්‌ලිම් පාතාල සාමාජිකයන් පිරිසක් මුම්බායි නුවර සිට ජායිපූර් වෙත පැමිණ ඇත්තේ මේ ලේඛකයා මරාදැමීමට බව රාජස්‌ථාන ප්‍රාන්ත ආණ්‌ඩුව ප්‍රකාශ කර සිටියේය. මේ නිසා රුෂ්ඩි සිය ඉන්දීය ගමන අත්හැර දැමීය. කෙසේ නමුත් රුෂ්ඩි සිය ට්‌විටර් වෙබ් අඩවියේ දක්‌වා තිබුණේ රාජස්‌ථාන් ප්‍රාන්ත ආණ්‌ඩු බලධාරීන් තමන්ට බොරු කළ බවයි. මෙවැනි මරණ තර්ජන තමාට නොතිබුණු බවයි. ඇත්තෙන්ම රාජස්‌ථාන ප්‍රාන්ත පොලිසිය බොරු කළාද? ඇත්ත කියන්නේ කවුද? මේ ගැන ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.
ජායිපූර් සාහිත්‍ය උළෙල අවසන් වන දිනයේ සල්මන් රුෂ්ඩි වීඩියෝ තිරයක් හරහා සජීවීව සිය සාහිත්‍ය ප්‍රේමීන් ඇමතීමට සූදානම්ව තිබුණද එයද දේශපාලන බලපෑම් නිසා නතර කර දැමිණි. මේ ගැන උරණ වූ මේ ලේඛකයා ප්‍රකාශ කර සිටියේ ඉන්දීය දේශපාලකයන් තම දේශපාලන වාසි තකා ආගමික අන්තවාදීන් සමග යහන්ගත වී ඇති බවයි.
මුස්‌ලිම් ජාතිකයන්ගේ විශේෂයෙන්ම අන්තවාදී කොටස්‌වල වෛරයට භාජන වී සිටින 64 හැවිරිදි අහමඩ් සල්මාන් රුෂ්ඩි උපත ලැබුවේ ඉන්දියාවේ මුම්බායි නගරයේදීය. දැන් ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. කාශ්මිර සම්භවයක් ඇති මුස්‌ලිම් පවුලක උපන් ඔහු බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රි- සරසවියේදී ඉතිහාසය හැදෑරීය. ඔහුගේ පළමු නවකතාව 1975 දී නිකුත් වූ අතර දෙවැනි නවකතාව නිකුත් වූයේ 1981 දීය. එය ඵසාබසටයඑ.s Cයසකාරුබ විය. එයට බුකර් සම්මානය හිමිවිය.
ලොව වඩාත් ආන්දෝලනයට තුඩුදුන් "දි සැටනික් වර්සස්" නවකතාව ඔහුගේ සිව්වැනි නවකතාවයි. එය ඉන්දියාව, පකිස්‌තානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, සූඩානය ඇතුළු රටවල් 12 ක තහනම් කර ඇත. රුෂ්ඩිට බ්‍රිතාන්‍යයේ පුරවැසිකම හා ආරක්‌ෂාව හිමිවීම නිසා ඉරානය හා බ්‍රිතාන්‍යය අතර තානාපති සබඳතාද, 1989 දී බිඳ වැටුණි. 1989 අගෝස්‌තු 03 වැනිදා මධ්‍යම ලන්ඩනයේ පැසින්ටන්හි හෝටලයක බෝම්බයක් පිපිරීමෙන් එහි තට්‌ටු දෙකක් විනාශ විය. මේ බෝම්බය රැගෙනවිත් තිබුණේ රුෂ්ඩි ඝාතනය කිරීම සඳහාය. පොතක සවිකර තිබූ එම බෝම්බය කලින් පුපුරා ගියේය. මේ බෝම්බය රැගෙන පැමිණි මුස්‌ටµd මහමුඩ් මසේ නම් තරුණයා මරණයට පත්වූ අතර ඔහු වෙනුවෙන් ටෙහෙරාන් නගරයේ විශේෂ සමරු ස්‌මාරකයක්‌ද ඉදිකර ඇත.
කෙසේ නමුත් 2007 වසරේ දී ලෝක සාහිත්‍යයට කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජින රුෂ්ඩිට නයිට් පදවියක් පිරිනැමුවාය. මෙයද මුස්‌ලිම් ලෝකයේ දැඩි විරෝධයට හේතු විය. අල්ඛයිඩා සංවිධානයේ නායක අයෙමාන් අල් සවාහිර් ප්‍රකාශ කර සිටියේ මේ නයිට් පදවිය පිරිනැමීම මුස්‌ලිම් ලෝකයට කළ නිග්‍රහයක් බවයි.
මේ විවාදිත ලේඛකයා සිව් වතාවක් විවාහ වූ තැනැත්තෙකි. ඔහු මුලින්ම 1976 දී ක්‌ලැරිසා ලුආර්ඩ් සමග විවාහ වූ අතර එම විවාහයේදී ක්‌ලැරිසා පුතෙකු බිහිකළ අතර ඔහු සµdර් නම් විය. මේ විවාහය 1987 දී නිමාවූ අතර රුෂ්ඩිගේ දෙවැනි බිරිඳ ඇමරිකානු නවකතාකාරියක වූ මාරියන් විගින්ස්‌ය. ඔවුන් 1988 විවාහ වූ අතර 1993 දී දික්‌කසාද විය.
රුෂ්ඩිගේ තෙවැනි බිරිඳ එළිසබෙත් වෙට් වූ අතර ඇය මේ ලේඛකයාට දාව පුතකු බිහි කළාය. එම විවාහය 1997 සිට 2004 දක්‌වා පැවතිණි. ඉන්දියානු ඇමරිකානු නිරූපිකාවක වූ පද්මා ලක්‍ෂ්මි රුෂ්ඩිගේ සිව්වැනි බිරිඳ විය. ඔවුන් 2004 දී විවාහ වූ අතර 2007 ජූලි 02 වැනිදා මේ විවාහයත් අවසන් විය. ඉන්දීය මාධ්‍ය රියා සෙන් සමගද මේ ලේඛකයාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කළද මේ ඉන්දියානු නිරූපිකාව පවසා සිටියේ තම සම්බන්ධය මිතුරුකමක් පමණක් බවයි.
චතුර පමුණුව
උපුටා ගැනීම
දිවයින ඉරිදා
2012-01-29