මේ ආණ්‌ඩුව යන්නෙත් ජේ. ආර්.ගෙ පාරේ

- ආචාර්ය ගුණදාස අමරසේකර අපේ රටේ ජනවාර්ගික ...

- ආචාර්ය ගුණදාස අමරසේකර

  • අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෑ. තිබුණේ ත්‍රස්‌තවාදයක්‌.ඒකට යුද්දෙන් දේශපාලන විසඳුමක්‌ දුන්නා. 
  • ත්‍රස්‌තවාදෙ ඉවරවුණා තමයි ඒත් දෙමළ ජාතිවාදෙ  ඉවර වුණෙත් නෑ. අපේ පාලන තන්ත්‍රයේ වෙනසක්‌ වුණෙත් නෑ. 
  • එජාපය අද එහෙම්පිටින්ම විජාතික පක්‍ෂයක්‌.ජවිපෙ බොරු මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌. ශ්‍රීලනිපය  කවන්ධයක්‌ විතරයි. හරියට ඔළුවක්‌ හයිවෙනකම්  ඒකත් ඉබාගාතේ යනවා.
යුද්ධයෙන් දෙමළ ත්‍රස්‌තවාදය අවසන් වුවද උතුර නැගෙනහිර ප්‍රශ්නයට තවමත් පැලැස්‌තර අලවන්නට ආණ්‌ඩුවට සිදුවී තිබේ. අපේ රට අද මුහුණ දෙන අර්බුද රටට දෙන පණිවිඩය මේ ක්‍රමය තුළ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක්‌ නැති බවය. මේ ක්‍රමය වෙනස්‌වන්නේ කවදාද එය සිදුකළ හැක්‌කේ කෙසේද? ආචාර්ය ගුණදාස අමරසේකරයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

පොලිස්‌ සහ ඉඩම් බලතල පිළිබඳ කතිකාව ආයෙත් කරලියට ඇවිත් තියෙනව?
මේක පිටිපස්‌සේ ඉන්දියාව ඉන්නවා. මම එහෙම කියන්නෙ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියල ඉන්දියාව අපට බලකරන නිසා..........

ශ්‍රී ලංකාව වෙනම රටක්‌........ ඉන්දියාවට එබඳු බලපෑමක්‌ කරන්න පුළුවන්ද?
ඉන්දියාව කාරණා 3 ක්‌ මෙතැනදී මතු කරල පෙන්වනවා. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ඉවර කරන්න අපි උඹලට ඉඩ දුන්න. මේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරල ඊට එහා යන විසඳුමක්‌ දෙමළ ජනතාවට දෙන බව උඹලා අපට පොරොන්දු වුණා. එකවරක්‌ නෙමෙයි අවස්‌ථා 3 කදී ඒ පොරොන්දුව අපට දීල තියෙනව. ඒ නිසා දැන් වහාම ඒ පොරොන්දු ඉෂ්ට කරපල්ලා කියන එකයි ඉන්දියාව කියන්නේ...
 
ඔවුන් උගත් පාඩම් කොමිසමත්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කර තිබීමක්‌ ගැන කියනවා නේද?
උගත් පාඩම් කොමිසම් වාර්තාවෙ කිසිම තැනක 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට කෙළින්ම නිර්දේශ කරල නෑ. අනිත් එක මේ ප්‍රශ්න උගත් පාඩම් කොමිසමට අදාළ නෑ. දේශපාලන විසඳුම විය යුත්තේ කුමක්‌ද කියල සොයා බලන්න පාර්ලිමේන්තු කමිටුවක්‌ පත් කරල තියෙනව. උගත් පාඩම් කොමිසම කරල තියෙන්නේ බල්ලගේ වැඩේ බූරුව කළා වගේ දෙයක්‌. දේශපාලන විසඳුම ගැන කතා කරන්න උගත් පාඩම් කොමිසමට සුදුසුකමක්‌ ඇත්තෙත් නෑ. ඒ අය මේ ප්‍රශ්නය අධ්‍යයනය කරල නෑ. මේ ගැන උගත් පාඩම් කොමිසම් වාර්තාවේ තියෙන්නේ එකිනෙකට පරස්‌පර විරෝධී ප්‍රකාශ. ඒකෙ එකතැනක කියනව "මේ සඳහා ජනවාර්ගික ගැටලුව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට දැඩි තර්ජන එල්ල කෙරෙන අනෙකුත් දරුණු ගැටලු බලය බෙදීම පදනම් වූ දේශපාලන විසඳුමක්‌ මගින් ආමන්ත්‍රණය කළ යුතුය" කියල. මේකෙන් ඒ අය කියනව මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ තියෙනව කියල. ඒක අමූලික බොරුවක්‌. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෑ. තිබුණේ ත්‍රස්‌තවාදයක්‌. ඒකට යුද්ධයෙන් දේශපාලන විසඳුමක්‌ දීල තියෙනව. ඊළඟට ඉහත ප්‍රකාශයෙන් ඒ අය දේශපාලන විසඳුමක්‌ ගැන කියනව. ඔය වචන දෙක අල්ලගෙන තමයි ඉන්දියාව කියන්නෙ උගත් පාඩම් කොමිසමත් 13 වැනි සංශෝධනයන් දෙන්ඩ කියල කියනව කියල.නමුත් උගත් පාඩම් කොමිසම මේ වාර්තාවෙ කිසිම තැනක 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියල කෙළින්ම කියල නෑ... එකතැනක කියනව ජනවාර්ගික ප්‍රශ්නයක්‌ තියෙනව ඒකට දේශපාලන විසඳුමක්‌ දෙන්න ඕන කියල. තව තැනක කියනව අවශ්‍ය වන්නේ ජනතාව බලාත්මක කිරීමයි කියල. මේ එකිනෙකට විරුද්ධ ප්‍රකාශවලින් පේන්නෙ මේ අය අවබෝධයකින් තොරව මේ ප්‍රශ්නයට අතගහල තියෙන බවයි. උගත් පාඩම් කොමිසමේ මේ විකාර ප්‍රකාශවලින් ඉන්දියාව ප්‍රයෝජන අරගෙන තියෙනව. අද බටහිර ජාතිනුත් ඉන්දියාව පිටිපස්‌සේ ඉඳගෙන අපට එරෙහිව ඉන්දියාව මෙහෙයවන බවයි මට පේන්නේ.

 අපි කොහොමද මේකට මූණදෙන්නේ? 
මේකට විසඳුමක්‌ ජයලත් ජයවර්ධන යෝජනා කරල තියෙනව. එක්‌කෝ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. නැත්නම් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න කියල. මට නං පේන්නෙ උන්නැහැ ඒ යෝජනාව කළේ ආණ්‌ඩුව අමාරුවෙ දාන්න. මේ වෙලාවෙ 13 වැනි සංශෝධනය තහනම් කළොත් ඉන්දියාව අර පරිප්පු දැම්ම වගේ වැඩකට ආපසු යන්න ඉඩ තියෙනව. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළොත් මේ රට තුළ ජනාධිපතිතුමා විශාල අප්‍රසාදයකට පත්වෙනව. ඒ හින්ද මේ වෙලාවෙ ජනාධිපතිතුමා පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල පමණක්‌ එයින් ඉවත් කරනව කියල කරපු ප්‍රකාශය හොඳ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්‌. මේ වෙලාවෙ කළ යුතු දේ ඒකයි.


ඔබ හිතන්නෙ ඉඩම් සහ පොලිස්‌ බලතල ඉවත් කරලා 13 ක්‍රියාත්මක කළොත් විසඳුමක්‌ ලැබෙයි කියලද?
ඒක අවසාන විසඳුම කියල හිතන්න බෑ. නමුත් අද තියෙන තත්ත්වය උඩ ඒක තමයි ප්‍රායෝගික දේ. යුද්දෙ අවසන් වුණු දවසෙ මුළු රටම රතිඤ්ඤා පත්තු කරල කැවුම් කිරිබත් කෑවේ දැන් ඉතින් ඒ ප්‍රශ්නෙ ඉවරයි කියල හිතලනෙ. නමුත් යුද්දෙන් ප්‍රශ්නෙ ඉවරවෙලා නැති බව දැන් පේනව නේද? ත්‍රස්‌තවාදය ඉවර කරපු ගමන් ආණ්‌ඩු ක්‍රමයෙ සම්පූර්ණ පරිවර්තනයකට ගියා නම් අද රටට මුහුණදීමට සිදුවී ඇති ප්‍රශ්න එන්නෙ නෑ. දෙමළ ජාතිවාදයට අපි යුද්ධයෙන් පිළිතුරු දුන්නා. ඒක තමයි ත්‍රස්‌තවාදයට දිය හැකි දිය යුතු නියම දේශපාලන පිළිතුර. ඒකට පිළිතුර දුන්නා දැන් ඒ ගැන කතා එපා කියල දැඩි ස්‌ථාවරයක ඉඳල මේ ආණ්‌ඩු ක්‍රමයේ සම්පූර්ණ ප්‍රතිසංස්‌කරණයකට අපි ගියා නම් අද අපට මේ ප්‍රශ්න නෑ. නමුත් ඒක කරගන්න බැරි වුණා. මිනිස්‌සු එදා කිරිබත් කෑවේ රතිඤ්ඤා පත්තු කළේ ප්‍රභාකරන් නැති කරපු හින්දම නෙවෙයි අවුරුදු 30 ක සාපෙ ඉවරවෙලා දැන් ඉතින් අලුත් යුගයක්‌ එයිs කියල මිනිස්‌සු හිතපු හින්ද. නමුත් අද එහෙම දෙයක්‌ වෙලා නෑ. අලුත් ආර්ථික ප්‍රතිපත්තියකට ගිහිල්ල අලුත් දේශපාලන යුගයකට අඩිතාලම දායි කියල මිනිස්‌සු හිතුවට එහෙම මොකවත් වුණේ නෑ. අපට අද මුහුණ දෙන්න වෙලා තියෙන හැම ප්‍රශ්නයකටම හේතුව සුද්දා හදල දුන්නු රාමුවෙන් අපට අයින් වෙන්න බැරිවීමයි. 1948 ඉඳලා මේකෙ අපි හිරවෙලා ඉන්නෙ. 56 දී ඒකෙන් ගැලවෙන්න මිනිස්‌සු හිතුව. ඒක හරි ගියේ නෑ. 70 -77 අතරෙදි යම් පොඩි සහනයක්‌ ලැබුව. අපේ රට ජන රජයක්‌ කළත් ඒකට හරි දර්ශනයක්‌ තිබුණෙ නෑ. 77 දී ඡේ. ආර්. ඇවිත් අර ලැබුණු පොඩි සහනයත් අනිත් පැත්තට හරෝල විවෘත ආර්ථිකේ ගෙනත් නව යටත් විජිත වාදයක්‌ ඇති කළා. චන්ද්‍රිකා ඒක වෙනස්‌ කරයි කියල මිනිස්‌සු හිතුවට එයත් ඒක දිගටම ගෙනිච්ච. මහින්ද ජනාධිපතිවරයාටත් දෙවැනිවරට ජනතාව අසීමිත බලයක්‌ දුන්නෙ මේ ක්‍රමය වෙනස්‌ කරයි කියලයි. නමුත් ඒක තවම වුණේ නෑ. මේ ක්‍රමය වෙනස්‌ නොකර තවදුරටත් ඉදිරියට යන්න බෑ කියල දැන් ඉතාම පැහැදිලියි. පරණ සැලැස්‌ම උඩ තවදුරටත් යන්න බෑ කියන එකයි මේ අර්බුද තුළින් දෙන පණිවිඩය. මේ වෙස්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තු ක්‍රමය අතහැරල ජනතාවට නියම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවන ජනතාව බලාත්මක කරන සංස්‌ථාවක්‌ ගොඩනගා ගන්න ඕන. අපේ රටේ අතීතයේ තිබුණු ගම්සභා ක්‍රමය ඒකට හොඳ පදනමක්‌. අවුරුදු දහස්‌ ගණනක්‌ අපි අතර තිබුණු මේ ක්‍රමය අපට හුරු පුරුදු එකක්‌. නියම දේශීය විසඳුමක්‌. එබඳු වෙනසකට දැන් කාලය ඇවිත්.
 
නමුත් ඔබ කියන මේ වෙනසට අපේ දේශපාලනඥයන් සූදානම් ද පාර්ලිමේන්තුව සූදානම් ද මේ සමස්‌ත අර්බුදය රටට දෙන පණිවිඩය ඔවුන් අවබෝධ කරගෙන ඇද්ද?
එබඳු ෙ€දවාචකයක්‌ අප හමුවේ තිබෙනව. අද පාර්ලිමේන්තුව නොවැදගත් තැනක්‌. කුණුහරුපවලින් නොනැවතී අද එතැන ගුටිකෙළ ගන්න තැනක්‌. අද එතැන සාමුහිකව කටයුතු කරන්නට තබා ස්‌වාධීන අදහසක්‌වත් ප්‍රකාශ කරන්න බැරි තැනක්‌. විපක්‍ෂයත්a බලකාමයෙන් මත්වෙලා රට පාලනය කරන තැනට වඩා අද පාර්ලිමේන්තුව බලකාමයෙන් උනුන් ඉස්‌මතු වෙන්න දඟලන පොර පිටියක්‌ වෙලා. පාර්ලිමේන්තුවත් මේ පක්‍ෂ ක්‍රමයත් අද මේ රටේ ජනතාවට තිත්තයි. කෝටි ගණන් වියදම් කරන්න සල්ලි තියෙන මැර බලය තිබෙන එකාටයි පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මේ ක්‍රමයේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය? පාර්ලිමේන්තුව ගැනවත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් අද මිනිස්‌සුන්ගේ විශ්වාසයක්‌ නෑ. එම නිසා මේ ක්‍රමය වෙනස්‌ නොකර අපේ රටට ගැලවීමක්‌ නෑ.

මේ ක්‍රමය වෙනස්‌ කිරීම දේශපාලනඥයන්ගේ පක්‍ෂ නායකයන්ගේ සහ රටේ බුද්ධිමතුන්ගේ කාර්යයක්‌. ඒ සඳහා මූලිකත්වය ගත යුත්තේ ඔවුන්?
මුලින්ම අපේ රටේ ප්‍රශ්න ධනවාදයෙන් විසඳන්න පුළුවන් කියන මතය ඔළුවෙන් අයින් කර ගන්න ඕන. ධනවාදී ක්‍රමයෙන් මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඡේ. ආර්. එදා හිතුව තරුණයන්ට සීනිබෝල දීල මේ ක්‍රමය ඉස්‌සරහට ගෙනියන්න. හරි ගියේ නෑ. මේ රජයත් ඉන්නෙ ඒ කල්පනාවෙ කියලයි මට නං පේන්නේ. සීනිබෝල දීල ස්‌පෝට්‌ස්‌ පෙන්නල තරුණයෝ රවට්‌ටන්න බෑ. රටේ කාගෙත් අභාග්‍යයට ආණ්‌ඩුවට හරි මග කියා දෙන විපක්‍ෂයකුත් රටට නෑ. එජාපය දැන් එහෙම්පිටින්ම විජාතික පක්‍ෂයක්‌ වෙලා. විශාල වැඩකොටසක්‌ කරන්නට හිටපු ඡේ. වී. පීයත් අද විජාතික බොරු මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌ විතරයි. හැබැයි අපේ රටේ මේ වෙනස කරන්නත් පුළුවන් ශ්‍රී ලනිපයට විතරයි. ඒක තමයි මේ රටේ මුල්බැහැ ගත්තු බහුජනතාවගේ පක්‍ෂය. ඒකත් අද කවන්ධයක්‌ විතරයි. හරියට ඔළුවක්‌ හයි කරන කම් ඒකත් ඉබාගාතෙ යනවා............

- ආචාර්ය ගුණදාස අමරසේකර

උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-01-08 

Related

ගුණදාස අමරසේකර 1226616796937996595

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item