ආගම මැදින් වැටී තිබෙන ඇමරිකානු ජනාධිපති පුටුව

 -කතිකාචාර්ය මහින්ද පතිරණ   ඇමරිකානු දේශපාලනය හා ආගම කෙතරම් සමීප ව බැඳී තිබේ දැයි කිවහොත් 2005 වසරේ දී හිටපු ජනාධිපති ජෝර්ඡ් ඩබ්. බුෂ්...

 -කතිකාචාර්ය මහින්ද පතිරණ 
ඇමරිකානු දේශපාලනය හා ආගම කෙතරම් සමීප ව බැඳී තිබේ දැයි කිවහොත් 2005 වසරේ දී හිටපු ජනාධිපති ජෝර්ඡ් ඩබ්. බුෂ් ප්‍රකාශ කළේ 2003 දී තමාගෙන් ඉරාකය ආක්‍රමණය කරන ලෙස ඉල්ලා සිටියේ දෙවියන් වහන්සේ බව ය. ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගැනීමට පැවති 2002 දී ටෙක්‌සාස්‌ සමුළුව අවසානයේ ඇමරිකානු ජනාධිපති බුෂ් හා බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් එක ම කාමරයක යාඥා කළ බව ප්‍රසිද්ධ කාරණයකි. ජනාධිපති ඔබාමා සමග එකට තර`ග කළ රිපබ්ලිකානු උප ජනාධිපති ධූර අපේක්‌ෂිකා සාරා පාලීන් වරක්‌ ටෙක්‌සාස්‌ ආණ්‌ඩුකාර ව සිටිය දී තම අයවැය සකස්‌ කිරීමේ දී දෙවියන් වහන්සේගේ මැදිහත් වීම පැතූ බව පසුකාලීන ව ඇය ප්‍රසිද්ධියේ ම පිළිගත්තා ය. තම නායකයන්ගේ ආගමික භක්‌තිය පුරවැසියා තුළින් ද මනා කොට ප්‍රකට වේ.

පශ්චාත් නූතන ලෙස ඇතැමුන් සිතන ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක්‌ බයිබලය සත්‍ය ඉතිහාසයක්‌ ලෙස ද එම ජනගහණයෙන් අඩක්‌ පමණ පසුගිය වසර 10000 තරම් මෑත අතීතයක දී දෙවියන් වහන්සේ විසින් මිනිස්‌වග මැවූ බව ද පිළිගනිති. බුෂ් තම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලික ආගමික කණ්‌ඩායම්වල පූර්ණ අනුග්‍රහය ඇති ව බව ද විවාදාපන්න නොවේ. ඇමරිකානුවන් අතරින් සියයට 78.9 පමණ තමන් ක්‍රිස්‌තියානු ලෙස පිළිගන්නා අතර එය තම 'ජීවිතයේ ඉතා වැදගත්' අංශයක්‌ ලෙස ද සලකති. කෙසේ වෙතත්, ප්‍රශ්නය ඇත්තේ එහි නොවේ. ඇමරිකාව තම විදේශ ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී කෙතරම් දුරට ආගම යොදා ගන්නේ ද යන්න ය, සහ එය ම ඇමරිකාවට වැරැදුණු තැන නොවන්නේ ද යන්න ය.

2012 ජනාධිපතිවරණය තර`ගයේ මූලික වටය දැන් ආරම්භ වී තිබීමත් සමගම දැන් නැවතත් කරලියට පැමිණ ඇත්තේ මේ මොහොතේ ඇමරිකාව මුහුණ දෙන දරුණුම ගණයේ පැවැත්ම පිළිබඳ තර්ජනය හෝ ආසියාවේ නැඟී එමින් තිබෙන නව සුපිරිබලය පිළිබඳ ගැටලු නොවේ. එහෙත් ආගමික ගෝත්‍රවාදයයි.

රිපබ්ලිකානු පක්‌ෂයෙන් ඔබාමා සමග තර`ග කිරීම සඳහා තෝරා ගැනීමට පැවති පළමු මැතිවරණය වූ අයිඔවා ප්‍රාන්ත මූලික වටයේ දී ඡන්ද අටකින් පමණක්‌ ජයග්‍රහණය කළ මිට්‌ රෝම්නි මේ වන විට තම පක්‌ෂයේ ම දැඩි ආගමික ප්‍රහාරයකට ලක්‌ වෙමින් තිබේ. මිට්‌ රෝම්නිට පහර දෙන්නේ ඔහු මෝර්මන් නම් ක්‍රිස්‌තියානි නිකායට අයත් පල්ලියකට යන නිසා ය. මෙම නිකායට ඇමරිකානු ජනගහණයෙන් සියයට දෙකකටත් වඩා අඩු නියෝජනයක්‌ තිබේ. ඇමරිකානු ඉවැන්ජලික ක්‍රිස්‌තියානුවෝ ඉහත ක්‍රිස්‌තියානි නිකාය හුදු ලබ්ධියක්‌ ලෙස පමණක්‌ සලකති. මේ අනුව, පසුගිය සති අන්තයේ දී ටෙක්‌සාස්‌ වෙත රැස්‌ වූ ක්‍රිස්‌තියානු එවැන්ජලිකයන් තීරණය කළේ මේ මොහොතේ තම සහාය හිමි විය යුත්තේ අපේක්‌ෂක රික්‌ සන්ටෝරුම්ට බව ය.

මිළ`ග මූලික වටයේ ඡන්දය පැවැත්වෙන උතුරු කැරොලිනා හි ජනගහණයෙන් සියයට 60 ක්‌ පමණ ඉවැන්ජලිකයන් ය. අයියෝවාහි ඉවැන්ජලික ක්‍රිස්‌තියානි ජනගහණයෙන් මිට්‌ රෝම්නි වෙත ඡන්දය ලබා දි තිබුණේ සියයට 14 ක්‌ පමණක්‌ වීම තුළ කැරොලිනා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම රෝම්නි හට දැඩි අභියෝගයක්‌ වනු නියත ය. ජෝර්ඡ් ඩබ්. බුෂ් ජයග්‍රහණය කළේ ද සාමාන්‍ය ඇමරිකානුවන්ට ජාන සෛල තාක්‌ෂණය පිළිබඳ පර්යේෂණ නැවැත්වීමට පොරොන්දු දීමෙන් හා ධන කුවේරයන්ට බදු සහන ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. බදු සහන දී අවසන් නිසා හා එය ඇමරිකානු ආර්ථිකය වළපල්ලට ද යෑවූ නිසා එම පොරොන්දුව දැන් කිසිවෙකුටත් අලෙවි කළ නොහැකි අතර රිපබ්ලිකානු අපේක්‌ෂකයින් තම තමන් පරයා යැමට දැන් යොදා ගනු ඇත්තේ උපත් පාලනය පිළිබඳ හා ජාන සෛල තාක්‌ෂණය පිළිබඳ ක්‍රිස්‌තියානි පොරොන්දු ය.

එහෙත් මෙම රචනාව කියවාගෙන යන විට කෙනකු තුළ නැඟෙන ප්‍රශ්නයක්‌ වනු ඇත්තේ ඇමරිකානු සමාජය මෙතරම් ක්‍රිස්‌තියානි නම් මුස්‌ලිම් සම්භවයක්‌ සහිත කළු ජාතික බරක්‌ ඔබාමා ජයග්‍රහණය කළේ කෙසේ ද යන්න ය. ඒ ඔබගේ සාධාරණ ගැටලුව පිටුපස ද කතාවකි. 2008 වන විට යුද්ධ දෙකක දෙපය තබා ඩොලර් ටි්‍රලියන 13 ක ණයක්‌ හිස දරා සිටි ඇමරිකාව බුෂ්ගේ පාලනය යටතේ නන්නත්තාර වී තිබිණි. ව්‍යාජ බුබුළු ආර්ථිකයක විපාකය වූයේ 2008 වන විට බුබුල දරා සිටීමට තරම් ශක්‌තියක්‌ මහපොළොවෙන් නොලැබෙන විට එය කඩා වැටීම ය. 2008 වන විට ඇමරිකාවේ ආර්ථික දස මහා යෝධයන් එකා පිට එකා කඩා වැටෙමින් තිබිණි.

එක්‌ අතිකින් මෙය දරාගත නොහැකි වූ පාවෙන ඇමරිකානු ඡන්දදායක කොටස එවර කල්පනා කළේ බුෂ්ගේ කපාපු පළුව වූ රිපබ්ලිකානු ජෝන් මැකේන් ධවල මන්දිරයට යවා නිව් යෝර්ක්‌ හි ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට වූ දෙය මුළු ඇමරිකාවට ම අත් කර දීම නොව යුද ගිනි නිවීමට හා විනාශ වී ගිය ආර්ථිකයට යළි පණක්‌ දෙන බව කී ඩිමොක්‍රටික පාක්‌ෂික ආපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීම ය. ඩිමොක්‍රටික ජනාධිපතිවරුන්ට මෙය කළ හැකි බව කෙනඩිගෙන් පසු ඇමරිකාවට ප්‍රථම වරට අයවැය අතිරික්‌තියක්‌ ගෙනා හිටපු ජනාධිපති බිල් ක්‌ලින්ටන් විසින් මනාව පෙන්නා දී තිබිණි. පාවෙන ඡන්දවලට අමතර ව අප්‍රිකානු සම්භවයක්‌ සහිත කළු ඡන්දවල හා වෙනත් ආසියානු ආදී සංක්‍රමණිකයන්ගේ අති බහුතරය ද ඔබාමා වටා රොක්‌ වී සිටියහ. කෙසේ වෙතත්, බුෂ් විසින් කැපූ වළ කෙතරම් ගැඹුරුද කිවහොත් 'රටේ පැවැත්ම අපේ පැවැත්මය' යන සංකල්පය ඉස්‌සරහට දැමූ ඇමරිකානුවා ඉන් ගොඩ ගැනීමට ඔබාමාට නොහැකි බව දැනගත් ඇමරිකානුවා 2010 කොන්ග්‍රස්‌ මැතිවරණයේ දී ඔබාමාට කොන්ග්‍රස්‌ ආසන 63 අහිමි කරමින් හා නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල පාලනය අහිමි කරමින් ගෙන දුන්නේ ලැඡ්ජා සහගත පරාජයකි. මෙයින් පැහැදිලි වන්නේ, ජනාධිපති ධුරයට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වූ කොන්ග්‍රස්‌ බලය අහිමි වූ දා සිට පමණක්‌ නොව අන්‍යාගමිකයකු වූ ඔබාමාට බයිබලයේ අත තබා දිවුරුම් දීමට ඇමරිකානු දේශපාලනය විසින් බල කළ දින සිට ම බරක්‌ ඔබාමා යනු කල්ලෙකුට හිමි 'පල්ල' හිමි වූ තටු සිඳුණු ධවල මන්දිර පදිංචිකරුවෙකු පමණක්‌ බව ය.

මේ වන විට පැවැත්වෙන මූලික වටයේ ඡන්දවලින් ඔබාමා සමග තර`ගයට කුමන අපේක්‌ෂකයෙකු රිපබ්ලිකානු පක්‌ෂයෙන් මතු ව ඒ දැයි තාමත් කිව නොහැකි ය. කෙසේ වෙතත්, අයිඔවා ජයග්‍රහණය කළ රෝම්නි නම් උතුරු කැරොලිනාහි ජය ගනී යයි. කිසිසේත් ම සිතිය නොහැකි ය. පෙර සඳහන් කළ ලෙස ඊට ප්‍රධාන හේතුව නම් එම ප්‍රාන්තයේ සියයට 60 ක්‌ වන ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකයන්ගේ සහාය රික්‌ සන්ටෝරුම්ට හිමි වී තිබීම ය. ඇමරිකානු සමාජය පුරා ඔඩු දුවා තිබෙන ක්‍රිස්‌තියානි ආගමික හා සුදු වර්ගවාදයේ ගතිගුණ සන්ටෝරුම් හට හොඳට ම තිබේ. මේ වසරේ මුල් ම සතියේ දී සන්ටෝරුම් ප්‍රකාශ කළේ අන් යමෙකුගේ මුදල් ගෙන කළු ජාතිකයන්ගේ ජීවිත සැපවත් කිරීමට තමාට සූදානම් නැති බව ය. එහෙත් ප්‍රධාන ප්‍රශ්නය එය නොවේ. නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මෙසේ ක්‍රිස්‌තියානි ඡන්ද සහාය ඇති ව මතුවන රිපබ්ලිකානු අපේක්‌ෂකයා සමග තර`ග කොට ඔබාමාට ජයගත හැකි ද යන්න ය.

ඉහ වහා යන බ්‍රිතාන්‍ය පොලිස්‌ ජාතිවාදය

නවතම සමීක්‌ෂණයකින් හෙළි වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ වෙසෙන කළු ජාතිකයන් සුදු ජාතිකයන්ට වඩා 29.7 වාරයක්‌ පමණ මඟ නවතා කරන පොලිස්‌ සෝදිසි කිරීම්වලට භාජන වන බව ය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම දත්ත මගින් ජාතිය පදනම් ව වෙනස්‌ කොට සැලකීම පිළිබඳ ලෝකයේ දරුණුතම තත්ත්වය නියෝජනය කරන බව ය. බ්‍රිතාන්‍ය පොලීසිය මෙසේ
කරන්නේ ඔවුන් සතු අංක හැට දරන පොලිස්‌ බලතල පනත යොදා ගනිමිනි. මේ යටතේ කිසිදු සාධාරණ සැකයකින් තොරව ඕනෑම කෙනකු මහමග දී පරීක්‌ෂා කරත හැකි ය. පසුගිය ග්‍රීස්‌මයේ ලන්ඩනයේ ඇති වූ ජන කෝලාහළ උග්‍ර වීම සඳහා මෙම අසාධාරණ නීතිය ද උදවු වූ බව ගාඩියන් පුවත්පත පෙන්වා දෙන්නේ ය. මෙය එන්න එන්න ම වැඩිවීගෙන එන වර්ගවාදී පොලිස්‌ චර්යාවකි. 2010 වසරේ මෙම ඉලක්‌කම සියයට 26.6 පමණක්‌ විය. 2009 වසරේ දී එය ම 10.7 කි. කෙසේ වෙතත්, මෙසේ කරන සෝදිසි කිරීම්වලින් සාපරාධී අවියක්‌ දැරීමේ වරදට අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසියට හැකි වූ ප්‍රතිශතය සියයට 0.5 ක්‌ පමණි. එය මීට දශක පහකට පෙර තිබූ ඉලක්‌කම්වලට වඩා පස්‌ ගුණයක අඩුවීමකි. මේ අතර, 2010 වන විට බ්‍රිතාන්‍යයේ නවතා පරීක්‌ෂා කරන කළු හා ආසියානු ජාතිකයන්ගේ ප්‍රමාණය සියයට 70 කින් පමණ වැඩි වී තිබිණි. 2004 හා 2005 වසරවල දී කළු ජාතිකයන් හා ආසියානුවන් 178 000 පරීක්‌ෂණයට භාජන වූ අතර 2008 හා 2009 වන විට එය 310 000 දක්‌වා වැඩි වී තිබිණි. අත්අඩංගුවට ගැනීමට තරම් වරදක්‌ පරීක්‌ෂණයට ලක්‌ වූ කළු ජාතිකයන් අතර නොතිබෙන තත්වයක්‌ තුළ එන්න එන්න ම සෝදිසි කිරීම වැඩි වීම බ්‍රිතාන්‍ය පොලීසියේ ජාතිවාදය මනාව හෙළි කරයි.වෙරළාරක්‌ෂකයා දැන් ඉතාලියේ වීරයෙකි. එහෙත් ඇතැමුන් ප්‍රකාශ කර තිබුණේ ඉතාලියේ සාමාන්‍ය රාජකාරිය වීරත්වය වන්නේ නම් ඉතාලිය අනතුරේ බව ය.

අතේ පැළවෙන බොරු කී කපිතාන් ෂෙටිනෝගේ නාවුක අතීතය නම් අයහපත් නොවේ. ඔහු වෙනුවෙන් විවෘත වී තිබෙන ෙµaස්‌බුක්‌ පිටුවකට ඔහුගේ ගුණ වයමින් මේ වන විට ලැබී තිබෙන පණිවුඩ සංඛ්‍යාව 2700 කට අධික ය. ඔහු විස්‌තර කර තිබුණේ 'විශිෂ්ට', 'වෘත්තීයමය' හා 'ධෛර්යවන්ත' අයෙකු ලෙස ය. මෙම විශේෂණවලට ගැලපෙන ලෙස නැව් අනතුරේ මුල් ම අදියරේ දී කපිතාන්වරයා හැසිරුණු බවට ද තොරතුරු ලැබී තිබේ. තම නැව ගල්පරයේ වැදුණු බව දැනගත් ෂෙටිනෝ එය වටයක්‌ හරවා මගීන් බේරා ගැනීමේ කටයුතුවලට පහසුවන ලෙස දූපත ආසන්නයේ ගල්තලාව වෙත රැගෙන ඒවට ද කටයුතු කර තිබිණි. ඇතැම් මගීන්ට පිහිනා වෙරළට ඒමට හැකි වූයේ ද මෙනිසා ය. පසුගිය වසරේ චෙක්‌ ජාතික ජනමාධ්‍යවේදියකුට ෂෙටිනෝ පවසා තිබුණේ මෙවැන්නකි. 'අනුමාන කළ නොහැකි දෙයක්‌ සිදුවන මොහොතෙහි සතුට මම විඳිනව. නිකම් සම්මත ක්‍රමයෙන් ටිකක්‌ ඈත් වෙනකොට වගේ' යනුවෙනි. සිදු වූයේ ද එයම ය. ෂෙටිනෝ සම්මත මාර්ගය හැර බොහෝ දුර ගොස්‌ තිබිණි. එවන් මාර්ගවල මතුපිටින් සැ`ගවුණු ගල්පර තිබේ.

එය දෙවැනි ටයිටැනික්‌ වෙන්නට ඔන්න මෙන්න විය

2012 වසර ටයිටැනික්‌ නාවුක ෙ€දාන්තයේ සියවැනි සංවත්සරය වැටෙන වසර බව බොහෝ දෙනකුගේ මතකයේ තිබුණේ නැත. 'දියුණු' වර්තමානයේ එවැනි දෙය සිදුවිය නොහැකි බව ද බොහෝ අය සිතූහ. එහෙත් ටයිටැනික්‌ සිහි කරන්නට හෝ ටයිටැනික්‌ වැනි අනතුරක්‌ නැවත සිදුවිය හැකි බව ලෝකයට සිහිපත් කරන්නට හෝ එවැනි ම ෙ€දාන්තයක්‌ විය හැකි ව තිබූ
නාවුක අනතුරක්‌ ඉතාලියේ ටස්‌කනි හි ගිග්ලියෝ දූපත ආසන්නයේ දී යාන්තම් වැලකී ගියේ මිනිසුන් 35 දෙනකු ජීවිතක්‌ෂයට පත් කරමිනි. කොටින් ම වැළකී ගියේ යෑයි ලිවීම යුක්‌ති යුක්‌ත නොවේ. මගීන් 4200 ක්‌a ටොන් 114,500 ක්‌ බරැති කෝස්‌ටා කොන්කෝර්ඩියා නැව ගිලී ගියා ය. එහෙත් ජීවිත අනතුරු ටයිටැනික්‌ සේ නොවූයේ වාසනාවකට අදාළ අනතුර දූපත අසල සිදුවීම නිසා ය. එසේ නොවූයේ නම් මෙම අනතුර ටයිටැනික්‌ ෙ€දවාචකය පහසුවෙන් ම පරදවනු ඇත.

නැව හිමි සමාගමේ සභාපතිවරයා විසින් නාවුක අනතුරේ වගකීම පැවරුවේ එහි කපිතාන්වරයා වෙත ය. ඔහුට අනුව, 52 හැවිරිදි ඉතාලි ජාතික කපිතාන් µ්‍රeන්සිස්‌කෝ ෂෙටිනෝ විසින් නැවු පොතේ නැති 'සෙල්ලමක්‌' දමා තිබිණි. මෙම සෙල්ලම දැමීමට යන බව අනතුර වීමට මොහොතකට පෙර ෙµaස්‌බුක්‌ නම් සමාජ ජාලය තුළ ද ප්‍රචාරය කර තිබීම දෛවෝපගත ය. ඉතාලියේ ලා රිපබ්ලිකා පුවත්පත විසින් වාර්තා කළේ නැවේ ප්‍රධාන සාත්තු සේවකයා වන අන්ටොනෙල්ලා ටිවොලිගේ නැගණිය විසින් ෙµස්‌බුක්‌ හි මෙසේ ලියා තිබුණු බව ය. ඒ 'තව මඳ වේලාවකින් කෝස්‌ටා කොන්කෝර්ඩියා නැව (ගිග්ලෝ දූපතට) ඉතා සමීපයෙන් ගමන් කරනු ඇත. අවසානයේ සැවෝනා හි නිවාඩුවක්‌ ගත කිරීමට යැමට අවස්‌ථාව ලද මගේ සොහොයුරාට මහා සුභ පැතුමක්‌' යනුවෙනි. පුවත්පතට අනුව නැව ගිග්ලෝ දූපතට සමීපයෙන් ගමන් කර ඇත්තේ අදාළ දූපත් වැසියෙකු වූ ප්‍රධාන සාත්තු සේවකයාට තමා පදිංචි දූපතෙහි අසහාය දසුනක්‌ ලබා දීම සඳහා ය. සාත්තු සේවකයා විසින් තම නැගණියට මෙම කාරණය කියන ලදුව ඇය විසින් එය ෙµaස්‌බුක්‌හි ලියා තැබුවේ ය. නැවේ සාමාන්‍ය මාර්ගය වෙනස්‌ කිරීමට බල පෑ තවත් කතාවක්‌ මතු වෙමින් තිබේ. ඒ නම් මෙම නැව් සමාගමේ ම කපිතාන්වරයෙකු ලෙස සේවය කොට විශ්‍රාමගත් පුද්ගලයෙකුට ආචාර කරනු පිණිස ය. මෙම කතා දෙක ම සත්‍ය වීමට හැක. නැව් සමාගමේ සභාපතිවරයා සිදු වූ අනතුර වෙනුවෙන් සමාව ගන්නා අතරතුර පැවසුවේ "කපිතාන් ෂෙටිනෝට ඕන වෙලා තිබුණා මේ නැව ගිග්ලෝ දූපතේ අයට පෙන්වන්න. ඒ නිසා ඔහු එම දූපතේ තිබෙන කුඩා නගරය අසලින් නැව යාත්‍රා කරවන්නට තීරණය කරලා" යනුවෙනි.

එහෙත් කපිතාන්ගේ සෙල්ලම ලෙල්ලම කරමින් නැව්කඳ දූපත අසල වූ ගල්පරයක වැදී පුපුරා ගියේ ය. විශාල ශබ්දයක්‌ නඟමින් ගලෙහි හැපුණු නැව සැණෙකින් පැත්තට ඇළවෙන්නට විය. ඒ වන විට මේ දැවැන්ත නැව හා දූපත අතර තිබුණේ මීටර් 150 ක්‌ තරම් කුඩා දුරකි. නැවේ නර්තන ශිල්පිනියක ලෙස සේවය කළ 19 හැවිරිදි ඡේම්ස්‌ තෝමස්‌ ඒ මොහොත විස්‌තර කළේ මෙසේ ය. "අපි වරාය පැත්තට ඇලවෙන්නට ගත්තා. එය ඉතා ඉක්‌මනින් ම සිදු වුණා. අපි දැනගත්තා ඒක සාමාන්‍ය හැරවීමක්‌ නොවන බව. මං වීසි වුණා. මගේ වයිනුයි අනෙත් ශැම්පු වගේ බෝතලුයි පෙරලෙන්න ගත්ත" යනුවෙනි.

කිතුලේ ගිය අයට ද හේතුවක්‌ තිබුණේ නම් කපිතාන්ට එවැන්නක්‌ නොතිබෙන්නට නොහැකි ය. ඔහු කීවේ මෙම ගල්පරය තම නාවුක සටහන් තුළ සඳහන් ව නොතිබූ බව හා එය තම තාක්‌ෂණික උපකරණවලින් ද නොපෙන්නවූ බව ය. මේ අතර කපිතාන්වරයා වෙත නැඟෙන චෝදනාව තවත් බරපතල වන්නේ නැවෙන් අවසන් මගියා බේරා ගැනීමට බොහෝ වේලාවකට පෙර ඔහු නැව අතැර ගොඩ බිම වෙත ඒම පිළිබඳව ය. වෙරළාරක්‌ෂකයන්ගේ හා කපිතාන්ගේ සංවාදය පටිගත කර තිබේ. කපිතාන්ඃ "නෑ මම නැවේ නෙමෙයි ඉන්නෙ. මොකද නැවේ ඉදිරිපස ඉස්‌සෙමිනුයි තියෙන්නෙ. වෙරළාරක්‌ෂකඃ මොනවා, මොකද්ද ඔබ අදහස්‌ කරන්නෙ. ඔබ නැව අතහැරල ද? කපිතාන්ඃ පිස්‌සු ද? මම නැව අතහැරල නෑ. මම මේ නැවේ. වෙරළාරක්‌ෂකඃ තමුසෙ යනවා නැවට ආපහු. මට තමුසෙගේ හේතුවලින් වැඩක්‌ නෑ. මේක අණක්‌. උඹ කිව්වා නැව අතහැරියා කියල." කපිතාන්වරයෙකු විසින් අනතුරක දී නැවක්‌ අතහැරීම සම්බන්ධයෙන් දිය හැකි දඬුවමක්‌ නැත. කෙසේ වෙතත්, කපිතාන්වරයා නැව අතහරින අවසන් පුද්ගලයා යන්න නීතියක්‌ නොව සම්ප්‍රදායක්‌ හා ප්‍රායෝගික සත්‍යයකි. ටයිටැනික්‌ නැවේ කපිතාන් ස්‌මිත් සේ නැව සමග ගිලී යන වීර කපිතාන්වරු දැන් විරල ය.

විකිපීඩියා වැසේ
ඇමරිකාව තොරතුරු අයිතිය වටලයි


ජනවාරි 18 වැනි දින ඔබ විකිපීඩියා අන්තර්ජාල විශ්වාකෝෂයට ඇතුළු වන්නට උත්සාහ කළේ නම් එය ඔබට කළ නොහැකි වන්නට ඇත. ඒ අන් යමක්‌ නිසා නොව, ලොව මිලියන ගණන් ජනයා තම තොරතුරු පවස නිවාගන්නා විකිපීඩියා පැය 24 කට පමණ වසා දැමීමට අදාළ වෙබ් අඩවිය මෙහෙයවන විකිමීඩියා පදනම විසින් තීරණය කර තිබෙන නිසා ය. විරෝධතාවක්‌ ලෙස සිදුවන මෙම 'කළුකිරීම් සිදුවන්නේ ඇමරිකානු කොන්ග්‍රසය විසින් අනුමත කර ගැනීමට උත්සාහ කරන 'සෝපා' හා 'පීපා' නම් අන්තර්ජාල මර්දන පනත් දෙකක්‌ නිසා ය. විකිමීඩියා පදනමට අනුව
පනත් දෙකට මේ වන විටත් සහාය නොලැබී යන තත්වයක්‌ උදාවෙමින් පැවතී. එහෙත් ඒවා තාමත් සක්‍රීය බවත් ඉදිරි සතියේ දී එම පනත් ඇමරිකානු කොන්ග්‍රසයේ සාකච්ඡාවට ගත හැකි බවත් ප්‍රකාශ වී ඇත. කොන්ග්‍රසය පවසා ඇත්තේ පනතේ අරමුණ බුද්ධිමය දේපළ ආරක්‌ෂා කිරීම බව ය. එහෙත් විකිමේඩියා පදනම පවසන්නේ ඒ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිකාරය රෝගයට වඩා දරුණු රෝගයක්‌ බව ය. උදාරණයක්‌ ලෙස කිසියම් ඇමරිකානු වෙබ් අඩවියක පළවන අයිතිවාසිකම් කඩකරන අන්තර්ගතයක්‌ පිළිබඳ 'පොලිස්‌කාරයෙකු' ලෙස ක්‍රියා කිරීමේ වගකීම අදාළ අඩවියට පැවරේ. නව නීතිය යටතේ එවන් අන්තර්ගතයක්‌ මකා දැමීමට හා එම අන්තර්ගතය දරා සිටින වෙබ් අඩවිය ලොව ප්‍රධාන පෙළේ සෙවුම් ඇන්ජින්වලින් (විකිපීඩියා, ගූගල්, යාහු) ඉවත් කිරීමට ද නියෝග කරනු ලැබේ. මෙම පනත යොදාගෙන ලොව මහා පරිමාණ මාධ්‍ය ජාල මගින් තම අයිතිවාසිකම් කඩ නොවුව ද එසේ වූ බව කියමින් තම විදේශ තර`ගකරුවන්ගේ අදායම් මාර්ග අවහිර කිරීමට ද පෙළඹෙනු ඇත. මෙම පනත් දෙක සම්මත වුවහොත් එමගින් නිදහස්‌ හා විවෘත අන්තර්ජාලය සඳහා වන අයිතිය සැමට අහිමි වීම පැහැදිලිs ය.

ඇමරිකානු කොන්ග්‍රසය හා කළු ජාතික බරක්‌ ඔබාමා අතර වන සදාතනික දෘෂ්ටිවාද-පරතරය නැවතත් නිරූපණය කරමින් ධවල මන්දිරය ඉ`ගි කළේ තමා කොන්ග්‍රස්‌ පනතට එරෙහිව නිෂේධ බලය යොදන බව ය. විකිමීඩියා පදනම දියත් කළ විරෝධතාව පිළිබඳ තීරණය ගනු ලැබූයේ විකිපීඩියා වෙනුවෙන් වැඩ කරන ගෝලීය සංස්‌කාරකවරුන් විසින් 2011 දෙසැම්බර් 15 හා 2012 ජනවාරී 16 අතර කාලයේ දී ය.

- කතිකාචාර්ය මහින්ද පතිරණ.
උපුටා ගැනීම
දිවයින
2012-01-20

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 4669658988172589632

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item