ඉන්දීය දරුවෝ 42% ක් හාමතේ - චතුර පමුණුව
බිලියන 1.2 ක් නොඑසේ නම් කෝටි 1201 ක ජනගහනයක් ඇති ඉන්දියාව අද ලොව දෙවැනියට වේගයෙන් දියුණු වන ආර්ථිකයක් ඇති රටකි. 2026 දී...

http://weadikawa.blogspot.com/2012/01/42.html

ඉන්දීය ආර්ථිකය චීනය හා කරට කර වේගවත්ව දියුණු වුවත් එරට ජනගහනයෙන් මිලියන 455 ක් දුගීහු වෙති. ලෝක බැංකු වාර්තා අනුව ලෝක ඉන්දීය ජනගහනයෙන් 26% ක් දුගීන් වන අතර ඔවුන්ට ලැබෙන දිනක ආදායම ඩොලර් 1.25 කි. ද. ඉන්දියාවේ ප්‍රාන්ත අටක වෙසෙන දුගීන් සංඛ්‍යාව අප්‍රිකාවේ දිළිඳු රටවල් 26 ක වෙසෙන දුගී ජනතාවට වඩා වැඩිය.
ඉන්දියාවේ මේ දුගීකමට බොහෝ දුරට හේතු වී ඇත්තේ කුල ක්‍රමය බව හෙළි වී ඇත.
මහත්මා ගාන්ධි නිදහස දිනා ගැනීම සඳහා සටන් කරද්දී දුප්පත්කමින් තුරන් වූ ඉන්දියාවක් ගැන සිහින මැව්වේය. එහෙත් ඒ සිහිනය මෙතෙක් සැබෑවක් වී නැත. ඇත්තෙන්ම ඉන්දියාවේ දුගී ප්‍රමාණය සතුරු පකිස්‌තානයටත් වඩා වැඩිය.
ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් වැඩිම දුප්පතුන් ප්‍රමාණය දක්‌නට ලැබෙන්නේ බිහාර් ප්‍රාන්තයේය. මිලියන 95 ක ජනගහනයක් වෙසෙන බිහාර් ප්‍රාන්තයේ ජනගහනයෙන් 81% ක්‌ම දුගීන් වෙති. වැටිස්‌ගාර් ප්‍රාන්තයේ ජනගහනයෙන් 71% ක් දුගීහු වෙති. ඇත්තෙන්ම බිහාර් ප්‍රාන්තය ගැන අමුතුවෙන් කිව යුතු නැත. බුද්ධගයාව වන්දනා කරන්නට යන සිංහල බෞද්ධයන්ට බිහාර් දුගීන් ගැන හොඳ අත්දැකීම් ඇත. දුර්ගේෂ්වරී කන්ද නගින විට සිටින අඳුරු පැහැ ඇස් ඇති ළමුන්, මහල්ලන්, කුඩා දැරියන් දැනුදු මට සිහිවේ. කුලහීනයන් වන ඔවුන්ට කවදා සැනසීමක් ලැබේදැයි කිව නොහැක.
චතුර පමුණුව
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-01-15
ඉරිදා දිවයින
2012-01-15