නෝර්වීජියානු ආක්‍රමණ බිඳ වැටුනු හැටි

-ආචාර්ය සුසන්ත ගුණතිලක  ශ්‍රී ලංකා ස්‌වාධිපත්‍යය බිඳ හෙලීමේ නෝර්වීජියානු ප්‍රයත්නයේ ඊනියා සාමය විස්‌ත...

-ආචාර්ය සුසන්ත ගුණතිලක 
ශ්‍රී ලංකා ස්‌වාධිපත්‍යය බිඳ හෙලීමේ නෝර්වීජියානු ප්‍රයත්නයේ ඊනියා සාමය විස්‌තර කරමින් "නෝර්වීජියානු සාම ප්‍රයත්නයේ ඇගැයුම" යන නමින් වාර්තාවක්‌ නෝර්වීජියානුන් විසින්ම මෑතදී පළ කර තිබේ. මෙය අප විසින් උගත යුතු පාඩම් පිළිබඳ ලේඛනයකි. එය හුදෙක්‌ ඔවුන් වටා සිටින ලංකාවේ ගැත්තන් හවුල් කරගෙන බටහිරයන් අප පාලනය කරන්නට අවුරුදු 500 ක්‌ තිස්‌සේ දැරූ ප්‍රයත්නයේ තවත් කොටසකි. මෙම නෝර්වීජියානු ප්‍රයත්නය එදා පෘතුගීසි ප්‍රයත්නය ගැන පෘතුගීසි ඉතිහාසඥ ක්‌වෙරෝස්‌ සඳහන් කළ පරිදි ලෞකික හා ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නට දැරූ ප්‍රයත්නයේ පරාජයකි. පෘතුගීසීන් ලංකාව විනාශ කළ පසු ක්‌වෙරෝස්‌ සඳහන් කළේ සිංහලයෝ නම් අසීමිත ප්‍රෙෘඩත්වයකින් පිරි ජාතියක්‌ බවත් සිංහලුන් සිතුවේ රාජ්‍ය පාලනය, පිරිසිදුකම හා විනීත කම ගැන ඔවුන් උසස්‌ම තැන ගන්නා බවත්ය. විශේෂයෙන්ම යුරෝපීයයන් එසේ නොවු බව සිංහලයන් විශ්වාස කළ බවත් ක්‌වෙරෝස්‌ සඳහන් කළේය. තවද යුරෝපීයයන් ගැන සඳහන් කළේ සිංහලුන් කෑම කන විදියට නොකන හොඳ හැටි ඇගපත නොසෝදන අපිරිසිදු අශිෂ්ඨ ජාතීන් ලෙසය. සිංහලයන් විදේශිකයන්ට හිස නොනමන බවත් ක්‌වෙරෝස්‌ සඳහන් කළේය.
නෝර්වීජියානුවරුන්ද අපට කළේ අශිෂ්ට අපිරිසිදු ම්ලේච්ඡ ක්‍රියාවකි. මෑත දී නිකුත් කරන ලද නෝර්වීජියානු වාර්තාව ගැන ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්ණය නම් කා විසින් මෙය ලියන ලද්දක්‌ ද කාගේ සහාය මේ සදහා ලැබුණා ද යන්නයි. අපේ ස්‌වෛරීත්වය යටපත් කර අප ගැන සාවද්‍ය තොරතුරු සපයන පිරිසකගේ නම් මෙම ලැයිස්‌තුවේ ඇත. මෙම ආයතන හා පුද්ගලයන් ගැන මම දනිමි. මේවා ගැන මම පොත් දෙකක්‌ ලියා ප්‍රධාන පෙළේ බටහිර ශාස්‌ත්‍රීය ප්‍රකාශකයන් ලවා පළ කර ඇත්තෙමි. එහෙත් නෝර්වීජියානු මැදිහත්වීම සාකච්ඡා කරන්නට පෙරාතුව වැඩි ප්‍රසිද්ධියක්‌ නොමැති නිල නොවන මැදිහත් වීමක්‌ - එනම් නෝර්වීජියානු ජාතික ජොහාන් ගල්ටුන්ගේ මැදිහත්වීම සඳහන් කළ යුතු වේ.

මම ජාත්‍යන්තර විද්වත් ක්‌ෂේත්‍රය තුළ මොහු මුණගැසී ඇත්තෙමි. වරක්‌ අප දෙදෙනා අනාගත අධ්‍යයන සම්බන්ධ ලෝක සම්මේලනයක්‌ අමතා ප්‍රධාන දෙසුම් කළෙමු. නොබෝදා ග්‍රීසියේ පැවති තවත් ජගත් සමුළුවක අපි දෙදෙනා කථිකයෝ වීමු. වරක්‌ අල්ජසීරා රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවක යෙදුණු මොහු ශ්‍රී ලංකාව බෙදා හෝ බෙදීමකට කිට්‌ටු විසඳුමකින් සාමය ලබා දීමට තමාට අවශ්‍ය වූ නමුත් අපොහොසත් වු බවට පුරසාරම් දෙඩුවේය. ඔහු එය හැඳින්වූයේ තමාගේ ලොකුම පරාජය ලෙසය.
නෝර්වීජියානු වාර්තාවේ කර්තෘවරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ නෝර්වේ රටේ බෙර්ගන් හි ක්‍රිස්‌ටියන් මිකල්aසන් (සී ඇම් අයි) ආයතනයේ පුද්ගලයකු වන අතර අනෙක්‌ තැනැත්තා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යයන (සොඇස්‌) ආයතනයේ ආචාර්යවරයෙකි. සීඇම්අයි ආයතනයෙහිදී දශක කීපයකට උඩදී මම දේශනයක්‌ කළෙමි. එකල පුංචි නොර්වේ රටේ යටත් විජිත ආකල්ප මෙන්ම අද මෙන් විශාල තෙල් ආදයම් ද නොතිබුණි. පසු කලකදී මම ට්‍රොන්ඩිහයිම් හා ඔස්‌ලෝ විශ්වවිද්‍යාලවල ආගන්තුක මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරද්දී ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයේ වෙන්ක බාර්ත් අයිඩ මහාචාර්යවරියට නොර්වේ සහ තුන්වන ලෝකය අතර සමාන අධ්‍යයන සම්බන්ධතා ඇතිකර ගැනීමට උපදෙස්‌ දීමි.
දැන්නම් සමාන අධ්‍යයන සම්බන්ධතා සංකල්පය නෝර්විජියානුන් විසින් ප්‍රතික්‌ෂේප කර ඇත. මා නිවසේ දී කුමාර් රූපසිංහ මුණගැසුණු වෙන්ක පසුව ඔහුව නෝර්වේ රටට ගෙන්වා ගත්තේය. කුමාර් රූපසිංහ යටතේ පැවති ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌ සංවිධානයේ අසාර්ථකත්වය අළලා "ඇන් ඉවැලුවේෂන් ඔµa ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌" නමින් වාර්තාවක්‌ එළිදැක්‌වූ සී.ඇම්.අයි. ආයතනයද ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීමේ ප්‍රයත්නයක යෙදී ඇත.
කුමාර් රූපසිංහ නෝර්වේ රටට ගෙන්වා ගත් මහාචාර්ය වෙන්කගේ ස්‌වාමිපුරුෂයා වූ අස්‌බෙයෝන් බාර්ත් අයිඩ නෝවීජියානු සාම ආයතනයේ ප්‍රධානියා වූ අතර ඔවුන්ගේ පුත් එස්‌පන් ආරක්‌ෂක කටයුතු පිළිබඳ, විශේෂයෙන් ත්‍රස්‌තවාදී ක්‍රියා පිළිබඳ වර්තමාන නොර්වේ ආරක්‍ෂක ඇමතිවරයා වීම සැලකිල්ලට ගතයුතු කරුණක්‌ වෙයි. අයිඩ පවුලට යුද්ධය සාමය වෙයි. සාමය යුද්ධය වෙයි. කොටි ත්‍රස්‌තවාදයට සහාය දීම නෝවේජියානු ප්‍රධාන අපනයන භාණ්‌ඩයකි.
ලන්ඩන් හි ආසියානු අධ්‍යයන ආයතනය ලෝකයේ පැරණිම ආසියානු අධ්‍යයන පීඨය වේ. එය ආරම්භ කරන ලද්දේ පාලි ග්‍රන්ථ සමාගම ලන්ඩන්හි පිහිට වූ රිස්‌ වේවිඩ්ස්‌ විසිනි. සිංහල භික්‌ෂුන් වහන්සේලා 96 නමක්‌ මෙය පිහිටුවීමට උපස්‌ථම්භක වූ අතර, ඔහු ලන්ඩන්හි පාලි මහාචාර්යවරයා විය. වික්‍රමසිංහ මහතා ලන්ඩන් හි දෙමළ හා තෙළිඟු විෂයයන් ගැන ජ්‍යෙෂ්ඨතම කථිකාචාර්යවරයා මෙන්ම, ආසියානු අධ්‍යයන ආයතනයේ සිංහල භාෂා කථිකාචාර්ය හා ද්‍රවිඩ භාෂා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන යන තනතුරු දැරීය. එදා සිට 1976 වන තෙක්‌ විවිධ ශ්‍රී ලාංකිකයෝ මෙම ආයතනයෙන් පශ්චාත් උපාධි ලබා ගත්හ. එහෙත් අපේම අදූරදර්ශී බව නිසා ලෝකයටම විවෘත වැදගත් කවුළුවක්‌ වූ මෙම ආයතනයේ නියෝජනය දැන් අපට අහිමි වී ඇත.
කෙසේ වුවද මෙම වාර්තාවට සම්බන්ධ වූයේ ආසියානු අධ්‍යයන ආයතනයේ කථිකාචාර්යවරයකු නොව එම ආයතනයේ සංවර්ධන අධ්‍යයන අංශයේ අයෙකි. එම වාර්තාව සැපයීමට ශ්‍රී ලංකා සංස්‌කෘතිය පිළිබඳ දැනුම අවශ්‍ය නොවෙයි. යටත් විජිත යුගයේ දී රිස්‌ඩේවිඩ්ස්‌ ඇතුළු බ්‍රිතාන්‍ය සිවිල් සේවා නිලධාරීන්ට ශ්‍රී ලංකා සංස්‌කෘතිය අනිවාර්ය වූවාක්‌ මෙන් නොවේ.
සංවර්ධන අධ්‍යයන අංශ ආරම්භ වූයේ සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයෙනි. එහි සේවය කරමින් සිටිය දී සංවර්ධන අධ්‍යයන ක්‌ෂේත්‍රය යටත් විජිතවාදී වූවක්‌ බව සඳහන් කරමින් මා ලියූ ලිපි එම විශ්ව විද්‍යාල ශාස්‌ත්‍රීය සඟරාවේ පළ විය. මඳ කලකට පසු ශ්‍රී ලංකාවට ආපසු එනු පිණිස එම විශ්වවිද්‍යාලයෙන් මම ඉවත් වීමි. මෙයට හේතු වූයේ මාර්ග ආයතනයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙකු බටහිරට දැක්‌වූ නිවට නියාලු ආකල්පය ගැන මා තුළ ඇති වූ පිළිකුලය. මා ආපසු පැමිණියේ ලංකාවේ ස්‌වාධීන චින්තනයක වර්ධනයට අත දීමටය. දශක කිහිපයකට පසු මට අවබෝධ වූයේ ලංකාවේ බොහෝ සමාජ විද්‍යාඥයින් හොඳට පඩි ගෙවන විදෙස්‌ මුදලින් ස්‌ථාපිත ජාති විරෝධී එන්ජීඕ ව්‍යාජ බුද්ධිමය දැලට අසු වී ඇති බවයි.
නෝවීජියානු වාර්තාවේ කර්තෘන් දෙදෙනාගේ පසුබිම් එම වාර්තාවේ අන්තර්ගතයට ප්‍රධාන වේනම්, ඔවුන් සඳහන් කරන කෘතීන් සහ පුද්ගලයන් ඊටත් වඩා හොඳ කවුළු වනු ඇත.
අපි පළමුව දේශපාලනඥයින්ගෙන් පටන් ගනිමු. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග සමඟ සාකච්ඡා කර ඇත. නෝර්වීජියානු කොටි අනුග්‍රාහක ඊනියා සාම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ මොවුන් යටතේය. එයට විරුද්ධව කතා කළ මහින්ද රාජපක්‌ෂ සාකච්ඡාවට භාජනය කර නැත. තදබල ලෙසින් මෙයට විරෝධය පෑ ජවිපෙ හා ජාතික හෙළ උරුමය ද සාකච්ඡාවට භාජන කර නැත. එල්ටීටීඊ සාමාජිකයන් ඔස්‌ලෝහිදී සාකච්ඡාවට බඳුන් කර ඇත. "මොලින්ද මොරගොඩ" නම් අයෙකු ගැන වාර්තාවේ සඳහන් වේ. පැහැදිලිවම මේ මිලින්ද මොරගොඩය. ඒ තවත් නෝර්වීජියානු සාම ගිවිසුමේ ආධාර කරුවෙකි. මොවුන්ට තමන්ගේ ප්‍රධාන ආධාරකරුවන්ගේ නම්වත් හරියට ලියාගන්නට බැරි වී තිබේ. මිලින්ද මොරගොඩ නොර්වේ රටෙන් රුපියල් මිලියන 1.2 ක්‌ ලබා ගත්තා යෑයි වාර්තාව සඳහන් කරයි. එකල චන්ද්‍රිකා කුමාරතුංගගේ මාධ්‍ය ප්‍රකාශක වූ හරීම් පීරිස්‌ ද සාකඡාවට භාජනය කර තිබේ. ලංකාව තුළ පල්ලියේ මැදිහත්වීම වැදගත් වූ බව සඳහන් කරන පල්ලි ලේඛනයක මොහු හඳුන්වා ඇත්තේ මූලධර්මවාදී ක්‍රිස්‌තියානිකාරයෙකු ලෙසයි. කොටි හා පල්ලිය සම්බන්ධ කරමින් නොබෝදා පළ වූ විදෙස්‌ ප්‍රවෘත්ති සිහියට නැඟේ.
නෝර්වීජියානු සොල්හයිම්, හෙල් ගේසන්, වෙස්‌ට්‌ බෝර්ග්, හැන්සන් බවුවර් සහ බොන්ඩ්වික්‌ ද සාකච්ඡාවට බඳුන් කරගෙන තිබේ.
මේ හැමෝම අපට ඇඟිලි ගැසූ අය වූහ. දුරකථන සාකච්ඡාවකින් හෙළි වූ පරිදි, වෙස්‌ට්‌ බෝර්ග් බ්‍රැඩ්මන් වීරකොන්ගේ උදව් ඇතිව විදුලි පණිවුඩ හුවමාරු උපකරණ හොර රහසේ කොටින්ට ලබා දුන් තැනැත්තෙකි. වෙස්‌ට්‌ බෝග් රෙඩ්බානා සංවිධානයේ සභාපතිව සිටියදී සර්වෝදය සමඟ එක්‌ව සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම මත ඉන්දියාවට යෑවීමට නියමිතව සිටි ඉන්දියානුවන් වන්නිකරයේ පදිංචි කරවීය. නීති විරෝධීව මෙසේ හොරෙන් පදිංචි කරනු ලැබූ ඉන්දියානුවෝ යුද්ධයේ අවසාන වටයේදී ප්‍රභාකරන් වන්නියේ හිර වූ විට කොටි හමුදාවේ ප්‍රධාන පෙළේ සොල්දාදුවෝ වූහ.
මෙම වාර්තාවේ වඩා ප්‍රකට නොවන නෝර්වීජියානුවන්ද සාකච්ඡා වලට බඳුන් කර තිබේ. නෝර්වේ විදෙස්‌ අමාත්‍යාංශයේ ලීසා ගොල්ඩන් සහ වර්ල්ඩ් විව් ඉන්ටර්නැෂනල් ආයතනයේ ආර්න පියටොµa හඳුන්වාදීම අවශ්‍ය වෙයි.
සටන් විරාම කාලයේදී අප කීපදෙනෙකු අපේම මුදල් වැයකොට සම්මේලන කීපයක්‌ ශ්‍රී ලංකාව තුළ සංවිධාන කළ අතර නෝර්වේ රටේ අගනුවර වන ඔස්‌ලෝහිදී ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ ජගත් සංධාන ධජය යටතේ රැස්‌වීමක්‌ පැවැත්වීමු.
අප නෝර්වේ කරා ළඟාවෙත්ම අප අන්තවාදීන් යෑයි නෝවීජියානු ආධාර ලබන ජෙහාන් පෙරේරා කළ ප්‍රකාශයක්‌ නෝවීජියානු පුවත්පත් වල පළ වී තිබිණ. රෑන්ඩ් සංස්‌ථාවේ චෝක්‌, කැනඩා පුවත් පතක්‌ වන නැෂනල් පෝස්‌ට්‌ හි ස්‌ටුවර්ට්‌ බෙල්, ප්‍රභාකරන් විසින් එළවා දමන ලද පෝල් හැරිස්‌, ග්‍රන්ථ කර්තෘ අශෝක බණ්‌ඩාරගේ, එච්. එල්. ඩී. මහින්දපාල, රංජිත් සොයිසා, ඩග්ලස්‌ වික්‍රමරත්න සහ මම ඔස්‌ලෝ සමුළුව ඇමතුවෙමු.
එහෙත් අපේ මෙම විවේචනාත්මක සමුළුව ගැන හෝ සමුළුව පදනම් කොට අප පළ කළ ග්‍රන්ථයක්‌ ගැන හෝ කිසිදු සඳහනක්‌ වාර්තාවේ නැත.
අප සොල්aහයිම්ට ආරාධනා කළත් ඔහු පැමිණියේ නැත. ඒ වෙනුවට ගෝල්ඩන් පැමිණියාය. ඇය කළේ කෙටි ඇමතීමකි. හැම දෙනාම සාම ගිවිසුමට එකඟ වූ කී ඈ ජවිපෙ හා හෙළ උරුමයද එය අනුමත කරනවාය යන අමූලික බොරුව ද කීවාය. කථාව පවත්වා පිටවීමට සූදානම් වන විට අනෙක්‌ කථා අහන්න නවතින්නැයි අප කළ බල කිරීමට ඈ එකඟ වූ නමුත්, අපේ අදහස්‌ ඇගේ හිසට ගිය බවක්‌ නොපෙණුනි. බුද්ධාගම හා ශ්‍රී ලංකාව ගැන අධ්‍යයනයක යෙදී සිටි ප්‍රීඩන් ලුන්aඩ් රැස්‌වීමට පැමිණ සිටියාය. එකල ඕ ඔස්‌ලෝහි සාම පර්යේෂණ ආයතනයේ නියුක්‌තව සිටියාය. ඇය ලියා ඇත්තේ සාම ක්‍රියා මාර්ගයට අනුග්‍රහය දක්‌වතැයි කී භික්‌ෂුන් වහන්සේලා ගැනත් ශ්‍රී ලංකාවේ යුද්ධය හා බුද්ධාගම පරස්‌පර විරෝධයක්‌ යන්න ගැනත්ය.
දශක කීපයකට උඩදී නෝර්වේ මිත්‍ර රටක්‌ යයි අප හිතාගෙන සිටි කාලයේ දී මගේ බිරිඳ තුන්වන ලෝකයේ රටවල සේවයේ නියුක්‌ත නෝවීජියානු කාන්තාවන් පිළිබඳ මානව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් පර්යේෂණයක්‌ කළාය. එසේ කළේ ප්‍රීඩන් ලූන්ඩ් ගේ ඔය කියන ඔස්‌ලෝ සාම පර්යේෂණ ආයතනයේ සිටය. එම අධ්‍යයනයෙන් හෙළි වූ ප්‍රතිඵලය වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වැඩි කලක්‌ සම්බන්ධතා ගෙන ගිය අය වැඩියෙන්ම තුන්වන ලෝකයට නිග්‍රහ කරන අය බවට පත්වූ බවය. නොර්වේ විශ්ව විද්‍යාල සම`ග මගේ බිරිඳ ගෙන ගිය අධ්‍යාපනික සම්බන්ධතාව ගැන ඇසූ එදා සිටි ඇමති හමීඩ් ඇය ආර්න ෆියටෝµaගේ වර්ල්ඩ් වීව් ඉන්ටර්නැෂනල් සංවිධානයට සම්බන්ධ කර ගත්තේය. එතෙක්‌ කිසිදු ප්‍රසිද්ධියක්‌ ලබා නොසිටි ෆිsයටෝµa ලංකාව තුළ බුදුන් වහන්සේ සහ කාල් මාක්‌ස්‌ මෙන් ඔහුද ප්‍රකට යෑයි නෝර්වීජියානු ප්‍රවෘත්ති පත්‍රයක සඳහන් කළාට පසු මගේ බිරිඳ සංවිධානයෙන් ඉල්ලා අස්‌ වූවාය.
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-18

Related

ආචාර්ය සුසන්ත ගුණතිලක 969205558156992838

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item