නෝර්වීජියානු ආක්‍රමණ බිඳ වැටුණු හැටි

  -ආචාර්‍ය සුසන්ත ගුණතිලක ( මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය ...

 -ආචාර්‍ය සුසන්ත ගුණතිලක
(මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය )
මෙවැනි මහන්තත්තකමක්‌ නෝර්වේ කාරයින්ගේ සිය`ඵ මැදිහත්වීම් සම්බන්ධයෙන් දැකිය හැක. නෝර්වේ වාර්තාව සඳහා සාකච්ඡාවලට භාජන කර ඇත්තේ අපේ සෛවරීත්වය ප්‍රශ්න කරන අය ලෙස ප්‍රකට ජෙහාන් පෙරේරා, කුමාර් රූපසිංහ, නොර්බට්‌ රෝපර්ස්‌ යන පිරිසයි.

මෙම වාර්තාව සඳහා විශේෂඥයකු ලෙස සාකච්ඡා කර ඇත්තේ ජවහර්ලාල් විශ්වවිද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ගෙනෙන ලද සහදේවන් සමඟය. යුද්ධය කෙළවර වන්නට ඔන්න මෙන්න කියා තිබිය දී මොහු අන්තර් ජාතික ටෙලිවිෂන් ඔස්‌සේ ශ්‍රී ලංකාවට බැණ වැදුනෙකි. සහදේවන්ගේ මෙම ශ්‍රී ලංකා විරෝධී ආකල්පය එම විශ්ව විද්‍යාලයේම කලින් සිටි උර්මිලා පද්නිස්‌ගේ ආකල්පයට හාත්පසින් ප්‍රතිවිරුද්ධය. උර්මිලා පද්නිස්‌ ශ්‍රී ලංකාව ප්‍රිය කළාය.

වාර්තාවේ සඳහන් වන්නන් අතර ඉන්දියානු මැදිහත් වීමට සුබ පැතූ මාර්ග ආයතනය හා ෆෙඩරල් ක්‍රමය අගය කළ සුනිල් බැස්‌ටියන්, සෝම හිමි ගැන වැරැදි කියූ බර්ක්‌විට්‌ස්‌ මෑතක දී අයිසීඊඑස්‌ හි කළ දේශනයක දී ශ්‍රී ලංකාව නිදහස ලබා නොගත්තා නම් හොඳ යෑයි ඇඟ වූ ජොනනන් ස්‌පෙන්සර් හා කොටි පැරැදවීම සඳහා අප හමුදා තර කිරීමට විරැද්ධව ලියූ නිලුෆ
ර් ද මෙල් වෙතිs. සුනාමිය ගැන මාර්ක්‌ ඩෆිල්ඩ් ලියූ කෘතිය ගැන ද සඳහන් වෙයි. එහෙත් ඩෆිල්ඩ් ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌ ගැන ලියූ වාර්තාව මෙහි දක්‌නට නැත. එම වාර්තාවෙහි ඔහු සඳහන් කළේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එන්ජීඕ කුලී මුදලින් පුද්ගලිකකරණය කර ඇති බවය. බෙදුම්වාදයට පක්‌ෂව ලියූ උයන්ගොඩ වාර්තාවේ සඳහන් වෙයි. කුමාර් ජයවර්ධන විසින් අනුග්‍රාහකත්වය දෙන ලද ඹබප්නසබට එයෑ භ්එසදබ නැමැති පොත වාර්තාවේ සඳහන් වේ. අනුරාධපුරය අපට සොයා දෙන ලද්දේ විදේශිකයන් විසින් යෑයි කියන මේ පොත ඉන් නොනැවතී මහාවංසය ව්‍යාජ ඉතිහාසයක්‌ යෑයි ද කියයි. මෙම වාර්තාවේ පාකියසෝති සරවනමුත්තු උපුටා දක්‌වන නමුත් ස්‌වෛරීත්වය කුමකට දැයි ඔහු නැඟූ සඳහන් පාඨය මෙහි සඳහන් නොවේ.

බ්‍රැඩ්මන් වීරකෝන් ගැන සඳහන් කළද, කොටින්ට උපකරණ සැපයීම ගැන වෙස්‌ට්‌බර්ග්ගේ දුරකථන සාකච්ඡාව සඳහන් නොකරයි. ඉහත සඳහන් බොහෝ දෙනෙක්‌ අයිසීඑස්‌ සංවිධානයට සම්බන්ධය. මේ සංවිධානයේ අධ්‍යක්‌ෂවරිය සන්නද්ධ මැදිහත්වීම යෝග්‍ය යෑයි පැවසූ නිසා රටින් නෙරපන ලදී.

නෝර්වීජියන් ෙද්‍රdaහිකම් ගැන කිසිවක්‌ වාර්තාවේ සඳහන් නොවේ. ශ්‍රී ලංකාවට විවිධාකාර විසඳුම් දේශනා කරන නෝර්වීජියානුවන්ගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් එරට රාජ්‍ය නායකයා ලූතර් නිකායේ ක්‍රිස්‌තු භක්‌තිකයෙකු වීම අනිවාර්ය කරන අතර, රාජ්‍ය නිලදරයන් සියලුදෙනා නෝර්වීජියානු භාෂාව දත යුතු යෑයි අණ කරයි.

ඔස්‌ලෝහි අප පැවැත්වූ සම්මේලනය ඇමතූ රැන්ඩ් සංවිධානයේ චෝක්‌ නැෂනල් පෝස්‌ට්‌ හි ස්‌ටුවට්‌බෙල්, අශෝක බණ්‌ඩාර, මහින්දපාල, රංජිත් සොයිසා, ඩග්ලස්‌ වික්‍රමරත්න සහ මා ගැන වාර්තාව සඳහන් කරන්නේ නැත.

නෝර්වේ ගෙන යන ක්‍රියා දාමය ගැන විවේචනය කළ එස්‌. එල්. ගුණසේකර, ගෝමින් දයාසිරි හා එවැනි විවේචකයන් පිළිබඳ කිසිම සඳහනක්‌ වාර්තාවේ නැත. වාර්තාව ඉවත ලා ඇති තවත් වැදගත් කරුණක්‌ නම් කිංස්‌ලි ද සිල්වා විසින් මැනවින් පර්යේෂණ කොට ලියන ලද ග්‍රන්ථයයි. මේ ග්‍රන්ථයෙන් නෝර්වීජියානුවන් ගී්‍ර ලංකාවට මැදහත් වීමට පදනම් කොට ගත් සාම්ප්‍රදායික දෙමළ නිජ බිම් මිථ්‍යාව මුලිනුපුටා දමා ඇත. බටහිර අධ්‍යයන ග්‍රන්ථ ප්‍රකාශයන් විසින් එළි දක්‌වන ලද කොටි මිථ්‍යා සංකල්ප එළිපෙහෙළි කරමින් ඒවා අභියෝගයට ලක්‌ කළ අශෝක බණ්‌ඩාරගේ පොත හෝ මාගේ පොත් දෙක ගැන වාර්තාවේ සඳහන් නොවේ.

ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්ගේ සිට රජයේ නිලධාරීන් හා විද්වතුන් ඇතුඵ සියලු දෙනාගේ මොළ සේදිය යුත්තේ කෙසේදැයි දීර්ඝ ලෙස විස්‌තර කරන ඇන්ජීඕ ප්‍රකාශන ද නෝර්වේ වාර්තාවේ නැත.

ගැටලු නිරාකරණය සඳහා සමහර අවස්‌ථාවලදී සාමය මීලට ගැනීම සඳහා විශාල ධනස්‌කන්ධයක්‌ අපට වැය කිරීමට සිදුවූ බව වාර්තාව සඳහන් කරයි. කොටින්ම කියතොත් එදා යටත්විජිතවාදීන් අපේ අය ක්‍රිස්‌තියානියට හැරවීමට ඉඩ කඩම් අල්ලස්‌ ලෙස දුන්නා වැනිය. එම අල්ලස්‌ ප්‍රමාණය විශ්මජනකය.

මිලින්ද මොරගොඩ රුපියල් බිලියන 1.2 ක්‌ ලත් අතර කුමාර් රූපසිංහට යුද විරෝධී පෙරමුණ සඳහා මිලියන 203 ක්‌ ද ඔහුගේ සහජීවන පදනම සඳහා රුපියල් මිලියන 683 ක්‌ ද ලබා දී තිබිණි. කොටින්ම කියතොත් මු`ඵ මුදල වශයෙන් රුපියල් බිලියනයක්‌ රූපසිංහ ලබා ගත්තේය. මේසා විශාල මුදලක්‌ ලබාගෙන ඔවුන්ට අකෘතඥ වෙමින් රෑපසිංහ අද ඔවුන් විවේචනය කරයි. රෑපසිංහගේ යුද විරෝධී පෙරමුණ හමුදා ක්‍රියාන්විතයට විරුද්ධ වෙද්දී කෝපයට පත් මිනිස්‌සු ඔවුන්ගේ රැස්‌වීමට පහර දුන්හ. රූපසිංහගේ සහජීවන පදනම ද අර්ථ ශුන්‍ය එකකි. මන්ද සහජීවනය වැළැක්‌වූ කොටි නැති කිරීමෙන් පසු මිනිස්‌සු සහජීවනයෙන් ජීවත් වෙති. සුදු කොඩි ආරවුලට සම්බන්ධ ෆෙඩ්රිකා ජෑන්ස්‌, නෝර්වේ හා සෝල්හයිම්ට ප්‍රසංශා කරන අතර සාම ගිවිසුමට දොස්‌ නැඟූ දිවයින හා ලංකාදීප පුවත්පත් විවේචනය කරයි. ඈ එකල ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌ සංවිධානයේ ලංකා නියෝජතයා වී සිටියාය.

නොර්වේ රටේ ඵල ප්‍රයෝජන ලබා ගත් තවත් කෙනකු වන ජාතික සාම කවුන්සලේ ජෙහාන් පෙරේරා "පීටොම්ස්‌" ආවැඩූ තැනැත්තෙකි. එය ඊනියා සාම ගිවිසුමටත් වඩා කොටින්ට බලය ලබා දෙන යෝජනාවකි. පෙරේරා අද කියන්නේ යුද්ධය කෙළවර කිරීමට සාම ගිවිසුම සහාය වූ බවය. ජෙහාන් පෙරේරා මෙතනදී කොටින් විසින් පිහිටුවන ලද පොලිස්‌ බළඇණි හා අනියම් උසාවි වැනි දේවල් අමතක කරයි. යුද හමුදාවට මේ සියල්ල ඉවත් කරන්නට සිදු වූයේ ලොකු වියදමක්‌ දරාගෙනය. ජෙහාන් පෙරේරාගේ මෙකී ජාතික සාම කවුන්සලය කොටි සමඟ එක්‌ව, කොටි ගීය ගයමින් ජීනීවා හි පෙළපාලි ගියේය. තවද මෙරටට ආ ඉන්දියානු හමුදාවට ආ වැඩූවෙකි.

කොළඹ පිහිටි ඇන්ජීඕ කණ්‌ඩායම් අතළොස්‌ස සමඟ තැබූ සම්බන්ධතාව නිසා පොදු ජනතාවට සාම ගිවිසුම පිළිකුල් වූ බව වාර්තාවේ සඳහන් වේ. නෝර්වීජියානුවන් විසින්ම කරන ලද නෝර්වීජියානුවන් විසින් ප්‍රකාශයට පත් කළ ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌ සම්බන්ධ වාර්තාවේ සඳහන් පරිදි ලංකාවේ ඇන්ජීඕ සංවිධානයන් බලවත් අප්‍රසාදයට ලක්‌ වී ඇති බවට කළ අනතුරු ඇඟවීම ඔවුන්ම සැලකිල්ලට ගත්තේ නැත. පාඩම් ඉගෙන ගත්තේ ද නැත. අප ඉගෙන ගත් පාඩමක්‌ ද නැත. එදා යටත් විජිත යුගයේ ක්‍රිස්‌තියානි මිෂනාරීන් කළ පරිදි මෙකී ඇන්ජීඕ කාරයන්ට විදේශිකයන්ගේ ඕනෑ එපාකම් වලට ඉඩ දී අපි සල්ලි දෙන්නන්ට ආවඩමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිරිමසිමින් වැජඹෙන්නට ඉඩදී බලා සිටිමු.

ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌ වාර්තාවේ එක කර්තෘවරයකු වූ ඩෆිල් ගිය සතියේ ඊ මේල් මගින් මට දන්වා සිටියේ ලංකාවේ ඇන්ජීඕ කල්ලිය විදේශ ඔත්තුකරුවන් ලෙස හැ`දින්විය යුතු බවය.

ආචාර්‍ය සුසන්ත ගුණතිලක
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-24

Related

ආචාර්ය සුසන්ත ගුණතිලක 4465185265229450633

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item