සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිටුපස "බර්ගොෆ්" පදනම?

- චතුර පමුණුව එජාප නායකයා තේරීම මහා ගාලගෝට්‌ටියක්‌ මැද නිමාවට පත්විය. පිටකෝට්‌ටේ පිහිටි සිරිකොත මන්දිරයේ යකඩ වැටද උදුරා දම...

-චතුර පමුණුව
එජාප නායකයා තේරීම මහා ගාලගෝට්‌ටියක්‌ මැද නිමාවට පත්විය. පිටකෝට්‌ටේ පිහිටි සිරිකොත මන්දිරයේ යකඩ වැටද උදුරා දමන්න තරමට ඒ ගාලගෝට්‌ටිය ප්‍රචණ්‌ඩ විය. මෑතකදී ඉදිකරන ලද සිරිකොත බුද්ධ මන්දිරයටද ගල් ප්‍රහාර එල්ල විය. ප්‍රචණ්‌ඩකාරීහු එක්‌සත් ජාතික පක්‍ෂය කිසිදා වෙනස්‌ නොවූ "අලියා" ලකුණද ගලවා ගෙන යන අයුරු අපි රූපවාහිනියෙන් දුටිමු. එක්‌සත් ජාතික පක්‍ෂය අද ඇද වැටී තිබෙන අවුල ඉකුත් සඳුදා සිරිකොත මන්දිරය ඉදිරිපිට සිදුවූ කල කෝලාහල වලින්ම පැහැදිලිය. කෙසේ නමුත් වියයුතු පරිදිම එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම ගැන නම් අපි සතුටු වෙමු. මන්ද වර්තමාන එජාපයට රනිල් හැර අන් නායකයකු නැත. එය සියලුම එජාප පාක්‍ෂිකයින් පිළිගත යුතු කටුක සත්‍යයයි.

2010 වසරේදී පැවැති මහ මැතිවරණය අවසානයේ සන්ධාන රජයට ආසන 144 ක්‌ හිමිවිය. එජාපය සෝදාපාලුවට ලක්‌විය. මෙදා රනිල් වික්‍රමසිංහ මහතා සමග නායකත්වයට තරග කළ කරු ජයසූරිය මහතාට ගම්පහ එජාප පාක්‍ෂිකයන් ලබා දුන්නේ "ප්‍රකට ටෙලි නාට්‍ය නිළි "පබා"ටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයකි. ඒ අනුවම කරුගේ ප්‍රතිරූපය 2010 වන විටම දියවී ගොස්‌ තිබිණි. 2010 මැයි 02 වැනිදා "දිවයින" පුවත්පතට "එජාපයට රනිල් හැර වෙන නායකයකු සිටීද?" යනුවෙන් අප සටහන් කර සිටියේ එබැවිනි,

1946 සැප්තැම්බර් 06 වැනිදා ආරම්භ කළ එක්‌සත් ජාතික පක්‍ෂය වසර 47 ක්‌ පැරණි පක්‍ෂයකි. මේ පක්‍ෂයට නැවත රාජ්‍ය බලය ලබා ගැනීම නුදුරේදීම කළ නොහැකි නිසා මේ අර්බුද හටගෙන ඇත. 2007 දී 17 දෙනෙකු සමග මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට එක්‌වූ කරු ජයසූරිය නැවත එජාපයට පැමිණියේ තනිවමය. නැවත තනිවම එජාපයට පැමිණියද එජාප පාක්‍ෂිකයන් අතර ඔහුට විශාල ප්‍රසාදයක්‌ නොතිබුණු බව පැහැදිලි වන්නේ අහසින් පාත්වුණු තරුණ නිළියක්‌ මේ පරිණත දේශපාලනඥයාට වඩා මනාප ගැනීම තුළිනි. 1994 දී විපක්‍ෂ නායකධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ දුසිම් ගණනක්‌ පරාජය වූ නායකයෙක්‌ වුවත් කිසිදිනක සිය පක්‍ෂයට ෙද්‍රdaහිකමක්‌ කළ අයකු නොවේ.

සජිත් ප්‍රෙAමදාස මහතා කරු ජයසූරිය මහතා යොදාගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට කුමන්ත්‍රණ කළද එදා 1991 දී සජිත්ගේ පියාට එනම් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය පැමිණි අවස්‌ථාවේදී මේ විපක්‍ෂනායකවරයා සිය නායකයාට පිටුපසින් සිට සහයෝගය ලබාදුන්නේය. ලලිත්, ගාමිණී, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර වැනි එජාප ප්‍රබලයෝ නිර්ප්‍රභූව ප්‍රේමදාසට එරෙහිව කැරලි ගසන විට රනිල් සහාය දුන්නේ සිය නායකයාටය. එජාපය අප විඳින මැතිවරණ පරාජයන් පිළිබඳ සම්පූර්ණ වගකීම රනිල් වික්‍රමසිංහ පැවරීම වරදකි. 1977- සිට 1994 දක්‌වා ශ්‍රීලනිප මුහුණදුන් අර්බුද හා සමාන අර්බුද අද එජාපය මුහුණදී සිටී.

සමහර මාධ්‍යවලින් නායකත්ව ඡන්දයට පෙර කරු ජයසූරිය මහතා මහත් වර්ණනාවකට ලක්‌ කළද එජාප කත්‍යාධිකාරී මණ්‌ඩල සභිකයන් ගෙන් ඔහුට ලැබුණේ ඡන්ද 26 ක්‌ පමණි. නායකත්ව ඡන්දයෙන් කරු පරාජය වීම ආරංචි වූ විගසම ප්‍රතිසංවිධාන සාමාජිකයෝ කුලප්පු වූහ. සිරිකොතට ගල් ගසා යකඩ වැට පෙරළා බුදුගෙටත් ගල් ගසා ජාතික කොඩිය පහළට දමා සුදු කොඩි එසවීමට තරම් ඔව්හු සහාසික වූහ. මේ ප්‍රහාර අපට නම් පෙනෙන්නේ තාත්තා සමග තරහවී ගෙදරට ගල් ගසන චන්ඩාල පුත්‍රයකුගේ ක්‍රියාවක්‌ හා සමාන ලෙසය. රාජකීය ආණ්‌ඩුවට නම් මේ ප්‍රහාර සිනහ සෙමින් නැරඹිය හැකිය. එහෙත් සැබෑ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් නම් මේ ප්‍රහාර ගැන සැබවින්ම කණගාටු විය යුතුය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මේ ප්‍රහාර පිටුපස ජර්මන් රාජ්‍ය නොවන සංවිධානයක්‌ සිටින බවයි. ඇත්තෙන්ම බර්ගොෆ් පදනම කලෙක පටන් මෙරට මහත් විවාදයකට ලක්‌ව තිබූ රාජ්‍ය නොවන සංවිධානයකි. ඒ සංවිධානය 2001 සිට උත්සාහ කළේ ප්‍රභාකරන්ට වාසිවන ලෙස දේශපාලන විසඳුම් සකස්‌ කර ගන්නටය. රට ෆෙඩරල් කිරීමටය. සිංහල ජාතික වැසියන්ගේ නිරන්තර විවේචනයට ලක්‌වූ බර්ගොෆ් පදනම කලකදී එජාපයට හිතවත් විය. නමුත් අද එජාපයේ අවුල් ඇති කිරීමට මේ ජර්මානු සංවිධානය මුල්වී සිටින බව එජාප නායකයා කියයි. ඇත්තෙන්ම රට ෆෙඩරල් කිරීමට උත්සාහ කළ බර්ගොෆ් සංවිධානය අද රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ම බැනුම් ඇසීම අභාග්‍ය සම්පන්න සිද්ධියකි. එජාප නායකයා වෙනස්‌ කිරීමට මේ ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයට ඇති උවමනාව කවරක්‌ද? මේ ගැන වහා සොයා බැලිය යුතුය.

රටකට ශක්‌තිමත් විපක්‍ෂයක්‌ අවශ්‍යය. ශක්‌තිමත් විපක්‍ෂයක්‌ තිබීම ආණ්‌ඩුවටද හොඳය. එහෙත් මේ අභ්‍යන්තර කැරලි කෝලාහල නිසාම "සිරිකොතද" අද විනාශ වී තිබේ. එජාප නායකයා ප්‍රකාශ කරන්නේ එදා කලහකල පුද්ගලයින් සිරිකොතට ගිනි තැබීමට පවා සූදානමින් සිටි බවයි. එය අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මේ නිසා සිදුවන්නේ එජාප පාක්‍ෂිකයා තවත් දුර්මුඛවීම පමණි. ශ්‍රී ලංකාවේ වැඩිම පාක්‍ෂික පිරිසක්‌ ඇති පක්‍ෂය එජාපයයි. එහෙත් ඡන්දයක්‌ පැවැත්වෙද්දී එජාප පාක්‍ෂිකයෝ ලක්‍ෂ ගණනක්‌ ඡන්දපොලට නොයන්නේ මේ සියලු අර්බුද නිසා ඔවුන් දුර්මුඛව උකටලීව සිටින නිසාය.

එක්‌සත් ජාතික පක්‍ෂයට මුක්‌කුවක්‌ යනුවෙන් පූජ්‍ය ගලබොඩ C¹ණිස්‌සර හිමියන් 2010 ඔක්‌තෝබර් 24 වැනිදා "දිවයින" පුවත්පතට ලිපියක්‌ ලියා තිබිණි. ලිපියේ අවසාන ඡේදය මෙසේ විය.

"එක්‌සත් ජාතික පක්‍ෂය( රබර් ඇට එකතුකර රට වටේ රබර් සිටුවුවහොත් එය මසකින් දෙකකින් නිම කළ හැකිය. එයම ඔවුන්ට ජයක්‌ ලැබීමට හේතු වාසනා වනු ඇත. බාල්දියකට වතුර පුරවා ගසකට පෙරලීම කළ යුතුය. හිස්‌ බාල්දි පෙරලීමෙන් වැඩක්‌ නොවනු ඇත."

ඇත්තෙන්ම ඉකුත් සඳහා සිරිකොත නායකත්ව ඡන්දයෙන් පසු සිරිකොත මන්දිරයට එල්ලවූ ප්‍රහාරයන් හිස්‌බාල්දි පෙරලීමක්‌ බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

චතුර පමුණුව
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-24

Related

චතුර පමුණුව 5664989710558456108

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item