ගමනක ජය වෙත පාර කියන අමරසේකර
මහින්ද රාජපක්‍ෂ පළමු වරට ජනාධිපති වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විචාරයකදී පරාක්‍රම කොඩිතුවක්‌කු විසින් රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අග්‍රාමා...
http://weadikawa.blogspot.com/2011/12/blog-post_1498.html
මහින්ද රාජපක්‍ෂ පළමු වරට ජනාධිපති වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විචාරයකදී පරාක්‍රම කොඩිතුවක්‌කු විසින් රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අග්‍රාමාත්‍යවරයා විය යුතු යෑයි නම් කරන ලද්දේ ගුණදාස අමරසේකරයන්ය. රාජපක්‍ෂ ආණ්‌ඩුව බලයට පත්වන්නේ, අමරසේකරයන් විසින් මතුකළ සමාජ, දේශපාලන, සාහිත්‍ය ධාරාවේ ප්‍රතිඵලයක් ලෙස බැවින්, එම ආණ්‌ඩුවේ අගමැති විය යුත්තේ අමරසේකරයන් බව කොඩිතුවක්‌කු විසින් ගම්‍ය කර තිබුණි. සාහිත්‍යවේදියකු, සමාජ දේශපාලන විචාරකයකු, ක්‍රියාධරයකු ලෙස මෙවැනි තත්ත්වයකට මතුවන්නට අමරසේකරයන්ට හැකියාව ලැබීම, ඔහු විසින් හෙළිකරන ලද මඟේ හා ඔහුගේ භාවිතයේ උත්තුංග භාවය කියාපායි. සාහිත්‍ය රසවින්දනයට පමණක් සීමා කරමින් අනුකාරකත්වයේ ගිලී සිටින පිරිසට පාඩමක් බඳු අමරසේකරයන්ගේ මෙම භාවිතාව තවමත් නොසිඳී තිබීම සිංහල ජාතියේ වාසනාවක් බව මම සිතමි.
ගුණදාස අමරසේකරයන් විසින් පසුගිය වසර විසිපහක පමණ කාලයේ යෙදුණු නිර්මාණ කාර්යය කේවල සාහිත්‍යකරණයක් නොවීය. එය තුළ දේශපාලනය, දර්ශනය, ඉතිහාසය, විචාරය ආදී බොහෝ දේ අඩංගු විය. අමරසේකරයන් විසින් මෙරට මැද පන්තියෙහි ගමන කියනු සඳහා ප්‍රබන්ධිත ගමනක මුල කතාවෙන් ඇරඹ, ගමනක අග දක්‌වා විහිදා ඇති වෙළුම් නවයකින් යුත් දීර්ඝ නවකතාව මෙහිලා ඇති ප්‍රමුඛම උදාහරණය. මහානාම හිමියන් විසින් මහාවංශය රචනා කරන ලද ආකෘතිය ද එක් අතකින් මෙයම විය. එය එක් විටක ජාතියේ වංශ කතාව වන විට, ඒ තුළ ආගම, දේශපාලනය, සාහිත්‍ය ආදිය ද විය. එමතුද නොව රටේ ජාතියේ ආගමේ චිරස්‌තිථිය උදෙසා පැවැති ආක්‍රමණික තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා වන උපදේශකත්ව ලියවිල්ලක් ද විය. අමරසේකරයන් විසින් සිය දීර්ඝ නවකතාවෙන් සිදුකරන්නේ ද මෙම කාර්යයය. පියදාසගේ කතාව වටා යමින් අමරසේකරයන් විසින් එක් වරක නූතන මධ්‍යම පන්තියේ පරිණාමය කියන අතරේම සමකාලීන දේශපාලනය, ජාතික ව්‍යාපාරයේ ගමන් මඟ, විද්‍යාවේ හා දර්ශනයේ වෙනස්‌වීම් ආදිය ද සාකච්ඡාවට ලක් කරයි. මහානාම හිමියන්ගේ මහාවංශයත් අමරසේකරයන්ගේ දීර්ඝ නවකතාවත් වෙනස් ආකාරයක රචනා දෙකක් වුවද එහි ලා ඇති මෙම සම්මිශ්‍රණයන් හේතුවෙන් සමානතාවයක් ද දැකිය හැකි වේ. වංශ කතාවක් වූ මහා වංශයත්, පුද්ගලානුබද්ධභාවය සහිත ජීවන අත්දැකීමක් ඇසුරෙන් සැකසුණු අමරසේකරයන්ගේ නව කතාවත් මාවත් දෙකක වුවද එක සම්ප්‍රදායක ගමන් කරන බව මින් පැහැදිලිය. ඒ අනුව බලන විට අමරසේකරයන්ගේ නව කතාව නූතන මැද පංතියේ වංශ කතාව ප්‍රබන්ධ කිරීමක් හෙවත් නුතන මැද පංතියේ මහාවංශය ලෙස හැඳින්විය හැකිය.
වසර ගණනාවක් පුරා තමන් විසින් ප්‍රබන්ධ කරන ලද එම නවකතාව අවබෝධ කර ගැනීම සඳහා අත්වැල් ග්‍රන්ථයක් ලෙස අමරසේකරයන් විසින් පළකරන ලද අමතක වූ උරුමය( කවන්ධයට හිසක් යන නිබන්ධනය කියවීමේදී මෙම අදහස් මට මතුවිය.
තමන් ලියූ නවකතාව සමාජය විසින් ප්‍රමාණවත් ආකාරයට විචාරය නොකරන ලද්දේ යෑයි ඇති වූ පශ්චත්තාපය අමරසේකරයන්ට මෙම කෘතිය ලිවීම සඳහා පාදක වී ඇති බව පෙනේ. විචාරකයන් විසින් ඒ කාර්යය නොකරන විට ඒ සඳහා අත්වැලක් සැපයීමට මෙම නිබන්ධනය කරවූ බව එහි පෙර වදනේම තිබේ. මාගේ අදහසේ හැටියට අමරසේකරයන්ගේ එම නිගමනය සදොස්‌ය. සිංහල විචාර කලාව දුප්පත් වීමේ ෙ€දජනක තත්ත්වයක් ඇති වී තිබුණද විචාරීය මනස සහිත සිංහල පාඨකයන් පිරිසක් සිsටිතැයි යන්න මගේ පිළිගැනීමය. සිය නවකතාව ලිවීමෙන් අමරසේකරයන් බලාපොරොත්තු වූ අනුකාරකත්වයෙන් පිරිහී ගිය ජාතිය තමන්ගේම චින්තනයක් තුළ සිතීමට පෙළඹවීම රට තුළ පෙරට වඩා තිබීමෙන් ඒ බව පෙනී යයි. ලේබල් ගසාගත් විචාරකයන් ලෙස නොවුනද, මුද්‍රණාකාරයෙන් විචාර ප්‍රසිද්ධ නොකළ ද විචාරීය බුද්ධිය සහිත එම පිරිස විසින් අමරසේකරයන්ගේ නවකතාව තේරුම් ගන්න ඇතැයි සිතිය හැක්‌කේ මේ නිසාය. ඒ සඳහා අමරසේකරයන් විසින් ද දායක වුණු ජාතික ව්‍යාපාරයේ දේශපාලනය ද බොහෝ සෙයින් බලපාන්නට ඇත. තමන්ගේ නවකතාව නිසි ආකාර විචාරයකට ලක් නොවුණා යෑයි පශ්චත්තාප වීම නොව තමන් සාහිත්‍යකරණයෙන් දේශපාලනයෙන් කළ සටන ජයග්‍රාහී මට්‌ටමකට පැමිණ ඇතැයි සතුටු විය හැකි තැනකට අමරසේකරයන්ට පත්විය හැකි යෑයි මම සිතමි. 2005 ජනාධිපතිවරණයෙන් පසුව, එම ජයග්‍රහණයට පදනම දැමූ තැනැත්තා ලෙස හඳුනාගනිමින් පරාක්‍රම කොඩිතුවක්‌කු විසින් රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අගමැති තනතුරට අමරසේකරයන් නම් කරන්නේ ඒ නිසාය.
අමතක වූ උරුමය( කවන්ධයට හිසක් නිබන්ධනයේ ඇති වැදගත්කම අමරසේකරයන්ගේ නවකතාව අවබෝධ කරගැනීමේ අත්වැලක් යන්න, පටු අර්ථකථනයක් ලෙස මම දකිමි. ගමනක මුල නවකතාවෙන් ඇරඹි නවකතා පෙළ සමඟ එම නිබන්ධනය බොහෝ විට සම්බන්ධිතය.
"මට හිතාගන්න බැරි මේ සෙල්ලම ගෙනියන්න, මේ අධර්මය පතුරුවන්න ජේ. ආර්. අර "ධර්මිෂ්ඨ සමාජය" කියන පාඨය හදාගත්තේ කොහොමද කියලා. ඒක කවුරු හරි බොහොම ගැඹුරට හිතා බලල අපේ සංස්‌කෘතිය පිළිබඳ ගැඹුරින් හිතා බලල හදලා දීපු එකක්. මට නම් හිතාගන්න බැහැ කවුද ඒක හදලා දෙන්න ඇත්තේ කියලා" තිලකසේන කීවේය.
"ඕක හදලා දෙන්න පුළුවන් බුද්ධිමතෙක් මේ රටේ නැහැ. ඕක හදලා දෙන්න ඇත්තේ ඇමරිකාවේ ඉන්න සී. අයි. ඒ. සංවිධානයේ එකෙන් වෙන්න ඕනේ. උන්ට මේ රට ගැන, අපේ සංස්‌කෘතිය ගැන අපිට නැති, හොඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා...." (ගමනක මැද -පිටුව 200)
පියදාස විසින් කියන කතාව, අමතක වූ උරුමය( කවන්ධයට හිසක් නිබන්ධනයේ එන "ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට ආවේ ඉහතින් සඳහන් කළ සියලු දුර්වලතා ඉතා දක්‍ෂ ලෙස උපයෝගී කර ගනිමිනුයි. ඔහුගේ සටන් පාඨය වූයේ "ධර්මිෂ්ඨ සමාජයක්" බිහිකිරීම යන්නයි. පෙර පැවැති රජය කළ සියලු දේ අධර්මය වශයෙන් හැඳින්වීමට ඔහු සමත් විය. ඔහු ජනතාවට පොරොන්දු වූයේ විවෘත ආර්ථිකයේ හෝ ධනවාදී මඟක් නොවන බුදුදහම විසින් අනුදක්‌නා ලබන මානව හිතවාදී ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන බවයි. ඔහුට මේ "ධර්මිෂ්ඨ සමාජ" පාඨය සාදා දෙන්නට ඇත්තේ සී. අයි. ඒ සංවිධානය බව මම ඒ දවස්‌වල ප්‍රකාශ කළෙමි.
(අමතක වූ උරුමය( කවන්ධයට හිසක්, පිටුව - 19) සමඟ මනාව ගැලපේ. මෙසේ සෘජු ලෙසද, නවකතාවේ එන පසුබිම විචාරයට ලක්‌කිරීමට ශාස්‌ත්‍රීය පසුබිම සැකසීම සඳහා ද නව නිබන්ධනය පිටුබලයක් සපයා තිබේ. නමුත් මෙම නිබන්ධනය එහිලා උසුලන්නේ සුළු වැදගත් භාවයක් බව මගේ හැඟීමය.
මෙයට හේතුව මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සිය දෙවැනි වාරයේදී ගමන් කරන දිශානතිය හා ජාතියේ ඉදිරි මඟ පිළිබඳව සාකච්ඡාවක් සඳහා වැදගත් පසුබිමක් එමගින් එළිදක්‌වා තිබෙන නිසාය.
මහින්ද රාජපක්‍ෂ 2005 දී බලයට පත්වන්නේ මෙරට ජාතික ව්‍යාපාරයේ තීරණාත්මක සහයෝගය ඔහුට හිමිවීමත් සමඟය. ඒ තුළ ජාතික ව්‍යාපාරය ඔහුගෙන් පළමු කොට බලාපොරොත්තු වූයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය විනාශ කර දැමීමය. එම තීරණාත්මක කටයුත්ත නිමා කරලීමට රාජපක්‍ෂ ආණ්‌ඩුවට හැකියාව ලැබුණි. ඉන්පසුව 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ යළිත් ජනාධිපති බවට පත්කරන්නට ජාතික ව්‍යාපාරය තීරණාත්මක මෙහෙවරක් ඉටු කළේය. එහිදී ජාතික ව්‍යාපාරය බලාපොරොත්තු වූ දෙය අමරසේකරයන් විස්‌තර කරන්නේ මෙසේය. "ඊළමය විනාශ කර රට එක්‌සේසත් කිරීමෙන් පසු ජනතාව මෙවර මහින්ද රාජපක්‍ෂ අසීමිත බලයකින් යළි පත්කර ඇත්තේ කළගුණ සැලකීමක් වශයෙන්ම නොවේá ඒ ලබා දෙන අසීමිත බලය මගින් අපගේ සිංහල බෞද්ධ ජාතික උරුමය ඉදිරියට ගෙන යනු ඇතිය යන විශ්වාසය උඩයි. (අමතක වූ උරුමය( කවන්ධයට හිසක්, පිටුව - 19)
අද ජාතික ව්‍යාපාරයට ප්‍රශ්නය වී ඇත්තේ රාජපක්‍ෂ ආණ්‌ඩුව එම කාර්යය තුළ කෙතෙක් දුරට නිමග්නව සිටිනවාද යන්නය. ඒ සඳහා ගත හැකි මිනුම් උපකරණ කිහිපයක් අමරසේකරයන් විසින් සිය නිබන්ධනයේදී ගෙනහැර පා තිබේ. පළාත් සභා, ප්‍රාදේශීය සභා වෙනුවට පැරණි ගම් සභා ක්‍රමය ඇති කිරීම, ට්‍රෙවෝලිගේ බෞද්ධ රාජ්‍ය ආකෘතිය, ජීවන ගුණාත්මක භාවය නම් දර්ශකය, බෞද්ධ සමාජවාදය බිහිකර ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමෙන් පසු රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් රටට ලබාදී තිබෙන මාවත මේ මානයන් අනුව බැලුවහොත් පෙනී යන්නේ කවර ආකාරයටද?
ජාතික ව්‍යාපාරය විසින් බලාපොරොත්තු වන්නා වූ මානයට ඉඳුරාම පටහැනි තැනකට රට ගෙන යමින් තිබෙන බව නොවේද? ආර්ථික ඝාතකයන් විසින් ඇටවිය යුතු උගුල් තමන් විසින් රටට අටවන තැනක ආණ්‌ඩුව සිටින බව නොවේද? මේ වන විටත් රට කර ගසා තිබෙන ණය බර ඇත්තේ රටට යහපත් තැනක නොවේ. එම ණය බරින් රට නිදහස් කරගෙන ජාතික ආර්ථිකයක් රටේ බිහිකරනවා වෙනුවට ආණ්‌ඩුව විසින් අද රට ඇදගෙන යමින් තිබෙන්නේ තව තවත් ණය උගුලට සිරවන අධිවේගී මාර්ග වැනි අනිසි ව්‍යාපෘති දෙසටය. මෙයද අමරසේකරයන් විසින් සිය නවකතාවේදී විග්‍රහ කර තිබුණි. "මාත් හිතන්නේ ඒක හරි. මේ හැම්බේකන් කන්න බලාගෙන ඉන්න මධ්‍යම පාන්තික ඈයෝ තමයි යූ.ඇන්.පියට දුන්නේ... උන්ට ඕනේ එච්චරයි.... ඇන්. ඇම්. මෙතෙක් කාපූ ණය ඔක්‌කොම ගෙවලා ඉවර කරයි කියල මුන්ට විත්තියක් තියෙනවද? බස්‌නායක කීවේය. (ගමනක මැද, පිටුව - 199)
එදා ඇන්. ඇම්. විසින් රටේ ණය බර පහළට ගෙන ගිය බව අමතක කර 77 දී ජේ. ආර්. බලයට ගෙනා ජනතාවට, ජේ. ආර්. විසින් ඉටුකරන ලද්දේ ණය බර රටට ඔසවන්නට බැරි තැනකට ගෙනත් දමා, කිසිවෙකුටවත් සෙලවිය නොහැකි ලෙස රටේ ආර්ථිකය පරාධීන කරනා ණය උගුලකට රට හිර කර දැමීමය. අද රාජපක්‍ෂ ආණ්‌ඩුව ගෙන යමින් තිබෙන්නේ ද ඒ දේශපාලන මඟමය. 70-77 ආණ්‌ඩුව ගත් මඟ යා යුතු රාජපක්‍ෂ ආණ්‌ඩුව අද ගෙන ඇත්තේ 70-77 ආණ්‌ඩුව පරදවා ජේ. ආර්. විසින් පෙරළියට ගෙනා ආර්ථික ආකෘතියමය.
මේ නිසා අද ජාතික ව්‍යාපාරයට ඇත්තේ පෙරටත් වඩා වැඩි වගකීමකි. 56 ජයග්‍රහණය බිඳවැටීම කෙරෙහි අමරසේකරයන් සිය නිබන්ධනයෙන් දක්‌වන හේතු 2005 ජයග්‍රහණය බිඳවැටීම කෙරෙහිත් ඇති වූ බව ඔහුට ඊළඟ නිබන්ධනයෙන් කිව යුතු තැනට රාජපක්‍ෂ ආණ්‌ඩුව වැඩ කරමින් තිබෙන බව පැහැදිලිය. 56 බිඳවැටීම කෙරෙහි අමරසේකරයන් දක්‌වා තිබෙන සිව්වැදෑරුම් කාරණා පිඬු කොට ගතහොත්, රටේ නායකත්වයට ජාතික මඟ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබීමත්, ඒ මඟ පිළිබඳව රටේ උගත් පරපුර තේරුම් නොගෙන සිටීමත් ලෙස ගත හැකිය.
2005 ජයග්‍රහණය සඳහා ද මේ කාරණා බලපෑ හැකි බැවින් එය ආරක්‍ෂා කර ගැනීමට පිළියම් යෙදීමේ වගකීම ඇත්තේ අමරසේකරයන් ඇතුළු ජාතික ව්‍යාපාරය අතය. ජාතික ව්‍යාපාරය, රාජපක්‍ෂ ආණ්‌ඩුවට පිටුපසින් සිsටිනු වෙනුවට ඉදිරියෙන් සිට මෙම පිළියම් යෙදුවහොත් අමරසේකරයන්ගේ නවකතා පෙළට "ගමනක ජය" ඇතුළත් කර ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ජාතික ව්‍යාපාරය සවිමත්ව නැගී සිටිය යුතුව ඇත. රටේ විපක්‍ෂය ඇදවැටීමේ කතාව සාරාංශයක් ලෙස ගතහොත් ජාතික ව්‍යාපාරයට කන් නොදීම බව පැහැදිලිය. එජාපයත්, ජවිපෙත් එහි නීරසය අත්දකිමින් තිබේ. මෙම තත්ත්වය රාජපක්‍ෂ ආණ්‌ඩුවට පෙන්වා දී ජාතියේ අනාගතය උදෙසා කටයුතු කිරීම අද දවසේ ජාතික ව්‍යාපාරයේ කාර්යභාරය වෙයි.
"මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි තරුණ පරපුරයි" යන ලිපියේදී අමරසේකරයන් විසින් මීට ඉහත කාලයේදී රටේ අනාගතය බාරකරන ලද්දේ වාමාංශික අදහස් සහිතව ගමෙන් විශ්වවිද්‍යාල වෙත පැමිණි උගත් තරුණ පිරිස් වෙතය. එම පිරිස බටහිර අනුකාරකවාදීන් වනු දුටු අමරසේකරයන් 1986 දී ඔහු විසින් ලියූ "ගණදුර මැදියම දකිනෙමි අරුණලු" කෘතියේදී එම අභිලාෂ අලුත් වටයකින් අභිෂේක කළේය. එම පිරිස ජවිපෙ වෙත බහුතර ලෙස ඇදී ගිය තරුණ පරපුර විය. කවන්ධයට හිස තැබීම සඳහා අමරසේකරයන් සැපයූ සියලු ආකෘතින් බිඳවැටුණේ, ඒවා අනුකාරකත්වයේ දරුවන් වූ බැවිනි. ජ.වි.පෙ. ඇදවැටී ඇති තැන දෙස බලන විට එය අනුකාරකත්වය උදෙසා තරග වදින සේයාවක් පෙනී යයි.
අමරසේකරයන්ම දක්‌වන පරිදි මෙසේ විටින් විට පිරිසකට රටේ අනාගතය බාරදීමට හේතුව වී ඇත්තේ අනාථභාවයය. "අවසාන වශයෙන් මෙවැනි ව්‍යායාමයක් සඳහා මා පොළඹවන්නේ මා තුළ ඇති අනාථභාවය යෑයි මම සිතමි. ඒ අනාථභාවය මට පමණක් නොව මගේ පරපුරට ද හිමි වී ඇති අනාථභාවයයි. (ගණඳුර මැදියම දකිනෙමි අරුණලු - පිටුව 135) කවන්ධය සඳහා විටින් විට හිස් තැබීමට හේතු වූ අනාථභාවය දැන් ජාතික ව්‍යාපාරය සතුව නැත. මතවාදමය ශක්‌තිය අතින් අද ඉහළින්ම සිටින්නේ ජාතික ව්‍යාපාරයය. දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට පත්වී ඇත්තේ ද ජාතික ව්‍යාපාරයය. මේ නිසා අනාථ භාවයෙන් යුක්‌තව කවන්ධයට හිස තැබිය යුතු තැනක අද අමරසේකරයන් නැත. නමුත් ජාතික ව්‍යාපාරය පෙරටත් වඩා වැඩි ජවයකින් ඉදිරියට ගෙන ආ යුතු කාලයක් අද එළඹ තිබේ. අමතක වූ උරුමය නම් හිස, කවන්ධයට අමරසේකරයන් විසින් තබනුයේ ජාතික ව්‍යාපාරයට රට බාරදීමේ සංකේතාර්ථයෙන් බව මම සිතමි. අද ජාතිය හමුවේ ඇත්තේ අමරසේකරයන් මතුකර පෙන්වන තැනට පත්වීමය. ඒ සඳහා වන කතිකාවතකට ඉඩ, අමතක වූ උරුමය( කවන්ධයට හිසක් නිබන්ධනයෙන් අමරසේකරයන් උදාකර දී තිබේ. පානදුරාවාදයෙන් හා ධර්මපාලතුමන්ගෙන් උපන් නුතන ජාතික ව්‍යාපාරය අප්‍රමාණ ජාතිහිතෛෂීන් අතින් පෝෂණය වී තිබේ. අමරසේකරයන් යනු ඒ පරපුරෙන් අපට බිහිකර දී ඇති ප්‍රාඥයෙකි. "මහාවංශයේ ධර්මපාල පරිච්ජේදයේ ලියවෙන ප්‍රාඥයා" ලෙස මහාචාර්ය නලින්ද සිල්වා විසින් අමරසේකරයන් සඳහා කරන ලද හැඳින්වීම අමරසේකරයන්ගේ සේවය විග්‍රහ කරන ලද විශිෂ්ටතම ආකාරය යෑයි මම සිතමි. එම පරිච්ජේදයේදී අමරසේකරයන් ජයග්‍රාහී වනු ඇත්තේ අපේ උරුමය අතින් ගත් ජාතික ව්‍යාපාරය රටේ අනාගතය බාරගතහොත් පමණක් බව ද සිහි කටයුතුය.
මනෝජ් අබයදීර

උපුටා ගැනීම
දිවයින
2011-12-07
දිවයින
2011-12-07