මාධ්‍යයට හෙළි වූ ඔබාමාගේ හා සාර්කෝසිගේ රහස්‌ කථාව

-මහින්ද පතිරණ ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය ග්‍රීසිය හරහා ඉතාලියට එන යුරෝපයේ ආර්ථික කුණාටුව අලුතින් ම ය...

-මහින්ද පතිරණ
ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය


ග්‍රීසිය හරහා ඉතාලියට එන යුරෝපයේ ආර්ථික කුණාටුව

අලුතින් ම යුරෝපය දෙසින් වාර්තා වන ප්‍රවෘත්තිය වන්නේ මේ වන විට ජර්මනිය හා ප්‍රංශය විසින් යුරෝ මුදල් කලාපය විසුරුවා හැරීම සඳහා වන මූලික වටයේ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ය. ඊට ප්‍රධානතම කාරණය වන්නේ පසුගිය සතියේ ද මෙම කොලමේ සාකච්ඡා කළ පරිදි අර්බුදය ග්‍රීසියෙන් ඉතාලියට ගමන් කිරීම ය. යුරෝපය විශ්වාස කරන්නේ චිනයෙන් හෝ මුදල් ඉල්ලා ගෙන ග්‍රීක අර්බුදය මදකට යට ගැසිය හැකිවන නමුත් ඉතාලි ණය ගෙවා දැමීමට මෙලොව කිසිවෙකුත් සමත් නොවන බව ය. මේ අඳුරු ආර්ථික ප්‍රවෘත්තිය හමුවේ යුරෝපය හා ඇමරිකාව පුරා කොටස්‌ වෙළඳපොලවල් සට සට ගාමින් වැටෙමින් තිබේ.

මීට තෙවසරකට පෙර බටහිර රටවල නායකයින් හා එම නායකයින්ගේ අතේ දුරින් තිබෙන ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල වැනි ගෝලීය සංවිධාන හරහා ලෝකයේ දකුණු කරයේ රටවලින් ඉල්ලා සිටියේ අන් කිසිවක්‌ නොව තම රටවල ජාතික ආර්ථිකයන් ලිබරල්කරණය කරන ලෙස ය. කොටින් ම කිවහොත් දියුණු රටවල මහාපරිමාණ බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කරන භාණ්‌ඩ විකුණා ගැනීම සඳහා අප වැනි තුන්වැනි පන්තියේ රටවල ජනයා තමාට වෙළඳපොලක්‌ කරන ලෙස ඔවුහු අපගේ නායකයින්ගෙන් ඉල්ලා සිටියහ. නායකයා එම ඉල්ලීමට අවනත නොවූ තැන බලකර සිටි අතර බලයට නතු නොවූ තැන පෙනෙන හෝ නොපෙනෙන සම්බාධක තර්ජන ද ඒ ද අසාර්ථක වූ තැන ආණ්‌ඩු වෙනස්‌ කිරීම් ද කර තම අවශ්‍යතාව කෙසේ හෝ ඉටුකර ගැනීමට මෙම රටවල් පියවර ගත්හ. මෙම බලහත්කාරකම ක්‍රියාවට නැංවූ අයුර අපට වඩා හොඳින් ම දන්නේ මෙම රටවල් හා ආයතනයන් සමග වරෙක කැමැත්තෙන් ද වරෙක අකමැත්තෙන් ද දරුණු කොන්දේසිවලට අවනත වූ ගෝලීය දකුණේ රාජ්‍ය නායකයින් ය. අනූ ගණන්වල සිදු වූ ආසියානු මූල්‍ය අර්බුදයේ දී නැගෙනහිර ආසියානු රටවල නායකයින්ට ඇතැම් අවස්‌ථාවල සල්ලිකාර ගෝලීය ආයතනවල හා රටවල හුදු ප්‍රකාශකයන් පමණක්‌ වීමට සිදුවිය.

එහෙත් දැන් ලොව පුරා සිදුවෙමින් තිබෙන්නේ මෙම චක්‍රය පූර්ණ වටයක්‌ ගසා විත් අනෙත් අතට කැරකීමට පටන් ගැනීම ය. 2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුධයෙන් පටන්ගෙන, 'ලිමන් බ්‍රද්ර්ස්‌ලා' බිමට සමතලාකරමින් නැගුණු අර්බුදය ග්‍රීසිය, ස්‌පාඤ්ඤය හා දැන් ඉතාලිය ද ඇතුළු රටවල නායකයින් මහමගට ඇද දමමින් දැන් ඇමරිකාවේ වෝල් වීදිය, ලන්ඩනයේ සාන්ත පාවුළු පල්ලිය, හා ජර්මනියේ µ්‍රdන්ක්‌ෆර්ට්‌ නගර හරහා යහමින් ගෝලීයකරණය වෙමින් තිබේ. මෙම විරෝධතා රැල්ලට අලුතින් ම එකතු වූ අංගය වූයේ ලන්ඩන්වල මෙම කොලම ලියවෙන අවස්‌ථාව වන විටත් පැවැත්වෙන දැවැන්ත සිසු උද්ඝෝෂණයයි. මෙම උද්ඝෝෂණයට සහභාගිවන දහස්‌ ගණන් සිසුන් ඊට සහභාගී වීම වළක්‌වනු පිණිස ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය නොකළ දෙයක්‌ නැත. මීට පෙර සිදුවූ උද්ඝෝෂණවලට සහභාගී වන ලදුව මහජන විරෝධී හැසිරීම්වල යෙදුනැයි කියන සියගණනකට ලිපි ලිවීම හරහා

විරෝධතාකරුවන්ට තරජනය කිරීම් දක්‌වා පවා එය ගමන් කළේ ය. තර්ජනාත්මක ලිපි ලද අය අතර මාර්තුවේ පැවති ලක්‍ෂ 500 000 සහභාගී වූ වෘත්තීය සමිති විරෝධතා පාගමන, ජූනි 30 වන දින පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුළු පසුගිය මාස 12 ඇතුළත වියදම් කපා හැරීම්වලට එරෙහි විරෝධතාවන්ට සහභාගි වූවෝa විශාල පිරිසක්‌ සිටිති. මීට අමතර ව 'ලිබරල්' පොලීසිය විසින් රබර් උණ්‌ඩ භාවිත කිරිමේ අනුමැතිය මෙන් ම බැටන් පොලු පාවිච්චි කිරිමේ අනුමැතිය ද ලබා ගත්තේ විරෝධතා කරුවන් බිය වැද්දීම සඳහා ය. එක්‌ විරෝධතාකරුවෙකු ගාඩියන් වෙත පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්‌ වන විරෝධතාවකට සහභාගී වීමට ද පෙර මෙසේ තමා බියට පත් කිරීම පිළිකුල් සහගත බව ය.

අලුත් ම ලන්ඩන් විරෝධතාවේ සටන් පාඨවල තිබෙන දෙය කුමක්‌ ද යන්න කියවා ගැනීම මෙම විරෝධතාවේ අරමුණ පැහැදිළි කරනු ඇත. එහි දැක්‌වෙන බොහෝ සටන්පාඨවල තිබුණේ "නිදහස්‌ අධ්‍යාපනය සඳහා සටන් කරනු", "අධ්‍යාපනය යනු ව්‍යාපාරයක්‌ නොවේ. ධවල පත්‍රිකාව නවතනු," වියදම් කැපීම් එපා. රජයේ සේවය ආරක්‌ෂා කරනු," සිසුන්ගෙන් නොව, බැංකුවලින් බදු ගනු," මාගරට්‌ තැචර්වත් විශ්වවිද්‍යාල පුද්ගලීකරණය කළේ නැත." වැනි ඒවා ය. බොහෝ විට තුන්වැනි ලෝකය යනුවෙන් බටහිරයින්ම හඳුන්වන ශ්‍රී ලංකාව වැනි රටක උද්ඝෝෂකයින් රැගෙන යන සටන් පාඨ පුවරු අද බ්‍රිතාන්‍ය සිසුවාට ද රැගෙන යාමට සිදුවීම දෛවෝපගත ය. එහෙත් මෙම සටන් පාඨවලින් විරෝධය දක්‌වන දෙයට පැහැදිළි අරුතක්‌ තිබේ. 1998 දී ප්‍රථම වරට හඳුන්වාදුන් බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල ගාස්‌තු අඛණ්‌ඩ ව වැඩි ගොස්‌ වී තිබේ. මෙම ග්‍රීස්‌මයේ ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට අනුව ලබන ශරත් කලයේ සිට රාජ්‍ය විශ්වවිද්‍යලයකට පවුම් 9000 ක්‌ වැනි දැරිය නොහැකි තරම් ගාස්‌තුවක්‌ සිසුන්ගෙන් අයකිරීමේ නෛතික ඉඩ තිබේ. එමෙන් ම මෙම ධවල පත්‍රිකාවේ අතිශය බරපතල කාරණය වන්නේ පුද්ගලික විශ්වවිද්‍යල පටන් ගැනීම ය. කළු ජාතික සිසුන් විශාල ලෙස සිටින ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය එක්‌කෝ වසා දැමීම හෝ එසේත් නැතිනම් පුද්ගලීකරණය කළ යුතු මට්‌ටමට දැන් බලකර තිබේ. මේ අතර, ආරම්භ කරනු ලබන විශ්වවිද්‍යාල පිළිබඳ මැසිවිල්ල නම් ඒවාට විශ්වවිද්‍යාලයකට අවශ්‍ය මූලික පහසුකම් හෝ නොතිබීම හා මෙම ආයතනවල ආචාර්යවරුන් පර්යේෂණ නොකිරීම ය. එසේ ම මෙම පුද්ගලික විශ්වවිද්‍යල විසින් සිසුන්ගේ ප්‍රමාණය මිස ඔවුන්ගේ ගුණාත්මය පිළිබඳ සැලකිල්ලක්‌ නොදක්‌වන බව එල්ල වී තිබෙන බරපතල චෝදනාවකි. විශ්වවිද්‍යාල ල`ගට මීළ`ග විරෝධතා පාඨය වන්නේ අතිශයින් අනතුරුට භාජනය වී තිබෙන බ්‍රිතාන්‍ය රාජ්‍ය අංශය රැක ගැනීම ය. මේ වන විටත් රජය විසින් පාසැල්, රෝහල් හා නගර සභාවලට යවා ඇති උපදෙස්‌වලට අනුව ඒවා විසින් රාජ්‍ය සේවකයින් අඩු කරමින් මුදල් ඉතිරි කළ යුතු ය. මේ අනුව, දැනටමත් ඇතැම් ප්‍රධාන පෙළේ රෝහල්වල ශෛල්‍යාගාර හා ප්‍රතිකාර අංශ වසා දමා තිබේ. වයස 16 හා 18 අතර වන අඩු ආදායම්ලාභී සිසුවෙකුට ලබාදුන් සතියකට පවුම් 10-30 අතර වන දීමනාව මේ වන විට අහෝසි කර තිබේ.

මේ අනුව. ගෝලීය ධනවාදය විසින් නිර්මාණය කළ ඒ ස්‌ථුල දේහදාරියා ජීවත් කරවීමට දැන් ඊට ම සල්ලි නැත. වියදම් කපාදැමීම්වලින් තොර ව ප්‍රශ්නය විසඳීමට ඇඩම් ස්‌මිත්ද ක්‍රමයක්‌ පහදා දී නැති අතර ආර්ථික උපදේශකයින්ගේ අදහස්‌ හා න්‍යාය සිඳී ගොස්‌ තිබේ. දැන් කෙලින් ම ආණ්‌ඩු කරන්නේ තමා දන්නා දෙය කිරීම ය. වරක්‌ තුන්වැනි ලෝකයට බලෙන් එබ්බ වූ දෙය තම රටේ දී ද අකමැත්තෙන් වුව ක්‍රියාවට නැංවීම ය. එනම් කඩා වැටීමට තරම් නොවන 'ලීමන් බ්‍රද්ර්ස්‌ලා' (මෙය ඇමරිකානු මූල්‍ය අර්බුදයේ පළමු බැංකු ගොදුරය) රැක ගැනීම සඳහා ජනතාවගේ 'දෙකයි පනහට' පහර දීම ය. එසේ කොට ද අද යුරෝපය ගොඩ ගැනීමට නොහැකි වී තිබේ. හෙට අනිද්දා වන විට වාර්තාවනු ඇත්තේ යුරෝ මුදල වහා අහෝසි කර ඇති බව ය. මේ සියල්ල විසින් කියන්නේ එක්‌ දෙයකි. ආණ්‌ඩු වියදම් කපාහරින අතර ජනතාව පෙරළා ඒවා තමාට ලබා දෙන ලෙස ඊට බලකරති. මේ පවතින ක්‍රමය හා අපේක්‍ෂිත ක්‍රමය අතර නොපෑහීමකි. පවතින්නේ ගෝලීය ධනවාදයයි. ජනයා අපේක්‍ෂා කරන්නේ අන් දෙයකි. එහි අර්ථය වන්නේ ගෝලීය ධනවාදය අවසන් බව ය.

'ලිබරල් ප්‍රජාතාන්ත්‍රික' බ්‍රිතාන්‍ය පොලීසිය ජංගම දුරකථන 'ටැප්' කරයි

පසුගිය අගෝස්‌තුවේ දී ලන්ඩනයේ ඇවිලී ගිය කෝලාහල හමුවේ අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ එහි දී ෙෆaස්‌බුක්‌ හා ට්‌විටර් වැනි සමාජ සබඳතා ජාල විශාල ලෙස උපකාරී වී ඇති බවත් එනිසා ම මෙම ජාල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අභ්‍යන්තර කටයුතු ලේකම් තෙරේසා මේයි එකී ජාලයන් සමග සාකච්ඡා කරනු ඇති බවත් ය. එහෙත් එම ප්‍රකාශය කිරීමට සිදුවීමට සති කිහිපයකට ඉහත දී ඔහු හා ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි කලින්ටන් විසින් ද කීවේ අරාබි විප්ලවය zෙෆaස්‌බුක්‌ විප්ලවයක්‌' බවත් අප මෙම සමාජ සබඳතා ජාලයන් තවදුරටත් දියුණු කිරීමට කටයුතු කළයුතු බවත් ය. මොවුන්ට අනුව, අරාබි විප්ලවයේ දී ෙෆaස්‌බුක්‌ හොඳ ය. එහෙත් විරැකියාව හා සමාජ-ආර්ථික අසාධාරණයට එරෙහිව සටන් කිරීම සඳහා එය ලන්ඩනයේ දී යොදා ගන්නා විට හොඳ නැත. තම රටේ දී මෙය 'හොඳ' නැති නිසා දෝ බ්‍රිතාන්‍යයේ මෙටෝපොලිටන් පොලීසීය ජංගම දුරකථනවලට රහසින් සවන් දීමේ තාක්‍ෂණය යහමින් පාවිච්චි කරන බව පසුගිය සතියේ දීහෙළි විය.

බ්‍රිතාන්‍ය පොලීසිය දුරකථනවලට සවන්දීමේ තාක්‍ෂණය මිලට ගෙන ඇත්තේ ලීඩ්ස්‌ නගරය මූලස්‌ථානය කරගත් ඩැටෝන් පීඑල්සී නම් සමාගමෙන් ය. මෙම සමාගමේ ගණුදෙනුකරුවන් අතර ඇමරිකා බුද්ධි තොරතුරු අංශය, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හා මැදපෙරදිග ඇතැම් ඒකාධිපති පාලකයින් ද සිටින බව ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ ය. රජය මෙම තාක්‍ෂණය 'ලිස්‌ටඩ් එක්‌ස්‌' නම් රහස්‌ නමකින් වර්ගීකරණය කොට තිබේ. මෙම තාකක්‍ෂය විසින් කරනු ලබනුයේ උපරිම වශයෙන් වර්ග කිලෝමීටර් 10 ඇතුළත තිබෙන ජංගම දුරකථන වෙත සංඥාවක්‌ නිකුත් කිරීම ය. ඒත් සමගම, එම දුරකථනවල කේථයන් හඳුනා ගනු පිණිස, එම වපසරිය තුළ තිබෙන සියලු දුරකථනවලින් අදාළ දුරකථනයට ම අවේනික වූ ඉමි අංකය නිදහස්‌ කෙරෙනු ඇත. ඒ හරහා ඕනෑම පුද්ගලයෙකුගේ ගමන් බිමන් හා කරන කියන සියල්ල රහසේ නිරීක්‌ෂණය කරත හැකි ය.

මෙම නිරීක්‌ෂණ පද්ධතියට අදාළ දත්ත රිසිවරය සූට්‌කේසයක ප්‍රමාණයට සමාන වන අතර එය වාහනයක හෝ වෙනත් ඔනෑම තැනක තබා දුර සිට රැහැන් රහිත ව කිසියම් පුද්ගලයෙකුට මෙහෙයවිය හැකි ය. මෙම සමාගම විසින් විශේෂ ඇන්ටනා ක්‍රමයක්‌ යටතේ අතේ ගෙන යා හැකි ලෙස ද මෙම තාක්‌ෂණය වැඩි දියුණු තර තිබේ. ඩැටෝන් සමාගම මෙම තාක්‍ෂණ ලෝකයේ රටවල් 40 කට පමණ විකුණා තිබෙන අතර ඒවා අතර නැගෙනහිර යුරෝපීය රටවල්, දකුණු ඇමරිකානු රටවල්, මැදපෙරදිග රටවල් හා ආසියා පැසිපික්‌ රටවල් ද වේ.

කිසියම් මහජන අධිකාරියකට දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ නෛතික ක්‍රමයක්‌ බ්‍රිතාන්‍ය තුළ මේ වන විටත් තිබේ. ඊට අනුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව දුරකථන පණිවුඩයක දිනය, වේලාව හා ස්‌ථානය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ය. එහෙත් මින් එහා පණිවුඩවලට රහසින් සවන් දීම සඳහා ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය කෙරේ. 2010 වසරේ දීඇමතිවරයා විසින් මෙවන් ඉල්ලුම් 1682 අනුමත කර තිබේ. කෙසේ වෙතත්, එම වසර තුළ එවන් රහසින් සවන්දීම් සඳහා බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අමාත්‍යාංශයට කර තිබූ ඉල්ලීම් සංඛ්‍යාව 552 550 කි. එනම් දිනකට සාමාන්‍යයෙන් 1500 ක්‌ තරම් ය.

ඉහත ඉල්ලීම් විශාල ප්‍රමාණයකට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමි නොවූ ව ද දැන් සිදුවන දේ පැහැදිළි ය. එනම් ඩැටෝන් සමාගමේ තාක්‍ෂණ යොදා ගනිමින් තම 'ටැප්' කිරීම කිසිදු අනුමැතිවකින් තොරව බ්‍රිතාන්‍ය විසින් දිගටම කරගෙන යාම ය. අපට ප්‍රශ්නයක්‌ තිබේ. ඒ අන්තර් ජාල හා ජංගම දුරකථන සන්නිවේදන 'ටැප්' කරන බව ප්‍රසිද්ධියේ පවසන චීනය හා ඒවා රහසින් ටැප් කරන ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර වෙනස කුමක්‌ ද යන්න ය ?

මාධ්‍යයට හෙළි වූ ඔබාමාගේ හා සාර්කෝසිගේ රහස්‌ කථාව

පසුගිය දා ප්‍රංශයේ පවත්වන ලදු ව සුවිශල් සංග්‍රහ බිලක්‌ පමණක්‌ ඇති ව අවසන් වූ ජී-20 සමුළුව එක්‌ වැදගත් භූ දේශපාලන කතන්දරයක්‌ ලොවට ඉතිරි කළේ ය. ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ හා ප්‍රංශ ජනාධිපති නිකලස්‌ සාර්කෝසිගේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු පිළිබඳ කළ පුද්ගලික කථාවක විනාඩි තුනක හඬ පටයකි. එහෙත් එම හඬ පටය මේ අවස්‌ථාවේ තරම් අන් කිසිදු අවස්‌ථාවක වැදගත් නොවන්නේ ය. එක්‌ අතකින් ඊශ්‍රායලය විසින් ඉරානයට කොයි මොහොතේ හෝ මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ අවදානමක්‌ තිබේ. අනෙක්‌ අතින් ඉරානය විසින් ඇමරිකාවේ සෞදි තානාපතිවරයා ඇමරිකාවේ දී ඝාතනය කිරීමට කුමණ්‌ත්‍රණය කළේ යෑයි කියමින් ඉරානයට එරෙහි සම්බාධක තව තවත් දැඩි කරමින් තිබේ. සෞදි තානාපති ඝාතන කතාව ඔබාමා විසින් ම ප්‍රකාශ කිරීම තුළ පෙනී යන්නේ එම කතාවට ඇමරිකාව කොතරම් වැදගත් කමක්‌ ලබා දෙනවා ද යන්න ය. නිල තත්ත්වය මෙසේ තිබිය දී ඇමරිකානු ජනාධිපතිවරයා හා ප්‍රංශ ජනාධිපතිවරයා විසින් බෙන්ජමින් නෙතනියාහු පිළිබඳ කරන්නේ මෙවන් කථාවකි. නිකලස්‌ සාර්කෝසිá මට මිනිහ ව නම් තව පොඩ්ඩක්‌වත් ඉවසන්න බෑ. මිනිහ බොරු කාරයෙක්‌. බරක්‌ ඔබාමාá ඔයාට මිනිහ එපා වෙලා ? ඒත් මට. මට මිනිහත් එක්‌ක හැමදාම ඔට්‌ටු වෙන්න වෙලා.

මෙම කථාව කරන විට වසා දමා තිබූ කාමරයක සිටි ජනාධිපතිවරුන් දෙදෙනා තමා ඉදිරියේ වන මයිකෝෙෆdaන සක්‍රීය කර තිබූ බව දැන සිටියේ නැත. ප්‍රංශ ජනාධිපති මන්දිර කාර්ය මණ්‌ඩලය විසින් පළමුව පරිවර්තන යන්ත්‍ර පුවත්පත් සාකච්ඡාවට පැමිණ සිටි ජනමාධ්‍යවේදීන්ට ලබා දුනි. එහි ම එක්‌ නිලධාරියෙකු පැහැදිළි කර සිටියේ මෙම යන්ත්‍ර ලබා දුන්න ද හෙඩ්ෙෆdaන ලබා දිය හැක්‌කේ පසු ව බව ය. මන්ද හෙඩ්ෙෆdaන ලබාදුන හොත් ඒ හරහා ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කථාවලට සවන්දිය හැකි ය. කෙසේ වෙතත්, පැමිණ සිටි මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු කළේ තමන්ගේ පුද්ගලික හෙඩ්ෙෆdaනයන් වහා අදාළ පරිවර්තන යන්ත්‍ර තුළට සම්බන්ධ කිරීම ය. ඒ අනුව, වැසූ කාමරය තුළ සක්‍රිය ව තිබූ මයික්‍රොෙෆdaන කෙරෙන් ජනාධිපතවරුන්ගේ විනාඩි තුනක පුද්ගලිකක කථාව ජනමාධ්‍යවේදීන්ට ශ්‍රවණය කිරීමට හැකි විය.

සාර්කෝසි සමග වූ මෙම පුද්ගලික කතාව මුලින් ම පටන්ගත්තේ බරක්‌ ඔබාමාය. ඒ මෙවර පලස්‌තීනයේ යුනෙස්‌කෝ සාමාජිකත්වය සඳහා වන ඡන්දයේ දී ප්‍රංශය විසින් පලස්‌තීනුවන්ට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන බව තමාට කලින් නොදැන්වීම පිළිබඳ ව ය.

කෙසේ වෙතත්, මෙම අනපේක්‍ෂිත හෙළිවීම මගින් ප්‍රංශය පමණක්‌ නොව ඇමරිකාව පවා ඊශ්‍රායලය සමග ගණුදෙනු කිරීමේ දී මුහුණ දෙන 'දුෂ්කර ජීවිතය' මනාව පැහැදිළි කරයි. 2011 මැයි මාසයේ ඔබාමා යෝජනාව- එනම් අනාගත ඊශ්‍රායල් පලස්‌තීන සාම සාකච්ඡා සඳහා පදනම් විය යුත්තේ 1967 යුද්ධයට පෙර පැවති දේශ සීමා ය- යන කතාව නෙතනියාහු විසින් කන් පැලෙන අත්පොළසන් හමුවේ ඇමරිකානු කොන්ග්‍රසයේ දීම ප්‍රතික්‌ෂේප කරන්නේ ය. ඊශ්‍රායලය මේ දිනවල දැඩි සේ උත්සාහ කරමින් සිටින්නේ කෙසේ හෝ ඉරානයට පහර දීම සඳහා ඇමරිකාව හා බ්‍රිතාන්‍ය පටලවා ගැනීමට ය. ඔබාමා පුද්ගලික ව කෙසේ වෙතත්, ඊශ්‍රායලට දැඩි සේ හිතවාදී ඇමරිකානු කොන්ග්‍රසය ද මේ සඳහා ඔබාමා පාලනයට සැලකිය යුතු පීඩනයක්‌ එල්ල කරමින් සිටින බව සිතිය හැකි ය. එහෙත් දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ ඇමරිකාවට තවත් කොනක්‌ නොපෙනෙන යුද්ධයකට යාමට හැකියාවක්‌ නැත. කොටින් ම එවැන්නක්‌ තම රටේ ජනතාවට පවතින තත්වය හමුවේ විකිණිම පහසු නොවේ. ගෙවෙමින් පවතින්නේ බුෂ් විසින් ඉරාක ආක්‍රමණය සඳහා ක්‍රියා කළ 'ඇමරිකානු යුගයක්‌' නොවේ. ඔබාමා මෙය දනිතත්, ඇමරිකාව දන්නේ නැත.

පලස්‌තීන යුනෙස්‌කෝ සාමාජිකත්වය හා
වියෑකෙන ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික බලය

පලස්‌තීන අරගලයේ තවත් ඓතිහාසික දිනයක්‌ පසුගිය සඳුදා සටහන් කළේ ය. ඒ පලස්‌තීයට යුනෙස්‌කෝ සංවිධානයේ පූර්ණ සාමාර්කත්වය හිමිවීම ය. ඡන්දය සඳහා රටවල් 173 ක්‌ සහභාගී වූ අතර ඉන් 107 ක්‌ වැනි දැවැන්ත බහුතරයක්‌ යෝජනාට පක්‍ෂ ව ඡන්දය ප්‍රකාශ කළේ ය. රටවල් 14 ක්‌ පමණක්‌ විරුද්ධ වූ අතර 52 ක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. චීනය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලය වැනි ලෝකයේ නැගී එන ප්‍රබල ආර්ථිකයින් යෝජනාවට පක්‍ෂ වූ අතර සුපුරුදු පරිදි ඇමරිකා එක්‌සත් ජනපදය, ජර්මනිය හා කැනඩාව ඊට එරෙහිව ඡන්දය ලබා දුන්නේ ය.

මෙම ජයග්‍රහණය සංකේතාත්මක ව ඉතා වටිනා එකක්‌ වන අතර එය පලස්‌තීනය සඳහා පූර්ණ රාජ්‍යත්වය සඳහා යන ගමනට පළමු පියවර ලෙසද විචාරකයෝ දකිති. ලබන මස දී එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය පලස්‌තීනය විසින් මේ වන විටත් ඉදිරිපත්කර තිබෙන පූර්ණ රාජ්‍යත්වය සඳහා වන ඉල්ලුම පිළිබඳ තිරණයක්‌ ගනු ඇත. ඇමරිකාව මේ වන විටත් ප්‍රකාශ කර සිටින්නේ තම ඊට එරෙහි ව නිෂේධ බලය යොදන බව ය. යුනෙස්‌කෝ සංවිධානය තුළ කිසිදු රටකට නිෂේධ බලයක්‌ නැති අතර, මේ නිසා ම ඇමරිකාව විසින් මෙම යෝජනාව පරාජය කිරීම සඳහා අතිශය දරුණු රාජ්‍ය තාන්ත්‍රික යුද්ධයක නිරත ව සිටියේ ය. කෙසේ වෙතත්, සියලු අරාබි රටවල් මෙහි දී මෙම යෝජනාව සම්මත කර ගැනීමට දැඩි වෙහෙසක්‌ ගත් බව වාර්තා වේ.

පරාජයට ප්‍රතිචාරයක්‌ ලෙස ඇමරිකාව ක්‍ෂණික ව කළේ යුනෙස්‌කෝව වෙත දෙන තම අරමුදල් නවතාලීම ය. යම් දිනෙක පලස්‌තීනයට යුනෙස්‌කෝ පූර්ණ සාමාජිකත්වය ලැබුණහොත්, ඊට දෙන අරමුදල් නැවැත්වීම සඳහා ඇමරිකා කොන්ග්‍රසය පනතක්‌ අනුමත කර ගත්තේ අනු ගණන්වල ය. මේ අතිශය ඊශ්‍රායල් හිතවාදී ඇමරිකානු කොන්ග්‍රසය තම විදේශ ප්‍රතිපත්තිය අන් සියල්ල පසෙක තබා ඊශ්‍රායලය වෙනුවෙන් අරඹා තිබෙන ආකාරය පිළිබඳ පැහැදිළි නිදසුනකි. ජනාධිපති ඔබාමාගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තීරණවලට පවා බලපාන්නේ, ජෝන් එෆa. කෙනඩි සේ ම ඔහු ද ඊශ්‍රායලය විසින් ඝාතනය කරාවි යන බිය විසින් බව වරක්‌ මුවමර් ගඩාපි ප්‍රකාශ කළේ ය.

මෙම ජයග්‍රහණය විසින් ඇමරිකාව හා ඊශ්‍රායලය ඉදිරියේ දී ඉතා අසහනකාරී තැනක තබනු ඇත. මුළු ලෝක ජනමතය පමණක්‌ නොව ආර්ථික ශක්‌තිය පවා තිබෙන්නේ තමාගේ පැත්තේ නොවන බව මේ වන විට ඇමරිකාව තේරුම්ගෙන සිටිය යුතු ය. මේ ඇමරිකානු බලය පිරිහීම පිළිබඳ කැඩපතකි. විශේෂයෙන් ම අරාබි රටවල් එකාවන් ව නැගී සිටීම ඇමරිකාවට දරාගත නොහැකි ය. ඒ ඊශ්‍රායලය මැදපෙරදිග තුළ හුදකලා වන නිසා පමණක්‌ නොවේ, ලබන මාසයේ දී පැවැත්වෙන ආරක්‍ෂක මණ්‌ඩල ඡන්දයේ දී පලස්‌තීනයට විරුද්ධව නිෂේධ බලය යෙදීම තුළ අරාබි ලෝකය තුළ තමා ද තනිවන බව ඇමරිකාව හොඳින් ම දන්නා නිසා ය.


උපුටා ගැනීම
දිවයින
2011-11-11

සතියක ලෝකය

Related

සතියක ලෝකය 5657162409710207695

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item