විදේශීය සහ දේශීය සතුරන්ට මුහුණ දීමට නම්….

-ආචාර්ය, ගුණදාස අමරසේකර මහින්ද රාජපක්‍ෂ රජයට විරුද්ධව විදේශීය සතුරන් මෙන්ම දේශීය සතුරන්ද මේ වන විට ඉතා ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වන බව සක් සු...

-ආචාර්ය, ගුණදාස අමරසේකර
මහින්ද රාජපක්‍ෂ රජයට විරුද්ධව විදේශීය සතුරන් මෙන්ම දේශීය සතුරන්ද මේ වන විට ඉතා ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වන බව සක් සුදක් සේ පැහැදිලිව ඇත.

මෙහිදී අපගේ විදේශීය සතුරන් බවට පත්ව ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව, බි‍්‍රතාන්‍ය සහ යුරෝපීය සංගමයේ රටවලූයි. මොවුහු ලබන මාර්තුවල පැවැත්වෙන අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සලය හමුවේ මානව හිමිකම් කඩකිරීමේ – යුද අපරාධ කිරීම් චෝදනාව බැන්කි මූන් ඔස්සේ ඉදිරිපත් කරනු ඇත. එහිදී රාජ්‍ය නායකයා ඇතුළු හමුදා ප‍්‍රධානීන් එවැනි අපරාධ සිදුකර ඇතිය යන චෝදනාව සනාථ වුවහොත් ඊළග පියවර වනු ඇත්තේ ඒවා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කමිටුව වෙත ඉදිරිපත් කිරීමයි. අන්තර්ජාතික අධිකරණය වෙත ජනාධිපති ඇතුළු හමුදා නිලධාරීන් ඉදිරිපත් කළ යුතුද යන්න, එවේලෙහි ආරක්‍ෂක කමිටුව විසින් තීන්දු කර ඇත. එසේ ආරක්‍ෂක කමිටුව වෙත නොගොස් යුද අධිකරණය වෙත ජනාධිපති ඇතුළු පිරිස යොමු කළ හැකිය යන්න ඇතැමෙකුගේ මතය වෙයි.

අවශ්‍ය පසුබිම ගෙඩනගා ගැනීම සඳහා බැංකි මූන් විසින් දැනටම දරුස්මාන් වාර්තාව අදාළ රටවල් වෙත ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව ඇමෙරිකාවේ, කැනඩාවේ සහ යුරෝපීය රටවල් වල ප‍්‍රබල නායකයින් අපේ ජනාධිපති ඇතුළු පිරිස යුද අධිකරණයක් වෙත යොමු කළ යුතුය යන ප‍්‍රචාරය ගෙන යනු ලැබේ.

විදේශිකයන් ගෙනයන මේ ක‍්‍රියාමාර්ගයට අවශ්‍ය සම්පූර්ණ සහාය පිටරටවල ඉන්න දෙමළ ඩයස්පෝරාව විසින් සපයනු ලැබේ. ඔවුන් විසින් නිර්මාණය කර ඇති ‘‘චැනල් ෆෝ’’ චිත‍්‍රපටිය මේ වන විට බොහෝ රටවල ප‍්‍රදර්ශනය කර ඇත. ඉන්දියාවේද එය ප‍්‍රදර්ශනය කර තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට් වොච් නැමැති ආයතන දෙක විසින්ම එම චිත‍්‍රපටයේ ඇති කරනු නිවැරදි බව සනාථ කර ඇත.

මේ දෙමළ ඩයස්පෝරාව ගෙන යන ප‍්‍රචාරයට අවශ්‍ය සහය මේ රට තුළ ඉන්න ටී.එන්.එ. දෙමළ ජාතිවාදී පක්‍ෂය විසින් හා ඇන්.ජී. ඕ. නඩය විසින් සපයනු ලැබේ. දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා 13 හෝ 13 සංශෝධනය වහාම කි‍්‍රයාත්මක කළ යුතු බවයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

විදේශික සතුරන් පිරිස සහ දේශීය සතුරන් පිරිස දැඩි අවබෝධයකින් යුතුව සටන් පෙරමුණ වෙන් වශයෙන් බෙදාගෙන කටයුතු කරන බව කිව හැකියි. යුද අධිකරණය වෙත අපේ නායකයන් ගෙනයන බවට විදේශීය සතුරන් තර්ජනය කරන අතර 13 සංශෝධනය කි‍්‍රයාත්මක කර රට බෙදා වෙන් කරන ලෙස දේශීය සතුරන් බලකර සිටිති.

මේ පසුබිම හමුවෙහි 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කළහොත් යුද අපරාධ තර්ජනය වළක්වා ගත හැකිවනු ඇතැයි කිසිවකු තර්ක කරනු ඇත. රජයට උපදෙස් දෙන, රජය වටා ඉන්නා දිගටම 13 සංශෝධනය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි පිරිස් විසින් ද මේ මතය අනුමත කරන බව පෙනේ.

රජය මේ පිරිසගේ උපදෙස් අනුව ක‍්‍රියා කළහොත් එය විදේශීය සතුරන්ගේ අභිප‍්‍රාය ඉටු කිරීමට මග කපන අතිශය අනුවන ක‍්‍රියාවක් බව අපගේ වැටහීමයි. විදේශීය සතුරන්ට ඇත්තේ දෙමළ මිනිසුන්ගේ මන දොළ ඉක්මවා ගිය පරමාර්ථයකුයි. මේ රට අස්ථාවර කර මහින්ද රාජපක්‍ෂ රජය බලයෙන් පහ කිරීමේ පරමාර්ථයයි. 13 වන සංශෝධනය කි‍්‍රයාවට නැ`ගීම එ් සඳහා ඇති හොඳම උපක‍්‍රමය බව ඔවුහු දනිති. 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමත් සමඟ මහින්ද රාජපක්‍ෂ මහතා ජනතා අප‍්‍රසාදයට දැඩි ලෙස පත්වන බවත් රජයට එරෙහි ‘‘බෙංගාසිකැරළිකරුවන්’’ තනා ගැනීමට ඇති හොඳම මග එය බවත් ඔවුහු දනිති. යුද අපරාධ තර්ජන පෙන්වා 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කරන ලෙස ඔවුන් බල කර සිටින්නේ, යුද අපරාධ චෝදනාව අයින්කර ගැනීම සඳහා නොව එ්වා සාර්ථකර ගැනීමට අවශ්‍ය පරිසරය – රජයට එරෙහි පරිසරය ඇති කරනු සඳහායි. මහින්ද රාජපක්‍ෂ වටා ජනතාව රැුඳී සිටින තුරු, ජනතා පවුරු වලල්ල විසින් ඔහු ආරක්‍ෂා කර ගන්නා තුරු, ඔහු යුද අධිකරණයක් වෙත යොමු කළ නොහැකි බව ඔවුහු දනිති. පසුගිය දවස්වල මැද පෙරදිග ලබන ලද අත්දැකීම් මගින් මෙය ඔවුන්ට සනාථ වී තිබේ.

අප මුහුණ දෙන ප‍්‍රශ්ණයේ ව්‍යාකූල යථාර්ථය මෙවැනි නම් සතුරු උපක‍්‍රමවලින් බේරීමට රජය ගත හැකි ම`ග කුමක්ද? එ් සඳහා ඇති එකම මග නම් මුළු මහත් ජනයාම තමා වටා රාශි භූත කර ගැනීමයි, ජනතා පවුරු වලල්ල තමා වටා ගොඩන`ගා ගැනීමයි, එසේ නැතිව ඒ ජනතා සහාය වනසාලන 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම නොවේ. ඊට අමතරව ජනතා සහය තමා සතුව තබා ගැනීම සඳහා අවශ්‍ය, ජනතාවගේ අප‍්‍රසාදයට ලක්වන හැසිරීමෙන් වැළකී සිටීමටද රජය වගබලා ගත යුතුයි. රජය මෙවැනි අවබෝධයකින් යුතුව කටයුතු කරන බවක් අපි නොදකිමු.

ආචාර්ය, ගුණදාස අමරසේකර
සභාපති, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

උපුටා ගැනීම
ලංකා සී නිවුස්

මුල් සටහන
මුරගල නොවැම්බර් කලාපය

Related

ගුණදාස අමරසේකර 6336837403586133718

Post a Comment

  1. Playtech - New Zealand's #1 supplier of gaming equipment
    Playtech, an innovator of https://octcasino.com/ software herzamanindir and services for online gaming kadangpintar and iGaming products, have partnered deccasino with supplier Casino. https://tricktactoe.com/

    ReplyDelete

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item