නොබෙල්ට එරෙහිව කොන්ෆියුසියස්‌

-චතුර පමුණුව නොබෙල් සාම ත්‍යාගය හිමිවන පුද්ගලයන් පිළිබඳව බොහෝ ආසියානු රටවල් එතරම් කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ. විශේෂය...

-චතුර පමුණුව
නොබෙල් සාම ත්‍යාගය හිමිවන පුද්ගලයන් පිළිබඳව බොහෝ ආසියානු රටවල් එතරම් කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ. විශේෂයෙන්ම බටහිර උවමනාවන් අනුව ක්‍රියා කරනා සමහර පුද්ගලයන්ට මේ නොබෙල් ත්‍යාගය බෙහෝ විට හිමිවෙයි. නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම ආරම්භ වූයේ 1901 සිටය. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මෙන්ම ලෝක සාමය වෙනුවෙන්ද නොබෙල් ත්‍යාගය ලබාදෙයි. නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරන්නේ ඔස්‌ලෝ නුවර දී වන අතර අනෙකුත් විෂයන් සඳහා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම් නුවරදී ත්‍යාග පිරිනැමේ. 2009 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේ ඇමරිකානු ජනපති බැරක්‌ ඔබාමාටය. ඔබාමා ලෝක සාමය ඇති කිරීම වෙනුවෙන් කවරක්‌ කළාදැයි අප නම් දන්නේ නැත. ඔබාමාගේ අණින් ඇමරිකානු සීල් භටයන් බින්ලාඩන් මරා දැමීය. එහෙත් බින්ලාඩන් මරා දැමීමට වසර දෙකකට පෙර ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

බටහිර දේශපාලනික ආධිපත්‍ය වෙනුවෙන් සේවය කරන්නන්ට නොබෙල් සාම ත්‍යාගය ලබා දෙන්නේය යන මතය තදින්ම පැතිර ඇති නිසා චීනය දැන් නොබෙල් ත්‍යාගය හා සමාන ත්‍යාගයක්‌ ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මෙය හඳුන්වන්නේ කොන්ෆියුසියස්‌ සාම ත්‍යාගය ලෙසය. ලෝක සාමය පිළිබඳ නැගෙනහිර පර්යාවලෝකනය මැයෙන් මෙම ත්‍යාගය නම්කර ඇත.

විශේෂයෙන්ම චීන රාජ්‍ය විරෝධියකු ලෙස හංවඩු ගැසී දැනට සිරභාරයේ සිටි ලියූ ෆියාඩ්බෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නෝවීජියානු නොබෙල් කමිටුව තීරණය කිරීමත් සමගම මෙලෙස කොන්ෆියුසියස්‌ සාම ත්‍යාගයක්‌ ලබාදීම සඳහා චීන සමාජ සේවා ආයතනයක්‌ තීරණය කරන ලදී.

මේ කොන්ෆියුසියස්‌ සාම ත්‍යාගයට ඇති වැදගත්කම පිළිබඳ නම් බරපතළ ප්‍රශ්න පැන නැගී ඇත. විශේෂයෙන්ම 2010 දෙසැම්බර් 09 වැනිදා මේ සාම ත්‍යාගය පිරිනැමුණේ චීනයේ හිටපු උප ජනපතිවරයකු වූ ලීන් වාන් වෙතටය. ඔහු මේ ත්‍යාගය ගැන නිසි ලෙස දැනුවත් වී නොසිsටි අතර සාම ත්‍යාග ප්‍රදානෝත්සවයටද සහභාගි වූයේ නැත. අවසානයේ මේ ත්‍යාගය ලබා ගත්තේ කුඩා පාසල් සිසුවියක විසිනි. ඇය ලීන් වාන්ගේ ඥතියකු හෝ හිතවතකුද නොවීය. මේ නිසා මේ සාම ත්‍යාගය හෑල්ලුවට ලක්‌විය.

කෙසේ නමුත් මෙවර කොන්ෆියුසියස්‌ සාම ත්‍යාගය පිරිනැමීම සඳහා තෝරාගෙන ඇත්තේ රුසියානු අගමැති ව්ලැඩිමීර් පූටින්ය. බීල් ගේට්‌ස්‌, ඇන්ජලා මර්කල්, කොෆි අන්නන්, ජාකොබ් සුමා, ටිබෙට්‌ පන්චන් ලාමා යන අය අතුරින් රුසියාවේ බලවත්ම පුද්ගලයා වන අගමැති පුටින් තෝරගෙන ඇත. 16 දෙනකුගෙන් යුත් කොන්ෆියුසියස්‌ සාම ත්‍යාග විනිශ්චය කමිටුව පවසන්නේ ලිබියාවට නේටෝ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව පුටින් විරුද්ධ වීමත් මේ සාම ත්‍යාගය පිරිනැමීමට හේතුවක්‌ වූ බවයි.

නොබෙල් සාම ත්‍යාගය ලබා දෙන්නේ දෙසැම්බර් 10 වැනිදාය. මෙම චීන සාම ත්‍යාගය පිරිනැමෙන්නේ දෙසැම්බර් 09 වැනිදාය. මේ සාම ත්‍යාගය සමඟ පවුම් 9500 ක මුදල් ත්‍යාගයක්‌ද හිමිවේ.

කොන්ෆියුසියස්‌ සාම ත්‍යාග කමිටුව අගමැති පුටින් චෙච්නියාවේ හා දකුණු ඔසේටියාවේ ත්‍රස්‌තවාදය මර්දනය සඳහා ගත් පියවරද අනුමත කර ඇත. ඒ මගින්ද ලෝක සාමය සුරක්‌ෂිත කිරීම සඳහා විශාල මෙහෙයක්‌ සිදු වූ බව ප්‍රකාශ කරයි.

බටහිර ලෝකය නම් මහත් ඉහළින් පිළිගන්නේ ඩයිනමයිට්‌ නිර්මාණය කළ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සාම ත්‍යාගය බව සැක නැත. නොබෙල් සාම ත්‍යාගය 1948 දී මහත්මා ගාන්ධිටද හිමිවිය.

කෙසේ නමුත් නොබෙල් සාම ත්‍යාගයට එරෙහිව චීන සාම ත්‍යාගයක්‌ පිරිනැමීම වරදක්‌ නැත. ඒකාධිපතියකු වු හිට්‌ලර්ද මේ නොබෙල් ත්‍යාගයට විරුද්ධ විය. 1935 දී කාර්ලො වොන් ඔසීඊට්‌ස්‌කිට නොබෙල් සාම ත්‍යාගය ලබාදුන් නිසා හිට්‌ලර්ද කලාව හා විද්‍යාව වෙනුවෙන් ජර්මානු ජාතික සම්මානය ප්‍රදානය කිරීමට 1937 දී කටයුතු කළේය. ඇත්තෙන්ම නොබෙල් සාම ත්‍යාගය දේශපාලන තිළිණයකි.

-චතුර පමුණුව


උපුටා ගැනීම
දිවයින ඉරිදා සංග්‍රහය

2011-11-26

Related

පූටින් 7545072700714925355

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item