විජේවීර සැමරීම සහ විජේවීර සැඟවීම

-විමල් වීරවංශ රෝහණ විජේවීරයන් සැමරීම පිණිස ජවිපෙ කණ්ඩායම් දෙක තැන් දෙකකට රැස් වන්නේ අදය. එක් විජේවීර සැමරුමක් අනෙක් විජේවීර සැමරුමට එරෙහිව ...

-විමල් වීරවංශ
රෝහණ විජේවීරයන් සැමරීම පිණිස ජවිපෙ කණ්ඩායම් දෙක තැන් දෙකකට රැස් වන්නේ අදය. එක් විජේවීර සැමරුමක් අනෙක් විජේවීර සැමරුමට එරෙහිව නැගී සිටී. ජවිපෙ නිල අයිතිකරුවෝ තමන් විජේවීරගේ නිල හිමිකරුවෝ ලෙස විස්වාස කරති. කැරලිකාර පිළ පෙන්වන්නට උත්සාහ දරන්නේ ඔවුන් විජේවීරගේ සැබෑ හිමිකරුවන් බවය. අවසානයේ "ඉල් මහ විරු සමරුව" විජේවීර අයිති කර ගැනීමේ "සංග්‍රාම සමරුවක්" බවට පත්ව තිබේ.

අප ජවිපෙන් එළියට ආ මොහොතේදී අප සමග පැමිණි සමහර සොයුරන් ඉල් මහ විරු සමරුව ජවිපෙට වඩා හොඳට පැවැත්වීම අප කල යුතු යැයි යෝජනා කළ බව මට මතකය.එහෙත් මා ඇතුළු කීප දෙනෙක් ඒ අදහසට විරුද්ධ වූහ.විරුද්ධවීමට හේතු වූයේ ජවිපෙ නිල අයිතිකරුවන් සහ අප අතර වන ගැටුම විජේවීර අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ලෙස පෙනී යාම විජේවීර සහෝදරයාට කරන අගතියක් ලෙස අප කල්පනා කිරීමය.විජේවීර උරුමය හිමි වන්නේ "ඉල් මහ විරු සමරුව හොඳට කරන අයටද? එසේ නොවේ නම් විජේවීරයන්ගේ සැබෑ වාම භාවිතාව හඳුනා ගත්තවුන්ටද?

ගෙවුණු සෑම වසරකදීම අපිද අභ්‍යන්තරිකව විජේවීරයන් සැමරුවෙමු.එහෙත් ප්‍රසිද්ධියේ විජේවීරයන් අත් පත් කර ගැනීමේ "පොරයට " අපි ඇද නොවැටුනෙමු. කෙසේ වෙතත් දැන් ඒ "පොරය" ඇති වී තිබේ.මේ "පොරයට" ඇද වැටීම විසින් පෙන්නුම් කරනුයේ මේ දෙගොල්ලන්ම විජේවීරයන් මතුපිටින් නියෝජනය කරන උන් බව නොවේද?

…රෝහණ විජේවීරයන් ලංකාවේ සමාජ විප්ලවය සඳහා උපාය මාර්ගික ගමන් මග ලෙස නිවරදිව හඳුනා ගනු ලැබූවේ "ජාතික විමුක්ති අරගලය ඔස්සේ සමාජවාදයට" යන්නයි. එනම් අධිරාජ්‍ය විරෝධී ජාතික නිදහස් සටන ඔස්සේ සමාජවාදය ස්ථාපිත කිරීමේ සටන සිදු වන බවයි. "ලාංකීය විප්ලවයේ මග" ලෙස අධ්යාපන කඳවුරු තුල ඉගැන්වූයේ එයයි.
විජේවීරගේ දේශපාලන භාවිතාව පුළුල් දේශප්‍රේමී ගුණයකින් අනූන වූයේ මේ උපාය මාර්ගික දැක්ම හේතුවෙනි.

අධිරාජ්‍යවාදය තම ආධිපත්ය පැතිරවීම නව ආකාරයට මෙන්ම පැරණි ආකාරයටද සිදු කරමින් පවතින යුගයක ඊට එරෙහිව සිදු කෙරෙන අරගලය ඔස්සේ මිස "කම්කරු පන්ති අරගලය" ඔස්සේ සමාජවාදය බිහි නොවන බව විජේවීරයන් නිවරදිව විස්වාස කලේය.

මේ ජාතික නිදහස් අරගලය හෙවත් අධිරාජ්‍ය විරෝධී අරගලය සිදුවන්නේ පන්ති බලවේග මූලිකව නොවේ.එය සිදුවන්නේ ජාතික බලවේග මූලිකවය. නමුත් ජාතික සටනට උරදෙන නායකත්වය ගැන වමේ ව්‍යාපාරය ඒ සටනේ ඉදිරියෙන්ම සිටිනු ඇත.
ජාතික ප්‍රශ්නයේදී විජේවීරයන්ට වැරදුනේ නැත්ටෙහද මේ අධිරාජ්ය විරෝධී උපාය මාර්ගික දැක්ම අනුව එම ප්‍රශ්නය දෙස බැලීමට තිබූ හැකියාව හේතුකොට ගෙනය.

එහෙත් එසේ වූ විජේවීරයන් ප්‍රසිද්ධියේ සමරන්න්ට තරඟයක නියැලී සිටින මේ දෙපාර්ශවය විජේවීරයන්ගේ ඒ දේශපාලන ගුනය වටහා ගෙන තිබේද?

අනුර දිසානායක පසුගිය 10 වැනිදා නිකුත්වූ "ලංකාදීප" පුවත්පත සමග කරන ලද සාකච්චාවකදී කියා තිබුණේ "2004 සංධානය ගොඩ නැගීම අපට තෝරාගත හැකි උපක්‍රමයක්ව තිබුනත් එහි දේශපාලන වැරැද්දක් ඇති බව අප තේරුම් ගත්තා" යනුවෙනි.එහිදී "මේ තීරණවලින් පක්ෂයට වැඩිම හානියක් වුනේ මොන අවස්තාවේදීද?" යනුවෙන් මාධ්‍යකරුවා විමසන පැනයට අනුර දිසානායක පිළිතුරු දෙන්නේ "2004 හැරවුම" කියාය. මේ නිගමනය නිවැරදිද?

ජවිපෙ 2004 දී ශ්‍රීලංඉපය සමග සන්ධානය ගොඩ නැගීමෙන් වැලකී සිටියේ නම් රනිල් වික්‍රමසිංහ පාලනය "අන්තර්වාර ස්වයං ආණ්ඩු අධිකාරිය" පිහිටවීම අනිවාර්යය. අධිරාජ්යවාදී බලවේගවලට අවශ්‍ය පරිදි රට බෙදා වෙන්කිරීමට බැරි වීයේ ජවිපෙ නිවරදිව අධිරාජ්‍ය විරෝධී අර්ථයේ දේශපාලන ක්‍රියාමාර්ගයකට එදා අවතීර්න වූ නිසාය. චන්ද්‍රිකා "සිනාමි සහන මන්ඩලය" ඇති කරන්නට යන විට ජවිපෙ ආණ්ඩුවෙන් එළියට ඒමද නිවරදිය. සුනාමි සහන මණ්ඩලය අධිරාජ්‍ය වුවමනාවක් වූ බැවින් උපාය මාර්ගිකව ජවිපෙ ඊට එරෙහි විය යුතුමය. 2004 දී ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව ඒ ආණ්ඩුවෙන් එළියට බැසීමත් ජවිපෙ කලේ "අධිරාජ්ය විරෝධී උපාය මාර්ගයට" අනුකූලවය. ජවිපෙ එදා ගත් තීරණ නිසා අර්බුදයට ලක් වූයේ ශ්‍රී ලංකාවට අදාල අධිරාජ්‍යවාදී සැලසුමය.

රට බෙදීමේ දැවැන්ත මෙහෙයුමය.රට යළි අත් කරගැනීමේ බටහිර මෙහෙයුමය.එහෙත් අනුර දිසානායක කියන්නේ එය වරදක් බවය.එයින් නොකියා කියන්නේ අධිරාජ්යවාදයට උවමනා පරිදි රට බෙදන්නට ඉඩ හැර තනි,"ස්වාධීන" "රතු විරෝධයන්" පාමින් ජවිපෙ එදා සිටියේ නම් එය නිවරදි බවය. "ජාතික විමුක්ති" අරගල ඔස්සේ සමාජවාදයට" යන උපායමාර්ගික ගමන් මගට අනුව ජවිපෙ අධිරාජ්යවාද්යට දිනන්නට ඉඩ දී සීමිත රතු භූමිකාවක් රඟ දැක්වූයේ නම් එය නිවරදිද?
එසේ කලේ නම් තම මාක්ස්වාදී කන්යාභාවය රැකෙනු ඇතැයි වත්මන් ජවිපෙ නායකයින් කල්පනා කරන බව පෙනේ. එහෙත් මේ මොනතරම් අදේශපාලනික, ලාමක හැසිරීමක්ද? මේ අදේශපාලන්නික ලාමක හැසිරීම "විජේවීරගේ උරුමය" වන්නේ කෙසේද?
බිය විය යුත්තේ වැරැද්ද සමග සම්මුති ඇතිකර ගැනීමටය.දේශපාලනයේදී හරි වැරැද්ද තීරණය වන්නේ තම උපාය මාර්ගික දැක්මට සාපෙක්ෂව හා තමන් ජීවත්වන භූමියේ පවත්නා සැබෑ යථාර්ථයට සාපේක්ෂවය.2004 දී ශ්‍රී ලංකාව තුල පැවති යථාර්ථයට අනුව හා තම උපාය මාර්ගික දැක්මට අනුව ජවිපෙ කලේ කල යුතු නිවරදිම දේය. එහෙත් දැන් ඉන්නා ජවිපෙ නායක නොදරුවන් කියන්නේ ඒවා වැරදි තීරන කියාය.

සැබෑ ලෙසම වැරදි තීරණය වූයේ ජවිපෙ සරත් ෆොන්සේකාව දිනවීමට ජනාධිපතිවරනයේදී එකට එකතු වීමය. පසුගියදා "විකිලීක්ස්" මගින් හෙළි කරන ලද "ටෙලෙක්ස්" පණිවිඩයකින් අනාවරණය කෙරුනේ එම ජනාධිපතිවරණයේඩී ෆොන්සේකා හා සම්බන්ධන් අතර ඇතිවූ ගිවිසුමය. කොළඹ සිටින ඇමරිකා එ.ජ් තානාපතිනිය මේ ටෙලෙක්ස් පණිවිඩය වොෂින්ටනය වෙත යොමු කර ට්තිබුණි.එමගින් කියවුණේ උතුර හා නැගෙනහිර පළාත් එකට ඒකාබද්ධ කිරීමටත් එම ඒකාබද්ධ පලාතට වෙනම සුවිශේෂීව ඉඩම් බලතල පිරිනැමීමටත්,වෙනම්ස් සුවිශේෂී පොලිසියක් ඒ ඒකාබද්ධ පලාත තුළ ස්ථාපිත කිරීමත්,සියලු කොටි Sඅකකරුවන්ට පොදු සමාවක් ලබා දීමටත් උතුරේ හා නැගෙනහිර පවත්නා හමුදා කඳවුරු ඉවත්කර ගැනීමටත් සරත් ෆොන්සේකා සම්බන්ධන් සමග ඇති කරගත් ගිවිසුමෙන් එකඟ වී ඇති බවය.
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය මේ තොරතුරු ඉමහත් සතුටින් වාර්ථා කරන්නේ වොෂින්ටයටය.ජවිපෙ ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා සමග එකට සිටියේ මේ බව නොදැනමද? ඒ බව නොදැන සිටියේ නම් ජවිපෙ නායක නොදරුවන් දේශපාලනයට ගැලපෙන්නේම නැත. ඔවුන් මේ බව දැන සිටියා නම් එයින් කියවෙන්නේ අධිරාජ්යවාදයට අවශ්ය වූ දේශපාලන ක්‍රියාමාර්ගකට ජවිපෙ හවුල් වූ බව නොවේද?
"අධිරාජ්‍ය විරෝධී අරගලය" ඔස්සේ නම් සමාජවාදයට යන්නට ඇත්තේ අධිරාජ්යවාදය සමග එකට සිට ගන්නා දේශපාලන තීරනවලට එළඹීමට ජවිපෙට හැකිද? එහෙත් අනුර දිසානායකලාට ඒ ප්‍රශ්නය අදාල වන්නේ නැත. ඒ ප්‍රශ්නය අදාළ නොවන්නන්ට විජේවීරගේ උරුමයක් නියෝජනය කල හැකිද?
රෝහණ විජේවීරයන් ජාතික හැරළුව පිළිබඳව පල කරන ලද තම කෘතියේ මෙසේ පවසනු ලබයි.
"එබැවින් අව්‍යාජ මාක්ස්වාදීන්ගේ පරම වගකීම හා යුතුකම අධිරාජ්යවාදී උපායමාර්ගික අවශ්‍යතාවය හමුවේ උදාසීන හා අකර්මන්ය විරෝධය දැක්වීම නොව සක්‍රීයව,අධිරාජ්යවාදී උපාය මාර්ගික අවශ්යතව පරාජය කිරීමට ක්‍රියා කිරීමය. මෙසේ ක්‍රියා නොකිරීම මාක්ස්වාදය අත හැර යෑමක් හා අධිරාජ්‍යවාදයේ පැත්ත ගැනීමක් හා සමාන වේ."

2004 දී සන්ධානය ගොඩ නැගුවේ "සක්‍රීයව,අධිරාජ්‍යවාදී උපාය මාර්ගික අවෂ්‍යතාව පරාජය කිරීමටය. එය නොකළේ නම් සිදුවන්නේ "අධිරාජ්‍යවාදී උපාය මාර්ගික අවශ්‍යතාවය හමුවේ උදාසීන හා අකර්මන්ය විරෝධය දැක්වීමට" ජවිපෙ භූමිකාව පටු වීමය. අවසානයේදී අධිරාජ්යවාදී උපාය මාර්ගික අවශ්යතාව හෙවත් රට බෙදීම යථාර්ථයක් බවට පත් වීමය. විජේවීර සහෝදරයා,එපරිද්දෙන් ක්‍රියාත්මක වීම හඳුන්වන්නේ "මාක්ස්වාදය අතහැර යාමක් හා අධිරාජ්‍යවාදයේ පැත්ත ගැනීමක් හා සමානව වේ" යනුවෙනි.
ඉතින් සිදුව ඇත්තේ කුමක්ද?සම්බන්ධන් සමග අධිරාජ්‍යවාදී උපාය මාර්ගයට අනුකූල වූ ගිවිසුම් ගැසූ සරත් ෆොන්සේකා සමග එකට සිට ගැනීම අධිරාජ්යවාදයේ පැත්ත එළිපිට නියෝජනය කිරීමකි.2004 දී සන්ධාන හැදීම වැරදියයි කීමෙන් ක්යවෙන්නේ "අධිරාජ්යවාදී උපාය මාර්ගික අවශ්‍යතාවය පරාජය කිරීමට ක්‍රියා කිරීම " වැරදි යැයි පිළිගැනීමය. මේ අයුරින් අධිරාජ්‍යවාදයේ පැත්ත ගැනීම, විජේවීර උරුමයද? එය වඩාත් මාක්ස්වාදී වීමද? විජේවීර සැමරීම යනු මේ ද්‍රෝහී බව සඟවා ගැනීමට විජේවීරගේ පිංතූරය පිටුපස සැඟවීමද? සැමරීම සහ සැඟවීම යනු දෙකක් බව සෝමවංශ අමරසිංහටත් නොතේරීම ලොකුම ඛේදවාචකය නොවන්නේද?

විමල් වීරවංශ
උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2011-11-13

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘වම නොදන්න වමේ අවුල’ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයේදී (2011-11-7කොළඹ පදනම් ආයතනයේදී)ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව (වීඩියෝ)

පළමු කොටස :


දෙවන කොටස


අවසාන කොටස


Related

විමල් වීරවංශ 8936650971854033169

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item