දළ පූට්‌ටුවාගේ ඛේදවාචකයට හේතුව නූතන සංවර්ධනයද?
-මතුගම සෙනෙවිරුවන් කැකිරාව - තිබ්බොටුවැව මාර්ගය ආසන්නයට කඩා වැදුණු එක් ඇසක් අන්ධභාවයට පත් දළ පූට්‌ටුවාගේ ක්‍රියාකලාපය අලි - ම...
http://weadikawa.blogspot.com/2011/11/blog-post_3558.html
-මතුගම සෙනෙවිරුවන්
කැකිරාව - තිබ්බොටුවැව මාර්ගය ආසන්නයට කඩා වැදුණු එක් ඇසක් අන්ධභාවයට පත් දළ පූට්‌ටුවාගේ ක්‍රියාකලාපය අලි - මිනිස් ගැටුමක් ලෙසට අර්ථ දැක්‌වෙයි. එහෙත් ගල්ගමුව කලා වැව ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව එම මතය ප්‍රතික්‍ෂේප කරති. මේ ඇතා අහිංසකයකු බව ඔවුන්ගේ මතයයි. මිනිසුන්ට හිරිහැර නොකළ මේ ඇතා රථවාහනවලට පහර දෙමින් වියරුව හැසිරුණේ ඇයිද යන්න විමතියකි.
මීට ටික කාලයකට ඉහත ලොරි තට්‌ටුවක් කඩා වැටී මිය පරලොව ගිය සියඹලන්ගමුවේ ඇතා පවා අහිංසකයකු බව ගණන්ගමුව, මීගලෑව ආදී ගම්මානවල ජීවත් වන ජනතාව ප්‍රකාශ කරති. අලිවෙඩි සහ පහර දීම් මධ්‍යයේ වුවද වතුපිටිවලට රිංගා තම බඩ කට පුරවා ගන්නට උත්සාහ කරන මේ සත්තු මිනිසුන්ගේ අකාරුණික ක්‍රියාකලාපයන්ට ඇතැම් විට මුහුණදී ගත නොහැකිව වල්මත් වන බවද කියති. සියඹලන්ගමුවේ ඇතා මෙවැනි අවස්‌ථාවකදී අවසානයේ ගොඩවදින්නේ ගණන්ගමුවේ විහාරස්‌ථානයටයි. භික්‍ෂූන් වහන්සේලාගෙන් හිරිහැරයක් නොවන බව දන්නා අලි රංචුව රිසි සේ පන්සල් වත්තේ ලැග අවශ්‍යනම් බඩ පිරී නැත්නම් කෙසෙල් ගසක් දෙකක් කා දමා ආපසු සියඹලන්ගමුව රක්‍ෂිතයටම යති. කාරුණික මිනිසුන් අතර මේ සද්දන්තයන් සැමදා අහිංසකයන්මය.
කණ්‌ඩලම, ඉනාමළුව, කහල්ල කලාවැව රක්‍ෂිතවල සිටින අලි ගහනය වර්තමානයේ හීන වී තිබුණද අතීතයේදී මේ සෑම වැව් රක්‍ෂිතයකම වල් අලි දකින්නට සිටි බව පැරැණියන්ගේ මතයයි. උතුරු මැද ශිෂ්aටාචාරය සතුරු ආක්‍රමණ හමුවේ වල් වැදී ගියවිට දී මිනිසුන් සිටි පුරාණ ගම්මාන රාශියක් නටබුන් බවට පත් විය. මේ වනගහනය තුළ අලින්ට නිදහසේ සැරි සැරීමට අවස්‌ථාව ලැබුණේ ඉන්පසුවයි. හේන් ගොවිතැනෙන් ජීවිත ගැට ගසා ගත් මේ පෙදෙස්‌වල ජනතාව වල් සතුන්ගෙන් සිය වගාවන් ආරක්‍ෂා කර ගැනීමට හොඳින් දැන සිටියහ. තමන්ගේ වගාව මැදි වනසේ වැට ගැසීම, සාමූහිකව පැල් රැකීම, ගමනක් යන්නේ නම් අභිචාර කෙරෙහි විශ්වාසය තබා ආරක්‍ෂා වීම පැරැණි ගැමියන්ගේ සිරිත විය.
අනුරාධපුරය, පොළොන්නරුව ආදී උතුරු මැද රාජධානි සමෘද්ධිමත්ව තිබූ කාලවකවානුවලදී මේ ගම්මාන සියල්ල සක්‍රීයව පැවැතුණි. ධාතුසේන රජු කලා වැව බැඳවීමෙන් පසු අනුප්‍රාප්තික රජවරු ඊට නොයෙකුත් වාරිමාර්ග ක්‍රම සම්බන්ධ කළහ. අනුරාධපුරයෙන් ඔබ්බට ද දිවෙන ජය ගංගාව මෙන්ම විල්පත්තුව කරා දිවෙන ඇළ මාර්ගයන් ද මේ කලා වැවට සම්බන්ධ කළහ. 1885 වසරේදී තිසාවැව කරා දිවෙන යෝධ ඇළ ඉංගී්‍රසීන් විසින් ප්‍රකෘතිමත් කරන ලදී. අනතුරුව සියඹලන්ගමුව, ගිරිබාව, සෝලගිරිබාව ආදී වැව් ගම්මාන ද යළිත් හිස ඔසවන්නට විය.
කහල්ල, ඉනාමළුව, වස්‌ගමුව ආදී ප්‍රදේශවල සිsටින අලි රංචු වර්ෂයේ එක් කාලයක පිටාර තැනිතලාවල වෙසෙමින් අසල වනයේ මිහිරි පල වැල බුදිමින් නිල් වන තණ පත්‍රයන්හි රසයන් ද ලබා ගනිමින් සන්තෝෂයෙන් හැසිරෙති. වසරේ වියළි කාලයේදී මේ තැනිතලාවල ආහාර හිඟ වන විට කලා වැව රක්‍ෂිතයට ද ඉනාමළුව රක්‍ෂිතයට ද සැරි සරති. වර්ෂා කාලයේදී රට මැද වාසය කළ ද සියඹලන්ගමුව හරහා කලාඔය දිගේ ගමන් කරමින් විල්පත්තුව කරා ඇදෙන මනරම් මාර්ගය ද අමතක නොකරති. මේ අලි පාර වරින් වර වෙනස් වන්නේ වුවද එම ගමන්වල යම්කිසි රටාවක් දක්‌නට ලැබෙන බව කිව යුතුය. උන්ගේ ආහාර හා ජල මූලාශ්‍ර මත ගමන් මාර්ගය තීරණය වන බව ද පෙනේ.
වැව් නැවත ප්‍රකෘතිමත් කිරීමත් නව ගම්මාන බැඳවීම නිසා කලා වැව මගින් පෝෂිත ප්‍රදේශය පසුගිය දශක පහක් පමණ කාලයක සිට වෙනස් වෙමින් පවතී. 1946 දී (අයි. බී. ආර්. ඩී) ලෝක බැංකු නිර්දේශ මත කලාඔය හරස්‌කොට මහා ජලාශයක් බැඳවීමේ යෝජනාවක් පැමිණියේය. නමුත් එම යෝජනාව 1963 දක්‌වාම ක්‍රියාත්මක නොවීය. 1964- 1967 දක්‌වා කාලය තුළදී රාජාංගන ව්‍යාපාරය ආරම්භ වී මහා ජලාශයක් නිර්මාණය කරන ලදී. සියඹලන්ගමු වැව දක්‌වා කලා වැවේ වම් ඇළ මාර්ගයක් ක්‍රියාත්මකව පැවැති බව ආර්. එල්. බ්‍රොaහියර් මහතා සිය පුරාණ වාරිමාර්ග ග්‍රන්ථයේ දක්‌වා ඇත. මේ ඇළ මාර්ගය සියඹලන්ගමු වැවටත් එතැනින් නැවතත් සියඹලන්ගමුව ඔයටත් වැටේ. ඉන්පසු මැදගම වැලියාව ප්‍රදේශයේදී අමුණකින් හරස් වී අංගමුව වැවටත් ඉන්පසුව පනික්‌කන් කුලමටත් ගිය බවද අනතුරුව නීලබැම්ම නම් මහා අමුණකින් හරස්‌ව කලා ඔයට සමාන්තරව දෙමළ හත්පත්තුව දක්‌වාම ජල මාර්ගයක් ගෙන ගිය බවත් සඳහන්ය.
ලෝක බැංකු උපදෙස් මත සකස් කළ මෙම නව වාරිමාර්ග ව්‍යාපාර පරිසරයට සාපේක්‍ෂ ඉදිකිරීම් නොවීය. පැරැණි කලා වැව වම් ඉවුරු යෝධ ඇළ නොසලකා හරින ලද අතර අලි ඇතුන්ට නිදහසේ ගමන් කළ හැකි මාර්ග සියල්ල අවුරා ලන ලදී. මින් පෙර ඉදි කර තිබූ යෝධ ඇළ අංගමුව වැවට වැටී කලා ඔයට සමාන්තරව වැව් ගම්මාන පෝෂණය කරමින් ගලා බසින ලද අතර වන සතුන්ට නිදහසේ ඔය දෑලේ ගමන් කළ හැකි විය. රාජාංගන ව්‍යාපාරයට අමතරව මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක වීමෙන්a පසුව මහවැලි එච්. කලාපයේ කණ්‌ඩලම ප්‍රදේශය නූතන සංවර්ධනයට ලක් වූ අතර ලොකු කුඩා වැව් රාශියක් මහවැලි මහ සැලැස්‌ම යටතේ කපා හරින ලදී. පෙර දඹුලුඔය, මිරිස්‌ගෝනියා ඔය දෑලේ නිදහසේ වන පත්‍ර බුදිමින් ගමන් කළ අලි ඇතුන් කණ්‌ඩලම සහ ඉනාමළුව රක්‍ෂිතයටද යා ගත නොහැකිව අතරමං වූහ. මේ අලි රංචු කලා වැව, සියඹලන්ගමුව විල්පත්තුව ආදී වන කුට්‌ටිවලට සීමා විය. අලි ඇතුන්ගේ සුපුරුදු ගමන් මාර්ගය අහිමි වී ගිය බැවින් අලි ඇත්තුත් ගම්වලට වැදුණාහ. පෙර කුඩා ගම් වැව් සහ කුළු වැව් ආශ්‍රිතව තිබූ රක්‍ෂිතයන් තුළ ද මේ අලි රංචුවලට සුරක්‍ෂිතභාවයක් තිබිණි. වැව් කපාදැමීම නිසා එම සුරක්‍ෂිතතාවය ද උන්ට අහිමි විය.
නූතන සංවර්ධනයේදී පරිසරය සහ වන සතුන් සමග වන බැඳීම නොසලකා හැරේ. මහවැලි ව්‍යාපාරය මෙන්ම රාජාංගන ව්‍යාපාරය ද සැලසුම් කර ඇත්තේ ඒ ලෙසය. භාණ්‌ඩ එක් තැනකට රැස් කිරීම, එක්‌තැනකින් භාණ්‌ඩ බෙදා හැරීම වැනි ධනවාදී ආකල්ප මත හැසිරවෙන මේ ව්‍යාපාර අනෙකුත් සියලු පරිසර සාධක බැහැර කරයි. අලි ඇතුන් පලවා හැරීමට වෙඩි දැමීම, අලි වැටවල් ඉදිකිරීම, අලි තමන්ගේ වාසභූමි වලින් ඉවත්කිරීම මේ ව්‍යාපාර රැකගැනීමට තිබෙන ක්‍රියාමාර්ගයයි. තමන්ගේ නිදහස් මාර්ග අවහිර වනවිට දී සහ බඩ කට පුරවා ගැනීමට නොහැකි වූ විටදී අලි වියරු වැටෙති. මිනිසුන් විසින් කරන නොපනත්කම්වලට අලි ඇත්තුත් බෙහෙවින් සංවේදී වෙති. ඇතැම්විටදී මග රැක පහරදීමට පවා පෙළැඹෙති.
දළ පූට්‌ටුවා අහිංසකයකු වුවද ඌට කණ වැල ඇල්ලූ අලියා අතරමංව අතුරුදන් වන විටදී යා යුතු මග වැරැදී ගම්මාන හරහා යාමට සිදුවීමෙන් ඇතාට හිරිහැර සිදු වන්නට ඇත. වාහනයකින් පැමිණ ඇතාට වෙඩි තබා පලා ගිය මිනිසුන් ගැන උගේ මතකයේ දැඩි ලෙස රැඳෙන්නට ඇත. බඩ කට පුරවා ගත නොහී අතරමං වූ ඇතා වාහන දුටු තැන පහරදී දිව ගියේ මේ පීඩනය නිසාවෙනි.
අලි ඇතුන් ඇතුළු වනසතුනගේ සහ මනුෂ්‍යයා අතර සහජීවනය පිළිබඳව නැවත සිතා බැලීමට මේ සිද්ධිය දැඩි ලෙස ඉවහල් වනවා ඇත. එහෙත් ඇතා අල්ලා වෙනත් රක්‍ෂිතයකට ගෙන ගොස් දැමීම මගින් ප්‍රශ්නය වසා අත පිස¹ ගැනීම කළහොත් මේ ගැටලුව ඉදිරියේදී තව තවත් උග්‍ර වනවා ඇත. ඉතිරිව තිබෙන මහවැලි රක්‍ෂිත පවා සංචාරක හෝටල් තැනවීමට ක්‍රියා කරන රටක මනුස්‌සකමක් බලාපොරොත්තු වීමද අසීරුය. නමුත් රටට, පරිසරයට ආදරය කරන සත් පුරුෂයන්ගේ ඇස මේ පිළිබඳව යොමු වුවහොත් බුද්ධිමය කතිකාවතක් වහ වහා ඇතිකර ගැනීමට අසීරු නොවනවා ඇත.

උපුටා ගැනීම
දිවයින
2011-11-10
දිවයින
2011-11-10