අපි නොබියව දෙමළ ජාතිවාදය ද පරාජය කරමු
-මහාචාර්‍ය නලින් ද සිල්වා. තවත් ජාත්‍යන්තර රාජ්‍ය නායක හමුවක් ඕස්‌ට්‍රේලියාවේ පර්ත් නගරයේ දී අවසන් විය. දෙමළ ජාතිවාදයේ තර්ජනය එහි දී ද ප්...
http://weadikawa.blogspot.com/2011/11/blog-post_1548.html
-මහාචාර්‍ය නලින් ද සිල්වා.
තවත් ජාත්‍යන්තර රාජ්‍ය නායක හමුවක් ඕස්‌ට්‍රේලියාවේ පර්ත් නගරයේ දී අවසන් විය. දෙමළ ජාතිවාදයේ තර්ජනය එහි දී ද ප්‍රදර්ශනය විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් වරක් ඊනියා යුද්ධාපරාධ චෝදනා හමුවේ රාජ්‍ය නායකයන්ට කොන්ද නොනමා ලංකාවේ තතු පැහැදිලි කිරීමට හැකිවිය. එහෙත් අද යුද්ධාපරාධ ගැන දොඩවන දෙමළ ජාතිවාදයට තවදුරටත් ඉඩදිය යුතුද? දෙමළ ත්‍රස්‌තවාදය පරාජය විණි ද දෙමළ මතවාදය පරාජය විණිද දෙමළ ජාතිවාදය පරාජය වී නොමැත. එහි දේශීය මෙන්ම විදේශීය නියෝජිතයෝ වෙති. ඔවුන් අතර ඊනියා වාම දේශපාලනයක යෙදෙන මාක්‌ස්‌වාදීහු, පශ්චාත් මාක්‌ස්‌වාදීහු සහ පශ්චාත් නූතනවාදීහු ද වෙති. මේ වාම දේශපාලනය ගැන එතරම් තැකීමක් කිරීමට තරම් දෙයක් නැත. ඔවුන් අතරට ප්‍රසිද්ධියේ එකතු වී සිටින ජ. වි. පෙරමුණේ කුමාර් කණ්‌ඩායම ශිෂ්‍යයන් හා තරුණ ඇඟලුම් කම්කරුවන් අතර ක්‍රියාත්මක වීමට උත්සාහ දරතත් මේ 1971 හෝ 1988 හෝ නොවන බව ඔවුහු නො දනිති. එසේ වුවත් බටහිරයෝ රටක ආණ්‌ඩු විරෝධී කුඩා කණ්‌ඩායමක් වුවද අත් නොහරිති. අප මොවුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. ඔවුන්ගේ දේශපාලනය ගැන තැකීමක් නැති වුවත් ජාතිකත්වයට එරෙහිව ඔවුන් යොදා ගැනීමට බටහිරයන්ට ඇති හැකියාව නිතරම අපේ විමසිල්ලට යොමු විය යුතුය. දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වන්නේ බටහිරයන්ගේ ශක්‌තියෙන් මිස දේශීය වශයෙන් ඇති බලයක් නිසා නොවේ. දෙමළ ජාතිවාදය ආරම්භ කරනු ලැබුයේ ම බටහිරයන් විසිනි. ලංකාවේ වත්මන් දෙමළ ජනගහනය ලන්දේසීන් විසින් දුම්කොළ වගාව සඳහා දහහත් වැනි සියවසේ දී මෙරටට කෝරමණ්‌ඩල වෙරළෙන් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් හා එවකට නාගදීපයේ (යාපන අර්ධද්වීපයේ) සිංහලයන්ගෙන් හා මලයාලම් බස කතා කළ වේලක්‌කාර ජනතාවගෙන් ද පසුව දහනවවැනි සියවසේදී ඉංගිරිසින් විසින් මාර්ගවල හා වතුවල සේවය සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන aවනු ලැබූ ජනයාගෙන් සමන් විත වෙයි. පළමුව ලන්දේසීන් විසින්ද පසුව ඉතා සූක්‍ෂම ලෙස ඉංගිරිසින් විසින් ද මේ ජනතාව සිංහල රජුට, රාජ්‍යයට, සංස්‌කෘතියට හා ආර්ථිකයට එරෙ හිව යොදාගනු ලැබූහ. මුළු මහත් දෙමළ ජාතිවාදය ම ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ සංස්‌කෘතියට මෙරට හිමිවිය යුතු තැන අහිමි කිරීමටය. යටත්විජිත යුගයේ සිටම මෙරට සිංහලයන්ට සිංහලයන් වීම නිසාම ප්‍රශ්න වෙයි. තවමත් ඒ ප්‍රශ්න සමහරක් විසඳී නැත.
දහනව වැනි සියවස අගභාගයේ සිට ඉංගිරිසීහු බර්ගර්වරුන් වෙනුවට ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් මුළු රටේම දේශපාලන හා සංස්‌කෘතික නායකත්වයට පත්කිරීමට කටයුතු කළහ. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාශලම්, ආනන්ද කුමාරස්‌වාමි යන එකම පවුලේ මස්‌සිනාලා මෙහිදී කැපී පෙනුණහ. මේ නායකත්ව අභිලාෂය ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් අතරද දැකිය හැකි විය. ඔවුන් කොළඹ වටා තම බලය රඳවා ගැනීමට උත්සාහ ගත්තේ ව්‍යවස්‌ථාදායකයේ තම නියෝජනත්වය උපක්‍රම මගින් වැඩිකිරීමෙනි. එහෙත් 1931 දී ඉංගිරිසින් අපට ලබාදුන් සර්වජන ඡන්දය සමඟ වෙල්ලාල නායකයන් රටේම නායකයන් වීමේ සිහිනය බිඳ වැටිණි. 1931 න් පසුව දෙමළ ජාතිවාදය තව තවත් ආක්‍රමණශීලී විය. එවකට නායකයකු ලෙස මතු වී සිටි තවත් වෙල්ලාලයකු වූ ජී. ජී පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා සිටියේය. මේ ඉල්ලීමෙන් ඔවුන් අපේක්‍ෂා කළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල නියෝජිතයන්ගේ ප්‍රතිශතය පනහට අඩු සංඛ්‍යාවකට සීමා කිරීමය. එහෙත් සර්වජන ඡන්දය ඒ සියලු අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාත්මක විය. මේ බව පළමුවෙන් තේරුම්ගත් එස්. ඡේ. වී. චෙල්වනායගම් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට කලකට පෙරම 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) පිහිටුවා ගත්තේ මුළු රටේම නායකයන් වීමට බැරි නම් අඩුම තරමින් ඉංගිරිසින් විසින් 1889 දී අවසන් වරට නියම කරන ලද පළාත් බෙදීම උපයෝගී කරගනිමින් ඉංගිරිසින්ගේ උතුරු හා නැගෙනහිර පළාත්වල නායකයන් වීමටය. චෙල්වනායගම් තම පක්‍ෂය ඉංගිරිසියෙන් හැඳින්වූයේෆෙඩරල් (සන්ධීය) නමිනි. ඒ මුළුමනින්ම සිංහල නායකයන් හා සිංහල ජනතාව රැවටීම සඳහාය. චෙල්වනායගම් තම අභිලාෂය මුදුන්පත් කරගැනීම සඳහා යාපනයේ (උතුරේ), මඩකලපුවේ (නැගෙනහිර) හා කඳුකරයේ දෙමළ ජනතාව පමණක් නොව මුස්‌ලිම් ජනයා ද එකතු කරගත්තේය. පොන්නම්බලම් රාමනාදන් සිහිපත් කරමින් චෙල්වනායගම් මුස්‌ලිම් ජනයා දෙමළ කතාකරන ජනයා යන කණ්‌ඩායමට එකතු කර ගත්තේය. චෙල්වනායගම්ට අවශ්‍ය වූයේ මුස්‌ලිම් ජනයා ද එකතු කර ගනිමින් උතුරු හා නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කිරීමටය. 1976 දී පවත්වන ලද වඩුකොඩෙයි සම්මේලනයේ දී උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වූ දෙමළ දේශපාලන පක්‍ෂ මෙන්ම තොණ්‌ඩමන්ගේ හා අෂ්රොෆ්ගේ ද නායකත්වයෙන් තිබුණු පක්‍ෂ ද එකතු වී සිංහලයන්ට විරුද්ධව රට බෙදන යෝජනාව සම්මත කරගත්හ. එය දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධානම අවශ්‍යතාවක් ඉටුකර ගැනීමක් විය. ඒ වන විට ද ජ. වි. පෙරමුණේ ආභාසයෙන් ආයුධ සන්නද්ධ වී සිටි ප්‍රභාකරන් වැන්නන්ට ඒ යෝජනාව පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් විය. ඔවුහු ඊළමක් පිහිටුවීම සඳහා ආයුධ සන්නද්ධ සටනකට එළැඹුණහ.
අද යුද්ධාපරාධ ගැන කතාකරන බටහිරයන්, කසිකබල් මාක්‌ස්‌වාදීන් හා අනෙක් දෙමළ ජාතිවාදීන් එදා රට බෙදීම යුක්‌ති යුක්‌ත කළේ දෙමළ ජනයාට සිංහලයන්ගෙන් මහත් අසාධාරණයක් සිදුවී ඇති බවත් ඊනියා සිංහල ආණ්‌ඩු දෙමළ ජනතාව රවටා ඇති බවත් එබැවින් වෙනම රාජ්‍යයක් සඳහා කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි කියමිනි. දෙමළ ජනතාව වෙනම ජාතියක් බවද ඔවුන්ට ලංකාවේ ඉතා ඈතට යන ඉතිහාසයක් ඇති බවද දෙමළ ජාතිවාදීහු අබමල් රේණුවක තරමක සාධකයක් නැතිව පැවසූහ. රාවණ යනු ද්‍රවිඩ රජකු යෑයි ඔවුහු භාරතයට ද ද්‍රවිඩයන් පැමිණියේ එහි වෛදික සංස්‌කෘතියක් ඇතිවීමෙන් පසුව බව අමතක කරමින් කීවෝය. මාක්‌ස්‌වාදීන් දෙමළ ජාතියේ ඊනියා ස්‌වයංනිර්ණ අයිතිය ගැන කතා කළේ සෝවියට් දේශයේ වූ විවිධ ජාති අමතක කරමිනි. තවත් සමහරු ලංකාවේ ඊනියා දෙමළ බෞද්ධයන් ගැන කතාකළහ. ලංකාවේ දෙමළ බෞද්ධයන් සිටි බවට සාක්‍ෂි නැති වූ කල ඔවුහු තමිල්නාඩුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දෙමළ බෞද්ධයන් සිටි බව පෙන්වීමට උත්සාහ කළහ. ලංකාවේ සිටියේ යෑයි කියන දෙමළ ජනයා අතින් දෙමළෙන් පොත් ලියෑවී නොමැති බැවින් ඔවුහු භාරතයේ ලියෑවුණු දෙමළ පොතපත ගැන කතා කළහ. මේ අතර ඇතැම් දෙමළ ක්‍රිස්‌තියානි උගත්තු බෞද්ධයන්ට යුද්ධ කිරීම කැපදැයි ප්‍රශ්න කළහ. බුද්ධාගම පාවාදීම වැනි පොත් දෙමළ ක්‍රිස්‌තියානි උගතුන් අතින් ලියෑවුණේ ඔවුන්ට බුද්ධාගම ගැන පහළ වූ කරුණාවක් නිසා නොවන බව අපි දනිමු. ගැමුණු කුමරු බෞද්ධයන් ලෙස යුද්ධ කරන්නේ කෙසේද යන්න අපට උගන්වා තිබූ බව මේ දෙමළ ජාතිවාදීහු නොදත්හ. තවත් පඬිවරු ලංකාව අතීතයේ දී ඒකීය රාජ්‍යයක් ව තිබිණිදැයි ප්‍රශ්න කළහ. ඔවුන්ට අනුව අප යන්තම් ඒකීය වී ඇත්තේ ඉංගිරිසින් රට යුද්ධයකින් නොව උපායෙන්, තක්‌කඩිකමෙන් අල්ලා ගැනීමෙන් පසුවය. අපේ එක්‌සේසත් රාජ්‍යය ඒකීය රාජ්‍යයට වඩා යහපත් බව මේ පඬියෝ නොදත්හ. එක් පඬියකු තම පඬිබවින් මුළා වී ලංකාව එක්‌සේසත්ව පැවැතියේ හත්අට වතාවක් පමණක් යෑයි කීවේය. ඔහු එසේ කීවේ රජවරුන් හත්අට දෙනකු පමණක් ලංකාව එක්‌සේසත් කළ බව වංසකතාවල සඳහන් වී ඇති බැවිනි. මේ පඬියා නොදත් කරුණ වූයේ ලංකාව එක්‌සේසත් නොවී පැවැතුණේ හත්අට වාරයක් පමණක් බවත් සෑම වාරයක දීම වැඩිකල් නොගොස් රජතුමකු රට එක්‌සේසත් කළ බවත්ය. වයිඩර් ආයතනය එකල සිංහල බෞද්ධ විරෝධයේ තවත් මධ්‍යස්‌ථානයක් විය. කිසිදා කිසිම සංකල්පයක්, ප්‍රවාදයක් නිර්මාණය කර නැත්තෝ එහිදී ඩොලර් මත බඩපිනුම් ගැසූහ.
අවුරුදු හතළිස්‌අටක් විශ්වවිද්‍යාලවල හා වෙනත් තැන්වල පඬියන් ඇසුරුකර ඇති මම මොවුන්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසකට සංකල්පීයව නිරවුල් ව සිතීමට නොහැකි බව දනිමි. සරසවි ඇදුරන් කෙසේවත් සුවිශේෂ පුද්ගලයන් නොවන බව මම අත්දැකීමෙන් ම දනිමි. බටහිරයන්ගේ අනුග්‍රහයෙන් දෙමළ ජාතිවාදීහු මුල සිටම ඉංගිරිසින් පත්කළ සිංහල නායකයන් ද ඊනියා උගත් සිංහල බෞද්ධයන් ද බිය වැද්දූහ. සිංහලයන් දෙමළ ජනයාට මහා අසාධාරණයක් කළ පිරිසක් යන මානසිකත්වය සිංහලයන්ටම ඇති කළහ. එහිදී ලිබරල් මෙන්ම මාක්‌ස්‌වාදී උගත්තු ද එක්‌ව සිටියහ. දෙමළ ජනයාට කරන ලද අසාධාරණය හේතුකොටගෙන අඩුතරමෙන් සන්ධීය රාජ්‍යයක්‌වත් දිය යුතු යෑයි මේ සියල්ලෝ ම කියා සිටියහ. ප්‍රභාකරන් මහා යුද්ධ විශේෂඥයකු බවද කොටින් පරාජය කළ නොහැකි බව ද ඔවුහු අපට කීවෝය. එමගින් අප බියවද්දා ඊනියා සාකච්ඡා මේසයේදී ඊළාම් දෙසට යොමු වූ සහසන්ධීය රාජ්‍යයක් දිය යුතු යෑයි කීවෝය. එහෙත් අපි දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළෙමු. සම්බන්ධන්ලා සූදානම් වන්නේ නැවතත් අප සාකච්ඡා මේසයට කැඳවා දෙමළ ජනයාට සිදු වී ඇති ඊනියා අසාධාරණය ගැන කතා කිරීමටය. එහෙත් හමුදා මෙහෙයුම් අවශ්‍ය වූයේ ම සාකච්ඡා මේසය බොරුවක් වූ බැවිනි. හමුදා ජයග්‍රහණය දේශපාලන විසඳුමක් බවත් සියලු පැරැණි සාකච්ඡා, ගිවිසුම් ඒ සමඟ අවලංගු වන බවත් අපි සම්බන්ධන්ලාට කියමු. මගේ පැරැණිම ශිෂ්‍යයකු මතක් කළ පරිදි යම් අයුරකින් ප්‍රභාකරන් ජයගත්තේ නම් ඔහු ඊළමක් පිහිටුවනු මිස නැවත සාකච්ඡාවලට එළැඹෙයි ද? එවැනි අවස්‌ථාවක සම්බන්ධන් සාකච්ඡා සඳහා ආණ්‌ඩුවට ආරාධනා කරාවිද? සම්බන්ධන්ලා සමඟ දැන් කිසිම සාකච්ඡාවක් නැත. ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවලට දීමට අවශ්‍ය නොවේ. අපි බිය නොවී දෙමළ ජනයාට සිංහලයන්ගෙන් කිසිම අසාධාරණයක් වී නොමැති බවත් ලෝකයේ වැඩිම වරප්‍රසාද භුක්‌තිවිඳින ජනවර්ග ඇත්තේ ලංකාවේ බවත් බටහිරයන්ටත් දෙමළ ජාතිවාදීන්ටත් මහහඬින් කියමු. අපට දෙමළ ජාතිවාදය ද පරාජය කළ හැකිය. එයටද අවශ්‍ය දේශපාලන නායකත්වය දීමට මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා සුදුස්‌සකු නැත.
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-11-05