සිරිල් මැතිව්ගෙන් අදට
-මනෝජ් අබයදීර පළමු වරට 1980 දී පමණ ප්‍රකාශ කරන ලද සිරිල් මැතිව්ගේ "කවුද කොටියා" ග්‍රන්ථය සිංහල හඬ ප්‍රකාශනයක්...
http://weadikawa.blogspot.com/2011/11/1980_15.html
-මනෝජ් අබයදීර
පළමු වරට 1980 දී පමණ ප්‍රකාශ කරන ලද සිරිල් මැතිව්ගේ "කවුද කොටියා" ග්‍රන්ථය සිංහල හඬ ප්‍රකාශනයක් ලෙස යළිත් වරක් නිකුත් වී තිබේ. රටත්, ආණ්‌ඩුවත්, විපක්‍ෂයත් වර්තමානයේ මුහුණදී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැදගත් භාවයක් මෙම ග්‍රන්ථය උසුලනු ලබයි.
1980 දශකයේදී පැවැති ඊළාම්වාදයේ හැඩරුව හා එහි අනාගතය පිළිබඳව දකිමින් සිරිල් මැතිව් විසින් සිදුකරන ලද පාර්ලිමේන්තු දේශන හා ජනාධිපති වෙත යවන ලද ලිපියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය මර්දනය කිරීමෙන් අනතුරුව දෙමළ වර්ගවාදය හමුවේ රට මුහුණදී තිබෙන තත්ත්වයට සමාන තත්ත්වයක් සිරිල් මැතිව් විසින් මෙම ග්‍රන්ථයට ඇතුළත් කතා පවත්වන කාලයේදී රටේ තිබිණි. ඒ අනුව ගත් විට දෙමළ වර්ගවාදයේ ඉතිහාසය තුළ යළිත් කැරකී පැමිණ ඇත්තේ සිරිල් මැතිව් විසින් සිය සටන දියත් කළ කාලය වෙතය. සිරිල් මැතිව් සෘජු ලෙස ගත් විට එජාපය නියෝජනය කළ මුල් පෙළේ දේශපාලනඥයකු විය. ඔහු ඒ තුළ හිඳිමින් ජාතික ව්‍යාපාරයේ මතවාදය ද සෘජු ලෙසම නියෝජනය කළේය. ඡේ.ආර්. ගේ. ආණ්‌ඩුව සමයේa දෙමළ වර්ගවාදයේ නැඟ ඒම රටේ ඒකීයභාවයට හානිකර ලෙස දියත්වන බවත් එය වර්ෂ කිහිපයක් තුළ රටත්, ජාතියත් මහත් ව්‍යසනයකට ඇද දමන බවටත් අනාවැකි පළ කරන ලද්දේ ජාතික ව්‍යාපාරයේ චරිත විසිනි. එහිදී මුල් තැනක් ගත්තේ, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්aය.
පක්‍ෂ දේශපාලනයට සෘජු ලෙස සම්බන්ධ නොවී බලපෑම් කණ්‌ඩායමක් ලෙස ජාතික ව්‍යාපාරය ගෙන ගිය අරගලයෙන් පෝෂණය වූ දේශපාලන චරිතයක් ලෙස සිරිල් මැතිව් හඳුනාගත හැකිය. තමන්ගේ පක්‌ෂයට හොඳ පාක්‌ෂිකයකු වන අතරේම තමන්ගේ ජාතියට ඇති අචල වාත්සල්‍යය හා අර්බුදයේ අනාගතය දැකීමේ තියුණු ඉවක් සිsරිල් මැතිව් සතුව තිබූ බව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.
1980 දශකය වනවිට දෙමළ වර්ගවාදය සිය ජීවන චක්‍රයේ පරිණත තත්ත්වයකට පත්ව තිබිණි. දෙමළ නිජභූමි මිථ්‍යාව ඔස්‌සේa ක්‍රියාකාරි දේශපාලන ගමනකින් ඊළම බිහිකර ගන්නා තැන සිට සංවිධානාත්මක අවි බලයක් සහිතව ඊළමට ළඟාවීම එම "පරිණතභාවය" විය. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ හැර පැවැති සියලුම දේශපාලන පක්‍ෂ එම දේශපාලන භාවිතයට එරෙහිව සෘජු ප්‍රතිපත්තියක සිටියේය. ඡේ. ආර්. ජයවර්ධනගේ ආණ්‌ඩුවද සිටියේ එතැනය. වෙනකක් තබා තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. රාමචන්ද්‍රන් පවා සිට ඇත්තේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ක්‍රියාදාමයට එරෙහි තැනකය. කවුද කොටියා ග්‍රන්ථයේ ඇති සිරිල් මැතිව්ගේ පාර්ලිමේන්තු කතාවක් මඟින් ඒ බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා විඳින දුක් කම්කටොලු සහ තව අවුරුදු දහයකින් වෙනමම ස්‌වෛරී ද්‍රවිඩ රාජ්‍යයක් බිහිවීමේ නිසැකතාව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්‍ෂ නායකයා විසින් කර ඇති ප්‍රකාශ ගැන අදහස් දක්‌වන්නට කී විට රාමචන්ද්‍රන් මහතා මෙසේ කීවේය. "විදේශීය ආගන්තුක සත්කාර ලබන ඕනෑම ප්‍රභූවරයකු තමාගේ රට සහ විදේශ ජාතිය අතර ඇති සුහද සම්බන්ධතාවලට අහිතකර වන ආකාරයේ කිසිවක් කීමෙන් වැළකී සිටිය යුතුයි. අමිර්තලිංගම් මහතාගේ ප්‍රකාශ නිසා හින්දු පත්‍රයට කතු වැකියක් ලියන්නට සිදුවූ බව මහ ඇමැතිතුමා කීවේය. මදුරාසි ගුවන්තොටුපළේදී අමිර්තලිංගම් මහතාට සපයන ලද නිල රථයකට නොනැඟ දේශපාලන පක්‍ෂයක් විසින් සපයන ලද රථයකට අමිර්තලිංගම් මහතා නැඟීම ද රාමචන්ද්‍රන් මහතා විසින් හෙළා දැක ඇත.
(කවුද කොටියා - පිටුව - 59)
අමිර්තලිංගම් සහ ඔහුගේ බිරිඳ තමිල්නාඩුවේ සිදුකරන ලද සංචාරයකදී කරන ලද ප්‍රකාශයන්ට එරෙහිව එම්. ජී. රාමචන්ද්‍රන් මෙසේ සිය අප්‍රසාදය පළකර තිබිණි. එහිදී අමිර්තලිංගම් විසින් සිදු කරන ලද ප්‍රකාශයද සිරිල් මැතිව් විසින් 1979 මාර්තු 10 වැනිදා "ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්" පුවත්පතේ හයවැනි පිටුව ඇසුරෙන් මෙසේ ඉදිරිපත් කර තිබිණි.
ලක්‌ෂ 35 ක් වන ශ්‍රී ලංකා දෙමළ ජනයා ඔවුනට වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට සටන් කර තිබෙනවා යෑයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂ නායකයා වූද, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සභාපතිවරයා වූද, අමිර්තලිංගම් මහතා පිළිගැනීම සඳහා බ්‍රහස්‌පතින්දා පෙරම්බාර්හිදී ද්‍රවිඩ මුන්නේත්‍ර කාසගම් මඟින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ රැස්‌වීමකදී ඒ මහතා විසින් පවසන ලදී.
ද්‍රවිඩ ජනයාට සිංහල ජනයින් සමඟ එක්‌ව වාසය කිරීම තවදුරටත් කළ නොහැකි බව අමිර්තලිංගම් මහතා විසින් පවසන ලදී. එක්‌කෝ පක්‍ෂ දෙකේම හිමිකම් ඉල්ලීම් ලිහිල් කර සාමයෙන් විසීම, නැතිනම් යුද්ධ කිරීම තෝරා ගන්න යෑයි ලංකා රජය ද්‍රවිඩ ජනයාට කියා සිටි බවත්. දෙපක්‌ෂයේම ඉල්ලීම් ලිහිල් කර සාමයෙන් විසීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය සිය නිදහස හා ආත්මගරුත්වය නම් ලක්‍ෂ 35 ක දෙමළ ජනයා යුද බිමේ දිවි පිදීමට වඩා කැමැතිය කියා ඔහු කලකට පෙර ලංකා රජයට පැවසූ බවත් අමිර්තලිංගම් මහතා ප්‍රකාශ කළේය.
(කවුද කොටියා - පිටු 50 - 51)
දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණට හා ඊළාම්වාදයට එරෙහිව තමිල්නාඩුව පවා එවැනි ස්‌ථාවරයක සිටියත් 1987 වනවිට ඒ සියලු තත්ත්වයන් වෙනස් වන්නට පටන් ගත්තේය. ඒ සඳහා බලපෑ ප්‍රධාන කාරණය වන්නේ සිරිල් මැතිව් විසින් ගෙන ගිය සටන ක්‍රියාත්මකභාවයකට පත් කිරීමට එජාප ආණ්‌ඩුවට හැකියාව නොලැබීමය. ඉන්දියාවේ බලපෑම එහිදී ප්‍රමුඛ ලෙස එල්ල වී තිබිණි. ඉන්දියානු බලපෑම හමුවේ අසරණභාවයට ඡේ. ආර්. පත්වීම සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත්, එමඟින් පළාත් සභා ජනිත කිරීමද සිදුවිය. මෙම සිදුවීම ශ්‍රී ලංකාවට මෙන්ම එජාපයටද තීරණාත්මක විය. පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට එයට එරෙහිව සිරිල් මැතිව් විසින් ඡන්දය පාවිච්චි කළ අතර ඒ හේතුවෙන් ඔහු එජාප ආණ්‌ඩුවෙන් ඉවත් කිරීමට ජනාධිපති ජයවර්ධන තීරණය කළේය.
සිරිල් මැතිව් එජාප ආණ්‌ඩුවෙන් ඉවත් කිරීම එජාපයෙන් ජාතික මතය ඉවත් කිරීමේ සංකේතයක් බඳු විය. ඉන්දියානු බලපෑම එල්ල වන තෙක්‌ම එජාපය සිටියේ දෙමළ වර්ගවාදයට, ඊළමට එරෙහි මතවාදයකය. නමුත් ඉන්දියන් බලපෑම හමුවේ ගැනීමට වූ ක්‍රියාමාර්ග සමඟ එජාපය දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ දැරූ ස්‌ථාවරයටම පැමිණීම සිදුවිය. ඒ තුළ සිරිල් මැතිව්ට එජාපයෙන් පිටමං වීමට සිදු විය. සිරිල් මැතිව් දෙමළ වර්ගවාදය සම්බන්ධයෙන් සිටි මතවාදයේ පක්‍ෂයක් ලෙස එජාපය සිටියා නම් ඉන්දියානු බලපෑම හමුවේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළද, පළාත් සභා පිහිටෙව්වද එයට යම් ආකාරයකින් තමන්ගේ අත කරකවා කරන ලද කාර්යය "රිවස්" කරන්නට ඉඩ ප්‍රස්‌ථාව තිබිණි. නමුත් එජාපයද දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේම මතයට පැමිණීමත් සමඟ එය රට තුළ ජාතිෙද්‍රdaහී පක්‌ෂයක් බවට පත්විය. අද වනතෙක්‌ම එජාපය දේශපාලන වශයෙන් පල්ලම් බසින්නේ මේ හේතුව නිසාය. මෙය එජාපයට එල්ලවී ඇති සිරිල් මැතිව් ශාපය ලෙස හඳුන්වා දිය හැකිය. විපක්‍ෂය ලෙස තමන් වැටී ඇති වළ හඳුනා ගැනීමටත් එයින් ගොඩ ඒමට මාර්ගය පාදා ගැනීමටත් විපක්‍ෂයට "කවුද කොටියා" ග්‍රන්ථය වැදගත් වන්නේ මේ නිසාය.
සිරිල් මැතිව් දෙමළ වර්ගවාදයේ හැසිරීම නිරීක්‍ෂණය කරමින් එහි අනාගතය ගැන නිවැරැදි ලෙස අනුමාන කළේය. එය සන්නද්ධ ත්‍රස්‌තවාදය තෙක් යන ගමන ඔහු පැහැදිලිව සඳහන් කළේය. එල්. ටී. ටී. ඊ. ය. නොමැති තත්ත්වයක් තුළ අද දෙමළ වර්ගවාදී නායකයන් හැසිරෙන්නේද එදා ආකාරයෙන්මය. එදා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණට එරෙහිවත්, නැඟී ආ ත්‍රස්‌තවාදයටත් එරෙහිව පියවර නොගැනීම විසින් ඡේ. ආර්. ආණ්‌ඩුව රට තුළ ව්‍යසනයකට ඉඩ විවර කළ ආකාරය, රාජපක්‍ෂ ආණ්‌ඩුව ද පාඩමකට ගත යුතුය. අද දෙමළ වර්ගවාදය යළිත් පැමිණ සිටින්නේ එදා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ 70 දශකයේ හැසිරුණු තැනටය. දෙමළ වර්ගවාදය සපුරා පරාජය නොකරන්නේ නම් යළිත් රට පැමිණෙනු ඇත්තේ එවැනිම ව්‍යසනකාරී තත්ත්වයකටය. මේ නිසා ආණ්‌ඩුව විසින් තමන් කළ මෙහෙවර යළිත් ව්‍යසනයකට ඇද නොවැටෙන තැනකට ගෙන ඒමට, සිරිල් මැතිව් එදා කළ අරගලය අනුව අවසානයක් දක්‌නා විසඳුමකට ආ යුතුව තිබේ.
මේ සියලු දෙනාටම වඩා "කවුද කොටියා" ග්‍රන්ථය වැදගත් වන්නේ රටටය. එදා සිරිල් මැතිව් ඊළාම්වාදය හැසිරෙනාකාරය රටට හෙළි කළේය. එපමණක් නොව ඒ ආකාරයෙන් ඊළාම්වාදය හැසිරීම අනාගතයේ සන්නද්ධ ගැටුමකට සැරසෙන බව දැක තමන් අමාත්‍ය ධුරය හෙබවූ කර්මාන්ත හා විද්‍යා අමාත්‍යාංශය යටතේ ඇති ලෝහ භාණ්‌ඩ සංස්‌ථාව මඟින් රටට අවශ්‍ය කරන අවි - ආයුධ සෑදීමට ඡේ. ආර්. ගෙන් අවසර ඉල්ලා සිටියේය. ඒ සඳහා සිරිල් මැතිව් සමඟ ඡේ. ආර්. හමුවට ගියේ ලෝහ භාණ්‌ඩ සංස්‌ථාවේ සභාපති වූ මහාචාර්ය පී. ඒ. ද සිල්වාය. නමුත් ඡේ. ආර්. ගෙන් ඊට අවසර නොලැබිණි. යම් හෙයකින් ඡේ. ආර්. ඒ සඳහා අවස්‌ථාව ලබා දුන්නේ නම් අපේ රටේ නිපදවන අවි - ආයුධ මගින්ම කොටි ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමේ භාග්‍යය රටට ලැබෙන්නට තිබිණි. සිරිල් මැතිව් ගේ සැලසුම එතරම්ම ඉදිරිය බලා විහිදී ගියේය. එසේ වුවත් 13 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමේ වරදට ඡේ. ආර්. විසින් සිරිල් මැතිව් ආණ්‌ඩුවෙන් එළියට දමන විට ඔහුට හයියක් වී ඔහු සමඟ ඉදිරියට යන තරමේ ශක්‌තිමත් ව්‍යාපාරයක් ජාතියට තිබුණේ නැත. එසේ වූවානම් එජාපයට සේම අනිකුත් පක්‍ෂවලටද ඊළාම්වාදයට යට නොවන තැනට බලපෑම් කිරීමේ හැකියාව ජාතිය සතු වන්නට තිබිණි. නමුත් ඒ තරමේ ක්‍රියාශීලී ජාතික බලවේගයක් ඒ මොහොතේ රටේ නොතිබිණි. සිරිල් මැතිව් අර්බුදය දැක එයට එරෙහිව හඬ නැඟුවද ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට, ආණ්‌ඩුවට බලපෑම් කිරීමට ක්‍රියාකාරී ජාතික ව්‍යාපාරයක් තිබුණා නම් ව්‍යසනය මේ තරම් ෙ€දනීය නොවන තැනකින් කෙළවර කර ගැනීමේ හැකියාව ලැබෙන්නට තිබිණි.
උපුටා ගැනීම
දිවයින -මනෝගේ දේශපාලන ලෝකය