ජාතික ව්‍යාපාරයක් නොව නව ජාතික ව්‍යාපාරයක්
-මහාචාර්ය නලින් ද සිල්වා [ 2011/10/02 - දිවයින] අද මෙරට ඇත්තේ ජන පදනමක් ඇති එක් දේශපාලන පක්‍ෂයක් පමණකි. අනෙක් දේශපාලන පක්‍ෂ ප...
http://weadikawa.blogspot.com/2011/10/20111002_3879.html
-මහාචාර්ය නලින් ද සිල්වා
[2011/10/02 - දිවයින]
අද මෙරට ඇත්තේ ජන පදනමක් ඇති එක් දේශපාලන පක්‍ෂයක් පමණකි. අනෙක් දේශපාලන පක්‍ෂ පවතින්නේ ජනමාධ්‍යවලට පින්සිදු වන්නටය. අද දේශපාලනය කිරීම එතරම් අමාරු කාර්යයක් ද නොවේ. ජනමාධ්‍ය සමග මනා සම්බන්ධතාවක් ඇත්නම් පුවත්පත් සාකච්ඡා මගින් පමණක් වුවත් දේශාලනයෙහි නිරත විය හැකිය. එය තරමක් වෙනස් වන්නේ මැතිවරණ කාලවලදීය. එවැනි අවස්‌ථාවලදී ගෙන්ගෙට ගොස් කරන මැතිවරණ ව්‍යාපාර කුඩා හා මහා රැස්‌වීම් සංවිධානය වැදගත් වෙයි. දිවයින පුරා ජන පදනමක් ඇත්තේ ශ්‍රී ල.නි. පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස් සංධානයට ය. එහිද බොහෝ පක්‍ෂ පවතින්නේ ශ්‍රී ල. නි. පක්‍ෂය සමඟ ගැට ගැසීම නිසාම පමණක් බව පැහැදිලිය. බොහෝ කලක් මෙරට ආණ්‌ඩු කළ පක්‍ෂයක් වූ එ. ජා. පක්‍ෂයට අද ලබා ඇත්තේ රනිල් ඒරාෂ්ටකය ය. ගැමුණු රජුගෙන් පසුව මෙරට ජීවන ක්‍රමයෙහි දැනෙනසුලු වෙනසක් කළේ එ. ජා. පක්‍ෂයෙහි නායකයකු වූ ඡේ. ආර්. ජයවර්ධන ය. බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදීන් වූ පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි ආණ්‌ඩුකාරවරුන්ට, පූජකවරුන්ට, නිලධාරීන්ට කළ නොහැකි වූ වෙනසක් නගරවලින් පිටත කිරීමට හැකිවූයේ යටත්විජිතවාදීන්ගේ හොඳම නියෝජිතයා වූ ඡේ. ආර්. ජයවර්ධනට ය. එහෙත් ඔහු ඇති කළ වෙනසට නායකත්වය දීමට රනිල් අපොහොසත් වීම ඇතැමුනට ප්‍රශ්නයක් විය හැකිය. රනිල් තම මාමා තරමට මෙරට සංස්‌කෘතිය නොහඳුනයි. ඡේ. ආර්. ජයවර්ධනට පෙර ඒ සඳහා ඉතා සුළුවෙන් නමුත් දායකත්වයක් ලබාදී තිබුණේ මෙරට බටහිර උගතුන් විසිනි. එහෙත් එය නගරවලට සීමා වූ දායකත්වයක් විය.
ඡේ. ආර්. ජයවර්ධන එ. ජා. පක්‍ෂයට ඔරොත්තු නොදෙන්නෙක් විය. ඔහු එ. ජා. පක්‍ෂයට බැඳෙන්නට ඇත්තේ එකල එයට වඩා බටහිර ගැති පක්‍ෂයක් නොතිබූ බැවින් විය යුතුය. ඔහු එ. ජා. පක්‍ෂයෙහි බලය අතට ගැනීම වැළැක්‌වීමට සේනානායකවරු මහත් උත්සාහයක් ගත්හ. සේනානායකලා මුළුමනින්ම ඉංගිරිසින්ගේ ප්‍රසාදයට ලක්‌වූවෝ නොවූහ. ඔවුහු සිංහල ප්‍රභූවරුන්ගේ දරුවෝ වූහ. විසිවැනි සියවස මුල ඔවුහු නිකම්මු වූහ. ඔවුහු ඕල්කට් බෞද්ධයන් මිස සිංහල බෞද්ධයන් නොවුවද ඇංග්ලිකන් ක්‍රිස්‌තියානිය ද වැළඳ නොගත්හ. ඡේ. ආර්. ජයවර්ධන එසේ නොවීය. ඔහුගේ පියා ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෙක් ද ඇංග්ලිකන් ක්‍රිස්‌තියානි භක්‌තිකයෙක් ද, ඉංගිරිසින්ගේ ප්‍රසාදය දිනා ගත්තෙක් ද විය. ජයවර්ධනලා ඉංගිරිසි සමාජයෙහි ද ප්‍රභූවරු වූහ. එ. ජා. පක්‍ෂයෙහි මුල සිටම සේනානායකලා හා ජයවර්ධනලා අතර ගැටුමක් විය. ජයවර්ධනලාට එ. ජා. පක්‍ෂයට වැඩි බටහිර ගැති පක්‍ෂයක් අවශ්‍ය වුව ද ඔවුනට එවැනි පක්‍ෂයක් ජනතාව කරා ගෙන යැමේ හැකියාවක් නොවීය. ඡේ. ආර්. ජයවර්ධනට අවස්‌ථාවක් එනතුරු දත්මිටි කාගෙන එ. ජා. පක්‍ෂයෙහි රැඳී සිටීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය. බණ්‌ඩාරනායක මහතා මහා සේනානායකලා අතර ද ගැටුමක් විය. ඒ ගැටුමෙහි බණ්‌ඩාරනායක මහතා සිටියේ සේනානායකවරුන්ට වඩා ජාතිකත්වයට බරව ය. එබැවින් බණ්‌ඩාරනායක මහතාට එ. ජා. පක්‍ෂයෙන් කැඩී මුලදී ලිබරල්වාදී පක්‍ෂයක් පිහිටුවාගෙන ජනතාව අතට යැමේ ශක්‌තියක් විය. බණ්‌ඩාරනායක මහතා හා ඡේ. ආර්. ජයවර්ධන ඇංග්ලිකන් ක්‍රිස්‌තියානි පසුබිමක ඇති දැඩිවුණ ද ඉංගිරිසි සමාජයෙහි ඉංගිරිසීන් විසින් ද පිළිගනු ලැබූ ප්‍රභූන් වුවද මතවාදී වශයෙන් දෙදෙනා සිටියේ සේනානායකවරුන්ගේ දෙපසෙහිය. එක් අයකු ඉංගිරිසින්ට, පසුව ඇමරිකානුවන්ට බරව සිටි අතර අනෙක් තැනැත්තා ජාතිකත්වයට බරව සිටියේය.
ඡේ. ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසුව රටේ ව්‍යවස්‌ථාව මෙන්ම එ. ජා. පක්‍ෂයේ ව්‍යවස්‌ථාව ද වෙනස් කළේය. රටේ ව්‍යවස්‌ථාව වෙනස් කිරීම අවසානයේදී ඔහුගේ අවශ්‍යතාවන්ට පටහැනිව ගියේය. එම ව්‍යවස්‌ථාව, ඔහුට විරුද්ධව විශේෂයෙන්ම කොටි පරාජය කිරීමට යොදා ගැනිණි. ඡේ. ආර්. ජයවර්ධනගේ විධායකය කොටින්ට එරෙහිව යොදා ගැනෙනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත. ඔහුගෙන් පසු එ. ජා .පක්‍ෂයේ බලය නැවතත් සේනානායක පිළට ගියේය. එවර ප්‍රේමදාස මහතා එ. ජා. පක්‍ෂයට නායකත්වය දුන්නේය. ඉන්පසු විඡේතුංග මහතා කෙටි කලක් නායකත්වයට පත් විය. දැන් නැවතත් ඡේ. ආර්. ජයවර්ධන පිලෙහි රනිල් වික්‍රමසිංහ නායකත්වයෙහි වෙයි. එහෙත් එ. ජා. පක්‍ෂය රනිල් තරම් ඊනියා ජාත්‍යන්තරවාදී නොවේ. එසේ වුවත් රනිල්ට තරගයක් දීමට සේනානායක පිලේ කිසිවකුත් නැත. සජිත් ප්‍රේමදාස මෙන්ම කරු ජයසූරිය ද දේශපාලනයට ආගන්තුක වූ ව්‍යාජ ජාතිකත්වයක් ඇති පුද්ගලයෝ වෙති. එ. ජා. පක්‍ෂය රුවල් බිඳී ගිය නැවක් මෙන් අතරමං වී ඇත. මෙයින් කියෑවෙනුයේ එ. ජා. පක්‍ෂය දේශපාලනයෙන් අයින් වී ඇති බව නොවේ. එහෙත් අද එ ජා පක්‍ෂයට ජයගනු නො හැකිය. අද එ. ජා. පක්‍ෂය බලයට පත් කළ හැක්‌කේ මහින්ද රාජපක්‍ෂ මහතාට පමණ ය. ඒ රාජපක්‍ෂ මහතා දේශපාලන වශයෙන් සිය දිවි නසා ගැනීමෙනි.
අද ඊනියා වමේ පක්‍ෂ නැත. ඒ පක්‍ෂ අද අනුර බණ්‌ඩාරනායක මහතාගේ වචනවලින් නම් ත්‍රිරෝද පක්‍ෂ ය. වමේ පක්‍ෂ දියවී යැම පටන් ගත්තේ මුලදී ලිබරල් පක්‍ෂයක් වූ ශ්‍රී ල. නි. පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත් වීමෙන් පසුව ය. ඊනියා වමේ පක්‍ෂවලට ශ්‍රී ල. නි. පක්‍ෂයේ ජාතිකත්වයට තරගයක් දිය හැකි නො වේ. වමේ පක්‍ෂ සභාග දේශපාලනය නිසා දිය වී ගියා නොව ජාතිකත්වයට මුහුණදීමට නොහැකිව පළා ගියා වෙයි. කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් ජ. වි. පෙරමුණේ ඊනියා ජාත්‍යන්තරවාදී මෙන්ම දෙමළ ජාතිවාදී කණ්‌ඩායම අද පැහැදිලිවම තවත් වමේ පක්‍ෂයක් බවට පත්වී ඇත. අනෙක් බොහෝ වමේ පක්‍ෂ මෙන් නොව ගුණරත්නම්" ඕපාත කණ්‌ඩායමට ඇමරිකාවේ සහය ලැබෙයි. අද ඔවුන් ඉටු කරමින් සිටින්නේ ඇමරිකාවේ හා ඉන්දියානු ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ අවශ්‍යතාව ය. නීත්‍යනුකූල නොවන සංවිධානයක් වූ ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වූ උදුල් ප්‍රේමරත්න රොබට් බ්ලේක් හමු වූ බව කියෑවෙයි. ඒ එසේ වුවත් නැතත් බ්ලේක් ලංකාවට පැමිණියේ සිංහල හා දෙමළ තරුණයන් එකතුකර ආණ්‌ඩු විරෝධී කැරලිකාර කණ්‌ඩායමක් බිහි කිරීමටය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දෙඩෙව්ව ද ඇමරිකාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔවුහු තමන්ට අවශ්‍ය පරිදි බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑම ත්‍රස්‌තවාදයකට ආධාර කරති. අද එ. ජා. පක්‍ෂයට ඡන්දයෙන් රටේ බලයට පත්වීමට නොහැකි බව දන්නා බ්ලේක්‌ලා ද කෞටිල්‍යලා ද (රෝ සංවිධානය) උත්සාහ ගන්නේ කැරලි ඇති කර ඉන්පසු ඒ කැරලිකරුවන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැක ගැනීමට කියමින් ආර්ථික සම්බාධක පැණවීමට පමණක් නොව අවශ්‍ය නම් රට ආක්‍රමණය කිරීමටත්ය.
කැරැල්ල විශ්වවිද්‍යාලවලින් ආරම්භ කිරීමට විශාල ඉඩකඩක් ඇත. අද විශ්විවද්‍යාලවල ජ. වි. පෙ. හා එ. ජා. ප. හිතවත් ආචාර්යවරු එකට වැඩ කරති. පසුගිය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිටුපස සිටියේ ද ඒ කණ්‌ඩායමයි. බොහෝ ආචාර්යවරුන් ඒ ක්‍රියාමාර්ගයට පිවිසියේ තම වැටුප වැඩි කර ගැනීමේ ෙච්තනාවෙන් පමණකි. එහෙත් ඒ පිටුපස ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල විරෝධී දේශපාලනයක් ද විය. අද අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය ද තම වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කරති. අප එය නුදුටුවා නොවේ. එහෙත් ජාතිකත්වයේ දීර්ඝකාලීන පැවැත්ම නොව ආණ්‌ඩුවේ කෙටිකාලීන පැවැත්ම ගැන පමණක් සිතන සමහරුන් අතර අපේ විශ්ලේෂණවලට තැනක් නොතිබිණි. මේ අතර ජ. වි. පෙ. හා ඊනියා අන්තරේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල් කරගෙන නැවතත් තිරිමාවිතාන කෙනකු බිල්ලට දී ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ගේ අවශ්‍යතාවට ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ දරති. ආණ්‌ඩුව මෙහිදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු ය. ජ.වි. පෙරමුණේ සෝමවංශ, ටිල්වින්, අනුර කණ්‌ඩායමට අද යන එන මං නැත. එක්‌කෝ ඔවුන් තරුණයන් අතර තම බලය රඳවා ගැනීමට ගුනරත්නම් - ඕපාත කණ්‌ඩායමට වඩා "විප්ලවවාදී" විය යුතුය. ඔවුන් ඒ සඳහා මුලදී උත්සාහ දරනු ඇත. ඔවුන්ට ද ඒ සඳහා ඇමරිකානු හා රෝ ආධාර ලැබෙනු ඇත. බටහිරයන්ට හා කෞටිල්‍යයලාට අවශ්‍ය කවුරුන් ලවා වුව ද තම අරමුණ ඉටු කර ගැනීමටය. සෝමවංශ කණ්‌ඩායම ඒ තරගයෙන් පරාජය වුවහොත් (පරාජය වීමට ඇති ඉඩකඩ වැඩිය) ඔවුන්ට නැවතත් ආණ්‌ඩුවට එකතුවීම හැරෙන්නට ඇති විකල්පය ත්‍රිරෝද පක්‍ෂයක් බවට නොව පාපැදි පක්‍ෂයක් බවට පත්වීම ය.
අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්‌සේ "දිවයින" පුවත්පත ඔස්‌සේ ගෙන ගිය ජාතික ව්‍යාපාරය ද දැන් අවසන් වෙමින් ඇත. එහි ජයග්‍රහණ බොහෝය. එහෙත් රට අධාර්මික ය. ඒ අරුතින් ජේ. ආර්. ජයවර්ධන ජයගෙන ඇත. ජාතික ව්‍යාපාරයෙහි මතවාද ජනතාවගේ හදවත්හි කොනක ඇත. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය බලවත්ව තිබෙනතාක් ජනතාව ඒ මතවාද මුළු හදින් වැළඳ නොගනු ඇත. බටහිර සමස්‌ත සංස්‌කෘතිය හා ජීවන ක්‍රමය කඩා වැටෙන ලකුණු පහළ වී ඇත. ඒ මාක්‌ස්‌වාදී අරුතකින් නොවේ. කඩා වැටෙන බටහිරට නව ජීවන ක්‍රමයක් ඇති කිරීම ගැන හෝඩුවාවක්‌වත් නැත. එසේ කඩා වැටීමෙන් පසු ජනතාව තිස් අවුරුදු ජාතික ව්‍යාපාරයේ මතවාද වැළඳ ගනු ඇත. එහිදී දේශපාලන පක්‍ෂවලට ඩැහැගත නොහැකි නව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව පැනනඟිනු ඇත. ඒ නව ජාතික ව්‍යාපාරයට අත්තිවාරම දැමීම අද කාර්යභාරය වෙයි. එහෙත් නව ජාතික ව්‍යාපාරයට පැරැණි ජාතික ව්‍යාපාර අමතක කළ නොහැකි ය. එසේ අමතක කරන්නෝ ධර්මය ගැන කියමින් වෙනෙකක්‌ම කරති.
http://www.divaina.com/2011/10/02/nalin.html
-2011/10/02