දිවි නැඟුම පනත සහ නව ඊළාම් සැලසුම

ඉතා පොහොසත් අරමුණක් සඳහා ඉතා දුප්පත් උපායමාර්ගික ප‍්‍රවේශයක් යෝජනා කරන නීතිමය රාමුවක් ලෙස දිවි නැගුම පනත ඉතිහාසයේ කිසියම් දිනෙක ඇගැයීමට ...

ඉතා පොහොසත් අරමුණක් සඳහා ඉතා දුප්පත් උපායමාර්ගික ප‍්‍රවේශයක් යෝජනා කරන නීතිමය රාමුවක් ලෙස දිවි නැගුම පනත ඉතිහාසයේ කිසියම් දිනෙක ඇගැයීමට ලක්වනු ඇත. දැන් වසර 12 කට පසුව අහෝසිවන සමෘද්ධි අධිකාරී පනතට ඒ ඉරණම අත්පත් වන්නේ ඉතිහාසය විසින් ලබාදී ඇති එවැනි ඇගයීමකට සාපේක්‍ෂවය. දීර්ඝකාලයක් තිස්සේ සමෘද්ධි පනතින් කළ නොහැකිවූ දේ කිරීමට විභවයක් දිවිනැගුම පනත තුළ තිබේද යන සැකය ආරම්භයේඣීම ඇති වී ඇත. නමුත් මේ වන විට තත්වයන් පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව පනතේ සැබෑ අරමුණ ඉක්මවා යන දේශපාලන හැලහැප්පිලි ප‍්‍රමාණයක් මෙම පනත නිසා මතුවෙමින් ඇත. පළමුවෙන්ම මෙම පනතට එරෙහිව විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන්නට යෙදුනි. යම් පනතක් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුල් කළ පසුව එම පනත ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට පැමිණිලි කිරීමේ අවස්ථාව ඔවුන් ප‍්‍රයෝජනයට ගෙන ඇත. නමුත් එම පාර්ශ්ව විසින් ඉදිරිපත් කොට ඇත්තේ විවිධ තාක්‍ෂණික කාරණා පමණි. පනතේ උපායමාර්ගික දේශපාලන දුර්වලතා ඔවුන් සැලකිල්ලට ගෙන නැත.

කෙසේ වෙතත් එක් පාර්ශ්වයකට අනුව දිවිනැගුම බැංකු මහ බැංකුවේ ලියාපදිංචි වන්නේ නැත. සමෘද්ධි බැංකුව සහ ඉතිහාසයේ පැවැති ගොවිජන බැංකුවද මහ බැංකුවේ ලියාපදිංචි වී නැත. එම බැංකු වලින් තැන්පතු බාර ගන්නේ සාමාජික කොටස් මුදල් සහිත සමෘද්ධි ලාභීන් සහ එවැනි අඩු ආදායම් ලාභී සාමාජිකයින්ගෙන් පමණි. ඒ නිසා මහ බැංකු ලියාපදිංචිය අවශ්‍ය නැතැයි තර්කයක් තිබිය හැක. එහෙත් එම පනත මගින් ලෝකය පුරා පිළිගැනීමට ලක් වී ඇති තොරතුරු එළි කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවට තොරතුරු සැගවීමේ පසුගාමී බලහත්තාරය තහවුරු කිරීමද ඔවුන් විසින් අභියෝගයට ලක්කොට ඇත. තවත් පාර්ශ්වයක් අභියෝගයට ලක්කරන්නේ බලය බෙදීමේ සංකල්පය මෙම පනත මගින් අවතක්සේරු කිරීම පමණි.

මෙම පනත මගින් පළාත් සභා බල ප‍්‍රදේශ වල මධ්‍යම රජයේ මට්ටමින් දෙපාර්තමේන්තු ප‍්‍රධානියකුගේ බලය සහිත කලාප අධ්‍යක්‍ෂකවරයකු හෝ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයෙකු පත් කිරීමට ප‍්‍රතිපාදන ඇති කොට ඇත. එය වියදම් සහිත පරිපාලන යාන්ත‍්‍රණයක් වූවත් ඒ මගින් ඊනියා පළාත් බලයට අභියෝග කිරීම නම් රටට යහපත් දෙයකි. කෙසේ වෙතත් පනතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේදී වඩාත් බරපතළ ලෙස අවධානය යොමු වූයේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට පැවරෙන බලයට අභියෝග කෙරෙනවාද යන්න බව පෙනේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් තීන්දුව මගින් ප‍්‍රකාශයට පත්වූයේ පනතේ විශය පථය පළාත් සභා විෂය පථයටද අයත්වන නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සියලූ පළාත් සභා විසින් අනුමත කළ යුතු බවයි. ඒ අනුව මධ්‍යම රජය විසින් පනත පළාත් සභා වල අනුමැතිය සඳහා යැවීය. නමුත් උතුරු පළාත් සභාව මේ වනතුරු පිහිටුවා නොමැති බැවින් ආණ්ඩුකාරයාගේ අනුමැතිය පිළිගත නොහැකි බවට අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. ඉන් පසුව ඒ පිළිබඳව අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත්වීමට පෙර පනත පිළිබඳව කථානායකවරයා ප‍්‍රකාශයක් කළේය. ඒ අනුව දැන් සමාජයේ කථාබහට ලක්වන්නේ පනතේ හොද-නරකට වඩා පනත එසේ සම්මත කිරීම හරහා ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවනවාද යන්න පිළිබඳවය. එසේ නැතහොත් විධායකය සහ අධිකරණය අතර පැනනැ`ගුණු ගැටුම තව≥රටත් උග‍්‍ර වනවාද යන්න පිළිබඳවය.
කෙසේවෙතත් එක්තරා කාලයකදී ජනසවිය සහ සමෘද්ධි ව්‍යාපාරය වැනි යාන්ත‍්‍රණ මගින් උත්සාහ කළේ ඊට පෙර පැවැති ආහාර සලාක සහනාධාර ක‍්‍රමය වෙනුවට සාර්ව ආර්ථික උපාංගයක් අත්හදා බැලීමටය. එම යාන්ත‍්‍රණය මගින් රාජ්‍ය අරමුදල් ග‍්‍රාමීය අඩු ආදායම් ස්තරයට පොම්ප කළ හැකි වන අතර සමාජයේ පහළ ස්තර වල සමාජ ආරක්‍ෂණය හෙවත් සුභ සාධනයද යම් පමණකින් තහවුරු වේ. නමුත් ඒ මැදිහත් වීම තුළින් රටේ ආර්ථිකයට සිදු≥වන බලපෑම මෙන්ම පවුල්වල ආර්ථිකයට සිදුවන බලපෑමද ප‍්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද සෑහෙන්නේ නැති බව දැන් පැහැදිලි වී ඇත. සමෘද්ධි පනත අහෝසි කොට දිවි නැගුම නමින් නව පනතක් ගෙන ඒමට දේශපාලන ධෛර්යයක් ඇති වන්නේ ඒ නිසාය. අහෝසි කරන අනෙක් පනත් දෙක නම් තිබුනාට වඩා නැති එක හොඳයයි ඒ පළාත් වල ජනතාව කියනු ඇත.

කුමන නම් වලින් හැඳින්වූවත් ග‍්‍රාමීය ආර්ථිකයට මුදල් පොම්ප කිරීමේ උපාංගයක් ලෙස මෙන්ම සුභ සාධන උපාංගයක් ලෙසද මෙම ප‍්‍රවේශයන් අසාර්ථක වන්නේ මූලික කාරණා තුනක් මතය. පළමු වැන්න රජය මගින් ඒ සඳහා වැය කරන රාජ්‍ය අරමුදල් ප‍්‍රමාණාත්මක නොවීමය. දැනට ‘‘සමෘද්ධිය’’ සඳහා රජය වැයකරන්නේ තම වැය ගිණුමෙන් 1%ක් පමණි. (එහෙත් සෑම සතයක්ම ආපසු බහුජාතික සමාගම් වල සාක්කුවට යන පොහොර සහනාධාරය සඳහා 3%ක් වැය කෙර) එම සුළු ප‍්‍රමාණය මගින් ග‍්‍රාමීය ආර්ථිකය තුළ උද්දීපනයක් හෝ ප‍්‍රතිලාභීන්ගේ ආර්ථික හැසිරීම හෝ සැලකිය යුතු ලෙස වෙනස් කළ නොහැකි බව මේ වන විට ඔප්පු වී ඇත.
දෙවැනි කාරණය වන්නේ රජය විසින් දැනට පවත්වාගෙන යන ආර්ථික මොඩලය තුළ ග‍්‍රාමීය ආර්ථිකය පවතින්නේ නගරයේ වෙළඳ ආර්ථිකයේ අතපල්ලෙන් වැටෙන ප‍්‍රතිලාභ මත වීමය. එම මොඩලය තුළ ග‍්‍රාමීය ආර්ථිකය නගරයේ වෙළඳුන්, ප‍්‍රවාහකයින් හෝ බෙදාහරින්නන් සහ මූල්‍ය සැපයුම්කරුවන් විසින් සිදු≥කරනු ලබන සූරාකෑමට ලක්වේ. ඊට අමතරව නගරය ගෝලීය වෙළඳපළ විසින් සූරාකෑමට ලක්වන විට එහි පීඩනයද ග‍්‍රාමීය ආර්ථිකයට එල්ල වේ. එනම් ග‍්‍රාමීය ආර්ථිකය නගරයේ ආර්ථිකය විසින් දෙවරක් හම ගැසීමට ලක් කෙරේ. ඒ තුළ 1%ක සොච්චම් මුදල් ප‍්‍රමාණයක් පොම්ප කිරීමෙන් ග‍්‍රාමීය ආර්ථිකයට බලපෑමක් එල්ල කළ නොහැකි බව පැහැදිලිය.
එදා ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ ‘‘කෙන්සියන්වාදී’’ ආර්ථික උපදේශකයින් මේ සඳහා ප‍්‍රශස්ථ උත්සාහයක් ගත්තත් ඔවුනටද ප‍්‍රමාණාත්මක බලපෑමක් කිරීමට නොහැකි විය. එහෙත් ඔවුන් යම් පමණකට නිවාස සංවර්ධන අධිකාරිය සහ ගොවිජන බැංකුව හරහා යම් අරමුදල් ප‍්‍රමාණයක් සහන පොලී සහිත ණය ලෙස ග‍්‍රාමීය ආර්ථිකයට පොම්ප කිරීම මගින් ඒ අඩුව පිරවීමට යම් උත්සාහයක් ගත්තේය. එහෙත් අද වන විට එම ආයතන හරහා ග‍්‍රාමීය ආර්ථිකයට රාජ්‍ය අරමුදල් යොදවන්නේ ඉතා සුළු වශයෙනි. අද වන විට බිලියන 5 සමෘද්ධි අරමුදලද පොලී ආදායම් ලබා ගැනීමට නගරයේ බැංකුවල ආයෝජනය කරනවා මිස ග‍්‍රාමීය මට්ටමේ ආයෝජනවලට යොදවන්නේ නැත.

ඉහත සඳහන් කළ ආකාරයට එදා සහ අද යුග දෙකේදීම මේ ප‍්‍රවේශය අසාර්ථක වීමට බලපාන තුන්වැනි කාරණය රාජ්‍ය යාන්ත‍්‍රණය මගින් මහජන බලය සහ අපේක්‍ෂා යටත් කිරීම මෙන්ම එම ක‍්‍රියාවලියට විශාල පිරිවැයක් දැරීමය. ඒ අර්ථයෙන් ගත්විට දිවිනැගුම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කිරීමට නියමිත පරිපාලන යාන්ත‍්‍රණයට විශාලතම පිරිවැය දැරීමට සිදු≥වනු ඇත. ඊට අමතරව ඒ මගින් දැවැන්ත නිලධාරීවාදී සංස්කෘතියක් ඇති කිරීමේ විභවයද පෙනෙන්නට ඇත. අධිරාජ්‍යවාදී පාලනය විසින් ඉදිරිපත් කළ පනත් වල තිබූ මහජනයා නිලධාරීවාදය විසින් යටත් කිරීමේ උපායමාර්ගය ප‍්‍රථම වරට නිදහසින් පසුව වෙනස් වන්නේ ‘‘ගොවිජන පනත’’ මගිනි. එහිදී ගොවි සංවිධාන වලට නීතිමය පුද්ගලයකු ලෙස කටයුතු කිරීමේ බලය බෙදාදීම හරහා මහජනයා සවිබල ගැන්වීම තුළින් නිලධාරීවාදී යටත් කිරීම අඩුකිරීම සඳහා යම් උත්සාහයක් ගැනුණි. එහෙත් දේශපාලන හෙංචයියන් විසින් එම ආයතන ආක‍්‍රමණය කිරීමට ඉඩදී මහජනයා සහ වාමවාදී පක්‍ෂ නිවටුන් සේ උඩ බලාගෙන සිටි බැවින් ගොවිජනයා විසින් බලය තහවුරු කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
දිවිනැගුම පනත මගින් ගොවිජන පනතේ සංකල්පීය රාමුව කුඩුපට්ටම් කොට නැවත වතාවක් අධිරාජ්‍යවාදයේ ප‍්‍රබලතම උපාංගය වන නිලධාරීවාදය ශක්තිමත් කිරීමට පදනමක් දමා ඇත. එම පනතේ අන්තර්ගතය තුළ දෙපාර්තමේන්තුවේ මෙන්ම දිවිනැගුම ප‍්‍රජාමූල සංවිධාන සහ ඒවායේ ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් සංවිධාන වලට අදාළව පරමාර්ථ, බලතල සහ කර්තව්‍ය වශයෙන් එකම දේ නැවත නැවත පිටපත් කොට පිටු පුරවා ඇත. එහෙත් ප‍්‍රජාමූල සංවිධාන නෛතික පුද්ගලයකු හෙවත් සමාගමක් ලෙස කටයුතු කිරීම වළක්වා ඇත. එම සංවිධාන සම්පූර්ණයෙන්ම නිලධාරීන්ගේ අණසකට යටත් කොට ඇත. ඒ මගින් පනතේ 4 වැනි අරමුණ පුස්සක් බවට පත් වී ඇත. නිලධාරීවාදයට යටත් කළ මහජන සංවිධාන කිසිදිනෙක සවිබල ගැන්වෙන්නේ නැත. පනතේ ඊට පෙර ඇති අරමුණු තුන සාක්‍ෂාත් කර ගැනීම සඳහා ගොවිජන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, කුඩා කර්මාන්ත සහ පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය ආදී මෙකී නොකී ආයතන රාශියක් රටේ පිහිටුවා ඇත. දිවිනැගුම පනතින් සිදුවිය යුත්තේ එම පනත් වලින් සිදු නොවන දේ එනම් මහජනයා සවිබලගන්වන සහ ඔවුන්ට මග පෙන්වන භුමිකාව ඉටු කිරීමය. එහෙත් සිදු≥කිරීමට අදහස් නොකරන්නේද එයම බව පෙනේ. මෙම තත්වය වඩාත් ඉස්මතු වන්නේ පසුගිය කාලයේදී සමාගම් පනත සංශෝධනය කිරීමේදී මහජන සමාගම් ස්ථාපිත කිරීමේ ප‍්‍රතිපාදන ඉවත් කිරීමයි. ඒ අනුව දැන් ගොවියන්ට සමාගමක් ස්ථාපිත කිරීමට පහසු ක‍්‍රමවේදයක් නැත.
පනතේ පස්වැනි අරමුණ වන ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම ග‍්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමේ ප‍්‍රධාන උපාංගයක් බවට විවාදයක් නැත. එහෙත් තනි තනි පුද්ගලයාට ක්‍ෂුද්‍ර මූල්‍ය සැපයීමේ යාන්ත‍්‍රණය කළමණාකරණය කිරීම සඳහා මහජන සංවිධාන අවශ්‍ය වන්නේ නැත. එය මහජන කාලය සහ ශ‍්‍රමය අපතේ යැවීමකි. (නමුත් ඒ මගින් ඔවුනට යම් අත්දැකීමක් සහ අධ්‍යාපනයක් ලැබෙන බව නම් සත්‍යයකි) සමෘද්ධි බැංකු සංගම් හරහා නාමික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ප‍්‍රමාණයක් ප‍්‍රතිලාභීන්ට ලබා දුන්නද ඒ මගින් බහුලව සිදු වන්නේ ණය වලට ඇපවීම සහ ණය ආපසු එකතු කිරීමට අදාළ තීන්දු ගැනීම පමණි. එහෙත් එම බැංකු පාලනය වන්නේ සහ එහි වියදම් දරන්නේ අධිකාරිය මගිනි. මහජනයාට පොලී මට්ටම් හෝ පරිපාලනයට අදාළ තීන්දු වෙනස් කිරීමේ බලයක් නැත. ඒ නිසා සමෘද්ධි පනතේ බැංකු සංගම් වලට ලබාදී ඇති ඊනියා බලය දිවිනැගුම පනත මගින්ද ලබා≥දුන්නද එය මහජනයා සවිබල ගැන්වීමේ උපාය මාර්ගයක් ලෙස සැලකිය නොහැක. මෙම පනත මගින් පිහිටුවන උත්තරීතර සභාව වන දිවිනැ`ගුම ජාතික සභාව පිහිටුවන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැත. ඊට හේතුව එම සභාව තුළ නියෝජනය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන  ඕනෑම පුද්ගලයන් පිරිසකි. බොහෝ පළාත්වල මෙවැනි සභාවලට පත් කිරීම් කිරීමේදී නිර්මාණශීලී අදහස් හා යෝජනා ලබා ගැනීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කිරීමට පමණක් නොව මහජනයාට වගවීම සහතික කිරීම සඳහාද පත් කළ යුතු පුද්ගලයින් පනත මගින් නිර්වචනය කෙරෙයි.

ඇත්ත වශයෙන්ම මහජනයාට සුළු ණය සැපයීමේදී ඔවුන්ට ඉතා වැදගත් වන්නේ පහසුවෙන් ණය ලබාගැනීමේ මෙන්ම පහසුවෙන් ණය ගෙවීමේ හැකියාව සහ පොලී පිරිවැයයි. බොහෝ බැංකු විසින් ආරම්භ කොට ඇති ඊනියා සුළු ණය වල පිරිවැය ඉතා අධික වේ. එසේම රජය මගින් එවැනි පහසුකමක් සපයන විට පොලී මට්ටමේ ඉහළ යාමේ ප‍්‍රශ්නයට පමණක් නොව රාජ්‍ය අරමුදල් බැංකුව නඩත්තු කිරීම සඳහා යෙදවීම නිසාවන පොදු≥පාඩුවද දැරීමට සිදු වේ. ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ප‍්‍රධානතම කොන්දේසියක් වන්නේ සුළු ණය සැපයීමේ කාර්යක්‍ෂමතාව ප‍්‍රතිඵලදායකත්වය සහ සාධාරණත්වය පවත්වාගෙන යාමය. රටේ ආර්ථිකයට හෝ පවුලේ ආර්ථිකයට යහපත් දායකත්වයක් සපයන්නේ නැති අංශවලට කොතරම් කාර්යක්‍ෂම ණය ලබාදීමේ සහ අය කිරීමේ යාන්ත‍්‍රණයක් තිබුණද ඉන් ඵලක් වන්නේ නැත. එසේම කොතරම් ප‍්‍රතිඵලදායක වුවත්, කාර්යක්‍ෂම වූවත් අවසානයේ නිෂ්පාදකයාගේ අතිරික්ත ශ‍්‍රමයේ ප‍්‍රතිලාභය පොලී ලෙස බැංකුව සූරා කනවා නම් එයින්ද ඵලක් වන්නේ නැත.
පසුගිය කාලයේදී විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන සුළු ණය ක්‍ෂේත‍්‍රයට වැඩි අවධානයක් යොමු කළේ අධිරාජ්‍යවාදී වෙළඳපළ ආර්ථිකයේ කොන්දේසියකට අනුවය. එනම් ග‍්‍රාමීය ආර්ථිකය නගරයේ වෙළඳපළෙන් ගැලවී යම් පමණකට හෝ ස්වාධීනව ක‍්‍රියාත්මක වීම වැළැක්වීමය. නගරය විසින් ගම සූරා කෑම සහ අවසානයේ අධිරාජ්‍යවාදී වෙළඳපළ විසින් නගරය සූරාකෑම සහතික වන්නේ නගරය සහ ගම අතර පවතින වැඩවසම් පසුගාමී සම්බන්ධය මතය. අඩු පිරිවැය සහිත ප‍්‍රාග්ධනය වෙළඳපළ කොන්දේසි වලින් තොරව ගමට ලැබේ නම් ඒ සම්බන්ධතාවය බිඳ වැට්ටවිය හැක.

ඒ අනුව ප‍්‍රමාණාත්මකව සුළු වූවත් සුළු ණය ක්‍ෂෙත‍්‍රයට රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ලෝක බැංකුවද මැදිහත් වන්නේ අධිරාජ්‍යවාදී උපාය මාර්ගික අවශ්‍යතාවයක් මතය. සුළු ණය ආයතන වල ඉතිහාසය විමසීමෙන් යම් පමණකට මේ තත්වය අවබෝධ කොට ගත හැක. සණස බැංකුව යම් දිනෙක සණස සංවර්ධන බැංකුව බවට පත්වී ගමේ ඉතිරිකිරීම් රුපියල බැගින් එකතු කොට නගරයට ගෙනවිත් නාගරික වෙළඳපොළ ආර්ථිකයට අවශ්‍ය ‘‘ලීසිං වෙළඳපොළට’’ දමන්නේ ඒ අනුවය. ගොවිජන බැංකුවට ස්වාභාවික මරණයක් අත්වන්නේද ඒ අනුවය. එක්තරා කාලයක ගොවිජන බැංකුව ඉතා කාර්යක්‍ෂම බැංකුවක් විය. සමහර ප‍්‍රදේශවල ණය ආපසු අයකිරීම 98% දක්වා ඉහළ අගයක් ගත්තේය. එමෙන්ම ඉතිරිකිරීමේ පොළිය සහ ණය පොළිය අතර ඉතා අඩු පරාසයක් තබාගනිමින් අඩු පොළියට ණය ලබාදීමට එම බැංකුව සමත් විය. එසේ වූයේ එම බැංකුවේ සේවකයින්ට ගොවිජන සේවා පිරිවැය යටතේම වැටුප් ගෙවූ බැවින් (සේවා දෙකක් ලබාගැනීම මගින්) එම වැටුප් වල වටිනාකම බැංකුවට ලැබුණු රාජ්‍ය සහනාධාරයක් බවට පත් වූ නිසාය. ඊට අමතරව ඒ බැංකුවට එක්තරා කාලයකදී රජය මගින් අඩු පොලියට ප‍්‍රාග්ධනයද සැපයීය.

නමුත් පසුකලෙක මේ බැංකුව විනාශ කිරීම සඳහා ක‍්‍රමවේද කිහිපයක් අනුගමනය කළේය. පළමු වැන්න අඩු පොලියට ප‍්‍රාග්ධනය සැපයීම වෙනුවට බැංකුව සතු ප‍්‍රාග්ධනය වාණිජ වශයෙන් යොදවන්නේ නම් පමණක් පොලී සහනාධාරයක් ලබාඣීමය. ඒ අනුව බැංකුවට ප‍්‍රාග්ධනය නොමැති නම් පොලී සහනාධාරයක් ලැබෙන්නේ නැත. එවිට මහජනයාට කුමන පොලියකටවත් ණය ලැබෙන්නේ නැත. දෙවැන්න බැංකුව සඳහා ගොවිජන සේවා කාර්යාල භාවිතා කිරීම වෙනුවට සුවිශේෂී බැංකු ගොඩනැගිලි කුලියට ගැනීමට හෝ ඉදිකිරීමට යෝජනා කිරීමය. ඒ මගින් පිරිවැය වැඩි කිරීම හෝ රාජ්‍ය සහනාධාර ඒ පිරිවැය සඳහා යෙදවීම මගින් බැංකුව මූල්‍යමය වශයෙන් අපහසුතාවයට පත් කිරීම සිදු≥වේ. සමෘද්ධි බැංකු සුවිශේෂී ආයතන ලෙස පවත්වාගෙන යාමට රජය පිරිවැයක් දරන අතර එසේ නොවූවා නම් ඒ පිරිවැය සහනාධාරයක් බවට පත්වේ. එදා ලෝක බැංකුව ගොවිජන බැංකුවට ප‍්‍රාග්ධනය සපයනවා වෙනුවට සුවිශේෂී බැංකු ශාඛා නගර වල අලූතින් ආරම්භ කිරීම සහ ඊනියා පරිගණක ගත කිරීම සඳහා විශාල ආධාරයක් ලබාදීමට ඉදිරිපත් විය. ඇ`ගිල්ලේ කෙළගා ලෙජරයේ පිටු පෙරළා සටහන් තබා ලබා≥දුන් ණය සහනය පරිගණක ගතකළ විශේෂ කාර්යාල වලින් නොලැබෙන බවට විවාදයක් නැත.

ලෝක බැංකුව ගොවිජන බැංකුවට ≥දුන් බෙහෙත් වට්ටෝරුව පෙවීමට පෙර රජය විසින්ම ගෙල මිරිකා එම බැංකුව මරා දැමීම නිසා පසුව එම බෙහෙත සමෘද්ධි බැංකුවට ලබා≥දුන් බවට දැන් සැකයක් නැත. සමෘද්ධි බැංකු පවත්වාගෙන යාමේ පිරිවැය පොලියට එකතුකළ හොත් වා◊ණිජ බැංකු පොලී අනුපාත ඉක්මවා යනු ඇත. රජය එම පිරිවැය දැරීම මගින් සහනාධාරයක් ලබාරීම මගින් පොලී අනුපාතය අඩු මට්ටමක තබා ගන්නා බවට තර්ක කළ හැක. එහෙත් ගොවිජන බැංකුවේ පැරණි මොඩලය සමෘද්ධි බැංකුව අනුගමනය කළා නම් ආයතන පවත්වා ගැනීමේ පිරිවැය පොලී සහනාධාරයක් ලෙස යොදවා පොලිය අඩු කළ හැකි බවට ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කළ හැක.
දැනට සමෘද්ධි බැංකුවේ ණයක් ගැනීම සඳහා 10%ක කොටස් මුදලක් තැන්පත් කළ යුතුය. එනම් රු. 5000ක ණයක් සඳහා රු. 500ක කොටස් තිබිය යුතුය. නිවාස ණය ලබාදෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ පොලියටත් වඩා 1% වැඩියෙනි. එනම් 12%ක පොලියකටය. සමාන්‍ය ණය සඳහා 8% – 10% ගෙවිය යුතුය. නමුත් ඔවුන්ගේ තැන්පතු සඳහා ලැබෙන්නේ ඉන් භාගයකි. සමෘද්ධි ලාභියෙකුට ලැබෙන රු. 750න් රක්‍ෂණය, ලොතරැුයි මිල සහ සමාණික මුදල් ආදී සියල්ල කැපී ගිය විට ලැබෙන රු. 695ක ආධාරය සහ ඉහත සඳහන් කළ පොලියට ණය ප‍්‍රාග්ධනය ලබාගෙන ග‍්‍රාමීය ජනතාව සිදු≥කරන ආර්ථික ක‍්‍රියාකාරකම කුමක්ද? ඒ නිසා එවැනි බැංකු ව්‍යුහයක් තුළ මහජනයාට සමාගමක් හෝ නෛතික පුද්ගලයකු ලෙස ක‍්‍රියා කිරීමේ බලය ලබා≥දුන්නාට ඉන් ඵලක් වන්නේ නැත. මහජනයාට අවශ්‍ය වන්නේ ඒ ඊනියා බලය නොව අඩු මිලට ණය ලබා ගැනීමටය. බලය අවශ්‍ය වන්නේ සාමූහිකව ප‍්‍රාග්ධනය යෙදවීමට හෙවත් ව්‍යාපාර කිරීමටය. ප‍්‍රජා මූල සංවිධාන වලට ඒ බලය ලබා නොදෙන දිවිනැ`ගුම පනත මගින් අලූතින් හඳුන්වා දෙන දෙයක් නැත.
අඩු තරමින් ප‍්‍රජාමූල සංවිධාන වලට නෛතික පුද්ගලයෙකු ලෙස ක‍්‍රියාත්මක වීමේ බලය ලබාදී ඔවුනට ‘‘තොග ණය’’ ලබාදෙන්නේ නම් තත්වය බොහෝ වෙනස් වනු ඇත. එවිට තනි තනි පුද්ගලයාට ණය දෙන්නේ ප‍්‍රජා මූල සංවිධානයෙනි. ඒ නිස පිරිවැය බොහෝ අඩුවන අතර මහජනයාට ව්‍යාපාරික අත් දැකීම් ලබා ගැනීමේ අවස්ථාවද ලැබේ.

මහජනයාට ප‍්‍රාග්ධනය සහ සාමූහිකව ප‍්‍රාග්ධනය යෙදවීමේ නීතිමය බලය සහ අවකාශය නිරඣමාණය නොවන තත්වයක් තුළ නිෂ්පාදන ගබඩා කිරීමට රජය මගින් ගබඩා තැනීමෙන් ඇති ඵලය කුමක්ද? ඒවා රජය මගින්ම නඩත්තු කරන්නේ නම් ඒ සඳහා වැඩි පිරිවැයක් ප‍්‍රතිලාභියාට දැරීමට සිදු වේ. එසේ නොමැතිව ඊනියා ආර්ථික මධ්‍යස්ථාන වල මෙන් ඒවා නඩත්තු කිරීම පෞද්ගලික වෙළඳ මාෆියාවකට බාර දෙනවා නම් දැන් පොදුවේ ගොවියාට සිදු වී ඇති විපත සමෘද්ධි ලාභියා දක්වා තවත් පහළට ව්‍යාප්ත වනු ඇත.

මේ ආකාරයට මධ්‍යගත ගබඩා පහසුකම් සඳහා පනත මගින්ම ප‍්‍රතිපාදන සලසන්නේ සියල්ල නිෂ්පාදනය කරන්නේ කොළඹට පැටවීම හෝ අපනයනය සඳහාය යන උපකල්පනය නිසාය. ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය යහපත් වන්නේ ඔවුන් සමෘද්ධිය යටතේ හදන හඳුන්කූර, ලියුම් කවරය හෝ පන් මල්ල කොළඹට හෝ පිටරටට හෝ අඩු ගානේ සංචාරක සුද්දකුට විකිණීම මගින් යැයි තකතීරු උපකල්පනයක් නිලධාරී තන්ත‍්‍රය විසින් නිර්මාණය කොට ඇත. ඒ උපකල්පනයට අනුව ගෙවත්තේ හෝ කුඩා ගොවිපළේ වගාකරන දේ මගින් පවුලේ ආහාර අවශ්‍යතාව සපුරාගැනීම ආර්ථික ක‍්‍රියාකාරකමක් නොවේ. එමෙන්ම එහි අතිරික්තය පාර දෙපස තබාගෙන හෝ ගමේ සාමාන්‍ය පොදු වෙළඳපළේ විකිණීමද ආර්ථික ක‍්‍රියාකාරකමක් නොවේ.  


සමෘද්ධි ලාභියා ප‍්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ පොළ බද්දෙන් නිදහස් කිරීම වෙනුවට මධ්‍යගත නව ගබඩා සහ වෙළඳපළ ආරම්භ කිරීමට පනත් හදන්නේ ඒ නිසාය.

දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ බහුජාතික සමාගම් වලින් මිලදී ගන්නා බීජ සහ පොහොර මධ්‍යගතව රට වටා බෙදාහැඣිමේ තීන්දුවද සාධාරණීකරණය වන්නේ ග‍්‍රාමීය ආර්ථිකය ඊනියා නගරයේ වෙළඳපළ සමග ගැට ගැසීමට හෝ ඒ මත යැපෙන තත්වයක් ඇති කිරීමට ගන්නා උත්සාහය තුළය. එවැනි ප‍්‍රවේශයක් තුළ නම් සමෘද්ධි පනතින් වසර 12 කදී අත්පත් කරගත නොහැකි වූ අරමුණු දිවිනැගුම මගින් ඊට වඩා වැඩි කාලයක් ගත වූවද අත්පත් කර ගත නොහැකි බවට කිසිදු සැකයක් නැත.

ඒ සියල්ලටම වඩා පනතේ ප‍්‍රධාන සංකල්පීය දුර්වලතාවය තව දුරටත් තහවුරු වන සේ මූල්‍ය පාලන යාන්ත‍්‍රණයක්ද ඊට ඇතුල්කොට ඇති බවද කිව යුතුය. ඒ දිවිනැගුම සංවර්ධන අරමුදල සහ චක‍්‍රීය අරමුදල යන අරමුදල් දෙකම පාලනය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයාගේ කැමැත්ත මත සිදුවන තත්වයක් ඇති කිරීමය. මේ වන විට සමෘද්ධි අරමුදලේ රු. මිලියන 52000 ක් ඇත. එහි රජයේ දායකත්වය මිලියන 16000 ක් පමණී. ඉතිරි මිලියන 36000 ම සමෘද්ධි ලාභීන්ගේ ඉතිරිකිරීම් බව එම ප‍්‍රතිලාභීන්වත් දන්නේ නැත. දිවිනැගුම පනත සම්මත වීමෙන් පසුව මෙම අරමුදලේ වැය කිරීම පිළිබඳව ඒකාධිකාර අමාත්‍යවරයා සතු වනු ඇත. මීට පෙර සිටි ඇමතිවරයකු, අමාත්‍යවරයාට නීතියෙන් බලය නොමැති තත්ත්වයක් තිබියදී පවා අමාත්‍යවරයාගේ නියෝග මත ඔහුගේ ගෝලයන් විසින් සමෘද්ධි අරමුදල් කුඩා පෞද්ගලික බැංකුවක ආයෝජනය කිරීමට තීන්දු කළේය. ඒ ආයෝජන තීන්දුවෙන් (එනම් ගමේ ඉතිරිකිරීම් නගරයට ගෙනවිත් නගරය පෝෂණය කිරීමේ තීන්දුවෙන්) පෙන්නුම් කරන්නේ මේ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික දැක්මේ තරමය. කෙසේ වෙතත් එවැනි සංවර්ධන අරමුදල් පවත්වාගෙන යන රටේ අනෙක් සියලූම පනත් වල එම අරමුදල් පාලනය සඳහා අමාත්‍යවරයා ඇතුළත් නොවන පාලක මණ්ඩල පිහිටුවන අතර අරමුදල් වැයකිරීමට අදාළව නීතිමය ප‍්‍රතිපාදනද සලසා ඇත. ඒ අනුව දිවිනැගුම පනත මූල්‍ය පාලන ප‍්‍රතිපාදන අනුවද සුවිශේෂී පනතක් බවට පත්වේ. එහෙත් කනගාටුවට කාරණය ඒ සුවිශේෂී බව පනතේ උපායමාර්ගික ප‍්‍රවේශය තුළ දක්නට නොලැබීමයි. පනතක පවතින දේශපාලන උපාය මාර්ගික දුර්වලකම් උසාවි නියෝග වලින් නිවැරැුදි කළ නොහැක. එසේම ආර්ථික මොඩලයේ පවතින දුප්පත්කම එක් පනතකින් හෙවත් අංශභාග නීතිමය ප‍්‍රතිපාදනයකින් අතික‍්‍රමණය කළ නොහැක. නමුත් දැන් මෙම පනත හරහා දේශපාලන කරළියේ සිදුවන හැලහැප්පිලි ඊට වඩා බරපතළ බව පැහැදිලිව පෙනේ.

පළමුවෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරන අතර ඊට වඩා උත්තරීතර වන පරමාධිපත්‍යයේ බලය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් පනත සම්මත කර ගැනීමේ අවස්ථාව ආණ්ඩුව මගහැරියේය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන්නේ ව්‍යවස්ථාව මගින් ලබාදෙන ම`ග පෙන්වීම අනුවය. අධිකරණය සතු ඒ බලය නිසා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය හෙවත් පරමාධිපත්‍යයේ බලය යොදා ගැනීමට බාධාවක් එල්ල වන්නේ නැත. ආණ්ඩුව එසේ කළා නම් පළාත් සභාවල බල සීමාව පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ඒ මගින් පිළිබිඹු වනු ඇත. ඒ තීන්දුව නොගැනීමට මුල් වූ හේතුවද එයම විය හැක. ඊට හේතුව ආණ්ඩුව තුළ සිට ක‍්‍රියාත්මක වන බෙදුම්වාදී බලවේග සෑම විටම කියාසිටින්නේ ආණ්ඩුව බලය බෙදීමේ ඊනියා සංකල්පය තවදුරටත් තහවුරු කිරීමට සැදී පැහැදී සිටින බව ජාත්‍යන්තරයට පෙන්විය යුතු බවය. ආණ්ඩුව තුළ එවැනි මානසික බාධකයක් ඇති කිරීම මේ වන විට දියත් කොට ඇති නව ඊලාම් සැලසුමට අදාළ පූර්ව කොන්දේසියකි. ඒ අනුව ඉතා පැහැදිලිවම ආණ්ඩුව දිවිනැගුම පනත මුල්කරගෙන පළාත්සභා ඉදිරියේ දණ ගැසීමට තීන්දු කිරීම නව ඊලාම් සැලසුම පෝෂණය කිරීමක් මිස අන් යමක් නොවේ.

එමෙන්ම මේ වන විට බෙදුම්වාදී ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රධානතම අපේක්‍ෂාවක් වන්නේ අධිකරණය සහ ව්‍යවස්ථාදායකය හෝ විධායකය අතර දේශපාලන ගැටුමක් බවට පරිවර්තනය කළ හැකි තාක්‍ෂණික හෝ පරිපාලන ගැටුමකට නිමිත්තක් නිර්මාණය කිරීමය. එයට හේතුව ඔවුන්ගේ නව ඊළාම් මාර්ග සිතියම තුළ උතුරේ පළාත් සභාව පිහිටුවාගත් පසුව පොලිස් සහ ඉඩම් බලතල භාවිතා කිරීම සඳහා ප‍්‍රඥප්ති සකස් කිරීම ප‍්‍රධාන සැතපුම් කණුවක් වීමයි. ඒ ආකාරයට ක‍්‍රියාකිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව අතර ඇතිවන ව්‍යවස්ථාමය ගැටුමට පාර්ශ්වකරුවකු බවට අධිකරණය පත්කර ගැනීම එම මාර්ග සිතියමේ ප‍්‍රධාන සන්ධිස්ථානයකි. දැනටමත් බෙදුම්වාදීන්ගේ ඒ අපේක්‍ෂාව ඉටුවිය හැකි බවට පෙරනිමිති පහළ වෙමින් ඇත. මේ වනවිටද අභියාචනාධිකරණය විසින් විභාගකරන දිවිනැගුම පනතට අදාළ නඩුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්වචනයට ඉදිරිපත් වී ඇත. ඒ අනුව ආණ්ඩුව මුල්වටයේදීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයෙන් පනත සම්මත කළා නම් බෙදුම්වාඣීන්ගේ අපේක්‍ෂා කිහිපයක්ම බිඳදැමීමට හැකියාව ලැබීමට ඉඩ තිබු◊. නමුත් දැන් උද්ගත වී ඇත්තේ උපායමාර්ගික වශයෙන් දියුණු පනතකුත් නැති බෙදුම්වාදී උගුලටත් පය තබන කනගාටුදායක තත්වයකි. එහෙත් ඒ කනගාටුව පහවී යන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෘජු සහ නිර්භීත ප‍්‍රකාශයක් නිසාය. ඒ වෙන කිසිවක් නොව බෙදුම්වාදයට ඉඩ සලසන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම අහෝසි කිරීමට යෝජනා කිරීමය.

- වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
2011-11-05

Related

A 7132209497099628099

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item