ආර්ථික අර්බුදය නිසා යුරෝපා නායකයෝ 11 දෙනෙක්‌ ගෙදර5=14

ප්‍රකට මෝස්‌තර නිරූපිකා කාර්ලා බ්‍රෑනිගේ සැමියාවන නිකලොස්‌ සර්කෝසි ප්‍රංශයේ ජනපති පුටුවෙන් විසිවී ඇත. ප්‍රංශ ජනපතිවරණයේදී මුළු ...

ප්‍රකට මෝස්‌තර නිරූපිකා කාර්ලා බ්‍රෑනිගේ සැමියාවන නිකලොස්‌ සර්කෝසි ප්‍රංශයේ ජනපති පුටුවෙන් විසිවී ඇත. ප්‍රංශ ජනපතිවරණයේදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් 51.7% ක්‌ ලබා ෆ්‍රැන්කොයිස්‌ ජෙරාඩ් ජෝර්ජස්‌ හොලන්ඩේ ඉකුත් මැයි 06 වැනිදා එරට නව ජනපති ලෙස තේරී පත්විය. මධ්‍යම පාන්තික පවුලක උපන් හොලන්ඩේ වසර 20 කට පසුව පත්වූ ප්‍රංශයේ ප්‍රථම සමාජවාදී ජනපතිවරයාය.

යුරෝපයේ ආර්ථික අර්බුදයත් සමගම එම කලාපයේම දේශපාලන සමාජ අර්බුද උග්‍ර විය. එනිසාම ප්‍රබල රාජ්‍ය නායකයන්ට සිය ආණ්‌ඩු රැක ගැනීම අපහසු විය. එම නිසාම ප්‍රංශ ජනපති නිකලොස්‌ සර්කෝසිත් සිය ජනපති පුටුවෙන් විසිවී ගියේය. 2008 ඇතිවූ යුරෝපයේ උග්‍ර ආර්ථික අර්බුදයෙන් පසු සිය ධුරය අහිමිවූ 11 වැන්නා සර්කෝසිය.

2009 ඔක්‌තෝබර්¨ 04 වැනිදා ග්‍රීසියේ ජෝර්- පපන්ද්‍රයෙස්‌ගේ රජය බිඳ වැටිණි. 2010 ජුනි 13 වැනිදා ස්‌ලෝවැකියා අගමැති රොබර්ට්‌ නිකෝ පරාජයට පත්වූ අතර 2011 ජුනි 22 වැනිදා පින්ලන්ත අගමැති මාරි කිව්නෙව් ඉල්ලා අස්‌වූයේ ඇගේ පක්‍ෂයේ මැතිවරණයේදී ලද පරාජය හේතුවෙනි. 2011 ජුනි 05 වැනිදා පෘතුගාල අගමැති ජොසේ සොක්‍රේට්‌ස්‌ගේ සමාජවාදී පක්‍ෂය පරාජයට පත්විය. 2011 නොවැම්බර් 12 වැනිදා සිල්වියෝ බැලස්‌කෝනි ඉල්ලා අස්‌විය. නොවැම්බර් 20 වැනිදා ස්‌පාඥ්ඥයේ ජොසේ සැපටේරෝගේ සමාජවාදී පක්‍ෂය මැතිවරණයෙන් පරාජය විය. ඇත්තෙන්ම ඉහතින් දැක්‌වූයේ 2008 යුරෝපා ආර්ථික අර්බුද නිසා මැතිවරණවලින් පරාජය වී විශ්වාසභංග යෝජනා නිසා සිය ධුර අහිමිවූ රාජ්‍ය නායකයන් පිළිබඳ තොරතුරුය.

මේ ආර්ථික දේශපාලන අර්බුදය නිසාම නැවත වරක්‌ ප්‍රංශයට සමාජවාදී ජනපතිවරයෙක්‌ ලැබී තිබේ. මේ සමාජවාදී ජනපතිවරයා සිය ධුරයේ දිවුරුම් දෙන්නේ මැයි 15 වැනිදාය. හොලන්ඩේ ජනපතිවරයා සිය ජයග්‍රහණයත් සමගම යුරෝපා කොමිසමේ ආධිපත්‍යය පතුරුවා සිටින ජර්මනිය වෙත දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට අමතක කළේ නැත. සමාජවාදී ජනපතිවරයාගේ ජයග්‍රහණයත් සමගම පැරිස්‌ නුවරට රැස්‌වූ වූ ලක්‍ෂයකට අධික ප්‍රංශ වැසියෝ "µeන්කොයිස්‌ ජනාධිපති" මැයෙන් රැගෙන කෑගසමින් සතුටින් උදම් අනන්නට වූහ. 1981 දී ප්‍රංශුවා මිතරොන් මහතා සමාජවාදී පක්‍ෂයේ ජනපතිවරයකු බවට පත්විය.

හොලන්ඩේ ජනපතිවරයා 57 හැවිරිදි වන අතර ඔහු සිවු දරු පියෙකි. 2011 මාර්තු මාසයේදී හෙතෙම තමා ප්‍රංශ ජනපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළේය. හොලන්ඩේට වඩාත් මහජන ආකර්ෂණය ලැබීමට ප්‍රධාන හේතුවක්‌ වූයේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඩොමිනික්‌ ස්‌ට්‍රොස්‌ ඛාන් 2011 මැයි මාසයේදී නිව්ගෝර් නගරයේ හෝටලයක එහි සේවිකාවකට අතවර කිරීමේ චෝදනා ලැබීමයි. ඇත්තෙන්ම නිකලෝස සර්කෝසිට ප්‍රබලව තරගයක්‌දීමට සිටි පුද්ගලයා වූයේ හිටපු මූල්‍ය අරමුදලේ ප්‍රධානියාය. එහෙත් ඔහු කාමයට මුල්තැන දුන් නිසා ප්‍රංශයේ පළමු පුරවැසියා වීමේ භාග්‍යය අහිමි විය. ඩොමිනික්‌ ස්‌ට්‍රොස්‌ ඛාන් තමා ජනපතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමත් සමගම හොලන්ඩේ මහජන මත සමීක්‍ෂණවලින් ඉදිරියට පැමිණියේය. 2012 ජනවාරි 22 වැනිදා විසිපස්‌දහසකට අධික ජනකායක්‌ රැස්‌වූ ලෙබොගම්හි පැවති රැස්‌වීම හොලන්ඩේගේ පළමු ජනපතිවරණ රැලිය විය. ඔහුගේ ජනපතිවරණ පොරොන්දු අතර ගුරු රක්‍ෂා හැට දහසක්‌ ලබාදීම විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 සිට 62 දක්‌වා වැඩි කිරීම තරුණයන් අතර විරැකියාව අඩු කිරීම ඇතුළු පොරොන්දු රැසක්‌ විය. එමෙන්ම සමලිංගික විවාහකයන් සඳහා දරුවකු හදා වඩා ගැනීමට අවශ්‍ය නීතිමය ඉඩකඩ ලබාදෙන බවත් මේ සමාජවාදී ජනපතිවරයා ප්‍රකාශ කළේය. ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය පැවැත්වුණේ අප්‍රේල් 22 වැනිදාය. එහිදී සමාජවාදී අපේක්‍ෂක හොලන්ඩේට 28.63 ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබුණු අතර මැයි 06 වැනිදා පැවැති දෙවැනි වටයේදී ඔහුට 51.7 ක ඡන්ද ප්‍රතිශතයකින් ප්‍රංශ ජනරජයේ ජනපති වීමට හැකි විය.

සමාජවාදී අපේක්‍ෂකයාට පරාජය වූ හිටපු ජනපති නිකලොස්‌ ස්‌ර්කෝසි ප්‍රකාශ කරන්නේ තමා දේශපාලනයෙන් සමුගෙන කර්ලා බ්‍රෑනි සමග නිහඬ දිවියක්‌ ගත කරන බවයි. ඇත්තෙන්ම සර්කෝසිගේ පරාජය ලැ-ජා සහගතය. මන්ද වසර 31 කට පසු සිය පළමු ජනපති ධුර කාලය අවසානයේදීම මහජනයා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ ජනපති වූයේ ඔහුය. ''ඇත්තටම මට නිහඬ ජීවිතයක්‌ ගත කරන්න අවශ්‍යයි. මට මගේ පවුලේ අයත් සමග නිදහසේ දිවා ආහාරයවත් ගන්න බැරි වුණා පසුගිය කාලයේ. ඒ නිසා මට නිදහස්‌ දිවියක්‌ අවශ්‍යයි'' යනුවෙන් සර්කෝසි මාධ්‍යයන්ට පවසා තිබිණි.

චතුර පමුණුව
2012-05-13

Related

චතුර පමුණුව 9068242176046299745

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item