ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සරත් ෆොන්සේකා
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ යෝජනාවක් ...
http://weadikawa.blogspot.com/2012/04/blog-post_16.html
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ යෝජනාවක් සම්මත වූයේ මාර්තු මස 23 වෙනිදාය. එකී යෝජනාවෙන් කියෑවුනේ ලංකාව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ යෝජනාව සම්මත කරගන්නා ලද්දේ නිකම් නොව මුළු ඇමරිකාවේම සියලුම බලය යොදවාය. මෙලෙස මාර්තු 23 වැනිදා මුළු ලෝකයම බලා සිටියදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බව කියමින් යෝජනාවක් සම්මත කරගත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 4 වැනිදා ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ව්‍යවස්‌ථාදායකයට නොහොත් කොංග්‍රස් මණ්‌ඩලයට නිල වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
හරි නම් මෙම වාර්තාවෙන් කියවිය යුත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සාර්ථකව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ ලංකාව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගත් බවත්, දැන් ලංකාව එය ක්‍රියාත්මක කරන ආකාරය ඔවුන් නිරීක්‍ෂණය කරමින් සිටින බවත්ය. නමුත් එවැන්නක් මේ නවතම වාර්තාවේ දක්‌නට නැත. කොංග්‍රස් මණ්‌ඩලයට සපයන මෙම වාර්තාව සකස් කොට ඇත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අපරාධ යුක්‌තිය පිළිබඳ කාර්යාලයේ නිලධාරියකු වන ස්‌ටීවන් රැප් මහතාය. මෙකී වාර්තාව ඉදිරියේදී ලංකාවට විශාල බලපෑමක් ඇතිකරන්නක් බව අලුතින් කිව යුතු නැත. මෙය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ලියවිල්ලක් නොව කොංග්‍රස් මණ්‌ඩලයට කෙරෙන නිල දැනුම් දීමකි.
මේ වාර්තාව සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවිය යුතු කරුණු කාරණා ගණනාවක් තිබුණ ද මෙහිදී අප කාරණා දෙකක් ගැන පමණක් අවධානය යොමු කරමු. ඉන් ප්‍රධානම කාරණය වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාවට එරෙහිව චෝදනා ගොනු කිරීමට කොතෙක් දුරට සිරගතවී සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මත ර¹ පවතිනවාද යන්නයි. ලංකාවේ ජනතාවට නම් "සුදු කොඩි" සිද්ධිය දැන් අතීතයට එක් වී ඇති දෙයකි. මේ සම්බන්ධයෙන් මහාධිකරණය පැමිණි නිගමනය වූයේ සරත් ෆොන්සේකා මහතා වැරදි යෑයි තමුන්ම පිළිගන්නා කාරණයන් තැන තැන කියා ඇවිදීමෙන් හදිසි නීතිය යටතේ කටකතා පැතිරවීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලදුව අවුරුදු 3 ක සිර දඬුවමකට යටත් කිරීමය. බී. නඩේසන් හා එස්. පුලිදේවන් යන කොටි සාමාජිකයන් ඇතුළු පිරිසක් සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණි විට හමුදාවෙන් ඔවුන්ට වෙඩි තැබූ බවට කියන කතාව බොරුවක් බව ෆොන්සේකා මහතා පිළිගත්ත අතර ඔහු ඒ සිද්ධීන් සත්‍ය බවට හැඟෙන ආකාරයට තැන් තැන්වල කළ ප්‍රකාශ නිසා ඔහු වරදකරු විය.
එයින් මේ සිද්ධිය ලංකාවේ ප්‍රශ්නයක් වීම අවසන් විය. හරි නම් මෙය දැන් ඇමරිකාවටත් අවසන් වී තිබිය යුතුය. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සිටි මිලිටරි සම්බන්ධිකරණ නිලධාරියා වූ කර්නල් ලෝරන්ස් ස්‌මිත් මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආසියාවේ තවත් හමුදා සම්බන්ධ කරගෙන පවත්වන ලද සම්මන්ත්‍රණයකදී පවසා සිටියේ නඩේසන් හෝ පුලිදේවන් යන දෙදෙනාට කොටි හමුදාවට අණ දීමට බලයක් නොමැති වූ නිසා යටත් වීම ගැන සාකච්ඡා කිරීමට ඔවුන්ට බලයක් නොතිබුණු බවයි. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ යටත් වීමක් ගැන කතා කළා යෑයි ආරංචි ඇත්තේ ද කොටි හමුදා මෙහෙයවූ අය නොව කේ. පී. නඩේසන් වැනි අවශේෂ නිලධාරීන්ගෙන් පමණක් බවයි.
වැදගත් ඇමරිකානු තානාපති නිලධාරියකු මෙසේ කියා සිටියද, සුදු කොඩි සිද්ධිය නැවතත් ස්‌ටීවන් රැප් වාර්තාවෙන් මතු වී ඇත. එකී වාර්තාවන් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ගැන කෙරෙන එක් ප්‍රධාන විවේචනයක් වන්නේ සුදු කොඩි සිද්ධිය විමර්ශනය කිරීමට එහි කිසිදු උත්සාහයක් ගෙන නැති බවයි. ඔහුගේ අදහස වන්නේ 2009 න් පසු මතුවී ඇති අලුත් තොරතුරු නිසා එවැනි විමර්ශනයන් කළ යුතු බවයි. මෙහිදී ඔහු අවධානය යොමුකර ඇත්තේ 2010 අගෝස්‌තු මස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කොංග්‍රස් මණ්‌ඩලයට ඉදිරිපත් කළ මෙවැනිම වාර්තාවක් ගැනය. එකී 2010 අගෝස්‌තු වාර්තාවේ ඔවුන් සරත් ෆොන්සේකා මහතා ගැන කෙතරම් බලාපොරොත්තු තබාගෙන සිටිනවා දැයි පැහැදිලි වේ. මෙහි ගෙනහැර දක්‌වා ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ කිහිපයකි.
ඉන් පළමුවැන්න 2009 ජුලි 10 ඊජිප්තුවේ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සම්බන්ධ අතුරු රැස්‌වීමකදී කළ ප්‍රකාශයයි. ෆොන්සේකා මහතා එතැනදී කියා තිබෙන්නේ "අපේ සොල්දාදුවන් මේ උදවිය සුදු කොඩියත් ඔසවාගෙන එන්න කලින් කළ දේවල් දැක තිබෙනවා. එම නිසා ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කළා. අපි කොටි සංවිධානයට සම්බන්ධ කවුරුන් වුවත් විනාශ කළා." රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වූ දෙවැනි ප්‍රකාශය වූයේ අප කවුරුත් දන්නා "සන්ඩේ ලීඩර්" පුවත්පතට කරන ලද ප්‍රකාශයයි. මෙය 2009 දෙසැම්බර් මස 13 වැනිදා පළ කරන ලද මේ ප්‍රකාශයෙන් කියෑවුණේ ඔහුට දැනගන්නට ලැබුණු පරිදි යුද්ධයේ අවසන් දින කිහිපයේදී තොරතුරු ඔහුට ලබා නොදුන් බවත් බැසිල් රාජපක්‍ෂ මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යටත්වීමට සූදානම් කොටි සාමාජිකයන් ගැන කතා කළ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාට කතා කොට කිසිවකුටත් යටත් වීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන් සියලු දෙනාම මැරිය යුතු බවටත් කළ ප්‍රකාශයයි.
රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයෝජනයට ගන්නා ඊළඟ ප්‍රකාශය වන්නේ 2010 පෙබරවාරි 8 වැනිදා බීබීසී ආයතනය සරත් ෆොන්සේකා මහතාගේ හිරභාරයට ගැනීම වාර්තා කරන විට එදිනම ඊට කලින් කළා යෑයි කියන ප්‍රකාශයයි. ඒ අවස්‌ථාවේදී ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය වූයේ "මම අනිවාර්යයෙන්ම මම දන්න දේවල් හෙළිකරනවා. මට කී දේවල් හා මට අසන්නට ලැබුණු දේවල්. යුද අපරාධ කළ හැමෝම උසාවියට ගෙන එන්න ඕනෑ" ෆොන්සේකා මහතාගේ අනෙක් ප්‍රකාශය වූයේ 2010 මැයි මස 5 වැනිදා පාර්ලිමේන්තුව තුළදී ජනමාධ්‍ය වෙතදක්‌වන ලද අදහස් කීපයකි. "මම යුද අපරාධ කළ අය හෙළි කිරීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම්. මම කිසිවෙකුටත් ආරක්‍ෂාව සපයන්නේ නෑ. ඉහළ සිට පහළටම" මෙකී ප්‍රකාශය ඒ.එµa.පී පුවත් සේවය විසින් 2010 මැයි 6 වැනිදා ලෝකය පුරාම විකාශ කරන ලදි. සරත් ෆොන්සේකා මහතා විසින් විටින් විට කියන ලද මෙවැනි කතා මත විශාල බලාපොරොත්තු තබාගෙන සිටින බව පෙනේ. ලංකාවේ රණවිරුවන් යුද අපරාධ උසාවියක් වෙත දැක්‌කීම සඳහා මොවුන්ට ඇති ප්‍රධානම සාක්‌කිකරුවා බවට පත්වී ඇත්තේ සරත් ෆොන්සේකා මහතාය.
තවද ෆොන්සේකා මහතාට පක්‍ෂපාතීකම් දක්‌වන දැනට හමුදාව හැරගොස් සිටින ඇතැම් හමුදා නිලධාරීන්ද එයට හවුල් බව පෙනේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලැබී ඇති අලුත් තොරතුරු අතර මෙවැනි හිටපු හමුදා නිලධාරීන් දක්‌වා ඇති අදහස්‌ද ඇතුළත් වේ. මෙවැනි එක් හිටපු හමුදා නිලධාරියෙක් රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශයකින් පවසා තිබෙන්නේ ප්‍රභාකරන් ගේ අවුරුදු 12 ක දෙවැනි පුතාට, තවත් පස් දෙනෙකු සමග යටත් වීමෙන් පසු වෙඩි තබන ලද බවයි. නමුත් ඔහුව මැරීමට අණ ආවේ සරත් ෆොන්සේකාගෙන්ද නැතිනම් ගෝඨාභය රාජපක්‍ෂ ගෙන්දැයි ඔහු නොදන්නා බව කියා ඇත. එමෙන්ම 2006 තිරිකුණාමලයේ සිසුන් පස්‌දෙනා ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස සිටින්නේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයෙක් බවත්, එම ඝාතන සිදුකරන ලද්දේ විශේෂ කාර්ය බලකාය බවද ඔහු කියා ඇත. මේ අනුව යුද අපරාධ සම්බන්ධයෙන් මේ රටට ප්‍රධානම අභියෝගය එල්ලවී ඇත්තේ දෙමළ ඩයස්‌පෝරාවෙන් හෝ බටහිර රටවලින් නොව සරත් ෆොන්සේකාගේ පාර්ශ්වයෙන් බවයි.
ජනතා විමුක්‌ති පෙරමුණද ක්‍රම ක්‍රමයෙන් ෆොන්සේකා මහතාගේ දේශපාලන ව්‍යාපෘතියෙන් ඉවත් වෙමින් සිටින්නේද මේ නිසා විය හැක. පසුගියදා කේ. ඩී. ලාල් කාන්ත මහතා අද ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට වැඩියෙන්ම වෙසෙන්නේ ඇමරිකාව බව ප්‍රසිද්ධියේම කියා සිටියේය. ඒ කුමක් සඳහා ද යන්න ඉහත සඳහන් දෙයින් පැහැදිලි වනු ඇත.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 4 වැනිදා කොංග්‍රස් මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අපේ අවධානයට යොමුවිය යුතු ඊළඟ කාරණය වන්නේ ලංකාවේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කෙරෙහි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඇති ආකල්පයයි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යෑයි කියමින් මානව හිමිකම් කවුන්සිලයේ පවා යෝජනා සම්මත කරගත් රාජ්‍ය දෙපාර්තමේන්තුවට එම කොමිසම ගැන විශාල පැහැදීමක් තිබෙනවා විය යුතු යෑයි අප සිතුවද එය එසේ නොවන බව මේ නවතම වාර්තාවෙන් හෙළිවේ. මේ වාර්තාවෙන් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පතුරු ගැසීමයි.
ඔවුන් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයන්ද නම් වශයෙන්ම සඳහන් කොට එකී කොමසාරිස්‌වරුන්ගේ විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න නැගීය. එහි සභාපති හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් කරුණාරත්න ගංගෙවත්ත, විදේශ අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක රොහාන් පෙරේරා, විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් එච්. එම්. ජී. එස්. පලිහක්‌කාර, හිටපු මුදල් අමාත්‍ය ලේකම් චන්මුගම්, හිටපු නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මනොහරී රාමනාදන් මහත්මිය. හිටපු මහාධිකරණ විනිසුරු එම්. පී. පරණගම හා ජ්‍යෙෂ්ඨ නීතිඥ එච්. ටී. එම්. බෆීත් යන සියලු දෙනාගෙම විශ්වාසනීයත්වය මෙහිදී ප්‍රශ්නයට ලක්‌කොට ඇත.
මේ සියලු දෙනාම හිටපු රජයේ සේවකයන් වන අතර ඉන් දෙදෙනකු ගැන විශේෂ සඳහනක් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කර ඇත. එනම් පලිහක්‌කර මහතා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා හැටියට ආණ්‌ඩුව වෙනුවෙන් යුද්ධය ගැන කාරණා පිළිබඳ අදහස් දැක්‌වූ බවයි. එම නිසා ඔහුගේ අපක්‍ෂපාතීභාවය ගැන ප්‍රශ්න ඇති බවයි. එමෙන්ම සී. ආර්. ද සිල්වා මහතා යුද්ධ පැවැති සමයේ නීතිපති වශයෙන් කටයුතු කර ඇති බවත්, ඒ කාලය තුළදී පත්කරන ලද ස්‌වාධීන ජාත්‍යන්තර ප්‍රභූවරුන්ගෙන් සමන්විත මානව හිමිකම් ගැන සොයා බැලීමට පත්කරන ලද කණ්‌ඩායම ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න නැඟූ බවයි. මේ අනුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයන් ගැන බරපතළ ප්‍රශ්න රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මතුකර ඇත.
මෙහිදී ප්‍රශ්නය වන්නේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මෙතරම් ප්‍රශ්න සහගත නම්, එහි නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යෑයි කියමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා සම්මත කර ගත්තේ මන්ද යන්නයි. මේ ආකාරයට කොමිසමේ විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න නඟන අතරතුරම එය ක්‍රියාත්මක කළ යුතු යයි බල කිරීමක් සිදුවන්නේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ පසුත් එය "ප්‍රමාණවත් නැතැයි" කීමට පසුබිම සකසා ගැනීමයි. මේ අනුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අවසානයක් නොව, ආරම්භයක් පමණක් වනු ඇත. මේ ක්‍රියාදාමය කෙළවර වන්නේ කොතනින්ද යන ප්‍රශ්නය ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ක්‍රියාත්මක කළ පසුත් නැවත නැවතත් ඒ සම්බන්ධයෙන් කතා මතු නොවන තැනට අදාළ රටට සහතිකයක් තිබිය යුතුය. මේ අවස්‌ථාවේදී සිදුවිය යුතු දේ වන්නේ කවුරුන් හෝ විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ගැන ඔවුන්ගේ තිබෙන පරස්‌පර ක්‍රියාකලාපය නිසි ආකාරව ලබාදී විස්‌තර කර දෙන තුරු එහි කොමිසමේ කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කරනවාට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමයි. මානව හිමිකම් කවුන්සිලයත් යෝජනාව ගෙන ආ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවවත් පිළිගන්නේ නැති කොමිසමක නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ලංකාවට ඇති බැඳීම කුමක්‌ද?
සී. ඒ. චන්ද්‍රප්‍රේම

උපුටා ගැනීම
දිවයින
දිවයින
2012/04/16