ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා මහින්ද සමරසිංහ මහතා කල කතාව

ලොව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල ව සිය ජනතාවගේ මානව හිමිකම් සුරැකීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ ශී‍්‍ර ලංකා අත්දැකීම් නැවත වාරයක් මෙම සම්භාවනීය ...

ලොව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල ව සිය ජනතාවගේ මානව හිමිකම් සුරැකීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ ශී‍්‍ර ලංකා අත්දැකීම් නැවත වාරයක් මෙම සම්භාවනීය සංවිධානය සමග බෙදාගැනීම මා ලත් ගෞරවයක් හා වරප‍්‍රසාදයකි.

සාමයේ මුල පිරීමට හා ත‍්‍රස්තවාදයට එරෙහි හමුදාමය අර්බුදය අවසන් ව වසර 2ක් හා මාස 9ක් ගත වූ පසු තිස් අවුරුදු අර්බුදයෙන් තම ජනතාවට හා ජාතියට එල්ල වූ නොයෙකුත් අභියෝගයන් සාධනීය ලෙස ජය ගනිමින් සංහිඳියාව ළඟා කර ගැනීමේලා හා ප‍්‍රතිසංධානයේ දී ශී‍්‍ර ලංකාව කැපී පෙනෙන ප‍්‍රගතියක් අත් කරගෙන ඇත. පශ්චාත් අර්බුද සමයේ රටේ නීතියේ හා සාමයේ ක‍්‍රමික වර්ධනය හා සමපාත ව 2011 අගෝස්තු හදිසි නීතිය ක‍්‍රම ක‍්‍රමයෙන් අවලංගු කිරීම සාමය තව දුරටත් තහවුරු කිරීමට හේතු විය. ස්ථාවර හා තිරසාර සාමයක් ළඟාකර ගැනීමට ශී‍්‍ර ලංකාවේ ඇති අවංක අභිලාශය මෙතුළින් ලොවට ප‍්‍රදර්ශනය කිරීම ද සිදු වේ.

දශක තුනක් පුරා අප ජාතිය විනාශ කළ ත‍්‍රස්තවාදයෙන් හානිකර ලෙස බලපෑමට ලක් වූයේ අපගේ ජනතාව, ඔවුන්ගේ ජීවනෝපායන්, දේපළ හා යටිතල පහසුකම් පමණක් නොවේ. එය අප ජාතියේ සමාජීය ව්‍යුහය ද විනාශ කළේය. එබැවින් ශී‍්‍ර ලංකා රජය විසින් කි‍්‍රයාවට නංවා ඇති සංහිඳියා කි‍්‍රයාදාමය අසහනයෙන් හා ආදරණීයයන් අහිමි වීමෙන් පීඩාවට පත් වූවන්ට අවසානයක් පිළිබඳ හැඟීම ලබාදීමේ අවශ්‍යතාව ආමන්ත‍්‍රණය කිරීමට අමතර ව ආර්ථික සංවර්ධනය, පුනරුත්ථාපනය හා නැවත පදිංචි කරවීම හා ජීවනෝපායයන් සංවර්ධනය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු සාධක පිළිබඳ ව අත්‍යවශ්‍යයෙන් ම සැලකිල්ලට ගෙන ඇත.

පසුගිය සැප්තැම්බරයේ මෙම කවුන්සිලයේ දී මා කළ ප‍්‍රකාශයෙන් සිය වරම සම්පූර්ණ කිරීමට උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමට කාලය හා අවකාශය අත්‍යවශ්‍ය බව මම තරයේ කියා සිටියෙමි. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ අන්තර් නිර්දේශයන් හා ඒවා කි‍්‍රයාවට නැංවීමට අදාළව අන්තර් ආයතනික උපදේශන කමිටුව විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ගයන් පිළිබඳ ව අප විසින් ජිනීවාහි ජාත්‍යන්තර ප‍්‍රජාවට කරුණු දැක්වීම නොකඩවා ම සිදු කළෙමු. ඔබ දන්නා පරිදි කොමිසම සිය වරම කි‍්‍රයාවට නංවා නිර්දේශ මාලාවක් ඇතුළත් එහි වාර්තාව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට භාර දී ඇත. වාර්තාවෙහි ඇතුළත් නිර්දේශ පිළිබඳ ව රජයේ ස්ථාවරය ද සමගින් මෙම වාර්තාව 2011 දෙසැම්බර් 16 වන දින මා සමඟ අද ජිනීවාහි සිටින මගේ අමාත්‍ය, මිත‍්‍ර හා සභානායක ගරු නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවට යොමු කරන ලදී. එයට සමගාමී ව වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කෙරිණි.

අනාගතය උදෙසා වූ නොයෙකුත් නිර්දේශ හා සාම කි‍්‍රයාදාමයේ අසාර්ථකත්වයට හේතු වූ කරුණු ඇතුළත් අතීත වැරදීම් පිළිබඳ ව සවිස්තරාත්මක ප‍්‍රත්‍යක්ෂ විශ්ලේෂණයක් වාර්තාවෙහි ඇතුළත් බව අපගේ අදහසයි. කොමිසම ඉදිරියෙහි සාක්ෂි ඉදිරිපත් කළ  පුද්ගලයන් 1000කට අධික සංඛ්‍යාවකගේ සම්මුඛ සාකච්ඡා හා 5000කට අධික ඉදිරිපත් කිරීම් සහ සවිස්තරාත්මක ඇමුණුම් සම්පිණ්ඩනය කොට ඇති මෙම වාර්තාව පරිපූර්ණය. මෙහි කි‍්‍රයා පටිපාටියන් බොහෝ දුරට විවෘත වූ අතර රහසිගත කරුණු දැක්වීම් අවශ්‍ය වූ විශේෂ අවස්ථාවන් හැරුණු කොට මහජන සාක්ෂි විමසීම්වල දී ජනතාව නිදහසේ හා විවෘත ව කොමිසම ඉදිරියේ කරුණු දැක්වූහ. සිය ප‍්‍රකාශයන්ගේ සුරක්ෂිතභාවයට වසර 20ක රහස්‍යභාවයක් සහතික කොට ගත් නිර්නාමික සාක්ෂිකරුවන්ගෙන් දොරගුළු පිටුපස සිට සාක්ෂි ලබා ගැනීමේ මහා ලේකම්ගේ කි‍්‍රයා පටිපාටියට මෙය සම්පූර්ණයෙන් පටහැනිය. මෙයින් අදහස් වන්නේ සාක්කිවල සත්‍යතාව මැන බැලිය නොහැකි බවය.

අනෙක් අතට උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් වාර්තාව අප ඉදිරියේ තබන්නේ කොමසාරිස්වරුන් ඔවුන්ගේ නිගමනයන්ට පැමිණීමට පදනම් කරගත් ප‍්‍රමාණාත්මක හා තහවුරු කොටගත හැකි කරුණුය. අපගේ බොහෝ සගයන් හා සංවාදකයන් පිළිගැනීමට අපොහොසත් වූ වගකීම්භාවය හා අදාළ කරුණු, අභ්‍යන්තර අවතැන්වූවන් යළි පදිංචි කරවීම, හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය හා සමාජගත කිරීම, සැකකරුවන් රඳවා ගැනීම, නීති විරෝධී ආයුධ සන්තකයේ තබා ගැනීම අවසන් කිරීම, ආරක්ෂක හමුදා ඉවත් කිරීම, ඉඩම් ප‍්‍රශ්නය, වන්දි ගෙවීම හා සාධාරණය ඉටු කිරීම හා අදාළ ගැටලු, භාෂා ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම, සමාජ – ආර්ථික හා ජීවනෝපායන් සංවර්ධනය, පරිපාලන ගැටලු හා ශී‍්‍ර ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ගේ යුක්තිසහගත අභිලාෂයන් ඉෂ්ට කිරීමට අදාළ ජාතික සම්මුතියකට පැමිණීමේ අවශ්‍යතාව ඇතුළු සියලු කරුණු පිළිබඳ ව කොමිසම විමර්ශනය කර ඇති අතර ඒ සම්බන්ධ සිය නිර්දේශයන් ද ඉදිරිපත් කර ඇත.

වාර්තාවෙහි ඇතුළත් බොහෝ නිර්දේශයන් පිළිබඳ ප‍්‍රගතියක් ලබා තිබීම මාගේ සතුටට හේතුවකි. රජය විසින් අඛණ්ඩ ව ක‍්‍රමානුකූල ව හා සම්පූර්ණ ලෙස මෙම ගැටලුවලට පිළියම් යෙදීම සිදු කරනු ඇත. ප‍්‍රගතියක් අත් කර ගෙන ඇති සමහර ක්ෂේත‍්‍රයන්ට අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කරවීම, බිම් බෝම්බ ඉවත් කිරීම, හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය, භාෂා ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට නැංවීම, දෙමළ භාෂාව කථා කරන පොලිස් නිලධාරීන් සේවයට බඳවා ගැනීම, කලින් ආරක්ෂක අභිමතාර්ථයන් වෙනුවෙන් යොදා ගත් නැගෙනහිර ඉඩම් නැවත පදිංචි කරවීම හා නැවත පැමිණීම සඳහා යොදා ගැනීමට ඉඩ සැලසෙන පරිදි උතුරේ සිවිල් පරිපාලන මධ්‍යස්ථානවලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම හා උතුරු හා නැගෙනහිර පළාත්වල පුළුල් සංගනනයක් පැවැත්වීම ඇතුළත්ය. පුළුල් ලෙස ආමන්ත‍්‍රණය කිරීමට අවශ්‍ය වෙනත් නිර්දේශ ද වාර්තාවෙහි ඇතුළත් ය.

විශේෂයෙන් ම උතුරු හා නැගෙනහිර පළාත්වල සෑම දිස්ති‍්‍රක්කයකට ම ඉඩම් භාවිත කිරීමේ සැලැස්මක් ක‍්‍රමවත් ව සකස් කිරීමේ හා දිගුකාලීන මූලාරම්භයක් ලෙස මුළු රටට ම අදාළ වන පරිදි ජාතික ඉඩම් කොමිසමක් පිහිටුවීම හා අදාළ නිර්දේශ පිළිබඳ ව වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය අතර එය සුපරීක්ෂාකාරී ව සැලසුම් කළ යුතු දෙයකි. සුළු වශයෙන් වුවද  රාජ්‍ය ඉඩම් අයිතිය හා අදාළ ගැටලු විසඳීමට ප‍්‍රායෝගික ව සලකා බැලිය හැකි  මුලික පියවරක් රජය විසින් මේ වන විටත් සම්මත කරගෙන ඇත. මෙම මුල පිරීම යටතේ අනුග‍්‍රහකයන්ගේ සහයෝගයෙන් උතුරු – නැගෙනහිර නිවාස ගොඩනැගීමේ වැඩසටහන යටතේ ඉදිකළ නිවාස ද ඇතුළත් ව උතුරේ නිවාස 78,000ක් ඉදිකිරීම ඉලක්ක කොට ගෙන ඇත. ඉඩම් ගැටලු හා අදාළ කටයුතු කිරීමට හා ඉක්මන් විසඳුම් සෙවීමට ඉඩම් කාර්ය සාධක බලකායක් ප‍්‍රාදේශීය හා දිස්ති‍්‍රක්ක මට්ටමින් පිහිටුවා තිබීම අපගේ වෑයමට වැඩිදුර සාක්ෂියකි.

ඉඩම් අහිමි වූ සියල්ලන්ට නැවත තමන්ට අයත් ව තිබූ ඉඩම්වලට පැමිණීමේ අවස්ථාව උදාකර දීමට ආණ්ඩුව දැඩි ව අරමුණු කරගෙන සිටින බව පැවසීමට කැමැත්තෙමි.
ජීවනෝපායන්ට ආධාර කිරීමට අදාළ ව උතුරු හා නැගෙනහිර ස්වයං රැකියා ණය වැඩසටහනක් කි‍්‍රයාත්මක අතර මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 318ක් දහස් ගණනක් ප‍්‍රතිලාභීන් අතර බෙදී ගොස් ඇත. එපමණක් නො ව, ස්වයං රැකියා නියුක්තිකයන් වෙනුවෙන් සංවිධාන පිහිටුවීම ඇතුළු ව්‍යාපාර සංවර්ධන සේවාවන් ප‍්‍රතිලාභීන්ට සැපයේ.

පෙර පලාලි හා තී‍්‍රකුණාමල – සාම්පූර් අධි ආරක්ෂිත කලාප යටතේ පැවති ඉඩම් සම්බන්ධ ව සැලකිල්ල යොමු කිරීමේ දී ආවරණය කරන ලද ප‍්‍රදේශයේ භූමි වපසරිය හා සංචලනයට වූ බාධාවන් සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බව කොමිසම පිළිගනී. නැවත මායිම් නියම කිරීමට හා නැවත පදිංචි කරවීම සඳහා ආධාර වන පෙර පැවති ආරක්ෂිත කලාප අඩු කිරීම හා අදාළ කි‍්‍රයාදාමය ආරම්භ කරන ලද්දේ කොමිසමේ වාර්තාවට පෙර ය. 2009 අර්බුදය අවසන් වන විට හෙක්ටයාර 4098.36ක ප‍්‍රදේශයක අධි ආරක්ෂිත කලාප පිහිටි අතර මේ වන විට එය 2582.45 දක්වා අඩු වී ඇත. කලින් ආරක්ෂක අරමුණු වෙනුවෙන් භාවිතා කළ ඉඩම් නැවත පදිංචි කරවීම් හා නැවත පැමිණෙන්නන් වෙනුවෙන් යොදා ගැනීම උදෙසා ඉඩම් ලබාගැනීම ඉක්මන් කිරීම හා එය සමීප ව අධීක්ෂණය කිරීම රජය විසින් සිදු කරනු ලබයි.

අර්බුදයේ අවසන් අවධීන් සම්බන්ධයෙන් අන්තර්ජාතික මානුෂික නීතිය හා අදාළ ගැටලු පිළිබඳ ව දීර්ඝ නිරීක්ෂණයන් හා නිර්දේශ කොමිසම විසින් ලබා දී ඇති බව ඔබ විසින් අවධානයට ලක්කොට තිබීමට පුළුවන. හමුදා මෙහෙයුමක් කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රතිපත්තීන් සකස් කිරීමේ දී සාමාන්‍ය ජන ජීවිත ආරක්ෂාව මූලික අංගයක්ය යන මතය හා හිතා මතා සිවිල් ජනයා ඉලක්ක කර ගැනීම කිසිසේත් එහි අංගයක් නොවන බව ද කොමිසම පිළි ගනී. මෙය එදා මෙන් ම අද ද ආණ්ඩුවේ ද ස්ථාවරය වේ. උතුරු පළාතේ පුද්ගලයන් සංඛ්‍යාව නිර්ණය කිරීමට හා ගැටුමේ දී මිය ගිය සංඛ්‍යාව විද්‍යාත්මක ව හඳුනා ගැනීමේ ගණනය කිරීමක් මේ වන විට අවසන් බව හා සවිස්තරාත්මක විග‍්‍රහයක් නුදුරු අනාගතයේ දී ප‍්‍රසිද්ධියට පත් කෙරෙන බව ද මෙම කවුන්සිලයට මම දන්වා සිටිමි. එල්ටීටීඊයේ නීති විරෝධී ගැවසීම හේතුවෙන් 1981 සිට නිසි සංගණනයක් පැවැත්වූයේ නැත. සැබෑව තහවුරු කර නොමැති සහ මියගිය බවට වර්ග කර නොමැති පුද්ගලයන් ගැටුමේ දී ඝාතනය වූ ලෙස අපි ගණන් බලා ඇත්තෙමු. ඒ අතර එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් අවි දැරූ අය ද, ප‍්‍රාණ ඇපකාරීත්වයෙන් මිදී පලා යාමට තැත් කරද්දී එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කරන ලද පුද්ගලයන් ද, වෙඩි හුවමාරුවේ දී මරණයට පත් වූ අය ද, උතුරු පළාතෙන් පිටට සංක‍්‍රමණය වූ පිරිස් ද, සරණාගතයන් ලෙස දකුණු දිශාවට, ඉන්දියාවට හෝ වෙනත් රටවලට මුහුදින් ගමන් කළ අය ද සිටිති.  තමන් විසින් කෙතරම් පුද්ගලයන් සංඛ්‍යාවක් පිළිගන්නා ලද්දේ දැයි නිර්ණය කිරීමට ප‍්‍රතිග‍්‍රාහක රටවල සහය අපට අවශ්‍යය. වැඩිදුර පියවරක් ලෙස සිවිල් මරණ හා තුවාල සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා එක්රැස් කරගත් දත්ත සැබෑ දැයි පරීක්ෂා කිරීමට හා ඒවා තවදුරටත් විශ්ලේෂණය කිරීමට ක‍්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර ඇත. එක් දෙයක් නිසැකය. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සිදු වූවා යැයි පැවසෙන “දහස් ගණන් සිවිල් මරණ” සාකල්‍ය අතිශයෝක්තියක් හා හිතා මතා කරුණු විකෘති ලෙස අර්ථ දැක්වීමක් බවට ඉතා පැහැදිලි ව ඔප්පු වී ඇත.
ඔවුන්ගේ මතය අනුව වැඩිදුර විමර්ශන අවශ්‍ය කෙරෙන විශේෂ සිද්ධීන් කිහිපයක් කෙරෙහි කොමිසමේ අවධානය යොමුවේ. ශක්තිමත් විමර්ශන ආයතනයක ආධාරයෙන් එසේ පෙන්වා දෙනු ලැබූ සිද්ධීන්ට අදාළ තත්‍ය සාක්ෂි එකතු කිරීමේ හා තක්සේරු කිරීමේ ක‍්‍රමවේදයක් සඳහා ආණ්ඩුව කැප වී සිටී. එලෙස ලබාගත් තොරතුරු සාපරාධී අධිකරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ තීරණයකට පදනම් වනු ඇත. මෙම පරීක්ෂණවල දී මතු වූ කරුණු ලබා දී අවශ්‍ය අවස්ථාවල දී සාපරාධී අධිකරණ පටිපාටිය සඳහා තීරණයක් ගැනීම සඳහා නීතිපති වෙත බාර දී ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම හා අදාළ චෝදනා පිළිබඳ ව වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ ව නීතිපතිවරයා දැනුවත් අතර ඔහු ඒවා අධ්‍යයනය කරමින් සිටී. ජාත්‍යන්තර රීතීන් අනුව යමින් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම විසින් හඳුනාගත් විශේෂ සිද්ධීන් පිළිබඳ විමර්ශන හමුදා අධිකරණයක් මගින් ආරම්භ කර ඇත.

සිවිල් වැසියන්ට හෝ රෝහල්වලට හා යුද මුක්ත කලාපවලට හානි සිදු කිරීම අරමුණු කර ගනිමින් සිවිල් වැසියන්ට එරෙහි ව හමුදාව විසින් හිතා මතා ප‍්‍රහාරයක් එල්ල කළා ද යන්න ඇතුළු ව සිවිල් ජීවිත හානි සහ චැනල් 4 ගැන පරීක්ෂණ පැවැත්වීම හමුදා අධිකරණයේ වරම වේ. එසේ වී ඇත්නම් එම කාර්යයන්ට වගකිව යුතු අය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ නිර්දේශ කිරීම ද මෙම පරීක්ෂණ අධිකරණයේ වගකීමකි.

සභාපතිතුමියනි,
මතභේදාත්මක චැනල් 4 වීඩියෝ පට හා අදාළ ව එහි නිරූපිත සත්‍ය හෝ එසේ නොවන සිද්ධීන්ට ආරක්ෂක අංශවල කිසියම් සාමාජිකයෙකුගේ සහභාගීත්වයක් ඇති ද යන්න පිළිබඳ ව නිර්ණය කිරීමට හා ඒ සම්බන්ධ ව ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබඳ ව නිර්දේශ කිරීමේ විශේෂ වරමක් හමුදා අධිකරණයට ඇත. අදාළ චෝදනා පිළිබඳ ව විභාග කිරීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් මීට සමාන අධිකරණයක් කැඳවා ඇත.

සභාපතිතුමියනි,
ඔබට පෙනෙන පරිදි වාර්තාව මහජනතාවට ඉදිරිපත් කර මාස 02ක් වැනි කෙටි කලක දී, ශී‍්‍ර ලංකාව, අභ්‍යන්තර කි‍්‍රයාවලියක් සඳහා වූ නිර්දේශය කි‍්‍රයාවට නැංවීම සඳහා පැහැදිලි මෙන් ම නිශ්චිත පියවරයන් ගෙන තිබේ. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවෙන් මතුකර තිබු වගකීමේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට යාන්ත‍්‍රණයක් සිවිල් සහ හමුදාමය වශයෙන් ක‍්‍රමයෙන් ඇති කර තිබේ. මෙය කාල රාමුවකට අයත් ජාතික මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරී සැලැස්මක් ලෙස ශී‍්‍ර ලංකාව පෘථුල සංහිඳියාවකට රැගෙන යාම සඳහා අවශ්‍ය අනෙකුත් නිර්දේශයන් සඳහා ද පහසුකම් සපයයි.
අප අතීතයේ සිදුකළාක් මෙන්, ජුනි, සැප්තැම්බර් සහ ඔක්තෝබර් කාලසීමාව තුළ පැවැත්වෙන ආවර්තිත සමාලෝචන සැසිවාරයන්ට සහභාගී වන අවස්ථාවන්හි අප විසින් දිගින් දිගට ම ප‍්‍රගතිය සම්බන්ධයෙන් කවුන්සිලය දැනුවත් කරනු ඇත. අප දැනටමත් මානව අයිතිවාසිකම් සඳහා වූ මහ කොමසාරිස්ට ශී‍්‍ර ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර තිබේ. මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ශී‍්‍ර ලංකාවේ 2005 වසරේ සිට අද වන තුරු සේවය කරන බව මෙහි දී තවදුරටත් ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

සභාපතිතුමියනි,
ශී‍්‍ර ලංකාවේ මෙම කැපවීම හමුවේ, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමට සහ මහකොමසාරිස් සමග කටයුතු කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමේ කිසිදු සාධාරණත්වයක් හෝ හදිසියක් නොමැත. මක්නිසාද යත් රජය මේ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ගයන් සාධනීය ලෙස මේ වනවිටත් ගෙන තිබීමයි. දැන් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් අපට අවශ්‍ය වන්නේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රයත්නය විෂය මූලික ව තක්සේරු කිරීමයි. සියල්ලට වඩා අවශ්‍ය වන්නේ කි‍්‍රයාවලියේ ප‍්‍රගතිය බාධාවකින් තොර ව ඉදිරියට යාමට ඉඩ දීම තහවුරු කිරීමයි. සාර්ථක කි‍්‍රයාත්මක කිරීමක් අසීරුතාවට හෙළන අනවශ්‍ය කඩාවැදීමක්  අපට අවශ්‍ය නොවේ. එවැනි අනවශ්‍ය යෝජනාවන් මේ සභාව ඉදිරියට ගෙන ඒම තුළින් සිදුවන්නේ 2009 වසරේ විශේෂ සැසිවාරයේ දී ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණාත්මක යෝජනාවේ හැඟීම් දුර්වල කිරීමයි.

ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා සම්බන්ධ වූ සැකකරුවන් 4000කට වැඩි ප‍්‍රමාණයක් සිටි අතර එය මේ වනවිට 225ක් දක්වා අඩුකර තිබේ. බොහෝමයක් රැඳවියන් නිදහස් කර හෝ පුනරුත්ථාපනය කොට අනතුරු ව නිදහස් කර ඇත.  සංඛ්‍යාව පහත හෙළීමේ මුලපිරීම ආරම්භ කරනු ලැබුවේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවෙ හි අතුරු යෝජනාවන්ට අනුකූල වෙමිනි. නඩු කිහිපයක් අප තවමත් විමර්ශනය කරමින් සිටින අතර මෙම පුද්ගලයන් හැකි කෙටි ම කාලයක් තුළ සාමාන්‍ය අධිකරණ හමුවට ගෙන ඒම සඳහා කි‍්‍රයා කිරීමට අපේක්ෂා කරයි. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සැලකීම සම්බන්ධයෙන් දැඩි උපදෙස් මාලාවක් පොලීසිය විසින් සම්මත කර තිබේ. මෙය වධහිංසා පැමිණවීම සහ අකාරුණික ලෙස සැලකීම සම්බන්ධයෙන් වන චෝදනාවලට යහපත් ප‍්‍රතිචාරයකි. කොමිසමේ යෝජනාවන් සම්බන්ධයෙන් ඍජු පසුවිපරමක් සිදු කිරීමේ කි‍්‍රයාවලියක් ද පවතී.
උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශයන්හි සාමාන්‍ය ජන ජීවිතය ස්ථාපනය කිරීමත්, නැවත ප‍්‍රජාතන්ත‍්‍රීකරණය සිදු කිරීම පිළිබඳවත් දැනුවත් කිරීමට කැමැත්තෙමි. මෙයට නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමත්, ප‍්‍රාදේශීය සභා මැතිවරණ පැවැත්වීමත් උතුරු පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 33ක් සහ ග‍්‍රාමීය මට්ටමේ කාර්යාල 912ක ජාලයක් ඇතුළු ව සිවිල් පරිපාලනයක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීමත් ඇතුළත් ය. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ යෝජනාවන්ට අනුකූල වෙමින්, සිවිල් වැසියන්ගේ ජීවිතවලින් හමුදාව ඉවත් කර ඇති අතර ආරක්‍ෂාව සම්බන්ධ කටයුතුවලට පමණක් ඔවුන් සීමා කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස, ගැටුම් සමය තුළ සහ ඉන් ඉක්බිති ව සංවර්ධනය සම්බන්ධ කාර්යයන්, නැවත පදිංචි කිරීම, සංවර්ධනය සහ උතුරු පළාතේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සීමාව යටතට පත් වූ අතර වර්තමානයේ දී ප‍්‍රාදේශීය සහ පළාත් සභා නියෝජිත සම්බන්ධීකරණයෙන් හා උපදෙස් ලබාගැනීම තුළින් අදාළ රේඛීය අමාත්‍යාංශයන් විසින් අධීක්‍ෂණ කි‍්‍රයාවලිය සිදුකරගෙන යනු ලබයි. උතුරේ දිස්ති‍්‍රක් 05 හි සංවර්ධන කි‍්‍රයාකාරකම් අදාළ රේඛීය අමාත්‍යාංශයන් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ තිබෙන ආයතන මට්ටමෙන් සම්බන්ධ කර තිබේ. දිස්ති‍්‍රක් මට්ටමින් ප‍්‍රාදේශීය පරිපාලනය සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල පිහිටුවා ඇති අතර පළාත් මට්ටමින් පළාත් ලේකම් කාර්යාල පිහිටුවා ඇත. දිස්ති‍්‍රක් ලේකම් හෝ දිසාපති, දිස්ති‍්‍රක්කය තුළ සම්බන්ධීකරණ සහ විධායක නිලධාරියා ලෙස කි‍්‍රයාත්මක වෙයි. උතුරු හා නැගෙනහිර සිවිල් සේවය සඳහා විශාල වශයෙන් දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවගේ නියෝජනයක් දක්නට ලැබේ.

උතුරු පළාතේ ප‍්‍රධාන ලේකම් සහ එහි දිස්ති‍්‍රක් පහෙන් තුනක එනම් යාපනය, වව්නියාව සහ කිලිනොච්චියෙහි  දිස්ති‍්‍රක් ලේකම්වරු දමිළ කාන්තාවන් වන අතර අනික් දෙදෙනා ද්‍රවිඩ ජාතික පිරිමින්ය. නැගෙනහිර පළාතේ ප‍්‍රධාන ලේකම් ද දෙමළ ප‍්‍රජාව තුළින් පැමිණි අයෙකි. යාපනය දිස්ති‍්‍රක්කයේ දිසාපතිනිය මුලතිව් දිස්ති‍්‍රක්කය එල්ටීටීය යටතේ පැවති අවදියේ ද එම නිලයේ ම සේවය කරන ලද්දීය.
සමහර විට භාෂාව සම්බන්ධ විවාදශීලී ගැටලුවක් ද මේ හා සම්බන්ධ වේ. සිංහල සහ දමිළ භාෂාවන්ට සම ස්ථානයක් ලබා දීම ව්‍යවස්ථාව මගින් ම තහවුරු කරන ලද නිල භාෂා ප‍්‍රතිපත්තියක් ශී‍්‍ර ලංකාව සතු ව තිබේ. තමන් තෝරාගන්නා ලද භාෂාවකින් සන්නිවේදනය කිරීමට සියලු ම පුද්ගලයන්ට තිබෙන අයිතිය ව්‍යවස්ථානූකූල ව සුරක්‍ෂිත කර ඇත. 2012 ජනවාරි මස ප‍්‍රකාශයට පත් කරන ලද ත්‍රෛභාෂික ප‍්‍රතිපත්තිය, නිල භාෂා ප‍්‍රතිපත්තියක් ඇති කිරීම තවදුරටත් ශක්තිමත් කරන අතර ජාතික සමගිය තහවුරු කිරීමට ප‍්‍රජාවන් අතර සම්බන්ධතාවක් තැනීමට අගනා දායකත්වයක් ලබා දෙන ලදි. මෙය සංහිඳියාවෙහි වැදගත් අංගයක් වන අතර භාෂාව, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවෙහි යෝජනාවන් අතර ප‍්‍රමුඛත්වය ලබාදුන් අංගයකි. මේ වනවිටත් 1600කට වැඩි දෙමළ කතා කරන පොලිස් නිලධාරීන් බඳවා ගෙන අවසන්. අනාගතයේ දී රජයේ සේවකයින්ගේ සහ පොලිසියේ දෙමළ භාෂා හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට කි‍්‍රයා කිරීමට අපේක්‍ෂා කරයි.

අපගේ, වේගවත් සහ ක‍්‍රමවත් අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලිය ජාත්‍යන්තරය විසින් පිළිගැනීමත් ප‍්‍රශංසා කිරීමත් රජයේ මහත් සංතෘප්තියට හේතු වේ. 2009 මැයි මස අවසානය වන විට සුබසාධක මධ්‍යස්ථානවල රඳවා සිටි දෙලක්‍ෂ අනූදාහක් වන අභ්‍යන්තර අවතැන්වූවන්ගෙන් 2011 වසර අවසන් වන විට නැවත පදිංචි කරවීම සඳහා ඉතිරි ව සිටින්නේ හයදාස් හයසිය හතළිස් හතක් පමණි. නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 360කට වඩා වැය කර තිබේ. 2008 වසරේ අපේ‍්‍රල් මසට පෙර අවතැන් වූ ‘පැරණි අභ්‍යන්තර අවතැන්වූවන්’ ඇතුළු සියලු ම අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා අපගේ කැපවීම නොකඩවා පවත්වා ගැනීමට අප විසින් කි‍්‍රයා කරමු.
එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ 2011 වසරේ දෙසැම්බර් හා නොවැම්බර් මස සඳහා වන ඒකාබද්ධ මානූෂවාදී සහ පූර්ව යාවත්කාලීන කිරීමට අනුව 2011 දෙසැම්බර් මස අවසන් වන විට පුද්ගලයින් 421,056 (පවුල් 126,524 කට අයත්) උතුරු ප‍්‍රදේශයට ආපසු ගොස් සිටී. මෙම සංඛ්‍යාවට 2008 අපේ‍්‍රල් මසට පසු අවතැන් වූ 223,745ක් වූ පුද්ගලයින් (පවුල් 70,625කට අයත්) සහ 2008 අපේ‍්‍රල් මසට පෙර අවතැන් වූ පුද්ගලයින් 197,311 (පවුල් 55,899කට අයත්) ඇතුළත් වේ. තවදුරටත් අභ්‍යන්තර අවතැන්වූවන් හඳුණාගැනීමේ සහ දිගුකලක් අවතැන් ව සිටි පුද්ගලයින්ට සහය දැක්වීම මගින් කල්පවත්නා විසඳුමක් ළඟා කර ගැනීමට අවශ්‍ය ප‍්‍රයත්නයන් මේ වනවිටත් කි‍්‍රයාත්මක වේ.‍
පෙර ගැටුම් පැවති ප‍්‍රදේශයන් හි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ලෝකයේ මේ පිළිබඳ ව හොඳ සාර්ථකත්වයක් ලබාගත් අය හා සැසඳිය හැකි වේගයකින් සිදු කරන ලදි. වර්තමානය වන විට බිම් බෝම්බ සහිත වර්ග කිලෝමීටර් 2046ක භූමි ප‍්‍රදේශයකින් වර්ග කිලෝමීටර් 1412ක භූමි ප‍්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇත. 42000කට අධික පුද්ගල නාශක බිම් බෝම්බ සහ 227ක් වූ යුද ටැංකි නාශක බිම් බෝම්බ සහ පිපිරී නැති උණ්ඩ 15000ක් ද මෙම ප‍්‍රදේශවලින් සොයා ගන්නා ලදී. සාර්ථක ලෙස බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමේ සියයට 80ක් සිදු කර ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව වන අතර ඒ සඳහා අනෙකුත් ආයතනයන් හී ශක්තිය ද ලබා දෙන ලදී. මෙහි දී සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ 2010 වසරේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය සඳහා වූ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමග සියලු ම, බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සහ බිම් බෝම්බ අවදානම පිළිබඳ දැනුවත් කිරීමේ සම්බන්ධීකරණ කාර්යයන් සිවිල් පරිපාලනයක් යටතට පමුණුවාලීමයි.
එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය සහ යළි සමාජගත කිරීම සම්බන්ධයෙන් 12000ක් පමණ වු අත්අඩංගුවට පත් සටන්කරුවන් අතරින් මේ වන විට යළි මුදහැරීම සඳහා පුනරුත්ථාපන කදවුරුවල සිටින්නේ 900කට අඩු ප‍්‍රමාණයකි. ඔවුන්ට අවශ්‍ය මනෝ සමාජයීය ප‍්‍රතිකාර, උපදේශන සේවා හා කලා, නර්තනය හා සංගීතය ආශි‍්‍රත මානසික චිකිත්සන ලබා දී තිබේ. අවශ්‍ය ආධ්‍යාත්මික හා ආගමික වැඩසටහන් පවත්වා ඇත. වැඩිහිටි සටන්කරුවන් සඳහා අවශ්‍ය රැකියා ඉලක්කක කරගත් සිය ජන සමාජයේ අවශ්‍යතාවන්ට සරිලන වෘත්තීය පුහුණුව ලබාදෙමින් සිටී. මෙම හිටපු සටන්කරුවෝ තවමත් ඔවුන් වෙනුවෙන් ම නීතිය මගින් පිහිට වු ආරක්ෂිත පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වෙමින් සිටිති.

රජයේ අත්අඩංගුවට පත් එල්ටීටීඊ ළමා සොල්දාදුවන් 595 දෙනෙකු කිසිදු සාපරාධි චෝදනාවක් ගොනු නොකර යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇති ව නැවත පුනරුත්ථාපනය කර වසරක් තුළ සිය පවුල් වෙත බාරදෙනු ලැබීය. ඔවුන්ගෙන් සමහරෙක් පසුගිය වසරේ පැවති අපොස උසස් පෙළ විභාගය ඉතා හොඳින් සමත් වූහ. ඇතැමුන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට පවා සුදුසුකම් ලැබුහ.
අනවසර ගිනි අවි තබා ගැනීම අවසන් කිරීම සඳහා පශ්චාත් ගැටුම් කළමනාකරණ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවමින් රජය සෝදිසි මෙහෙයුම් ආදියෙන් සොයා ගන්නා අවි පිළිබඳ සියලු විස්තර නීත්‍යනුකුල හා සුපරීක්ෂාකාරී ලෙස තබා ගැනීමේ කි‍්‍රයාදාමයක් රජය විසින් ආයතනගත කර ඇත. මෙය මානව ආරක්ෂාව සහතික කිරීමට මෙන් ම රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම සදහා ධනාත්මක බලපෑමක් ඇති කරයි.
ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය සහ සාමාන්‍ය තත්ත්වය යළි ඇති වීම සඳහා වැදගත් වැඩකොටසක් ඉටු කරනු ලබයි. ගැටුම් පැවති උතුරු හා නැගෙනහිර පළාත්වල දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වේ. උතුරු හා නැගෙනහිර පසුගිය 2011 වසර තුළ විවිධ සංවිධානවල ආධාර ද සහිත ව ව්‍යාපෘති 27ක් රජය මගින් කි‍්‍රයාවට නැංවූ අතර එයින් යටිතල පහසුකම් සංවර්ධනය, නිවාස, මහාමාර්ග, පාලම්, පාසල්, රෝහල්, වාරිමාර්ග ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 23ක් ඇමරිකානු ඩොලර් මිලියන 201ක වියදමින් කි‍්‍රයාත්මක කර තිබේ. මෙම ව්‍යාපෘති අතරින් 7ක් ඇමරිකානු ඩොලර් මිලියන 50ට වඩා වැය වන මහා පරිමාණ ව්‍යාපෘති ලෙස සැලකේ. උතුරු පළාතේ යාපනය දිස්ති‍්‍රක්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වෙන් කර ඇති සමස්ත මුදල් ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වන අතර කිලිනොච්චි හා මඩකලපුව දිස්ති‍්‍රක්වල පිළිවෙළින් ඩොලර් මිලියන 250 හා 150 බැගින් සංවර්ධන ව්‍යාපෘතින්හි ආයෝජනය කර තිබේ.

යුද්ධය අවසන් වීමේ සිට පසුගිය 2011 වන විට උතුරු පළාතේ ආර්ථික වර්ධන වේගය 22%ක් වු අතර ශී‍්‍ර ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ 8%ක වර්ධනයක් පෙන්වා තිබේ. ආයෝජන ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස අක්කර 25ක භූමි ප‍්‍රදේශයක අච්චුවේලිහි කර්මාන්ත කලාපය ඉදිවෙමින් පවතින අතර දෙස් විදෙස් ආයෝජකයින් 40ක් පමණ එහි ආයෝජනය කරනු ඇති බවත්, එ තුළින් රැකියා අවස්ථා 6000ක් පමණ බිහිවනු ඇති බවත්, අපේක්ෂා කෙරේ. මෙහි දෙවන අදියර ලෙස ඊට තවත් අක්කර 67ක් එක් කර සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. වැඩි දියුණු කිරීමට නියමිත පලාලි ගුවන්තොටුපොළ හා කන්කසන්තුරේ වරාය කර්මාන්ත කලාපයට කිලෝ මීටර් 10ක් දුරින් පිහිටා තිබීම ආයෝජකයන් අමතර ලෙස දිරි ගැන්වීමකි. රටේ පශ්චාත් යුද ගැටුම් කළමනාකරණ කි‍්‍රයාවලිය තුළ ඇති අවස්ථාවන්ට යොමු වීමට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මෙ තුළින් හැකිවනු ඇත.

එල්ටීටීඊය විසින් මුළුමනින් ම විනාශ කරන ලද උතුරු දුම්රිය මාර්ගය මේ වන විටත් නැවත ඉදිකිරීම අරඹා තිබේ. මේ ප‍්‍රවේශයන් දෙකට ම ඉන්දීය රජයේ ආධාර ලැබේ. ඕමන්තේ සිට පලාලි සහ කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ගය මගින් උතුරු පළාතේ වෙළෙඳපොළට සම්බන්ධීකරණය සපයයි. උතුරු පළාතේ තරුණයින්ගේ රැකියා අවස්ථා වර්ධනය කිරීම සඳහා ඔවුන් කාර්මික දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජර්මානු රජයේ ආධාර ඇති ව ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත කාර්මික විද්‍යාලයක් කිලිනොච්චියේ ඉදි කෙරෙමින් පවතී. මෙහි දි අනෙකුත් රාජ්‍යන්ගෙන් ලැබෙන සහයෝගය ද අප ඉතා හොඳින් අගය කරමු.

සියලු ජනතාව හරයාත්මක ව සහ තෘප්තිමත් වන අකාරයේ අව්‍යාජ විසඳුමක් ඇතිකර ගන්නා තෙක් අප අපේ දේශය සහ ජනතාව ඉමහත් කැපකිරීමක් කොට ලබාගත් සාමය සැබෑ සාමයක් නොවනු ඇත. ජාතික ගැටලු උදෙසා සකස් කෙරෙන සම්මුතික විසඳුම තිරසාර වීම සඳහා එය වඩා ප‍්‍රායෝගික, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා දේශීය එකක් විය යුතුය. එවැනි කි‍්‍රයාදාමයකට එළැඹීමට ආණ්ඩුවේ කේන්ද්‍රීය අංගය වශයෙන් ව්‍යවස්ථා සංශෝධනය සඳහා බහු පාක්ෂික සම්මුතියකට එළැඹීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීමට නියමිත ය. එමගින් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට එකමුතු ව ජාතික අනන්‍යතාවක් සහිත ව කි‍්‍රයා කිරීමට හැකිවනු ඇත.
රජය දමිළ දේශපාලන පක්ෂ සමග මෙන් ම මුස්ලිම් දේශපාලන නියෝජිතයින් සමග ද ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කොට තිබේ. රජය මේ වන විටත් පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවට සාමාජිකයින් නම් කොට ඇති අතර විපක්ෂය නියෝජනය කරමින් සාමාජිකයින් නම් කරන තෙක් බලා සිටින්නේ ඉන් පසු එහි කටයුතු ආරම්භ කිරීමට හැකි වන බැවිනි. ව්‍යවස්ථානුකුල රීතිය සකස් කිරීමෙහිලා කලින් ගත් උත්සහයන් එකඟත්වය නොමැති වීම හේතුවෙන් අසාර්ථක වීම පිළිබඳ ව අපි දැනුවත් ව සිටිමු. තම ඇතුළත් වීම හා විනිවිදභාවයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාදර්ශයන්ට කැපවීමක් දෙමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කි‍්‍රයාකාරීත්වය සම්මුතියක් ළඟාකර ගැනීමට උපකාරී වනු ඇති බවට සුබවාදි බලාපොරොත්තු අපට ඇත.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා වර්ධනය කිරීමට ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර කැප කිරීම් සැලකිල්ලට ගැනීමේ දී විශේෂ කි‍්‍රයාමාර්ග හා ගිවිසුම් සංවිධාන ඇතුළු ව එක්සත් ජාතීන්ගේ යාන්ත‍්‍රණය සමග එය ස්වේච්ඡාවෙන් ම කටයුතු කර ඇති බව සැලකිල්ලට ගත හැකි ය. මේ සම්බන්ධයෙන් 2011 දෙසැම්බරයේ දී වද හිංසාවට එරෙහි කමිටුවට ශී‍්‍ර ලංකාව පිළිබඳ ආවර්තිත වාර්තා තෙවැනි හා සිව්වැනි වරට ශී‍්‍ර ලංකාව වැඩදායක ආකාරයෙන් සැලකිල්ලට ගත්තේ ය. 2012 මාර්තුවේ දී  ජිනීවාහි පැවැත්වෙන බලහත්කාරයෙන් හා නිරුත්සාහයෙන් සිදු වු අතුරුදන්වීම් පිළිබඳ කි‍්‍රයාකාරී කණ්ඩායමේ 96 වැනි සැසියට ශී‍්‍ර ලංකාව ද සහභාගි වනු ඇත. වසර හතරක කාලයක් පුරා සිදු කරන ලද දියුණුව මෙන් ම ප‍්‍රතිසන්ධානය හා සම්බන්ධ ගැටලු සවිස්තරාත්මක ව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ශී‍්‍ර ලංකාවේ ජාතික වාර්තාව 2012 ඔක්තෝබරයේ දී පැවැත්වෙන ජගත් ආවර්තිත සමාලෝචනය අතරතුර සැලකිල්ලට ගැනෙනු ඇත. අපේ ප‍්‍රයත්නයන් ජගත් ආවර්තිත සමාලෝචනයේ ඊළඟ කවයට සම්බන්ධ වීමයි. 2008න් පසු සංවර්ධනයට අදාළ සියලු ප‍්‍රශ්න එහිදී පැන නැඟෙනු ඇති අතර ඒවාට සම්පුර්ණ හා සාධාරණ ලෙස පිළිතුරු සැපයෙනු ඇත. ‍ෙ
ජීනීවා හා වෙනත් ජාත්‍යන්තර සමුළුවලට අපි දිගට ම සහභාගී වී ඇති අතර අපේ දියුණුව, ගැටලු හා ඒවාට සොයාගත් විසඳුම් පිළිබඳ ව ජාත්‍යන්තර ප‍්‍රජාවට විස්තර සපයා ඇත. නැවත ගොඩ නැගීම් ගවේෂණය සඳහා විදේශ රටවල් කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් කිහිප දෙනෙකුට ශී‍්‍ර ලංකාව ආගන්තුක සත්කාර සපයා තිබේ. භුමියේ සිදුවෙමින් තිබෙන දියුණුව ඒ ආකාරයෙන් ම දැකබලා ගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට ආරාධනා කිරීම අපි දිගට ම කර ගෙන යන්නෙමු. මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය විසින් අභ්‍යන්තරික වශයෙන් සුවිශේෂි පියවර ගෙන ඇත. 2008 ජගත් ආවර්තිත සමාලෝචන කි‍්‍රයාවලිය සමග ශී‍්‍ර ලංකාවේ සම්බන්ධය අතරතුර එය මානව හිමිකම් ඉහළ දැමීමට හා ආරක්ෂා කිරීමට පස් අවුරුදු ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් යෙදවීමට සහතික වී ඇත. සහභාගි කි‍්‍රයාවලියක් මගින් රජය හා සිවිල් සමාජය සම්බන්ධ කරමින් එම පොරොන්දුව ඉටු කිරීමට අපි වෙහෙස වී වැඩ කොට ඇත්තෙමු
එහි ප‍්‍රතිඵලය වුයේ 2011 සැප්තැම්බරයේ දී කැබිනට් ඇමතිවරුන් විසින් අනුමත කරන ලද මානව හිමිකම් නගාසිටුවීමේ හා සුරැකීම සදහා වු ජාතික කි‍්‍රයාකාරී සැලැස්මේ අප දැන් සිටින්නේ අධීක්ෂණය හා ඇගයුම් ඇතුළු කි‍්‍රයාත්මක කිරීමේ අවධියේ ය. මානව හිමිකම් වඩා හොඳින් අවබෝධ කර ගැනීම හා ඒවාට ගරු කිරීම, ඉහළ නැංවීම සදහා පවතින නීති ප‍්‍රතිපත්ති හා භාවිතයන් කි‍්‍රයාවට නැංවීම කරගෙන යාමට කි‍්‍රයාකාරී සැලැස්ම ව්‍යුහගත රාමුවක් ඉදිරිපත් කරයි.


සිවිල් හා දේශපාලනික අයිතීන්, ආර්ථික සාමජීය හා සංස්කෘතික අයිතීන්, ළමා අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, සංක‍්‍රමණික කම්කරු අයිතීන්, වදහිංසා වැළැක්වීම, කාන්තා අයිතිවාසිකම් හා අභ්‍යන්තරික අවතැන්වුවන්ගේ අයිතීන් යන ක්ෂේත‍්‍ර අටක් පිළිබඳ ව එමගින් අවධානය යොමු කෙරේ. සැලැස්ම මගින් හඳුනාගත් පළමු කි‍්‍රයාකාරකම වන කැබිනට් අනු කමිටුවක් පත් කිරීම අපි සම්පුර්ණ කර ඇති අතර එමගින් එහි කි‍්‍රයාකාරිත්වය සුපරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. කි‍්‍රයාකාරී මට්ටමේ දී කි‍්‍රයාකාරීත්වය සමග බැඳී තිබෙන ආයතනවල නිලධාරින්ගෙන් යුත් ආයතනයන්හි මුලසුන මවිසින් දරනු ඇත.
ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතිය ශක්තිමත් කිරීමට ස්ථිර ලෙස කැප වී සිටියි. මානව හිමිකම් නගාසිටුවීම හා ආරක්ෂා කිරීම සඳහා සන්ධානගත ආයතන මගින් කරගෙන යන වැදගත් කි‍්‍රයාකාරකම් අපි අගය කරමු. සම්පත් හා ඒවායේ වැඩ බාරය වැඩි කිරීම සම්බන්ධයෙන් දෙන ලද වත්මන් අභියෝගවලට මුහුණදීම සලකා බලන විට සන්ධානගත සංවිධාන පද්ධතිය ශක්තිමත් කිරීමට පවරාගෙන ඇති වගකීම් අපි සාදරයෙන් පිළිගනිමු. මේවා නෛතික නියෝග මත පදනම් වු විනිවිද පෙනෙන හා කාටත් පොදු වූ අන්තර් රාජ්‍ය කි‍්‍රයාවලියක් මගින් ළඟාකර ගත යුතු බවට කෙසේ වුව ද අපි ස්ථිර ව සලකමු.
උපරිම ප‍්‍රතිඵල සහ එක ම දේ නැවත කිරීම අවම කිරීමට සන්ධානගත සංවිධානවල වැඩි එකතුවක් පමණක් නො ව වඩා විශිෂ්ට සහ කි‍්‍රයාව හා සන්ධානගත සංවිධාන තුළ පමණක් නො ව ජගත් ආවර්තිත සමාලෝචනය ආදී අනෙක් මානව හිමිකම් යාන්ත‍්‍රණ සමග ද එකතුවක් තිබිය යුතු බව අපි සැලකිල්ලට ගනිමු.

මීට සමාන ව ම තක්සේරු කිරීමේ හා මානුෂවාදි කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ අය-වැය අතර අසමතුලිතතාව නිරීක්ෂණය කිරීම පිළිබඳ ව ද ශී‍්‍ර ලංකාව දැඩි ලෙස අවධානය යොමු කර සිටී. එයට ලැබෙන ස්වේච්ඡා දායකත්වය ද එහි සම්මත අය-වැය මෙන් ම අන්තර් රාජ්‍ය නිරීක්ෂණයට හා අධීක්ෂණයට භාජනය විය යුතුය. වගකීමේ හා විනිවිදභාවයේ මුලධර්ම සංවිධානයේ කි‍්‍රයාකාරිත්වයන් හි දී ආයතනික වශයෙන් ආරක්ෂා කරන බව සහතික කිරීමේ අදහසින් 6 වැනි කමිටුවේ දී මෙන් ම මානුෂවාදි කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ ගොඩනැගීමේ බැඳීම හරහා මේ සම්බන්ධයෙන් වන වෑයම්වලට සහය දැක්වීම අපි දිගට ම කරගෙන යන්නෙමු.
මා කලින් සඳහන් කළ අයුරින් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු ව, අභ්‍යන්තර ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලියක් වෙත ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකාශිත කැපවීම හමුවේ සාමාජික රටවල් සමග ඇතැම් රජයන් විසින් ජගත් ආවර්තිත සමාලෝචන වැනි මාදිලි මගින් අඛණ්ඩ ව පවත්වාගෙන යන සංවාදය ද ගිවිසුමට අදාළ ආයතන සමග සංවාදයට සහභාගි වීම සහ කවුන්සිලයේ විධිමත් කි‍්‍රයාවලියන් ඇතුළත සංවාදය සඳහා අඛණ්ඩ ව ඉල්ලීම පිළිබඳ සලකා බැලීමේ දී සැකයන් පහළ වීම නොවැළැක් විය හැකිය. පූර්ව විනිශ්චයන් ද, දෙබිඩි පිළිවෙතක් භාවිත කිරීම සහිත ප‍්‍රතිසංවිධානය සහ ප‍්‍රතිසංස්කරණ සඳහා අභ්‍යන්තර කි‍්‍රයාවලියන් සමග අනිසි අතපෙවීමක් ලෙස ද අපි මෙම තත්ත්වය දකිමු. දේශීය හා ජාත්‍යන්තර තලයෙහි අපගේ අවංක කි‍්‍රයා කලාපය හමුවේ ඉහත කි‍්‍රයා කලාපය පිළිගත් ජාත්‍යන්තර කි‍්‍රයාපටිපාටිය සමග නොගැළපේ. එහි දී බාහිර සමුළුවල දී සමාලෝචනය කළ යුත්තේ දේශීය කි‍්‍රයාදාමයන් නිම වූ පසු බව අපේ මතයයි.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය සංගමයේ සාමාජික රජයන් ඇතුළු රටවල් 32ක තහනම් වූ ලෝකයේ බිහිසුණු ම ත‍්‍රස්තවාදී සංවිධානයේ ඉතුරු වූ කොටස් ඇතැම් රටවල තවමත් කි‍්‍රයාකාරී බව ද අරමුදල් රැස් කිරීම, චෞර මුදල් භාවිතය, මත් ද්‍රව්‍ය සහ මිනිස් සංක‍්‍රමණ ජාවාරම් වැනි රහසිගත කි‍්‍රයාකාරකම්වල යෙදී සිටින බව ද, මෙම තත්ත්වය පශ්චාත් යුද සමය තුළ ශී‍්‍ර ලංකාව මුහුණ දෙන බලගතු අභියෝගවලින් එකක් බව අප මතක තබා ගත යුතු වෙමු. ප‍්‍රධාන ජනාකීර්ණ ප‍්‍රදේශයන්හි ඔවුන් සංකේන්ද්‍රගත වී ඇති හෙයින් සත්කාරක රටවල දැඩි ඡන්ද කොට්ඨාස මට්ටමින් දේශපාලනික බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වී ඇත. ඒකවාර්ගික බෙදුම්වාදයන් අතර ත‍්‍රස්තවාදී කණ්ඩායම් බෙදුම්වාදී මතවාදයන් ඔවුහු ප‍්‍රචාරය කරන්නේ ඔවුන් සතු සම්පත් සහ ශේෂ වී ඇති නායකත්වය යොදා ගනිමින් ය. මෙම රටවල ජීවත්වන දෙමළ ප‍්‍රජාව සතු ඡන්ද කොට්ඨාස මට්ටමේ ශක්තියෙන් ද ඔවුහු ප‍්‍රයෝජන ගනිති. තම සත්කාරක රටවල රජයන් මගින් මානව හිමිකම් කවුන්සිලය හරහා දඬුවම් පැනවීමේ උත්සාහයක යෙදෙමින් මෙම පරාජිත ත‍්‍රස්තවාදී කණ්ඩායම් ඇත්ත වශයෙන් ම සිදු කරන්නේ ශී‍්‍ර ලංකාවේ දැනට කි‍්‍රයාත්මක වන අව්‍යාජ සංහිඳියා කි‍්‍රයාවලිය යටපත් කිරීම ය. එය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම කණ්ඩායම්වල ප‍්‍රචාරයන්, බලපෑම්, උපක‍්‍රම සහ ඡන්ද කොට්ඨාස මට්ටමේ පීඩන හමුවේ ගොදුරු බවට පත්වුණු ජාත්‍යන්තර ප‍්‍රජාවේ ඇතැම් කොටස්වල අනිසි පීඩනයන් අපි තරයේ ප‍්‍රතික්ෂේප කරමු. තම සත්කාරක රටවල තවදුරටත් වාසය කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ශී‍්‍ර ලංකාව පිළිබඳ නිශේධනීය චිත‍්‍රයක් සහ තර්කානුකූල නොවන අසුබවාදී ආකල්පයක් නිරූපණය කිරීමේ ඔවුන්ගේ අවශ්‍යතාව අපි අවබෝධ කරගෙන සිටිමු. සංවර්ධනයෙහිලා සහ නව ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමෙහිලා නිර්මාණශීලී සහභාගිත්වයකට අප ජනාධිපතිතුමාගේ ආරාධනය පිළිගන්නවා වෙනුවට මාතෘභූමිය අපකීර්තියට පත් කිරීමට සහ සියලු ම ශී‍්‍ර ලාංකිකයින් සඳහා සංවර්ධනය සහ සෞභාග්‍යය ළඟාකර දීමට රජයේ අව්‍යාජ උත්සාහයන් යටපත් කිරීමට තම කාලය, ශ‍්‍රමය සහ සම්පත් කැප කිරීම ඉතා ම සංවේගජනකය.

එ නිසා, සාර්ථක ව සිදු වන දේශීය කි‍්‍රයාවලිය ජාත්‍යන්තර සමුළුවල දී සංවාදයට බඳුන් කිරීම මගින් ජාත්‍යන්තරකරණය කිරීමෙන් එකතුවන වැඩිපුර අගය පිළිබඳ ව අපි රජයක් වශයෙන් ප‍්‍රශ්න කරමු. එවන් උත්සාහයක් වෙතින් සිදු විය හැකි ප‍්‍රතිඵලය වන්නේ වර්තමාන ගැටලුවලට විසඳුම් ඈත් වීම පමණකි. සාමාජික රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම සඳහා කි‍්‍රයාකාරීත්වයක ආරම්භය සඳහා එම රාජ්‍යයේ අනුමැතිය තිබිය යුතු බව ද අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. මෙම සාධාරණ මූලධර්මය උල්ලංඝනය වී ඇති බොහෝ අවස්ථාවල දී සාමය ගොඩනැගීම සඳහා ගත් විශේෂ බහුවිධ ප‍්‍රවේශයන් පවා අසාර්ථක වීමෙන් ගැටුම්කාරී තත්ත්වයන් තවත් තීව‍්‍ර වී ඇතැමුන්ට ඒවා බාහිර ව ව්‍යාප්ත වීමට දායක වීමේ කදිම නිදසුන් අප හමුවේ ඇත.
එම නිසා ශී‍්‍ර ලංකාවේ සියලු ජනතාවන්ට පිළිගත හැකි සහ ඔවුන්ට යහපත සැලසෙන දේශීය ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාදාමයක් සාර්ථක වීමෙහිලා ශී‍්‍ර ලංකාව යෝග්‍ය තත්ත්වයක සිටින බව පැහැදිලිය. ඕනෑ ම දේශීය කි‍්‍රයාදාමයක් ජනතාවගේ සංස්කෘතිය, සාරධර්ම, සම්ප‍්‍රදායයන්, සිරිත් සහ ඉතිහාසය සැලකිල්ලට ගන්නා බව මෙහිලා සඳහන් කිරීම වටිනේය. එනිසා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහි ප‍්‍රයත්නයන් සඳහා ශී‍්‍ර ලංකාවට කාලය සහ අවකාශය ලබාදිය යුතු බව තීරණාත්මක ය.

එනිසා අප කවුන්සිලයට බලකර සිටිනුයේ 60/25/UNGA යෝජනාවේ මූලධර්මවල මාර්ගෝපදේශකත්වය ගත යුතු බවත්, මානව හිමිකම් ශක්තිමත් කිරීම සහ සුරැකීම පිළිබඳ ගැටලු සලකා බැලීමේ දී විශ්වාසනීයභාවය සහ වෙනස්කම් නොකිරීම පිළිබඳ මූලධර්මවලට එකඟ වීම සහතික කිරීමෙහි වැදගත් බවත් අපි අවධාරණය කරමු. ශී‍්‍ර ලංකාවේ යහපත ප‍්‍රාර්ථනා කරන හැම දෙනා මෙතෙක් අප ලබා ඇති ප‍්‍රගතිය විපර්යාසකාරකයක් ලෙස සලකන බව ද නිර්මාණාත්මක හැඟීමකින් අපට අඛණ්ඩ ව සහයෝගය දක්වන බව ද යනු අපේ අවංක බලාපොරොත්තුවයි. මෙයට කිසිදු නොඅඩු දෙයක් ශී‍්‍ර ලංකා ජනතාවගේ අභිලාෂය සහ ලැබිය යුත්ත නොවේ.


බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ අභ්‍යන්තර කි‍්‍රයාදාමයන් ශී‍්‍ර ලංකාව මුලිනුපුටා දමන ලද්දේ මූලික වශයෙන් තම ශක්තියෙන් වන අතර එයට ජාත්‍යන්තර තලයේ සැලකිය යුතු සහායකයන් ස්වල්ප දෙනෙකුගේ ආධාර ලැබුණි. ඔවුන් වසර 30ක අර්බුදය අවසන් කිරීමට ලබාදුන් භෞතික හා වෙනත් ආධාර අප විසින් ඉතා ගැඹුරු කෘත්‍යවේදී බවකින් සිහිපත් කරමු. එමෙන් ම පශ්චාත් ගැටුම් සමයේ දැවැන්ත ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයේ දී අපගේ ආසියානු කලාපීය පාර්ශවකරුවෝ ආධාර සපයති. අප ඔවුන්ගේ දායකත්වය ද කෘතවේදී ව පිළිගනී. එහෙත් පශ්චාත් ගැටුම් සමයේ දී සිවිල් වැසියන්ගේ සුබසාධනය, ස්තී‍්‍ර අයිතිවාසිකම්, අවතැන් වූ පුද්ගලයන්, ළමයින්, සුළු ජන කොටස් සහ වෙනත් ප‍්‍රශ්න ගැන යටිගිරියෙන් හඬ නඟන ජාත්‍යන්තර ප‍්‍රජාවේ ඇතැම් සාමාජිකයන් ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයට ලබා දෙන ආධාර ඉතා අල්ප බව කනගාටුවෙන් සඳහන් කරමු.
සන්නද්ධ ගැටුමෙන් පසු නැගී සිටින සහ යුද්ධයට මැදි වුණු පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරැකීමේ දී ශී‍්‍ර ලංකා රජය එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සහ ජාත්‍යන්තර සහ ජාතික රාජ්‍ය නොවන සංවිධාන සමග ත්‍රෛපාර්ශවික ඒකාබද්ධ ප‍්‍රවේශයකට බැඳී සිටීමට එකඟ විය. එකඟතාව හැඳින්වූයේ උතුරු පළාත සඳහා ඒකාබද්ධ ආධාර සැලැස්ම යනුවෙනි. 2011 නිමා වන විට එම වසරට අවශ්‍ය අරමුදලින් ලැබුණේ දළ වශයෙන් යන්තම් 35% පමණි. ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැකීම පිළිබඳ මතුපිටින් පෙන්වන ගැඹුරු උනන්දුව සලකා බැලීමේ දී මෙම රටවල් ගැටුම් තිබුණු ප‍්‍රදේශවල සිවිල් ජනයාට ආධාර කරනු ඇතැයි කෙනෙකුට බලාපොරොත්තු තැබිය හැකිය.

මෙවන් සමුළුවල දී ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ගැන චූර්නිකා පැවැත්වීම වඩාත් අර්ථාන්විත වන්නේ 2009 හි දී ශී‍්‍ර ලංකාව පිළිබඳ කවුන්සිලයේ යෝජනාවට අනුව සැබෑ සහ සැලකිය යුතු සහයෝග සහ ආධාර ලබා දීමෙනි. සාමාන්‍ය ජීවිතය සහ සිවිල් ජීවිතයක් යථා තත්ත්වයට පත් කිරීමේ දී සහ ප‍්‍රතිසන්ධානයේ දී නිසැකයෙන් ම මුහුණ දෙන අභියෝග ජය ගැනීමේ දී විශේෂයෙන් ම ත‍්‍රස්තවාදී උවදුරට බිහිසුණු ලෙස ගොදුරු වුණු පිරිස් අතර සාමාජික රටකට හැකියාව ලබා දී ම පදනම් විරහිත චෝදනා නැගීමට සහ ඇඟිලි දිගුකිරීමට වඩා ඵලදායී සහ උපකාරී වනු ඇත.
මා සහ මගේ නියෝජිත මඬුල්ල මෙම සැසි වාරයේ කාර්යභාරය ඉටු කිරීමේ දී අපේ පූර්ණ සහයෝගය ලබාදෙන බව සහතික කරමු.
(පෙබරවාරි 27 වැනි දා ජිනීවා හි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19 වැනි සැසිවාරය අමතා වැවිලි කර්මාන්ත අමාත්‍ය, මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හා ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායම් නායක මහින්ද සමරසිංහ මහතාගේ විසින් කරන ලද ප‍්‍රකාශය)

උපුටා  ගැනීම
- සිංහලයා පුවත්

Related

font-size 284786328376459300

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item