සරසවිවල පියවරු නැත්ද?
පසුගිය දිනවල රජයට වෛද්‍ය පීඨයේ සිසුන් විසින් උපකුලපතිවරයා සහ පීඨාධිපති ඇතුලූ ප‍්‍රධාන නිළධාරින් පිරිසක් ප‍්‍රාණ ඇපයට තබාගෙන සිටි බවට ප‍්‍ර...
http://weadikawa.blogspot.com/2011/12/blog-post_8479.html
පසුගිය දිනවල රජයට වෛද්‍ය පීඨයේ සිසුන් විසින් උපකුලපතිවරයා සහ පීඨාධිපති ඇතුලූ ප‍්‍රධාන නිළධාරින් පිරිසක් ප‍්‍රාණ ඇපයට තබාගෙන සිටි බවට ප‍්‍රවෘත්ති සිරස්තල මැවිනි. ඒත් ඒ කිසිදු සිසුවකු අත පිස්තෝල, අත්බෝම්බ හෝ ගල්කටස් තිබු බවක් වාර්තා නොවීය. එම නාටකයේ අවසන් ප‍්‍රතිඵලය සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කිරිම සහ ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට සිසුන් අතර භීතියක් පැතිරීමයි. ඊට අමතරව විවිධ පාර්ශව විසින් සිසුන් අතර අසහනය වැඩිකිරිම සදහා හෝ වෙනත් කිසියම් හේතුවක් මත සිසුන්ගේ පන්ති තහනම අවුරුදු 3ක් හෝ 4ක් දක්වා දිගු කරන බවටද ප‍්‍රචාරය කොට තිබුණි.
රජරට වෛද්‍ය පිඨයේ සිසුන්ගේ අරගලය වෙනත් බොහෝ පීඨවල සිසු අරගල වලට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. දැන් පන්ති තහනමට ලක්වී සිටින සිසුන් අයත් වන්නේ මීට වසර 5කට පෙර වෛද්‍ය පීඨය නමින් බෝඞ් ගසා තිබුණද කාලයක සිට වසාදමා තිබු සාලියපුර ගුරු විදුහලේ අබලන් ගොඩනැගිලි වලට පය තැබූ පළමු සිසුන් කණ්ඩායමටය. ගුරු හිඟය, සායනික සහ ගොඩනැගිලි පහසුකම් හිඟය ආදි දහසකුත් එකක් ගැටළු මැද මේ සිසුන් දැන් අවු. 5ක කාලයක් ඉක්මවා යමින් විශ්ව විද්‍යාලයේ කාලය ගත කරති. (එක්තරා කාලයක ඔවුන්ගේ පන්ති පැවැත්වුනේ පන්සලකය.) වෙනත් විශ්ව විද්‍යාලවල සමාන්තර වසරවල සහෝදර සිසුන් වෛද්‍යපීඨ වලින් පිටව ගොස් ඇත. දැන් ඔවුන්ට මහපොල ශිෂ්‍යත්වය ලැබෙන්නේ නැත. ඒ නිසා සිසුන්ගෙන් බහුතරය පුද්ගලිකව ආර්ථික වශයෙන්ද පීඩනයට පත්වී ඇත.
මෙම සිසුන් අධ්‍යාපනය පටන්ගත් දවසේ සිටම ඔවුන්ගේ අධ්‍යාපනික සහ නේවාසික ප‍්‍රශ්න වලට විසදුම් සෙවීමට සිදුවුයේ ඔවුන්ටමය. පරිපාලනය නොකරන දේ සිසුහු මැදිහත් වී කෙසේ හෝ ඉටුකර ගැනීමට උත්සාහ කළෝය. ඒ උත්සාහයන්හිදී වරදින දේවලට වරද පැටවුනේද සිසුන්ටමය. මෙම පීඨය ආරම්භයේදීම ඊට පත්වූ ඉතා දරදඩු පාලිකාවක් වූ හිටපු පීඨාධිපතිනිය විසින් ඇතිකල ගැටළු වලට උත්තර සෙවීමට සිදුවයේද සිසුන්ටමය. ඊට පසුව පත්වූ විශ‍්‍රාමික පීඨාධිපතිනිය ඇතුලූ මුලික ආචාර්්‍ය මණ්ඩලයේ සීමාකම් අතික‍්‍රමණය කිරිමට සිදුවුයේද සිසුන්ටමය. මේවා සිසුන් විසින් පමණක් නොව ආචාර්්‍යය මණ්ඩලය විසින්ද නගන අදෝනා ලෙස හඳුනාගත හැක. රජරට වෛද්‍යපීඨයේ සිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව පාලන අධිකාරිය සානුකම්පිතව බලනවාද නැත්ද යන්න තේරුම් ගැනීම සදහා එක් උදාහරණයක් හොදටම සෑහෙනු ඇත. සිසුන්ට ලබාදෙන විශේෂ සටහන් විශ්ව විද්‍යාලය මගින් ඩුප්ලෝ යන්ත‍්‍රයකින් මුද්‍රණයකොට බෙදාහැරියහොත් සිසුන්ගෙන් අයකලයුතු වන්නේ ඉතා සුළු මුදලකි. නමුත් පාලන අධිකාරිය සිසුන්ගෙන් වියදම අයකරගනිමින් හෝ එවැනි සුළු සහනයක් හෝ ලබාදීමට සුදානම් නැත. ඒ නිසා එම සිසුන්ට මසකට රු. 1000 සිට 2000 දක්වා පමණ මුදලක් වැයකොට පුද්ගලිකව පිටතින් ඡුායාපිටපත් ලබාගැනීමට සිදුවී ඇත.
මේ සිසුන්ගේ දුක් ගැනවිලි දෙස බලනවිට මීට අවුරුදු 30-35 පෙර පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාලවල තිබු සිසු සටන් සහ එවා පිළිබඳව පාලන අධිකාරිය ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අපට මතක් වේ. ඒවා ආවර්ජනය කිරිමෙන් වර්තමානයේ සරසවි සිසුන් මුහුණදෙන ගැටළු වලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි අවබෝධයක් ලබාගත හැක. එදා සිසුන්ට අධ්‍යන පාඨමාලාවලට අදාල පහසුකම් පිළිබඳව සටන් කිරිමට සිදුවුයේ ඉතාමත්ම කලාතුරකිනි. සිසුනට විශ්ව විද්‍යාලය තුළම නේවාසික පහසුකම් ලබාදුන් අතර ඉතා ඉහල මට්ටමේ ආහාර වේල් 3ක්, තේ වේල් 2ක් සහ අමතරව තේ සදහා කිිරිපිටි සහ සීනි ආදියද ලබාදුනි. සෑම පිගානක්ම කෑම බෙදිමට පෙර සෝදන යන්ත‍්‍රයක් මගින් උතුරන වතුරෙන් තබ්බා පාවිච්චියට ගන්නා ලදි. සති අන්තයේ විශේෂ කෑම වේල් සහ අනෙකුත් සියලූ පහසුකම් සහිතව මේ සියල්ල සදහා සිසුන්ගෙන් අයකෙරුනේ දිනකට රු. 4.50ක් පමණි.
ජේ.ආර්.ජයවර්ධන රජය ඒ සියල්ල සිසුනට අහිමි කරන තෙක්ම සිසුනට ඒ සියලූ පහසුකම් ලබාදීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සමත් විය. ඒ අනුව වසර 35 කට පසු අද අප ජාතියක් ලෙස පැමිණ ඇත්තේ සිටි තැන් සිට බොහෝ පිටුපසට බවට විවාදයක් තිබිය හැකිද. ඊ නියා ඒක පුද්ගල ආදායමේ වැඩිවීම නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ සංකේතවත් වන්නේ හෝ නියෝජනය වන්නේ නැති බව ඉතා පැහැදිලිය. එදා සිසුන් සටන් වැදුනේ රටේ පොදු දේශපාලන ගැටලූ පිලිබදව මිස එදිනෙදා ජිවිතයට සහ අධ්‍යාපනයට අදාල පහසුකම් සදහා නොවේ. ශාලාවල පහසුකම් වල සුළු බිඳවැටීම්වලදි සිසුන් ඒවාට විරෝධය පලකිරිම සඳහා සටන් දියත් කලද ඒවා ඉතා බොළද. සරල කාරණා සදහා වු බාල සටන් ලෙස හැදින්වීමේ වරදක් නැත. රජරට වෛද්‍ය පීඨයේ සිසුන් මුහුණදෙන දහසකත් එකක් ගැටළු සහ දුක් කම්කටොළු දෙස බලන විට එදා සටන් පිළිබඳව දැන් අපට ලැජ්ජාවෙන් පොලව පලාගෙන යාමට තැනක් නැත.
කෙසේ වෙතත් ඒ සටන් වලදී විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සහ ආචාර්්‍යවරු ප‍්‍රතිචාර දැක්වූ ආකාරය මතක් කර ගැනීම සටන් පිළිබද මතකයට වඩා වැදගත් වේ. එවැනි එක් සටනකට පේරාදෙනියේ එදා උපකුලපති තුමා ප‍්‍රතිචාර දැක්වූ ආකාරය මතක් කිරිම රජරට විශ්ව විද්‍යාලයේ වර්තමාන උපකුලපති තුමාටද වැදගත් විය හැක. ඒ එතුමාද ඒ යුගයේදී ඒ පීඨාධිපතිතුමා පිළිබඳ මතකය අවධිකල හැකි අයෙකු වීම නිසාය. එම වකවානුවේ රටේ අගමැතිව සිටි ආර්. පේ‍්‍රමදාස මහතා උත්සවයක් සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මැදින් වැටී ඇති ගලහ පාර දිගේ යාමට නියමිතව තිබුණි. ඒ බව කලින් දැනගත් සිසුන් හිල්ඩා ශාලාව අසල පෙලගැසී සිට අගමැතිතුමාගේ වාහන පෙළ අවසන් වෙන තුරුම මහ හඩින් ‘හූ’ සංග‍්‍රහයක් ලබාදුනි. කුමන හෝ නරක දෙයක් සිදුවිය හැකි යයි විශ්ව විද්‍යාල මාර්ෂල් වරු සහ ආරක්‍ෂක අංශ සුදානමින් සිටියද එක් සිසුවකු හෝ වෙනත් කිසිදු විනය විරෝධි ක‍්‍රියාවක් නොකළේය. නමුත් ‘හු’ කියා අවසන්වන වීමටම ආරක්‍ෂක නිළධාරින් කඩාපැන පළමු වසරේ වෛද්‍ය සිසුන් 5 දෙනෙකු අල්ලාගත් අතර සෙස්සන් පැන දිවීමට සමත් විය.
එදා සිටි උපකුලපතිතුමාද ජයවර්ධන ආණ්ඩුවේ ප‍්‍රභල හිතවතකු වූ බැවින් අල්ලාගත් සිසුන්ට එරෙහිව අවම ක‍්‍රියාමාර්ගයක් හෝ ගැනීමට එතුමාට බලකෙරිනි. ඒ අනුව එම සිසුන්ට අදාළව දින නියමයක් නොමැති පන්ති තහනමක් පැනවුණු අතර කිසිදු සාකච්ඡුාවකට උපකුලපතිතුමාගෙන් ඉඩක් නොලැබෙන බවද ප‍්‍රකාශයට පත්විය. ඊට ප‍්‍රතිචාර ලෙස වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය ආදි පීඨයේ සියලූ සිසුන් සනාතන මන්දිරයේ ගල්කනු අසලට රැුස්වන්නට විය. එහි උඩුමහලේ වැඩ වසන්නේ උපකුලපති තුමාය. ශිෂ්‍ය නායකයකු ලෙස තත්ත්වය සමනය කරගැනීමේ වගකීම පැවරුණේ මා වෙතය. සිසුන්ගේ මුහුණුවල තිබෙන කලකිරිම සහ කේන්තිය කුමන ආකාරයට ප‍්‍රකාශවනු ඇත්දැයි මා තුළ බියක් ඇති විය. මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මා තනිව ගොස් උපකුලපති තුමා සමග සාකච්ඡුාකොට පැමිණෙන තෙක් පහල රැුදී සිටින ලෙසය. උපකුලපතිතුමා හමුවීමට අවශ්‍ය බවට දැඩි ඉල්ලීමක් කලද ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බැවින් මා වෙත ඉතිරි වී තිබු එකම විකල්පය එතුමාගේ කාමරයේ දොරටුව අසල බිම හිද ගැනීමයි. ආරක්‍ෂක නිළධාරින් මා ඔසවාගෙන යාමට උත්සාහ කලත් පහල සිටින සිසුන් පිළිබඳ මතක් කල සැනින් ඔවුහු තම උත්සාහය අත්හැරීමට තීරණය කළේය.
අවසානයේදී උපකලපතිතුමාම මා වෙත පැමිණීමට සිදුවිය. ‘‘තමුසෙට මොනවාද ඕන’’ ඔහු රළු හඩින් ඇසීය. ‘‘සර් මට පහළට යන්න විදිහක් නැහැ සිසුන් පහල ඉන්නවා ඔබතුමාගෙන් උත්තරයක් අරන් මම එනතෙක්’’ මම කිව්වා. ‘‘ඉතින් මට මොනවද කරන්න කියන්නේ’’ ඒ ඔහුගේ දෙවැනි වාග් ප‍්‍රහාරයයි. මා ඉතා සන්සුන්ව කියා සිටියේ සිසුන් රටේ අගමැතිට ‘‘හු’’ කීම වැරදි බවයි. එවිට ඔහුගේ මුහුණට සියුම් සිනා රැල්ලක් වැටුණි. එහෙත් ඒ සමඟම මා කියා සිටියේ ‘‘ඒත් සර් දඩුවම් දුන්න විදිහත් වැරදියි.’’ ‘‘දහස් ගණනක් හු කීවාම පස්දෙනෙකුට දඩුවම් කරන්නේ කොහොමඳ’ ‘‘හරි මම කොමිටියක් දානවා දැන් යනවා මෙතැනින් යන්න’’ ‘‘සර් ළමයිනට දැඩි දඩුවම් දුන්නොත් ප‍්‍රශ්නය දිග් ගැසෙනවා.’’ මම අවසාන වශයෙන් එසේ කියමින් නැගී සිටියා. ඔහු සිනාසී මාගේ පිටට තට්ටුවක් දමා යන්න ගියා.
ඒත් එදා මාගේ පන්ති තහනම් වුයේ නැත. දින කිහිපයකින් පරික්‍ෂණ කොමිටියේ වාර්තාව අනුව සිසුන්ට නැවත ඉගෙනීමේ කටයුතු ආරම්භ කල හැකි විය. විභාග වර්ජනයකින් සහ තවත් ඛේදවාචකයින් අවසන් වීමට තිබු ගැටළුවක් උපකුලපති තුමා විසදුවේ ඒ ආකාරයටය. ඒ එදා සිටි උස් මිනිසුන්ගේ හැටීය. වීරසුරිය ඛේදවාචකයෙන් පසුව විශ්ව විද්‍යාල තුළට පොළීසිය නොකැදවීමට උපකුලපතිවරුන් ඉතා ප‍්‍රවේසම් විය. එහෙත් පසු කලෙක දේශපාලන බලපෑම්වලට යටත් වූ පුංචි මිනිසුන් උපකුලපතිවරුන් වූ අවස්ථාවල් ඉතිහාසයේ ඇත. කෙසේ වුවත් උපකුලපති පුටුවට ඊට පසු බොහෝ විට පැමිණියේ මැල්කම් ප‍්‍රනාන්දු, අර්ජුන අලූවිහාරේ වැනි මහා හදවත් සහිත යෝධයින්ය. නමුත් මේ ලිලිපුට්ටන්ගේ දේශයේ එවැනි උස් මිනිසුන් දැන් කළුනික බවට පත්වී ඇත. අද ජාතික ඇදුම අදින සමහර උපකුලපතිවරු හාමුදුරුවන්ට පහර දීමට අන කරති. එපමණකින් නොනැවතී විශ්ව විද්‍යාලය තුළට පොලිසිය කැදවති. නමුත් කණගාටුවට කාරණය වන්නේ මහාචාර්ය වැලන්ටයින් බස්නායක වැනි සාන්තුවරයෙකුගේ සෙවනේ වැඩුණු රජරට පීඨයේ වර්තමාන පීඨාධිපතිනියට එතුමාගේ ගුණ සුවද අමතක වීම සහ එතුමා සිසුන් කෙරෙහි දැක්වූ අපරිමිත ආදරය අමතක වීමය.
රජරට වෛද්‍ය පීඨයේ ප‍්‍රධානම ගැටළුව සියලූම අංශවල කථිකාචාර්යවරුන්ගේ හිඟයයි. රජරට වැනි ප‍්‍රදේශයකට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කැදවාගැනිම ඉතා දුෂ්කර කාර්්‍යයකි. ඒ සදහා රජය හෝ විශ්ව විද්‍යාල පාලකයින් කිසිදු දිරිගැන්වීමේ වැඩපිළිවෙලත් ඉදිරිපත් කොට නැත. අඩු වශයෙන් කලට වේලාවට ඔවුන් බදවා ගැනීම සඳහා පුවත්පත් මගින් ඉල්ලූම් පත් කැදවීමට හෝ ඔවුන් ක‍්‍රියාකොට නැත. බොහෝවිට ආචාර්යවරයකු කැදවාගැනීම සදහා මැදිහත්වූයේ සිසුන් සහ උනන්දුව සහිත කථිකාචාර්ය වරුන් කිහිප දෙනෙකු පමණි. එසේ කැමැත්ත පළකල වෛද්‍යවරු බදවාගැනීම සදහා වු සම්මුඛ පාරීක්‍ෂනද අනන්තයට කල්දමා ඇත. ඉතා දුක්මහන්සියෙන් සිසුන් වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටුකරන ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය වරුන් සහ මහාචාර්යවරුන් අතලොස්සක් නිසා එම පීඨයට මේ දක්වා හෝ පැවතීමට හැකිවිය. විශ්ව විද්‍යාල පාලකයින් මේ ආකාරයට තම අවම වගකීම ඉටුකිරිමට අසමත් වන්නේ රටේ බදු ගෙවන ජනතාව ඒ සඳහා මුදල් වෙන්කර තිබියදීය. එය සමාව දිය හැකි වරදක්ද?
සමහර ආචාර්යවරුන්ට සිසුන් සමග එක්ව ගොඩනැගිලි කලට වේලාවට නිම කරගැනීම සදහා කොන්ත‍්‍රාත්කරුවන්ගේ ‘‘සුපවයිසර්වරු’ බවට පත්වීමට පවා සිදුවිය. බොහෝ විට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පුද්ගලිකව ගොස් ගැටළු විසදාගැනීමට සිදුවුයේද සිසුන්ට සහ ඒ ආචාර්යවරුන් අතලොස්සටය. පාලන අධිකාරියේ ඉබි ගමන සිසුන්ගේ උද්ඝෝෂණවලින් වෙනස් කිරිමට නොහැකි වීම තුළ සිසුන් තව දුරටත් අසහනයට පත්වීම වැලැක්විය හැකිද? ඔවුහුද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ඉවසීමේ සිමාව හෝ දරාගැනීමේ සිමාව පිළිබඳව පමණක් නිර්ණායක පැනවීමට පාලන අධිකාරියට සදාචාර අයිතියක් තිබේද? ඇත්තවශයෙන්ම දඩුවම් කලයුත්තේ සිසුන්ට පමණක්ද?. පාලකයින් ලෙස පඩි ලබමින් ඉටුකලයුතු අවම වගකීම පවා ඉටු නොකිරිම පිළිබඳව ඔවුන් වරදක් සිදුකොට නැත්ද? දැන් ප‍්‍රශ්නය විසදනවා වෙනුවට පාලකයින් විසින් එය සංකීර්ණ කොට ඇත. සිසුන්ට දින නියමයක් නොමැතිව පන්ති තහනමක් පනවා ශි්‍ය සංගම් තහනම් කොට ඇත. ඒ මගින් පාලකයින් සිසුන්ට දෙන පණිවිඩය තව තවත් ප‍්‍රචන්ඩ ලෙස හැසිරිමට බලකිරිමද? විශ්ව විද්‍යාල සිසුන්ට වරදකට දඩුවම් කිරිමේදී පිලිපැදිය යුතු ප‍්‍රධාන කොන්දේසිය සාධාරණ වීම සහ එසේ සාධාරණව කටයුතු කරන බව පෙන්වීමයි. එසේ නොමැති සෑම විටම ප‍්‍රශ්න කෙලවර වන්නේ ඛේදවාචකයන්ගෙන් බවට ඉතිහාසය පුරා සාක්‍ෂි ඇත.
ලේ ගංගාවකින් පිහිනා එගොඩ වී සාමය උදාකරගත් රටක පාලකයින් හැසිරිය යුත්තේ කෙසේදැයි විශ්ව විද්‍යාල තුළ හෝ සංවාදයක් නොමැති නම් අප රට ගමන් කරන්නේ කොතැනටද? පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල රාශියක දරදඩු පාලකයින් තම අත්තනෝමතික ක‍්‍රියා මගින් සිසුන්ගේ විරෝධාකල්ප සහ වෛරය දළුලා වැඞීමට සලස්වන ආකාරය අපට දැකගත හැකි විය. පාලකයින්ගේ දරදඩු හැසිරිම මගින් ඔවුන් විසදු එක ප‍්‍රශ්නයක් හෝ ඇත්නම් ඒවා එළිදරව් කරන ලෙස මහජනයා අභියෝග කල යුතුය. රජරට වෛද්‍ය පීඨයේ උපකුලපතිතුමාට නිල වශයෙන් උපදෙස් දෙන සභාවේ සාමාජිකයින් කියන්නේ සිසුන්ට දැඩි දඩුවම් දිය යුතු බවයි. එසේම ඔවුන් උපකුලපතිතුමාට උපදෙස් දෙන්නේ පැකිලිමකින් තොරව විශ්ව විද්‍යාලය තුළට පොලිසිය කැදවන ලෙසය. එක් අවස්ථාවක සිසුනට සමාව දීමට එකඟවන උපකුලපතිතුමා පසුව තම මතය වෙනස්කරගන්නේ මේ උපදේශකයින් නිසා බවටද වාර්තාවේ. සමහරවිට ඔවුන් උපකුලපතිතුමාට එසේ ලනු දෙන්නේ එතුමා අමාරුවේ දමා එතුමාගේ තනතුර ඩැහැ ගැනීමටද විය හැක. කෙසේ වෙතත් රට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට මැදිවී සිටින මොහොතක විශ්ව විද්‍යාල සිසුන් අන්තවාදයට තල්ලූකරන විශ්ව විද්‍යාල පාලකයින් අවසානයේ සේවය කරන්නේ කාටද? මේ වන විට සිසුන් තමා කල වරදට උපකුලපතිතුමාගේ දෙපා නැමැද සමාව ඉල්ලා ඇත. ඒ නිසා දැන් එතුමාට තමා දැනටමත් ලබාදී ඇති දඩුවමින් සෑහීමට පත්වී සිසුන්ට තවදුරටත් දඩුවම් නොකර සිටිමට තිරණයක් ගත නොහැකිද? එවැනි තීරණයක් ගත හැකි එය තම සහෝදර පාලකයින්ට ද ලබාදෙන මහඟු ආදර්ශයක් වනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහලේකම්, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
ඉරිදා ලංකාදීප
2011-12-18
2011-12-18