ඇමරිකානු හමුදාවෝ ඉරාකයෙන් පිටව යති

- චතුර පමුණුව ඇමරිකාවේ වඩාත් ගෞරවනීයම ආයතනය වන්නේ එරට හමුදාව බව ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කර ඇත. හමුදාව ගෞරවනීයම ආයතනය බව...

-චතුර පමුණුව
ඇමරිකාවේ වඩාත් ගෞරවනීයම ආයතනය වන්නේ එරට හමුදාව බව ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කර ඇත. හමුදාව ගෞරවනීයම ආයතනය බව ප්‍රකාශ කිරීම සිදුවූයේ ඉරාන මෙහෙයුම් අවසන් කර නැවත සිය රට එන හමුදා භටයින්ට සුබ පැතීමේ අවස්‌ථාවකදීය. ඉරාක යුද්ධය ආරම්භ කළේ ඔබාමා ජනපතිවරයානම් නොවේ. ඔහු සිය ජනපතිවරණ සටනේදී පවා ප්‍රකාශ කර සිටියේ තමා ජනපති වූ වහාම ඉරාකයේ සිටින සෙබළුන් නැව මව් රටට ගෙන එන බවය. ඒ අනුව අවසාන ඇමරිකානු සෙබළාත් මේ 31 වැනිදාට පෙර සිය මව්රට බලා එනු ඇත.

ඇත්තෙන්ම ඉරාක ආක්‍රමණය නිසා ඇමරිකාවට යහපතක්‌ වූයේද? ඇමරිකානු ආර්ථිකයට නම් ජොර්ඡ් බුෂ් ඇරඹූ ඉරාකය නිදහස්‌ කර ගැනීමේ සටන නිසා දරුණු ප්‍රහාරයක්‌ එල්ල විය. ඉරාකයේ ජනඝාතක අවි ඇති බව කියමින් ඇරඹුණු මෙම යුද්ධයේදී සදාම් හුසේන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන එල්ලා මැරුවද කිසිදු ජන ඝාතක අවියක්‌ නම් හමුවූයේ නැත. ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තු දත්ත අනුව 2007 දී ඉරාකය අසාර්ථක රාජ්‍යයක්‌ බවට පත්වී ඇත. ඇමරිකානු ආක්‍රමණය නිසා සුන්නි, ෂියා ආගමික බෙදීම් උග්‍රවීම රට සිවිල් යුද්ධයකට තල්ලුවී ඇත. ඇමරිකානු ආක්‍රමණය හේතුවෙන් ඉරාක වැසියන් ලක්‍ෂ 47 ක්‌ අනාථයන් වූ අතර එයින් ලක්‍ෂ 20 ක්‌ රට හැර ගියහ. තවත් ලක්‍ෂ 27 ක්‌ සිය මවුබිමේම අනාථයන් බවට පත් වී ඇත. 2008 වසරේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ප්‍රකාශ කර සිටියේ ලොව උග්‍රතම මානුෂික ෙ€දවාචකය ඇත්තේ ඉරාකයේ බවයි. නමුත් ඇමරිකානු ගැති මාධ්‍ය මේ බව ලොවට හෙළි කළේ නැත.

ඉරාකය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම ඇරඹුණේ 2003 මාර්තු 20 වැනිදාය. ඒ ඇරඹුණු මෙහෙයුම් නිලවශයෙන් අවසන් කෙරුණේ ඉකුත් 15 වැනිදාය. ඉරාකය නිදහස්‌ කර ගැනීමේ මෙහෙයුම් නිසා වැඩිම ජීවිත වන්දියක්‌ ගෙවන්නට වූයේ ඉරාක වැසියන්ටය. ස්‌වාධීන වාර්තා අනුව මෙහෙයුම් නිසා ඉරාක වැසියන් හයලක්‍ෂ පනස්‌දහසක්‌ මරණයට පත්ව ඇත. සදාම් හුසේන් ජීවත්ව සිsටියානම් මේ වැසියන් හයලක්‍ෂයටම සතුටින් දිවි ගෙවීමට හැකිවනු ඇත. නමුත් ජෝර්ඡ් බුෂ්ගේ "ත්‍රස්‌තවාදයට එරෙහි මෙහෙයුම" වෙනුවෙන් පැවැත්වූ බිලි පූජාවලට දිවි දෙන්නට සිදුවූයේ ඉරාක වැසියන්ටය.

ඉරාකය ආක්‍රමණය කිරීම නිසා ඇමරිකානු හමුදාවලටද විශාල ජීවිත වන්දියක්‌ ගෙවීමට සිදුවිය. ඉරාක ආක්‍රමණය සඳහා සහභාගි වූ මුළු භටයින් ප්‍රමාණය මිලියන 1.5 කි. සදාම් හුසේන්ට එරෙහිව, බාත් පක්‍ෂයේ අනුගාමිකයන්ට එරෙහිව සුන්නි, ෂියා සටන්කාමීන්ට එරෙහිව ඇතිවූ සටන්වලදී මියගිය ඇමරිකානුවන්ගේ ප්‍රමාණය 4500 කි. තුවාල ලැබූ පිරිස තිස්‌ දෙදහසකි. අතපය නැතිව සිටින ඇමරිකානු භටයින් සිය අතීතය සිහිකරද්දී කුමක්‌ සිතනවා ඇත්ද?

නිරපරාදේ සිය අතපය දන්දෙන්නට වූවා නේදැයි ඔවුනට හැගෙනු ඇත. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීම තුළින් ආපසු හැරවිය නොහැකි වැරැද්දක්‌ කළ බව බොහෝ දේශපාලන විචාරකයෝ පවසති. අද ඇමරිකානු ආර්ථිකය බලවත් අර්බුදයකට මුහුණපා ඇත්තේද මේ ත්‍රස්‌තවාදයට එරෙහි මෙහෙයුම්වලට වැය කළ ඩොලර් ටි්‍රලියන 1.5 කට අධික මුදල් ප්‍රමාණය නිසාය.

ත්‍රස්‌තවාදයට එරෙහි මෙහෙයුම නිසා බින් ලාඩන් හා සදාම් හුසේන් මරා දැමීමට ඇමරිකාවට හැකිවිය. බින් ලාඩන්ගේ මරණයට කෙසේ වෙතත් සදාම් හුසේන්ගේ මරණයෙන් ඇමරිකාව ලද ප්‍රයෝජනය කවරක්‌ද? ඇමරිකාව ලද එකම වාසිය සෑම ඇමරිකානුවන් හය දෙනකුගෙන් එක්‌ අයකු දුගියකු බවට පත්වීම නොවේද?

ජනපති බැරක්‌ ඔබාමාට ඉදිරි ජනපතිවරණයට මුහුණදීමේදී තමා පොරොන්දු ඉටු කළ ජනපතිවරයෙක්‌ බවට ප්‍රකාශ කළ හැක්‌කේ ඇමරිකානු සෙබළුන් ඉරාකයෙන් නැවත සිය රටට ගෙන්වා ගැනීමට කටයුතු කළ නිසාය. එහෙත් ඇමරිකානු සොල්දාදුවන් බැග්ඩෑග් නුවරින්, µලුජා නගරයෙන්, රමාඩි නගරයෙන් පිටවයන්නේ බෙදුණු ඉරාකයක්‌ බිහිකර නොවේද? මේ බව නිව්ස්‌වීක්‌ සඟරාවේද සඳහන්ව තිබිණි. ඉරාක අගමැති නූර් අල් මලිනිට ඉරාක රාජ්‍ය කෑලිවලට කැඩීයැමෙන් තොරව සුන්නි ෂියා ගැටුම්වලින් තොරව පවත්වාගෙන යැමට හැකිවේද? මිලියන ගණනක්‌ ඉරාක වැසියන් අද ජීවත්වන්නේ දුකසේය. ඔවුන්ගේ හෙට දවස යහපත් වේද? ඇමරිකානු සෙබළුන් පිටව ගියද ඉරාක යුද්ධය නිමවන්නේ නැත. ඒ යුද්ධය නිසා ඇතිවූ හොල්මන් තවදුරටත් ක්‍රියාත්මකය. මේ යුද්ධය නිසා මිය ගිය ලක්‍ෂ ගණනකගේ සෝ සුසුම් විලාප තවත් වසර ගණනක්‌ යනතුරා ඉරාකය පුරාම ඇසෙනු ඇත. ඒවාට වගකියන්නේ කවුරුද? වගකිවයුත්තෝ සියලුÊදෙනාම ඉරාකය හැර ගොසිනි.
චතුර පමුණුව
-උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-12-24

Related

චතුර පමුණුව 4598517662674601201

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item