ස්වාභාවික ආපදා සමග ජීවත්වීම

දකුණේ ඇති වූ වැසි කුණාටුවේ උණුසුම තවමත් පහව ගොස් නැත. එය ජීවිත විසි ගණනක් බිලි ගත්තේය. එයට සමානව පිරිසක් අතුරුදන් කළේය .ඒ දෙක්ටම සමාන ප්‍රමා...

දකුණේ ඇති වූ වැසි කුණාටුවේ උණුසුම තවමත් පහව ගොස් නැත. එය ජීවිත විසි ගණනක් බිලි ගත්තේය. එයට සමානව පිරිසක් අතුරුදන් කළේය .ඒ දෙක්ටම සමාන ප්‍රමාණයක් තුවාල කලේය. විනාශ වූ නිවාස දහස් ගනනකි. විදුලිබල පද්ධතිය ඇතුළු යටිතල පහසුකම්වලට සිදු වූ හානියද මිලියන සිය ගණනක් විය යුතුය.හානිය ගැන දැන ගැනීමෙන් පසු මම එහි ගියෙමි.හම්බන්තොට,තංගල්ල,මාතර,වැලිගම,ගාල්ල,අම්බලන්ගොඩ විදුලි ඉංජිනේරු ප්‍රදේශයන්ට කුණාටුවේ බලපෑම් එල්ල වී තිබිණ.එහි වෙසෙන 660,000ක් වූ මුළු පාරිබෝකියන්ගෙන් 530,000 කටම විදුලිය අහිමි විය. 75,000 ක් පමණ පිරිසකට විදුලිය නැතිව සතියක් පමණ දුක් විඳුන්නට සිදු විය. ට්‍රාන්ස්ෆෝමර 05ක් විනාශ වී තිබිණ. අධිසැර (33 KV) රැහැන් මං කි.මී 46 ක්ද ,අඩු සැර (400V) මං කි.මී 1041 ක්ද විනාශ වී තිබිණ. ගස් වැටීමෙන් බිම වැටුණු කණු ප්‍රමානය 1182කි. මෙය දිනකින් දෙකකින් ප්‍රතිස්ථාපනය කල හැකි විනාශයක් නොවීය. 

අපේ දකුණු පළාත විනාශ කල කුනාටුව (වැඩියෙන්ම හානි සිදු වූයේ වැලිගම ,අහංගම ප්‍රදේශවලටයා ඊලඟට තමිල්නාඩුවටත්,එතැනින් පකිස්ථානයටත් හමා ගිය බව ආර්ථා විය. අපේ මාධ්‍ය මගින්ද පීඩාවට පත් ධීවර ජනතාවගේ ද අඳෝනාව වූයේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් තියා අනතුරු ඇඟවීමක් නොකළ නිසා මේ ජීවිත විනාශය සිදු වූ බවය. අපේ විදුලිබල ඉන්ජිනේරුවරුන්ට සිද්ඪ්Hඉය සිදු වී මිනිත්තු ගනනක් තුල සුළඟේ ව්‍යාප්තිය අවබෝධ වූ නිසා ඔවුන් දකුණු පළාතේ විදුලිය විසන්දි කළහ. ඇතැම් විට විදුලි රැහැන් කඩා වැටී විදුලිය කාන්දු වී අය වැසි ජලය හා පිටාර ජලය සමග මුසු වූවා නම් විදුලි සැර වැදීමෙන් විශාල පිරිසක් මිය යන්නට ඉඩ තිබිණ. කිසිවෙක් එලෙස මිය නොගියේ ලංවිම ඉංජිනේරු මහතුන්ගේ නිසි ආරක්ෂක ක්‍රියා මාර්ගය නිසාය.
.......
(සම්පූර්ණ ලිපිය පසුව බලාපොරොත්තුවන්න ...)
-උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප.
2011-12-04


Related

පාඨලී චම්පික රණවක 6061137542986291343

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item