ඇමරිකානු ණය කන්ද මැදින් මතු වූ රට කරවන අද්භූත හස්‌තය
මහින්ද පතිරණ ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය ගඩාපි පුත් සයිෆ් අල් ඉස්‌ලාම් ගෝත්‍රික අත්අඩංගුවේ පසුගිය දා ලිබියා...
http://weadikawa.blogspot.com/2011/11/blog-post_2518.html
මහින්ද පතිරණ
ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය, සබරගමුව විශ්ව විද්‍යාලය
ගඩාපි පුත් සයිෆ් අල් ඉස්‌ලාම් ගෝත්‍රික අත්අඩංගුවේ
පසුගිය දා ලිබියාවේ හිටපු නායක මුවමර් ගඩාෆිගේ වැඩි මහල් ම පුතු වූ සයිෆ් අල් ඉස්‌ලාම් හා ගඩාෆි රජයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී 62 හැවිරිදි අබ්දුල්ලා අල් සෙනුසි ලිබියාවේ සින්ටාන් නගර මිලිටරි සභාවට අයත් සන්නද්ධ සාමාජිකයින්ගේ අත්අඩංගුවට පත්විය. ඉස්‌ලාම් හසු වී පැය 48 පමණක් ගියවිට ම බුද්ධි අංශ ප්‍රධානියා ද, ටි්‍රපොලි නගරයට කිලෝමීටර් 300 ක් දකුණු දෙසින් පිහිටි බිරාක් නම් කාන්තාර නගරයේ ඇති තම නැඟණියේ නිවසේ සිට අත්අඩංගුවට පත්වීම ඔස්‌සේ ඇතැමුන් තර්ක කළේ ගඩාපි පුත්‍රයාගෙන් ලත් තොරතුරු හරහා මොහු අත්අඩංගුවට ගැනීමට සින්ටාන් සන්නද්ධ පාර්ශ්වයට හැකි වූ බව ය. ටි්‍රපොලි නගරය කැරලිකරුවන් අතට වැටෙනවාත් සමග ම සයිෆ් ද අතුරුදන් විය. ඔහු ව අවසාන වරට දර්ශනය වූයේ ටි්‍රපොලි නගරය වැටීමට ඔන්න මෙන්න කියා තිබිය දී ටි්‍රපොලි හි ක්‌සෝස් හෝටලය ඉදිරිපිට තම ආධාරකරුවන් අමතමින් සිටින අයුරු දැක්‌වෙන වීඩියෝවක ය.
සින්ටාන්වරුන් විසින් සයිෆ් ව අත්අඩංගුවට පත් වූයේ ලිබියාවේ දකුණු කාන්තාර ප්‍රදේශයේ ඔබාරි නම් නගරය ආසන්නයේ දී ය. පසුව සයිෆ් ව ටි්‍රපොලි නගරයට කිලෝමීටර් 90 ක් දුරින් පිහිටි කඳුකර සින්ටාන් නගරය වෙත ගුවනින් රැගෙන එනු ලැබුණි. ඔහු සමග ඔහුගේ ආරක්‍ෂකයින් 4 දෙනෙකු ද අත් අඩංගුවට ගත් බව ලිබියානු අන්තර්වාර පාලනයේ අධිකරණ ඇමතිවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි. අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී ඔහු නයිජර් රාජ්‍ය වෙත පැනයාමට සූදානමින් සිටි බවට වාර්තා පළ වී තිබුණි. අත් අඩංගුවට ලක්‌වීමට පෙර සයිෆ් විසින් සින්ටාන් සෙබලුන් වෙත පවසා තිබුණේ තමා ඔටු පාලකයෙකු වන බවත් නමින් අබ්දුල් සලීම් බවත් ය. අහමඩ් අමුර් නම් සෙබළා මෙසේ ද කීවේ ය, ඔහුට වුවමනා වුණා අපෙන් සැ`ගවෙන්න. ඒ නිසා අපි දකිනවාත් එක්‌ක ම එයා එයාගේ මුණ බිම අතුල්ලල කුණු ගාගත්තා. ඒත් මම දැනගත්ත ඒ කවුද කියල. ඊට පස්‌සේ එයා කිව්වා 'මට වෙඩි තියන්න' කියල. අපි එහෙම කරන්න බෑ කියල අපිව හඳුන්වල දුන්නහම ඔහු කීවා එක්‌කො මට වෙඩි තියන්න නැත්නම් සින්ටාන් වෙත ගිනියන්න' කියලා. අපි අල්ලගත්ත කෙනෙකුට හිරිහැර කරන්නේ නෑ. අපි ඉස්‌ලාම්.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇඳක ඇලවී සිටින අයුරු දැක්‌වෙන විඩියෝ පටයක් ගෝත්‍රික නායකයින් විසින් නිකුත් කළ අතර ඊට අනුව සයිෆ්ගේ දකුණු අතෙහි ඇ`ගිලි තුනක් ම වෙලුම් කර තිබුණි. මෙසේ වීමට හේතුව ඔහු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී ලත් තුවාල බව කියවුණ ද සයිෆ් විසින් ම රොයිටර් පුවත් සේවයට පැවසූයේ තමා තුවාල වූයේ මීට මසකට ඉහතදී නේටෝ ගුවන් ප්‍රහාරයකට ලක් වීමෙන් බව ය. සින්ටාන් හි සේවය කරන යුක්‌රේන වෛද්‍යවරයෙකු විසින් සයිෆ්ගේ ඇ`ගිලි තුවාලය පරීක්‍ෂා කරන ලදුව එය සිරුර තුළට පැතිර නොයාමට නම් ඇ`ගිලි කපා දැමිය යුතු බව ප්‍රකාශ කළේ ය. තම හමුව විස්‌තර කළ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ සයිෆ් ඉතා සන්සුන් හා සුහද බවක් පෙන්වූ බව ය. ඇතැම් ලිබියානුවන් විස්‌වාස කරන්නේ ගඩාපි පවුල විසින් තමන්ගෙන් සොරකම් කරන ලදැයි පවසන ඩොලර් බිලියන ගණනක මුදල ස`ගවා තිබෙන 'සේප්පුව' පිළිබඳ දන්නේ සයිෆ් බව ය.
සයිෆ් අල් ඉස්‌ලාම් යනු දරුවන් 7 දෙනෙකුගෙන් යුතු මුවමර් ගඩාෆිගේ හා ඔහුගේ බිරිඳ වන සෆියා ගඩාපිගේ වැඩිමහල් ම පුතණුවන් ය. ඔහු 1972 දී මෙලොව එළිය දුටුවේ ය. කඩවසම් මෙන් ම හුරුබුහුටි චරිතයක් වන සයිෆ්, තම ප්‍රථම උපාධි ලිබියානු විශ්වවිද්‍යාලයකින් හා ඔස්‌ටි්‍රයානු විශ්වවිද්‍යාලයකින් ලබා ගැනීමෙන් පසු සිය ආචාර්ය උපාධිය සඳහා ඉගෙනුම ලැබූයේ බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ලන්ඩන් ස්‌කූල් ඔෆ් ඉකොනොමික්‌ස් නම් විශ්වවිද්‍යාලයේ ය. 2008 වසරේදී ඔහු තම ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. ඉංග්‍රීසි, ජර්මන් හා ප්‍රංශ යන භාෂාවල චතුර කථිකයෙකු වන සයිෆ් 'තම බ්‍රිතාන්‍ය සමය' තුළදී බොහෝ ප්‍රකට අන්තර්ජාතික ච§ත සමග සමීප සබඳතාවක් ගොඩනගාගෙන සිටියේ ය. තව ද ලන්ඩන් ස්‌කූල් ඔෆ් ඉකොනොමික්‌ස් නම් ලොව පතල විශ්වවිද්‍යාලය සයිෆ්ගේ ශිෂ්‍ය කාලය තුළදී ඔහුගේ පුණ්‍යායතනය හරහා ඩොලර් කෝටි ගණන් මුදල් ලබා ගැනීමට ද කටයුතු කර තිබුණි. මේ අතර, 2010 තරම් මෑතකදී ඇමරිකාවේ සුප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සයිෆ් ව විස්‌තර කොට තිබුණේ "ලිබියාවේ බටහිර හිතවාදී මුහුණුවර, ලෙස ය. විටෙක එම විශේෂණය ඔහුට ගැලපෙන්නේ ඔහු විසින් ලිබියානු ආර්ථිකය විවෘත කිරීමට මෙන් ම ඔහුගේ පියාගේ ඊනියා ජනසංහාර අවි විනාශ කිරීම හා ලොකර්බි බෝම්බ සිදුවීම සමථයකට ගෙන ඒම සම්බන්aධයෙන් ද සැලකිය යුතු කාර්ය භාරයක් කළ නිසා ය. සයිෆ්ගේ බටහිර හිතවාදී මුහුණුවර පිළිබඳ මනා ඇගයීමක් කර තිබුණේ පසුගිය සමයේ විකිලීකීස් විසින් හෙළිකළ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයක ය. ඊට අනුව, ලිබියාවේ බටහිර හිතවාදී මුහුණ ඔහුට මිශ්‍ර ප්‍රතිචාර අත්කර දුන්නේ ය. එමගින් බටහිර ලෝකය තුළ ඔහුගේ ප්‍රතිරූපය වැඩුණ ද බොහෝ ලිබියානුවන් සැලකූයේ සයිෆ් විසින් විදේශිකයින් සතුටු කිරීම සඳහා ලිබියානු ජාතික අභිලාෂයන් පාවා දෙන්නකු ලෙස ය.
මේ අතර, සින්ටාන් සන්නද්ධ පාර්ශ්වයේ ප්‍රධානී බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් සයිෆ් අල් ඉස්‌ලාම් මෙන් ම අබ්දුල්ලා අල් සෙනුසි වෙනුවෙන් ද තම නගරයේ ම නඩු විභාග පවත්වන බවත් ඔවුන් ටි්‍රපොලි වෙත බාරදීමට කටයුතු නොකරක බවත් ය. ඒ සඳහා වන ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ සින්ටාන්වල හැර අන් කිසිදු තැනක දී සයිෆ්ගේ ජීවිතයට නිසි ආරක්‍ෂාව නොලැබීම ය. ටි්‍රපොලි වෙත ඔහු ව රැගෙන ගියහොත් එහි දී ඔහු ව ප්‍රකෝපකාරී සටන්කරුවන් විසින් ඔහුගේ පියා සේ ම මරා දමනු ඇති බව ද සින්ටාන්වරයෙක් රොයිටර් වෙත ප්‍රකාශ කළේ ය. "සයිෆ් මට කීවා ඔහුට සින්ටාන් වෙත එන්න ඕනෙ කියල. සයිෆ්ගේ කතාව ෙ€දාන්තයක්. එයාගේ තාත්ත මැරිල. සහෝදරයෝ මැරිලා. නංගියි අම්මයි පැනල ගිහිල්ල" යි ප්‍රකාශ කළේ සයිෆ් ව අල්ලාගත් ස්‌ථානයේ සිට සින්ටාන් වෙත රැගෙන ආ රුසියාවේ නිෂ්පාදිත හමුදා ගුවන් යානයේ කපිතාන්වරයා වන ගඩාපි හමුදාවේ හිටපු ගුවන් නියමු අබ්දුල්ලා මෙහෙදිය.
ටි්‍රපොලි අගනුවර අල්ලා ගැනීමේ සටනේදී මෙන් ම සමස්‌ත කැරුල්ල තුළ දී ද සින්ටාන් බළකාය සෑහෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. එය ලිබියාවේ ගෝත්‍රවලට බෙදී ගිය නගර මුල්කරගත් සන්නද්ධ කණ්‌ඩායම් අතර විශාලතම එකකි. කෙසේ වෙතත්, සින්ටාන් ගෝත්‍රය මේ වන විට ටි්‍රපොලිහි මිලිටරි කවුන්සිලය සමග පැහැදිලිs බල අරගලයක නිරත වෙමින් සිටින්නේ ය. ටි්‍රපොලිs කවුන්සිලය වෙත නායකත්වය සපයනු ලබන්නේ හිටපු මුජහිදින් හා අල්-ඛයිඩා සටන්කරුවෙකු වන අබ්දෙල් හකීම් බෙල්හාදි විසිනි. සින්ටාන් ගෝත්‍රය විසින් සයිෆ් ව අත් අඩංගුවේ තබා ගැනීම හරහා ලිබියානු අන්තර්වාර පාලනය සමග සෙසු ගෝත්‍රයන් අභිබවා උපරිම බල පංගුවක් වෙනුවෙන් කේවල් කිරීමකට යනු ඇතැයි ද සිතිය හැකි ය. ලිබියාවෙන් ලැබෙන නවත ම තොරතුරුවලට අනුව, කියවෙන්නේ සින්ටාන් හමුදා සභාවේ ප්‍රධානියා වන ඔසාමා æවෙල් වෙත අලුතින් ම පත් කෙරෙන කැබිනට් මණ්‌ඩලයේ ආරක්‍ෂක ඇමති ධුරය හිමි වීමට යන බව ය.
මේ අතර, සයිෆ්, සෙනුසි හා අමානුශික ලෙස මරා දැමූ කර්නල් මුවමර් ගඩාපිට ද එරෙහිව නෙදර්ලන්තයේ හෙග් හි පිහිටි අන්තර් ජාතික යුද අධිකරණය විසින් මනුෂ්‍යත්වයට එරෙහි ව කරන ලදැයි කියන අපරාධවලට එරෙහි ව පසුගිය ජූනි මාසයේදී වරෙන්තු නිකුත් කළේ ය. එම හදිසි වරෙන්තුවේ ප්‍රධාන අරමුණ වූයේ ගඩාපි පාලනයට එරෙහි නේටෝ මෙහෙයුමට අවශ්‍ය වලංගුභාවය ලබා දී වුව ද දැන් සයිෆ් එම අධිකරණයේ වරෙන්තු කරුවෙකු හෙයින් ඔහුව අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා ලිබියාව විසින් ඊට බාර දිය යුතු ය. එහෙත්, අන්තර්වාර පාලන ප්‍රකාශක මහමුද් ශම්මාන් මුලින් ම ප්‍රකාශයක් කරමින් කීවේ තමා සයිෆ් ව අන්තර්ජාතික අධිකරණයට බාර නොදෙන බව ය. මෙම ප්‍රකාශයට හේතු වන්නට ඇත්තේ බොහෝ සෙයින් බටහිර රටවලට නිකරුණේ 'කඩේ' යන බවට චෝදනාවට ලක්‌ව සිටින ලිබියාවේ 'දත්' නැති අන්තර් පාලනය තමා වෙත නැවත වරක් ජාතිකවාදී ලිබියානුවන්ගේ හිත දිනා ගැනීමේ අරමුණ විය යුතු ය.
මේ සියලු කතා මැද ගඩාපි හිතවාදීන් බියට පත් කරන කරුණක් තිබේ. ඒ සයිෆ් ව කිසිවෙකු හෝ විසින් මරා දමාවිය යන සැකයයි. ගඩාපි ඝාතනය කිරීêම සඳහා ඇමරිකානු ෙඩ්‍රාaන් යානා හා ප්‍රංශ රµdයෙල් යානා නිරන්තර උත්සාහයට යෙදුණේ ඔහු ජීවත් ව සිටියා නම් බටහිර බොහෝ දේශපාලන නායකයින්ගේ දේශපාලනය අවසන් වන නිසා ය. විශේෂයෙන් ම ප්‍රංශ ජනාධිපතිවරණයේ දී සාර්කෝසි වියදම් කළේ ගඩාපිගේ මුදල් බව නැගෙන ප්‍රබල චෝදනාවකි. ටෝනී බ්ලෙයාර් ඇතුළු බ්‍රිsතාන්‍ය දේශපාලකයින්ට ද ගඩාපි පවුල වෙත මේ තාක් හඳුනා නොගත් සබඳතාවක් තිබුණි. මේ සියල්ල ම ගඩාෆි සේ ම ඔහුගේ දේශපාලන පුත් සයිෆ් ද දන්නා නිසා ඔහු ව දැන් "රංග භූමියෙන්" ඉවත් කිරීම බටහිර රටවල අභිලාෂය විය හැකි ය.
යළිත් පුපුරන ඇමරිකානු ණය කන්ද මැදින් මතු වූ රට කරවන 'අද්භූත හස්‌තය'
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව විසින් රටවල් දෙකක යුද්ධ දෙකකට ඩොලර් ටි්‍රලියනයක් පමණ වියදම් කළේ 2001 වසරේදී තම ප්‍රධාන ආදායම් මාර්ගය වන බදු ආදායමට ද අවාසනාවන්ත හා මෝඩ තිතක් ද තබමිණි. මේ වන විට යුරෝපා ණය ගිනි කන්ද එම කලාපය පුරා ආණ්‌ඩු වෙනස් කරමින් රටවල් දෙවනත් කරමින් සිටිය දී දැන් සුපුරුදු පරිදි යළිත් වරක් එය ඇමරිකාවෙන් මතුවීමට පටන් ගෙන තිබේ. ඒ පිපිරීමත් සමග ම තිරය පිටුපස සිට ඇමරිකාව හසුරුවන පුද්ගලයෙකු පිළිබඳ ද මේ වන විට ඇමරිකාව පුරා කතා බහට ලක්‌ව තිබේ. පසුගිය අගෝස්‌තු මාසයේ දී ඇමරිකා විසින් චීනය, රුසියාව ඇතුළු නැගී එන රටවලින් ලබාගත් ණය පොලිය ගෙවා දැමීමට සඳහා තව තවත් විදේශ රටවලින් ණය ලබා ගැනීමට කොන්ග්‍රස් අනුමැතිය ලබා ගත්තේ යාන්තමිනි. එහි දී රිපබ්ලිකන් හා පාලක ඩිමොක්‍රටික් පක්‍ෂ කොන්ග්‍රස් සාමාජිකයින් විසින් තාවකාලික ව එක`ග වූයේ නොවැම්බර් 23 වන දා වන තුරු පමණක් රජයේ වියදම් සඳහා ණය ලබා ගැනීමට අවසරය ලැබෙන පරිදි වන අතර ඉහත දින සිට යළිත් ණය ලබා ගැනීමට නම් නව වියදම් කප්පාදු කිරීම්වලට දෙපක්‍ෂය විසින් ම එක`ග විය යුතු ය. ඒ අනුව, මේ නව සම්මුතිය සඳහා වන ගිවිසුම සාකච්ඡා කිරීමට ඇමරිකාවේ ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එනම් "පබ්ලිකන් පක්‍ෂයෙන් " දෙදෙනකු ද පාලක ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් 6 දෙනෙකු ද වශයෙන් 12 දෙනෙකුගෙන් යුතු 'උත්තරීතර' කමිටුවක් පත්කරනු ලැබුණි. කමිටුවට පැවරුණු වගකීම වූයේ වියදම් කපා හැරීමෙන් හෝ බදු වැඩි කිරීමෙන් හෝ මේ දෙකේ ම එකතුවකින් මේ වන විට ඩොලර් ටි්‍රලියන 15 අභිබවා තිබෙන දැවැන්ත ණය කන්ද ඩොලර් ටි්‍රලියන 1.4 කින් අඩු කිරීම ය. එහෙත් ඇමරිකානු ආර්ථිකයට කිවිසුමක් යන විට තමන්ට උණ ගැනෙන ලොව පුරා කොටස් වෙළඳපොළවල් බිමට සමතලා කරමින් මෙම 'උත්තරීතර' කමිටුව පසුගිය සඳුදා නිවේදනය කළේ මාස ගණනාවක් තිස්‌සේ මේ පිළිබඳ සාකච්ඡා කළ ද තම උපන් ගෙයි දෘෂ්ටිවාදී වෙනස් කම් පිරිමසා ගැනීමට තමාට හැකි නොවූ බව ය.
ඇමරිකාවට ඉදිරියට යාමට නොහැකි ප්‍රධානත ම බාධකය වන්නේ ප්‍රධාන පක්‍ෂ දෙකෙහි පවතින ආර්ථිකය පිළිබඳ පෑහිය නොහැකි මතිමතාන්තර ය. එම පරතරය, මේ වන විට වෝල් වීදි විරෝධතාකරුවන් විසින් පෙන්වා දෙන ඇමරිකාවේ සුපිරිතම ධන කුවේරයින් සියයට එක සතු සමස්‌ත ඇමරිකානු ධනයෙන් සියයට 50 හා සෙසු සියයට අනූනමය ම ලබන ඉතිsරි සියයට 50 තරම්ම විශාල ය. රිපබ්ලිකානුවන් විසින් කිසි දිනෙක පෙර දින බුෂ් විසින් කපා දැමූ බදු නීතිය නැවත පැනවීමට එක`ග වන්නේ නැත. එසේ තිබිය දීම ඔවුන් රජයේ ආරක්‍ෂක වියදම් කපා හැරීමට ද සපුරා විරුද්ධ ය. ඔබාමා ඇතුළු පාලක ඩිමොක්‍රටිකයින්ට අවශ්‍ය වන්නේ පාලනය කළ නොහැකි මට්‌ටමක තිබෙන ණය බදුවලින් මිදීමට නැවත බදු පැනවීමට හා ආරක්‌ෂක වියදම් සැලකිය යුතු මට්‌ටමින් කපා හැරීමට ය. ඩිමොක්‍රටික යෝජනාවට අනුව ඉදිරි වසර 10 ඇතුලත ආරක්‍ෂක වියදම ඩොලර් බිලියන 600 කින් පමණ කපා හැරීමට නියමිත ය. එහෙත් යුදවාදී මෙන් ම ආක්‍රමණික රිපබ්ලිකානුවන්ගේ මතයට අනුව එවන් වියදම් කපා හැරීමක් මගින් තම රටේ ජාතික ආරක්‍ෂාව දැඩි පසුබෑමකට හෙළන්නේ ය. ආරක්‍ෂක වියදම් කැපීම නොව තම දරාගත නොහැකි ණය බර ම තම ජාතික ආරක්‍ෂාව හමුවේ තිබෙන එක ම තර්ජනය බව බොහෝ ඇමරිකානුවන් වටහා ගන්නේ නැත. මේ අතර, රජයේ සුබසාධක වියදම් කපා හැරීමකට ඩිමොක්‍රටිකයින් එකපයින් විරුද්ධ වන අතර ඔවුන් යෝජනා කරන්නේ ඒ වෙනුවට කපා දැමිය යුත්තේ දැරිය නොහැකි ආරක්‍ෂක වියදම් බව ය. මේ අතර, ඔබාමාගේ ම ආරක්‍ෂක ඇමතිවරයා වන ලියොන් පැනේටා ද ආරක්‍ෂක වියදම් කැපීමට විරුද්ධ ය. එවන් ප්‍රමාණයක කැපීමක් ඔහු විස්‌තර කළේ 'විනාශකාරී' ලෙස ය.
කෙසේ වෙතත්, රිපබ්ලිකානුවන් ඇත්ත වශයෙන් ම බදු වැඩි කිරීමට එක`ග නොවන්නේ එක ම එක පුද්ගලයකුගේ බලපෑම නිසා බව මේ වන විට හෙළි වී තිබේ. දිගු කාලීන රිපබ්ලිකානු දේශපාලන බලපුළුවන්කාරයෙකු වන ඔහු නමින් ග්‍රෝවර් නෝර්කුවිස්‌ට් ය. මොහු විසින් දැන් කාලයක සිට රිපබ්ලිකානු කොන්ග්‍රස් සභිකයින්ට අණ කොට ඇත්තේ කිසි දිනෙක බදු පැනවීමට හෝ වැඩි කිරීමකට එක`ග නොවන ලෙස ය. නෝර්කුස්‌ට් විසින් මෙම පොරොන්දුව රිපබ්ලිකානු කොන්ග්‍රස් සභිකයින්ගේ බහුතරයකින් ලිතවම ලබා ගෙන ඇත. ඒ බොහෝ විට තර්ජනය කිරීමෙනි. මෙම අත්සන ගැනීමෙන් පසු එකී සභිකයා නෝර්කුස්‌ට්‌ගේ "ලබ්ධියට" අයත් වන වන අතර එය යම් දිනෙක කඩ කළහොත් නෝර්කුස්‌ට් විසින් අදාළ සභිකයින්ට කියා ඇත්තේ තමන් මෙම අත්සන් පත්‍රය මැතිවරණයේ " ජන්දදායකයින්ට පෙන්වන බව ය. ජනාධිපති රොනල්ඩ් රේගන් පවා 1985 දී මීට අත්සන් කර තිබුණි. මේ අනුව, ඉහත උත්තරීතර කමිටුවේ සිටි රිපබ්ලිකානුවන් 6 දෙනාම ඉහත අත්සන ලබා දී ඇති අතර ඒ අනුව බදු පැනවීමට එකහෙළා ම විරුද්ධ විය. යම් හෙයකින්, මෙම හය දෙනා විසින් ඉහත පුද්ගලයාට දුන් පොරොන්දුව කඩකිරීමෙන් බදු පැනවීමට එක`ග වූයේ නම් යළි කිසි දිනෙක ඔවුන්ට ඇමරිකානු කොන්ග්‍රස් මැතිවරණයට පෙනී සිට ජයග්‍රහණය කිරීමට නොහැකි වන්නේ ය. ප්‍රශ්නයට එක`ගතාවක් නොමැති නම් තමා විසින් ඉදිරි වසරේ දී අනිවාර්යයෙන් ම ස්‌වයංක්‍රීය ව ක්‍රියාත්මක වීමට නියමිත ආරක්‍ෂක, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සෙසු ප්‍රමුඛතා වියදම් කපා හැරීම් අවහිර කිරීමට එරෙහි ව නිෂේධ බලය පාවිච්චි කරන බව ඔබාමා සඳුදා ප්‍රකාශ කළේ ය. එහෙත් ඔබාමාගේ නිෂේධ බලය වලංගු නොවනු ඇත්තේ යුධවාදී හා ජාතිවාදී ඇමරිකානුවන් විසින් ඔහුව ලබන වසරේදී එන ජනාධිපතිවරණයෙන් පරාජය කරනු ඇති හෙයිනි. මේ සියල්ලෙහි ම අවසාන නිවේදනය වන්නේ දැන් ඇමරිකාවට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික ව 'ඇමරිකාව' දරා ගැනීමට නොහැකි බව ය.
කබලෙන් ලිපට වැටෙන ඊජිප්තු විප්ලවය හා බටහිර කුහකත්වය
ඊර්ප්තුව කබලෙන් ලිපට වැටී ඇත. අරාබි වසන්තය නමින් හැඳින් වූ ඊනියා විප්ලවයේ සැබෑ මුහුණුවර පළමුවෙන් ම ලිබියාවෙන් මතු වීමට පටන් ගත්තේ ගඩාපිට එරෙහි ව අහිංසක සිවිල් ජනතාව අත බටහිර රටවල නිෂ්පාදිත අති නවින අවි ආයුධ හා පතරොම් තිබීමෙනි. එපමණක් නොව එම විප්ලවය ක්‍රියාවට නැංවීම පිණිස තමන් හමුදා එවූ බව කටාර් රාජ්‍ය එළිපිට ම පිළිගත්තේ ය. ඇමරිකානු සී අයි ඒ, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බුද්ධි සෙබලුන් හා විශේෂ භටයින් සිය ගණනින් ගඩාපිට ට එරෙහි ව සටන මෙහෙය වූවේ ඒ නාඩගම් විප්ලවය තුළ දී ය. දැන් ඊර්ප්තුවේ සිදුවෙමින් පවතින්නේ සැබෑ විප්ලවය කුමක් ද යන්න හඳුනා ගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයකි.
දින තුනක් තිස්‌සේ ඇවිල යමින් තිබෙන ප්‍රතිවිප්ලවයේ දී මේ වන විට 33 දෙනෙකුට වැඩි පිරිසක් ඇමරිකානු ගැති හොස්‌නි මුබාරක්‌ගෙන් පසු බලය අල්ලාගත් හමුදා ජුන්ටාවේ ජිව උණ්‌ඩවලට ගොදුරු වී මියගොස් තිබේ. එහි දී තුවාල ලැබූ පිරිස 2000 කට අධික ය. අ`ගහරුවාදා වන විට ලක්‍ෂ ගණනක් වන විරෝධතාකරුවන්ගේ නොනවතින පීඩනය යටතේ, උත්තරීතර හමුදා පාලක සභාව විසින් පත්කළ ඊජිප්තු කැබිනට් මණ්‌ඩලය සහමුලින් ම තම ඉල්ලා අස්‌වීමේ ලිපි පාලක සභාවට බාර දුන්නේ ය. තවත් සතියකින් පමණ ඊර්ප්තුව තුල මහා මැතිවරණයක් පැවැත්වීමට ද නියමිත ව තිබේ. කෙසේ වෙතත්, මැතිවරණයට පෙනී සිටීමට නියමිත ව සිටි බොහෝ අපේC¨ෂකයින් මේ වන විට තම ව්‍යාපාරය පසෙක තබා විප්ලවයේ මර්මස්‌ථානය වන ති... චතුරශ්‍රයට රොක් වී තිබේ. අන්තර්වාර අගමැති වන එසාම් ෂාරාෆ්ගේ කැබිනට් මණ්‌ඩලය ඉල්ලා අස්‌වූයේ බුර බුරා නැගෙන විරෝධතා සමනය කිරීමට වුව ද ඉන් සෙතක් වේ යෑයි සිතිය නොහැකි ය. මන්ද විරෝධතාකරුවන් ට ප්‍රධානතම ඉල්ලුම වන්නේ එරට නියම විධායක බලය තිබෙන උත්තරීතර හමුදා පාලක සභාව විසින් ඊර්ප්තුවේ දේශපාලන බලය නැවතත් ජනතා පාලනයට දෙන ලෙස ය. 'දැන් ඉතින් අපට සුරලොව පහල වුනා' යන සැනසිලි සිතින් මුබාරක් පන්නා දැමීමෙන් පසු ගෙදර ගිය විරෝධතා නායකයෙකු වන රමී එල් ස්‌විසී තම විප්ලවීය අධිෂ්ටානය වචනවලට නැගුවේ මෙසේ යඃ හමුදා පාලක සභාවට විකල්ප දෙකක් තියෙනවා. එකක් ඔවුන් ජනතා කැමැත්තට ඉඩ දෙනවා. අනෙක ඊර්ප්තුව ගිනි ඇවිලෙන්න දෙනව.
පවතින විරෝධතා පිටුපස පසුගිය මාසවල සිදු වූ බව කියන විප්ලවයට සහභාගී වූ බොහෝ දේශපාලන හා ආගමික ව්‍යාපාර සිටිති. ඒ අතර, ඉස්‌ලාමීය ව්‍යාපාර ප්‍රධාන තැනක් ගන්නා අතර ලිබරල් මෙන් ම වාමවාදීහු ද කරක් ගසති. කෙසේ වෙතත්, පවතින අන්තර්වාර පාලනයට ප්‍රධානතම අභියෝගය එල්ල කරන්නේ ඊර්ප්තුවේ ප්‍රමුඛතම හා විශාලතම සංවිධිත ව්‍යාපාරය වන මුස්‌ලිම් සහෝදරත්වය විසිනි. මේ අතර, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් මෙවර විප්ලවයේ පැත්ත ගනිතැයි කිව නොහැකි ය. ඊට එක් හේතුවක් වන්නේ පොදුවේ දැන් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට විප්ලව එපාවීම ය. ඒ තමන් කැමති ආණ්‌ඩු ඒ හරහා බිහි නොවන නිසා ය. තවත් කාරණයක් නම්, ඔවුන් ඊර්ප්තුව තුළ දෙවැනි විප්ලවයකට කැමති නොවනු ඇත්තේ සැබෑ විප්ලවයක දී එරට ආණ්‌ඩු බලය ගනු ඇත්තේ මුස්‌ලිම් සහෝදරත්වය විසින් හෙයිනි. එවන් පරිසරයක, බ්‍රිතාන්‍ය විසින් නවතම තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කීවේ තමා මෙහි දී කිසිවෙකුගේ හෝ පැත්තක් නොගන්නා බව ය. මේ අතර, ජුන්ටා භටයින් විසින් විරෝධතාකරුවන් වෙත එල්ල කරන අති බහුතරයක් කඳුළු ගෑස් ඇමරිකාවේ කම්බයින් සිස්‌ටම් නම් සමාගමේ නිෂ්පාදිත ඒවා ය.

උපුටා ගැනීම
දිවයින
2011-11-26
දිවයින
2011-11-26