වෝල්වීදියේ අරගලය ලංකාවට බලපාන හැටි

Email This BlogThis! Share to Twitter Share to Facebook සියැක් උද්ඝෝෂකයන් අමතමින් -පාඨලී චම්පික රණවක "එකතකින් ඇන්ග්ලෝ ස...


සියැක් උද්ඝෝෂකයන් අමතමින්
-පාඨලී චම්පික රණවක
"එකතකින් ඇන්ග්ලෝ සැක්සන් නව ලිබරල්වාදයයි.අනෙක් අතින් චීන-සිංගප්පූරු රාජ්‍ය ධනවාදයය.දෙවැන්න පළමුවැන්නට වඩා කාර්යක්ෂමව ධනය නිපදවයි.දෙපැත්තෙන්ම ගොඩනැගෙන ධනයට අහිමි 99% අපි වෙමු."ඉහත ප්‍රකාශය කළේ යුරෝපීය දාර්ශනිකයකු වන සියැක් (Zisak) විසිනි.ඒ සති ගනණක් එක්සත් ජනපදයේ වෝල්වීදිය වටලාගෙන සිටින විරෝධතාකරුවන් අමතමිනි.

ලිබියාවේ ,සිරියාවේ යේමනයේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් හා උද්ඝෝෂකයන් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන එංගලන්තයේ බීබීසී ආයතනය,එක්සත් ජනපදයේ සී එන් එන් ආයතනය ,ඕස්ට්‍රේලියාවේ ඒබීසී ආයතනය වැනි බටහිර මාධ්‍ය එක්සත් ජනපදයේ,එංගලන්තයේ,ඉතාලියේ,ඕස්ට්‍රේලියවේ දැන් සති ගණනක් තිස්සේ පවතින වෝල්වීදිය අල්ලා ගනිමු,ලන්ඩනය අල්ලා ගනිමු ,රෝමය අල්ලා ගනිමු,සිඩ්නි අල්ලා ගනිමු ආදී ලෙස පවතින තරුණ උද්ඝෝෂණ ගැන නිහඬය.එක්සත් ජනපදයේ රාජ්‍ය මර්දනය විසින්,ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ ලේ කඳුලු හෙළු යුධ වීරයන්ගේ හිස පලනා දර්ශන ඉහත කී නාලිකා ප්‍රදර්ශනය කලේ නැත.නැත්නම් ඉතා ලුහුඬෙන් ඒවා වාර්ථා කරන ලදී.බටහිර
උද්ඝෝෂණ මර්දනය -
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
ලෝකය විසින් කරන ලද පරිසර විනාශයේ ප්‍රතිඵලයක් ලෙස සීත සෘතුවට ප්‍රථම හිම වරුසා වැටෙමින් යෝධ ගංවතුර ඇති කරමින් කාලගුණය පවා උද්ඝෝෂකයන්ට එරෙහි ගිය කලද ඔවුන් නොසැලී සිටිති.දැන් දැන් Time ,News week , Gaurdian වැනි මාධ්‍යවල ඒවා පල කරන්නට බලකෙරී ඇති සැටියක් පෙනේ.අනෙක් රටවල් උද්ඝෝෂණ මැඩපවත්වන විට ඒවා ප්‍රජතන්ත්‍ර විරෝධී,මානව විරෝධී ක්‍රියා ලෙස හඳුන්වන එංගලන්තය,එක්සත් ජනපදය සිය රටවල විරෝධතාකරුවන් තිරිසන් ලෙස මර්දනය කරමින් අතඩංගුවට ගනිමින් සිටින්නේ අනුන්ට දුන් දුක් ගිනි තමන්ටද ලැබෙන අයුරු සිහි කරවමිනි.

"වෝල් වීදිය අල්ලා ගනිමු" විරෝධතාකරුවන්ට නායකයන් නැත.පක්ෂ සංවිධාන නැත.එහෙත්  හඬක් ඇත.ඔවුන් ඉල්ලන්නේ අධික ලෙස ධනය උපයන 1% ක සුළුතරය රටවල ආර්ථිකයෙන් 40% පමණ
වෝල් වීදිය වැටලූ උද්ඝෝෂකයින්
පාලනය කරන බවය.ඉතිරි 99% න් බහුතරය අපා දුක් විඳින බවය.මෑතකදී ලෝක ජනගහනය බිලියන හතක් වූ අතර එයින් සාතිශය බහුතරය සාගින්නේ මිනිස් දූවිලි බවට පත්ව ඇති බවය.මොවුන්ගේ සටන්පාටවල මාක්ස්වාදී ධනපතියන් භංගවේවා යැයි හඬ නැගූ වෛරී දේශපාලනයට එහා ගිය තේමාවක් ඇත.එනම් පරිසරයට දිය හැකි ප්‍රමාණයට වඩා පරිසරයෙන් ගැනීමෙන් මුළු මිනිස් වර්ගයාම අනතුරේ හෙළා ඇති බවය.කිසිඳු ලැජ්ජාවක්,බයක් නැතුව ලෝකයේම වාතලය කාබන්වලින් වැඩියෙන්ම දූෂණය කරන පුද්ගලයන් සිටින එක්සත් ජනපදය,කැනඩාව,ඕඅස්ට්‍රේලියාව එංගලන්තය හා පොදුවේ යුරෝපය තුල මේ හඬ මතුවීම එඓතිහාසිකය.එහෙයින්ම ඔවුහු කොමියුනිට්ස්වාදීන් මෙන් වැඩි වැඩියෙන් නොඉල්ලා ගෞරවනීය ජීවිතයකට ,අල්පේච්ඡ දිවිපෙවෙතක්ද යෝජනා කරති.

එක්සත් ජනපදයේ මේ ගැඹුරු ව්‍යාපාරයට මුල්ගල තැබුණේ ඔබාමාගේ ජනාධිපතිවරණ සටනේදීය ලොව වෙලා පැතිර ගිය බටහිර ආර්ථික අර්බුදයට සාධාරණ විසඳුමක් මේ නව තරුණ ව්‍යාපාරය ඔබාමාගෙන් ප්‍රාර්ථනා කළේය.නමුත් සිදුවූයේ ණයබර තවත් වැඩි වී විරැකියාව තවත් උග්‍ර වීම පමණි.2011 අගෝස්තු 04 ඔබාමාගේ උපන්දිනය යෙදෙන විට එක්සත් ජනපදය සිය භාණ්ඩාගාර බිල්පත් හා සෙසු ගෙවීම් කරගත
වෝල් වීදිය වැටලූ උද්ඝෝෂකයින්
නොහැකිව බංකොලොත් වීමට නියමිතව තිබුණේය.එහි මුළු ණය බර දළ ජාතික නිෂ්පාදිතය ඉක්මවා යමින් තිබිණි.තව තවත් ණයගැනීමට ඔබාමාට සෙනට් මණ්ඩල අනුමැතිය නොලැබෙන්නට එක්සත් ජනපදය බංකොලොත් වීමට ඉඩ තිබිණ.ඒ හා සමගම අය බදු එපා,වෙළඳපොළට රජයේ මැදිහත්වීම එපා,දෙවියන් වහන්සේට රට භාර කරන්න ලෙස Tea Party කරුවන්ගේ ප්‍රභූවාදී,එවැන්ජලික මූලධර්මවාදී අන්ධ උද්ඝෝෂණයකට එක්සත් ජනපදය හසු විය.වෝල්වීදිය අල්ලා ගැනීමේ අවිහිංසාවාදී තරුණ ව්‍යාපාරය එයට ප්‍රතිපක්ෂව නැගුනක් විය.
බටහිර ලෝකය ආර්ථික අර්බුදයක වෙළී ඇත.අයිස්ලන්තය,අයර්ලන්තය,ග්‍රීසිය දැනටමත් ණය ගෙවා ගත නොහැකිව බංකොළොත් වී සිටියි.ඉතාලිය,ස්පාඤ්ඤය හා පෘතුගාලය බංකොලොත් වීමේ අද්දරට පැමිණ සිටී.ප්‍රංශය ගා එංගලන්තයද ඇදෙමින් සිටින්නේ ඒ දෙසටය.වෙනදා ඔවුන් ගළවාගත් එක්සත් ජනපදය සිටින්නේ තමන් ගලවා ගැනීමට කවුරුන් හෝ සොයමිනි.එක රටක එක ප්‍රධාන මූල්‍ය ආයතනයක හෝ බැංකුවක කඩා වැටීමක් මුළු කලාපයේම කඩා වැටීමක් වීමට ඉඩ කඩ වැඩි වී ඇත.


අර්බුදයට ගොස් ඇති සෑම රටක්ම පාහේ සියැක් කී පරිදි ඇන්ග්ලෝ සැක්සන් නව ලිබරල්වාදය සරණ ගිය රටවල්ය.ඒවා රාජ්‍යන් ලෙස ණයගැති වී ඇත.ප්‍රාන්ත ලෙස ණයගැති වී ඇත.දේපොළ මිලදී ගැනීම සඳහා බැංකුවලට උගස් කළ දේපොළ ලෙස ණයගැති වී ඇත.රක්ෂණ ලෙස ව්‍යාපාරික ණය ලෙස ආයතනද,පුද්ගලයන්ද ණය වී ඇත.ක්‍රෙඩිට් කාඩ් පත් යොදා ගනිම්න් තමන්ගේ ප්‍රමාණයට වඩා වියදම් කර පුද්ගලයන්ද පවුල්ද ණය ගැති වී ඇත.කොටින්ම මේ රටවල් තමන්ගේ වාර්ෂික නිෂ්පාදනයට වඩා කිහිප ගුණයක් දැනටමත් පරිබෝජනය කර ඇත.


බටහිර ලෝකයේ මේ අර්බුදය පළමු වටයේදී චීනයට වාසිදායක වනු ඇත.ලොව දැනට නිපදවන අතිරික්ත ධනයෙන් 60% ක් පමණම අයිතිකරගෙන සිටින්නේ විනයයි.අනෙක් අතින් මේ අතිරික්ත ධනය නිපදවන චීනයේ ලොකුමවෙළඳපොළ වන්නේද උතුරු ඇමරිකාව හා යුරෝපයයි.එහෙයින් චීන අගමැතිතුමා ප්‍රකාශ කළ පරිදි ආපසු ගෙවීම් සහතික කිරීම අවශ්‍යය.එක්සත් ජනපදයට,ප්‍රංශයට,එංගලන්තයට ඉතාලියට සිදුවනු ඇත්තේ ණය සඳහා ඇපයට තම දේපොල තැබීමටය.දැනටමත් අයිස්ලන්තය,ග්‍රීසිය ඒ මග ගොස් ඇත.මෙය අනිවාර්යයෙන්ම ඒ රටවල ජාතිකවාදී කැලඹිලි ඇති කරනු ඇත.අන් රටවල ඉඩම් කොල්ල කෑ මේ ජාතින්ට පැවැත්ම සඳහා තමන්ගේ ඉඩම් උගස් තැබීමට සිදු වී තිබීම දේශපාලන පිපිරීමක් වනු ඇත.



මේ තත්වය ශ්‍රී ලංකාවටද නරක ලෙස බලපානු ඇත.පළමුව බටහිර අර්බුදය ලෝක අර්බුදයක් වීමෙන් ආයෝජකයන් පොදුවේ අධෛර්ය වනු ඇත.අපේ කොටස් වෙළඳපොළේ ඇති වී ඇති පසුබෑමට එයද හේතු වී ඇත.දෙවනුව අපේ ආයතනවලින් බහුතරය ඉලක්ක කරගෙන ඇත්තේ බටහිර ලෝකයය.මේ නිසා අපනයන බිඳ වැටීමට එය හේතුවනු ඇත.මේ සියල්ලෙන් හටගන්නේ ඩොලර් හිඟයකට මාවත විවර වීමය.දැනනමත් අපේ අපනයන-ආනයන වෙලඳ හිඟය ඩොලර් බිලියන 07 ඉක්මවා ඇති අතර එය අපේ මුදල්වලින් ඇති විදේශ සංචිත මෙන් කිහිප ගුණයකි.අපට ඇති එකම වාසිය ආසියාවේ යෝධ වෙළඳපොළ මේ අර්බුද මැද වුවත් වර්ධනය වීමය.ග්‍රීසියේ මෙන් බංකොළොත්වීමේ අනතුරක් අපට නැතත්,ලෝක අර්බුදයට මුහුණ දීමට අප සූදානම් විය යුතුය.බාල දේශපාලන පොරොන්දු හා සාටෝප සංවර්ධන වියදම් වෙනුවට අර්බුදයට මුහුණ දිය හැකි මූල්ය විනයක් හා සැලසුමක් අපට දැන් අවශ්‍යය.


උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2011-11-13

Related

පාඨලී චම්පික රණවක 3895686150832331763

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item