උතුරේ සහ වන්නියේ සංවර්ධන සැලැස්‌මට ප්‍රවේශයක්
-මතුගම සෙනෙවිරුවන් ලංකා සිතියමේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශ ගණනාවක් වෙන් කොට ගෙන ඊට අදාළ ඊළාම් සිතියම සකස් කොට ගෙන වසර තිහක් පුරා වෙන...
http://weadikawa.blogspot.com/2011/10/blog-post_8708.html
-මතුගම සෙනෙවිරුවන්
ලංකා සිතියමේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශ ගණනාවක් වෙන් කොට ගෙන ඊට අදාළ ඊළාම් සිතියම සකස් කොට ගෙන වසර තිහක් පුරා වෙනම රාජ්‍යයක් උදෙසා සටන් කළ කොටි ත්‍රස්‌තවාදීහු අද යුධමය වශයෙන් පරාජයට පත් කොට ඇත.
ඊළාම් සිතියම සකස් කර ගැනීම පිණිස පුත්තලම මන්නාරම වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ආදී දිස්‌ත්‍රික්‌ක මායිම් යොදා ගෙන තිබේ. මේ ප්‍රදේශයන්හි බහුතරය දෙමළ වැසියන් හෝ දෙමළ කථා කරන ජනතාව ලෙසට සලකා එම ප්‍රදේශ ඔවුන්ගේ සාම්ප්‍රදායික නිජභූමි ලෙසට ප්‍රකාශයට පත් කොට තිබිණි.
ඊළාම් නිජභූමිය පිළිනොගන්නා බව වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි පැහැදිලිව දක්‌වා තිබේ. නමුත් ඓතිහාසික දෙමළ ප්‍රදේශ නම් පදනම මත පිහිටා නැවත පදිංචි කිරීම් සිදු කරන බව පැහැදිලි වේ.
මුලතිව් (මූලදීප) මන්නාරම, වවුනියාව, යාපනය ඇතුළත් වන්නි ප්‍රදේශයද ත්‍රිකුණාමලය සහ මඩකලපු දිස්‌ත්‍රික්‌කයන්ද කලෙක සිට සංවර්ධනයට භාජන වූ ප්‍රදේශ නොවේ. හැටේ දශකයෙන් පසු එහි බල ගැන්වූ ත්‍රස්‌තවාදී හේතුකොට ගෙන සංවර්ධනයට ඉඩකඩ නොලැබිණි.
වත්මන් නැවත පදිංචි කරවීම් සහ හදිසි සංවර්ධන ක්‍රියාකාරකම් වල කිසිසේත්ම සැලසුම් සහගත භාවයක් නොපෙනේ. විදේශීය ආධාර ලබා ගැනීමේ ෙච්තනාව මත හෝ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව පදනම් විරහිත බව පෙන්වීමට හෝ මේ සංවර්ධනය සිදු වෙයි.
ඊළාම් සිතියමට පදනම් වූ ප්‍රදේශ පුරාතන අවධියේ සිට ලංකාවට ඉතා වැදගත් භූමියක් විය. මඩකලපුව සිට ත්‍රිකුණාමලය දක්‌වාද, පුත්තලමේ සිට පුනරීන් දක්‌වාද වවුනියාව සහ මූලදීප ප්‍රදේශයද යාපනයද පුරාණ සිංහල රජවරුන්ගේ වෙසෙස් අවධානයට යොමුව සංවර්ධනය වූ ප්‍රදේශ වෙයි.
මේ ප්‍රදේශවල පිහිටා තිබෙන අති මහත් ලොකු කුඩා වැව් සංඛ්‍යාවෙන් ඒ බැව් සනාථ වෙයි. මන්නාරම් ප්‍රදේශයේ යෝද වැව ආශ්‍රිත සහල් බඳුන මීට හොඳම උදාහරණයකි. ලංකාවේ ඉතාම අඩුවෙන් වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ ලෙසට මේවා හැඳින්වෙන නමුදු කඳුකර ප්‍රදේශයේ සිට මූදුකරයට ගලා බසින ගංගා ඔයවල් මගින් ජලය ලබාගෙන සමස්‌ත වන්නි ප්‍රදේශයම අස්‌වද්දා තිබුණු බව පෙනේ. ලංකාවේ පුරාතන වාරිමාර්ග ක්‍රම අධ්‍යපනය කළ පාකර් මෙන්ම ආර්. එල්. බ්‍රොaහියර්ද මේ විශ්මිත වාරිමාර්ග සැලැස්‌ම පුරාණ සිංහලයන්ගේ නිර්මාණ බවට පිළිගෙන සටහන් තබා ඇත.
පෘතුග්‍රීසි පාලනයද රටට හිතකර නොවීය. ඔව්හු වාණිජ කටයුතු පාලනය කරමින් දිග් විජයෙහි යෙදුණහ. නමුත් සිංහල රජවරුන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා දකුණේ සිංහල ප්‍රදේශය සහ සමාජ ජීවිතය සුරක්‍ෂිත විය. මේ කාලයේ දකුණු ඉන්දියාව සහ ලංකාවේ තොටමුණු අතර සරුවට වෙළහෙළ¹ම් සිදුවිණි. කුඩා ජල යාත්‍රා යොදාගනිමින් කරන ලද වෙළෙ¹ම තොටමුණු ආශ්‍රිතව සිදුවිණි. වෙසෙන්නට මන්නාරම අවට, ත්‍රිකුණාමල කෝට්‌ටියාර් බොක්‌ක මේ සඳහා සරු ප්‍රදේශ විය. මේ තොටමුණු ආශ්‍රිතව තිබූ තාවකාලික කඩපිල් ස්‌ථිර ජනාවාස බවට පත්කර ගැනීමට පෘතුගීසීන්ට අවශ්‍ය විය. ඒ ස්‌ථානවල දේවස්‌ථාන ඇති කොට ක්‍රිස්‌තියානි ජනගහනයක් වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් පෘතුගීසීහු කටයුතු කළහ. මන්නාරම මේ අතර ප්‍රධාන මධ්‍යස්‌ථානයක් විය. ඔවුන්ගේ බලකොටු නගර සඳහා සේවාවන් සපයා ගැනීම මේ තුළින් සිදු විය.
ක්‍රි. ව. 1658 සිට 1796 දක්‌වා වූ ලන්දේසි පාලන සමය උතුර සහ නැගෙනහිර ප්‍රදේශ විප්ලවීය වෙනසකට භාජන වූ අවධියෙකි. ලන්දේසීහූ තමන්ට යටත්වූ සියලු ප්‍රදේශ ලන්දේසි කොම්පCඳ්Cඳයට පවරා ගත්හ. මේ තත්ත්වය තුළ වැසියන් සිය ඉඩකඩම් සම්බන්ධයෙන්ද වෙළෙ¹ම සම්බන්ධයෙන්ද ලන්දේසීන්ට බදු ගෙවිය යුතු විය.
ඉන්දියාවත් ලංකාවත් අතර සිදු කෙරුණු වෙළඳ ව්‍යාපාර අතර ජනප්‍රියම වෙළ¹මවී තිබුණේ පුවක් වෙළෙ¹මයි. පුවක් තොග පිටින් ජනයා ගෙන් එකතු කොට ගෙන "හම්බන්" යාත්‍රා වල පටවා දකුණු ඉන්දියාවට ගෙන යන ලදහ. එහි මුස්‌ලිම් සහ දෙමළ වෙළෙඳුන් මේ වෙළෙ¹ම නිදහසේ කර ගෙන ගියහ. නිදහස් වෙළෙ¹මක් වුවද තීරු බදු අයකර ගැනීමට ලන්දේසීන්ට පිළිවන් විය. නමුත් ඔව්හු බලාපොරොත්තු වූයේ පුවක් රැස් කිරීම හා වෙළෙ¹ම් කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සියතට ගැනීමටයි.
මේ අවධියේදී බෙංගාලයේ සහ පොල්කොන්ඩාවේ මුස්‌ලිම්වරු ලංකාවේ අලි ඇතුන් වෙළෙ¹ම්ද නියුක්‌තව සිටියහ. අලි ඇතුන් සහ පුවක් වෙනුවට ඉන්දියාවේ නිපදවන රෙදිපිළි (කවනි සහ කච්චි) සහ සහල් ලංකාවට ආනයනය කරන ලදී. ලන්දේසීහු සිය වාණිජ ඒකාධිකාරය පවත්වා ගෙනයැම සඳහා කේරළයේ සිටි පෘතුගීසීන් පන්නා දැමීමට දිගින් දිගටම යුද්ධ කළහ. එසේම මෙතෙක් නිදහසේ වෙළෙ¹මේ යෙදුණු හම්බන්වලටද අවහිර කළහ. මේ තත්ත්වය මත දකුණු ඉන්දීය නිෂ්පාදනවලටද වෙළෙඳාමටද අවහිර වී ආර්ථික අවපාතයක් ඇති විය. මෙහි ප්‍රතිඵලය වූයේ මයිසූරය, කන්ජෝරය සහ මදුරාව ඇතුළු ප්‍රදේශ බීජාපූර් හි මුස්‌ලිම් වරුන්ගේ ආධිපත්‍යයට නතුවීමයි. මේ යුද්ධ කෝලාහල නිසා ගම් විනාශවී ගිය අතර දකුණු ඉන්දියාවේ ශක්‌තිමත්ව තිබූ රෙදි පිළි කර්මාන්තය අඩපණ විය. පේෂකාර්මිකයන් සිය ගම්බිම් අතහැර පලාගිය බව පැවසේ. විශාල ශ්‍රම අතිරික්‌තයක් ඇති කිරීමට මේ කාරණා ඉවහල් විය.
අනාථව සිටි ද්‍රවිඩ ජනයා අතරමැදියන් මගින් මිලයට ගෙන වහල් ශ්‍රම වෙළෙඳපළක් නිර්මාණය කර ගැනීමට මෙහිදී ලන්දේසීන්ට හැකියාව ලැබිණි. ඉතා අඩු මුදලට මොවුහු වෙන්දේසියේ විකිණනු ලැබූ අතර මොවුන් ගෙන් වැඩි පිරිසක් ලංකාවට රැගෙන පැමිණියහ. මේ පිරිස යාපන අර්ධද්වීපයේ දුම්කොළ වගා කටයුතු සඳහාද වන්නියේ වී වගාව, කපු වගාව සහ රෙදි පිළි කර්මාන්තය සඳහාද පදිංචිකරවන ලදහ. 1660 ටත් 1796 ත් අතර කාලයේ මෙලෙස ලංකාවට වහලුන් ලෙසට ගෙන එන ලද ද්‍රවිඩ ජනතාව විශාල සංඛ්‍යාවක් වූහ. මොවුන් අතර වැඩි පිරිසක් දෙමළ වෙල්ලාලයන් වූහ. ඊට අඩු ගෝත්‍රයක් වූ ඔඩුප්පිලි වෙල්ලාලයන්ද මේ අතර වූහ.
මූදු කරයේ මසුන් මැරීමටද ලුණු නිෂ්පාදනයටද කරාව කුලයේ ජනතාව පදිංචි කරවන ලදහ. අවසාන ඊළාම් සටන සිදුවූ කරෙයිමුල්ලේ වෛක්‌කාල් (කරවමුල්ල) ප්‍රදේශයේ ද පුදුකුඩුඉරිප්පුවේ (අළුත්ගම්ගොඩ) ද මෙලෙස මෑතක් වනතුරුම මේ ගෝත්‍ර පදිංචිවී සිටි බවට කරුණු හෙළිවේ. මේ ගෝත්‍රයන්ට අමතරව පරවර මුක්‌කුවා, තිමිලාර්, චෙඩ්ඩියාර්, තඩ්ඩවල් (ආචාරි) කාඩිනාර් (ටින්කර් වැඩකරුවන්) මෙන්ම රා මදින්නන්ද පදිංචි කළහ. එසේම මේ අයගේ සේවාවට අවශ්‍ය හේත්‍යන් (වානාර්) මෙන්ම වැව් කණින්නන් ලෙසට සැලකෙන ඕඩාර් නම් ශ්‍රම පිරිසද මෙයට අයත් විය.
මේ කාලයේදී මුස්‌ලිම්වරු පවත්වාගෙන ගිය අලි ඇතුන් වෙළෙ¹මද ලන්දේසි ආධිපත්‍යයට යටත් විය. එය ලන්දේසි කොම්පCඳ්Cඳයට විශාල ආදායම් මාර්ගයක් විය. ලන්දේසීහු අලුතෙන් පදිංචිකරවන ලද ද්‍රවිඩ ජනයා පාලනය කිරීම පිණිසද අලි ඇතුන් කාර්යාංශය පණ ගැන්වීම පිණිසද අවශ්‍ය වන්නියාර් (නායක) පාලනයක් ඇති කළහ. මේ වන්නියාර් පාලකයන් බිහිකරලීමේදී අනෙකුත් අවශේෂ ද්‍රවිඩ ජනතාවගෙන් වෙන්කරලීම සඳහා මේ සීමිත පිරිසට දොන් නාමය ප්‍රදානය කරන ලදහ. ඩොමිනස් නම් පරංගි පදයෙන් ප්‍ර්‍ර්‍රභවය වූ මේ නාමය ලබාදීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසි පාලකයන් විසිනි. කාසි පොට්‌ටනියක් රැගෙන ආණ්‌ඩුකාරවරයා අභියසට පැමිණි වන්නීහු ආණ්‌ඩුකාරයා ඉදිරියේ දනින් වැටී දොන් නාමයද ක්‍රිස්‌තියානි නාමයද ගෙන පිටව ගියහ. ලන්දේසීහු යාපනය සහ වන්නිය ප්‍රදේශ හතකට බෙදා මේවා පාලනය කිරීමට වන්නියර්වරු පත් කළහ. දොන් පිලිප්, නල්ල මාප්පාන, දොන් ගැස්‌හර් ඉලංගනාරතන, දොන් දියෝගෝa පුවනෙල්ල, දොන් අම්බලවානර්, දොන් විඩෝගාවාල මාපාන, දොන් පෙරිය මෙයිනාර්, දොන් ගැස්‌පාර් සේනාදර මේ අතර වූහ.
කුරුවේ කාර්යාංශය භාර මේවන්නීහු වාර්ෂිකව ලන්දේසි කොම්පCඳ්Cඳයට අලි ඇතුන් 42 ක් දිය යුතු විය. මුලදීදි මූදූකරය අසල පදිංචිව සිටි ඔව්හු වන්නියේ ජනශුන්‍ය ප්‍රදේශ පුරා සිය ජනාවාස ඇති කොට ගත්හ. දහතුන්වන ශත වර්ෂයෙන් පසු ජන ශුන්‍යතාවයට පත් සිංහල ප්‍රදේශ මෙලෙස ද්‍රවිඩ ජනාවාස ලෙසට පරිවර්තනය වීම ඇරඹෙන්නේ 1660 න් පසුවයි. 1697 වන විට වන්නියාර්වරුන්ගේ බලය විශාල ප්‍රදේශයක් කරා පැතිර තිබිණි. මේ ප්‍රදේශ පුරාම සෑම ගමකම වසමකම රෙපරමාදු පල්ලි ඇති කරන ලද අතර 1796 න් පසු ඒවා රෝමානු කතෝලික පල්ලි බවට පත්විය.
විවිධ කුලවලට අයත් දකුණු ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ජනාවාසවල පදිංචි වීමේදී ඒ ප්‍රදේශවල අල්ප ලෙසට ජීවත් වූ පිරිසක්‌ද විය. ඒ අතර වැද්දන් ප්‍රධාන විය. වෙසෙසින්ම වවුනියා දිස්‌ත්‍රික්‌කයේ මේ පිරිස බහුලව සිටියහ. වැදි පිරිසද කල්යැමේදී ද්‍රවිඩකරණය වූ අතර මේ ප්‍රදේශවල තිබූ සියලුම ග්‍රාම නාම ද්‍රවිඩ හුරුවට හැරවුණි. ඇතැම් මුල් සිංහල නාමයන් නැත්තටම නැතිවී ගොස් ඇති අතර ඇතැම් සිංහල නම් දෙමළයට පෙරළා ගෙන තිබේ.
ලන්දේසි පාලනයෙන් අනතුරුව ඉංග්‍රීසින් මේ ප්‍රදේශ විධිමත් ලෙසට ගවේෂණය කළහ. ඔව්හු වාරිමාර්ග ප්‍රකෘතිමත් කළහ. වී වගාවට අනුබල දුන්හ. ජන සංගනණයද කළහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කළ මුල් වකවානුව තුළදීම මෙකී දෙමළ ජනතාව කවුරු දැයි හොඳින් අවබෝධ කර ගෙන සිටි බව පැහැදිලිය. ඒ බැව් ඔවුන්ගේ පරිපාලන වාර්තාවල දක්‌වා තිබේ. පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ නටබුන් මත නැගී සිටි මේ ද්‍රවිඩ ජනතාව තවදුරටත් වහලුන් වශයෙන් තබාගෙන සිංහල ප්‍රදේශ ආණ්‌ඩුකරලීම ඉංග්‍රීසීන් ගේ ප්‍රතිපත්තිය විය. උතුරට වැඩි අධ්‍යාපන පහසුකම් සපයා දීමත් ඒ මගින් ඔවුන්ට අවශ්‍ය නොයෙකුත් වර්ගයේ ශ්‍රම බලකායක් නිර්මාණය කර ගැනීමත් සිදු විය. ලංකාව නිදහස ලබන විට උතුරේ නැග එන ස්‌වාධීන අදහස් ඉංග්‍රීසීන් මැනවින් අවබෝධ කරගෙන සිටියහ. දෙමළ ජනතාව අභිබවා සිංහල ජනතාව නැගී සිටීම වැළැක්‌වීමටත් සිංහලයන් අභිබවා දෙමළ ජනතාව නැගී සිටීම වැළැක්‌වීමටත් කටයුතු කරලීම ඉංග්‍රීසීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය විය. දෙමළ නිජභූමි සංකල්පය ස්‌වයං පාලන අයිතිය ඇතුළත් පෙඩරල් යෝජනා මධ්‍යයේ දෙමළ ත්‍රස්‌තවාදය පෝෂණය වූයේ මේ පසුබිම තුළයි. ප්‍රාග්ධන වෙළෙඳ පළ නව යටත් විජිතකරණය මෙන්ම බෙදා පාලනය කරවීමේ ප්‍රතිපත්තියද මේවාට බලපෑ බව පෙනේ.
කොටි ත්‍රස්‌තවාදය යුධමය වශයෙන් පරාජයට පත් කිරීම යුරෝපීය ප්‍රජාව නුරුස්‌සන්නේ යටත්විජිත ප්‍රතිපත්තියෙහි කඩා වැටීමක් සිදුවී ඇති බැවිනි. මානව හිමිකම් චෝදනා යටතේ ලංකාව පීඩනයට පත් කොට නැවත බෙලහීන කරමින් සිය අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
මෙවැනි බලපෑම් වලට මුහුණදීමට නම් දෙමළ ඊළාම් ඉතිහාසය සහ එහි පරමාර්ථ පිළිබඳ අවබෝධයක් ලක්‌රජයට සහ තානාපති අංශවලට තිබිය යුතුය. එසේම ඕලන්දයන් සහ ඉංග්‍රීසීන් ලංකාවේ ක්‍රියා කළ ආකාරය ජාත්‍යන්තර වශයෙන් කියා පෑමටද හැකි විය යුතුය. නිදසුනක් වශයෙන් ලන්දේසින් 1796 දී ඉංග්‍රීසින්ට සිය ප්‍රදේශ භාරදුන් පසු වවුනියාවේ පාලක වන්නියා වූ බණ්‌ඩාර වන්නියා ඉංගී්‍රසින්ට විරුද්ධව කැරැල්ලක් ඇති කොට ස්‌වාධීනත්වය ප්‍රකාශ කළේය. අනතුරුව මූලදීප කඳවුර භාරව කටයුතු කපිතාන් ඩී්‍රබර්න්ට විරුද්ධව සටන් මෙහෙයවා එම කඳවුර අල්ලා ගත්තේය.
තාවකාලිකව පසුබසින ලද ඉංග්‍රීසි හමුදාව 1803 ඔක්. 31 දින පිදුරන්දෑව නොහොත් ඔඩ්ඩුසුඩාන් අසල කච්චිරමඩුවේදී බණ්‌ඩාර වන්නියාගේ භට පිරිස් පරාජයට පත් කොට සමූලඝාතනය කළහ. කැරලි නායකයන්ට කිසිදු සමාවක් දීමට ඉංග්‍රීසීන් කටයුතු නොකළ බව සඳහන් කළ යුතුය.
මෙවැනි සිද්ධි රාශියක් ඉතිහාසය තුළ පවතින බව අප අමතක නොකළ යුතුය. ලංකාවේ ස්‌වාධීනත්වය අරභයා මතවාදී යුද්ධයක් ජාත්‍යන්තර වශයෙන් ආරම්භ කිරීමේ කාලය දැන් පැමිණ ඇත.
වන්නි දිස්‌ත්‍රික්‌කය සහ නැගෙනහිර සංවර්ධනය කරලීමේ ක්‍රියාදාමයේ ධාතුසේන, පළමුවැනි අග්ගබෝධි වැනි රජවරුවන් ගත් ක්‍රියාමාර්ග වෙසෙසින්ම සඳහන් කළ යුතුය. මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ වර්තමාන යෝධවැව මාන මාතු වැව වශයෙන්ද පරාගම් වැවද මූලදීප ප්‍රදේශයේ තන්නි මුරප්පු කුලම් ලෙසට අද හැඳින්වෙන කුරුන්දවාපිය වැනි යෝධ නිර්මාණ ඉදිවීම තුළින් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ශක්‌තිමත් වූ බව පෙනේ. මධ්‍යම දේශයේ සිට මූදු කරයට ගලා බසින මල්වතු ඔය, කනගරායන් ආරු, පේර ආර, මානෙල් ආර ආදී වශයෙන් වූ ගංගා සහ ඔයවල් හරස්‌කරමින් අමුණු බැඳුණු අතර මූලකාන් වැවේ සිට ගම්වැව දක්‌වා වැව් එල්ලංගා පද්ධතියක්‌ද එහි විය. අංශක 26 ක පමණ අධික උෂ්ණත්වයකින් හෙබි මේ ප්‍රදේශ මාස් වැස්‌සෙන් පෝෂණය වී ජලය උස් කර ගතහොත් ගොවිතැනට ඉතාමත් යෝග්‍ය ප්‍රදේශයක් බවට පත් කරලිය හැකි බව පැරණියන් දැන සිටියහ. ඒ ප්‍රදේශවල තිබෙන පස සහ ඒවාට යෝග්‍ය භෝග හඳුනා ගැනීමත් මගින් ආහාර සුරක්‍ෂිතතාව ඇතිවිණි.
මූදුකරයේ කලපු සියල්ලගේම ලුණු ලේවා ඇති කළ පැරණි රජවරු ඒවා අපනයනය කළහ. එසේම වෙළෙඳ තොටමුණු ආශ්‍රිතව වෙළෙඳ ශ්‍රේණි මගින් ව්‍යවසාය සංවර්ධනය සිදු වූQ අතර ඔවුන් බැංකුවල තැන්පත් කරන ලද පොළිය මගින් විහාරස්‌ථාන නඩත්තු කෙරුණි. තෝනිගල සෙල් ලිපිය පුරාපාඩි නොහොත් පාෂාණ පබ්බත විහාර සෙල්ලිපි මේවාට සාක්‍ෂි සපයයි.
ඓතිහාසික දෙමළ ප්‍රදේශ නමැති මිථ්‍යාව ඉවත් කළ හොත් වන්නිකරයේද උතුරේද, නැගෙනහිරද අපට දැක ගන්න ලැබෙන්නේ විශ්මිත පරිසරයත් පුරාතන වාරිමාර්ග ක්‍රමත් විශාල ජල පෝෂක ප්‍රදේශත් අතිශය සුන්දර වෙරළ තීරයත් පමණි.
මේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට නම් එක කොඩියක් නමැති සංකල්පය ප්‍රායෝගිකවම ක්‍රියාවට නැංවිය යුතුය. ජන අනුපාතය අනුව වන්නිකරයේ ජනතාව පදිංචි කරවීමෙන් එයට අරම්භක පියවරක් තිබිය හැකිය. එසේම මන්නාරම (සහල් බඳුන) ඉරණමඩු කලාපය, මුත්තුරායන්කට්‌ටු කු=ලම් (මූලදීප කලාපය) වවුනි කුලම්, කොටස නොහොත් කොට්‌යාර් බොක්‌ක අවට කලාපය, කුදිරමලය නොහොත් විල්පත්තු සීමාව පුහුල් මොටේ (ඛනිජ සම්පත් කලාපය) ආදී වශයෙන් වූ කර්මාන්ත කලාප වෙන්ව හඳුනාගෙන කෘෂිකර්මයෙන් සහ නවීන කර්මාන්තයන් ගෙන් සන්නද්ධ කිරීම කළ යුතුය. මේ සඳහා විදේශීය ආයෝජන සමග ඒකාබද්ධ දේශීය ව්‍යාපාර ආරම්භ කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව කිව යුතුය.
සංවර්ධනය පරිසරයට ඒකාබද්ධ ක්‍රියාවලියකි. එය පරිසරය ඉක්‌මවා යන කල්හි අර්බුද ඇති කරයි. පරිසරයේම කොටසක් වූ මිනිසා ඒ පරිසරය තුළ පොදු හැඟීමෙන් ක්‍රියාකිරීම තිරසාර සංවර්ධනයක ක්‍රියාවලිය ශක්‌තිමත් කරන්නකි. ජාතිවාදී හැඟීමෙන් රංචු ගැසි පොදු හැඟීම් නොතකා ක්‍රියා කරන කල්හි පරිසරයද අර්බුදයට පත්වේ.
වගකිවයුතු රජයක් වන වත්මන් රජය ක්‍රියා කළ යුත්තේ ඉතිහාසයට සාපේක්‍ෂ වූ පොදු හැඟීමෙනි. ඒ මගින් ජාතික සංවර්ධනය සාර්ථක වනවා සේම රට එකසේසත් වන්නේය. සාමයට ඇති නිවැරැදිම මාර්ගය එසේ වන අතර බලය බෙදීම සහ ස්‌වයං පාලන ක්‍රියාවලින් පණගැන්වීම කළහොත් සාමය යළිත් කඩවනවා නිසැකය.

උපුටා ගැනීම
දිවයින
2010-07-30
දිවයින
2010-07-30
(වසරකට පෙර දිවයින පලකල මෙම ලිපිය අදටද ඇති අදාලත්වය සලකා නැවත පල කර ඇත )