ඊනියා මානව අයිතිවාසිකම් පසෙක ලා යටත් විජිතවාදයට එරෙහි වෙමු
අද බොහෝ දෙනා ගඩාෆිගේ මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙළඹෙනු දැකිය හැකිය. ඒ අතර ඇතැමෙක් සුපුරුදු පරිදි බටහිරයන්ගේ දෙබිඩි පිළිවෙ...
http://weadikawa.blogspot.com/2011/10/blog-post_4494.html
අද බොහෝ දෙනා ගඩාෆිගේ මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙළඹෙනු දැකිය හැකිය. ඒ අතර ඇතැමෙක් සුපුරුදු පරිදි බටහිරයන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන කතාකරති. ඔවුහු ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කරන බටහිරයන් ගඩාෆිගේ මානව අයිතිවාසිකම් නොරැක්‌කේ ඇයි දැයි අසති. ප්‍රභාකරන් මියගියේ සටනේ දීය. එබැවින් ඔහුගේ ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පවා දෙයක් නැත. එබැවින් බටහිරයෝ මානුෂික මෙහෙයුම්වල අවසන් දින කිහිපයෙහි දී දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් නැති වී යෑයි මැසිවිලි නගති. අවසන් දින කිහිපයෙහි දී තුන් ලක්‍ෂයකට වැඩි ජනතාවක් ප්‍රභාකරන්ගෙන් බේරාගත් හමුදාවට එරෙහිව බටහිරයන් බේගල් ඇද බාන්නේ ඔවුන්ට ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට හා ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙන ඒමට ඇති අවශ්‍යතාව සඟවාගත නොහැකිවය. බටහිරයෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය නො කරති. ඔවුහු තම බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරති. එහි දී ඔවුහු ලිබියාවේදී තමන්ට විරුද්ධ වූ ගඩාෆි මරා දමති. ලංකාවේ දී තම නියෝජිතයකු වූ ප්‍රභාකරන් පරාජය කිරීමට එරෙහිව කටයුතු කරති. ඔවුහු හැකිනම් රනිල් වික්‍රමසිංහ හෝ කුමාර මහත්තයා හෝ සම්බන්ධන් හෝ බලයට පත්කිරීමට කටයුතු කරති.
ඊනියා මානව අයිතිවාසිකම් යන්න බටහිරයන්ගේ තවත් ව්‍යාජ සංකල්පයක් පමණකි. දහසයවැනි සියවසේ දී බටහිර කතෝලික සංස්‌කෘතික, දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයට එරෙහිව බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය කරළියට එද්දී මානව අයිතිවාසිකම් යන සංකල්පය ඒ ආකාරයෙන් ම සංකල්පගත නොවූවත්, වැදගත් විය. කතෝලික චින්තනයෙහි සමාජයට හා සාමූහිකත්වයට තිබූ ප්‍රධානත්වය වෙනුවට නැගී ආ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ප්‍රධාන තැන හිමි වූයේ පුද්ගලයාටය. පාප් වහන්සේට එරෙහිව මාටින් ලූතර් කළ සටනෙහි හරය වූයේ ද පුද්ගලයාට මේ නිදහස දිනාගැනීමය. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ආරම්භයෙහි පුද්ගලයා හා රාජ්‍යය අතර සටන ඉස්‌මතු විය. එබැවින්ම එය පුද්ගලයා හා කතෝලික පල්ලිය අතර ද තිබූ සටනක් විය. බටහිර ඊනියා මානව අයිතිවාසිකම්වල අරමුණ වූයේ පුද්ගලයා රාජ්‍යයෙන් හා පල්ලියෙන් නිදහස් කර ගැනීමය. එහෙත් එය කිසි දිනෙක අත්පත් කරගත නොහැකි වූ නිදහසක් විය.

බටහිර රටවල මිනිසුන්ට අද ඇති මානව අයිතිවාසිකම් කවරේද? රාජ්‍යය අද ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් ශක්‌තිමත් වී ඇත. ඇමරිකාවේ එෆ් බී අයි ආයතනය ඇත්තේ පුද්ගලයන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නොවේ. බටහිර ලෝකයේ වෙනත් රටවල ද විවිධ ඔත්තු සපයන ආයතන රාජ්‍යය මගින් පවත්වාගෙන යනු ලබයි. පුද්ගලයන්ට අද සිතීමටවත් නිදහස නැත. රාජ්‍යය, මාධ්‍යය, කලාව, පාසල්, විශ්වවිද්‍යාල හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද පුද්ගලයා වෙනුවෙන් සිතයි. බටහිර රටවල, විශේෂයෙන්ම ඇමරිකාවේ තරම් නූගත් ජනකායක්, නොසිතන මිනිසුන් පිරිසක් ලෝක ඉතිහාසයේ ම වාසය කළ නැතැයි සිතිය හැකිය. ඔවුන්ගේ සතිඅන්ත නිවාඩුව පමණක් නොව විදේශීය රටවල ගතකෙරෙන දීර්ඝ නිවාඩු ද වෙනත් අය සැලසුම් කරති. මෙය ඉතා දීර්ඝ වශයෙන් විස්‌තර කළයුතු වුවත් තවමත් බුදුසසුනේ ආභාසයෙන් සිතන්නට යම් ප්‍රමාණයකට වුව හැකි මෙරට ජනතාවට එය කියාපෑම අවශ්‍ය නොවේ යෑයි සිතෙයි. පුද්ගලයන්ට ඇති තෝරාගැනීමේ නිදහස පිළිබඳ මෙතරම් කතාකර ඇති යුගයක් මානව ඉතිහාසයෙහි නැත. එහෙත් අද බටහිර රටවල මිනිසුන්ට ඇති ඊනියා තෝරාගැනීමේ නිදහස කුමක්‌ද? එය කොකාකෝලා වෙනුවට පෙප්සිකෝලා තෝරාගැනීමට ඇති නිදහස ඉක්‌මවා යන්නක් නොවේ.
ඇමරිකාවේ සාමාන්‍ය පුරවැසියකුට රාජ්‍ය ආයතනයකට එරෙහිව මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ නිදහසක් තිබේද? වියුක්‌තව ගත්කළ පාසලේ හා විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන දේශපාලන විද්‍යාව හා වෙනත් සමාජයීය විද්‍යාවන් අනුව එවැනි නිදහසක් පොතෙහි වියුක්‌තව සඳහන් වෙයි. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මූලික වශයෙන් වියුක්‌ත සංස්‌කෘතියකි. වියුක්‌තව ඇති නිදහස සංයුක්‌තවන මිනිසුන් භුක්‌ති විඳින්නේ කෙසේ ද? මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අධිකරණයට යැම සාමාන්‍ය පුරවැසියකුට පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා යන වියදම, ගතකළ යුතු කාලය නීතිඥයන් හමුවීමට ගතවන කාලය මෙන්ම දක්‍ෂ නීතිඥයකු සොයාගැනීමට වෙහෙස වීමද සාමාන්‍ය මිනිසකුට දැරිය හැකි සීමාව ඉක්‌මවා යයි. පොතෙහි ඇති මානව අයිතිවාසිකම් සාමාන්‍ය මිනිසකුට සාමාන්‍ය ජීවිතයේ දී හමු නොවේ. ලංකාවේ මේ තත්ත්වය ඇමරිකාවේ තරම් නරක නැත්තේ බටහිර නීතියෙහි ඇති ගුණයක් නිසා නොව සිංහල බෞද්ධ සංස්‌කෘතිය විසින් කාලාන්තරයක් තිස්‌සේ පුරුදු කෙරී ඇති ජීවන ක්‍රමය නිසාය.
කෙසේ වෙතත් ගඩාෆිට ලිබියාවේදී නැතිවීමට තිබූ බටහිර ක්‍රිස්‌තියානි මානව අයිතිවාසිකම් කවරේද? ඔහු ලිබියාවේ රාජ්‍ය නායකයා විය. එංගලන්තයේ එලිසබෙත් වින්ඩ්සර් මහත්මියට ඒ රටේදී නැතිවිය හැකි මානව අයිතිවාසිකම් කවරේද? රාජ්‍ය නායකයකු බටහිර ක්‍රිස්‌තියානි අර්ථයෙන් රාජ්‍යයට විරුද්ධව බලාපොරොත්තු වන්නේ කිනම් නිදහසක් ද? ගඩාෆි අවුරුදු හතළිහකට වැඩි කාලයක් ලිබියාවේ රාජ්‍ය නායකයා විය. ඔහු ඇතැම් විටක ඇමරිකාව සමඟ සුරතල්වීමට ක්‍රියා කළද පොදුවේ ගත්කල, ඔහු බටහිර විරෝධී විය. ඔහු බටහිර රාජ්‍ය නායකයන් හැඳින්වූයේ සොර මුළක් ලෙසය. ඔහුට අනුව බටහිරයෝ ත්‍රස්‌තවාදියෝ වූහ. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාචාරය හා දේශපාලන විද්‍යාව පොතපතට සීමා වූවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපි කසිකබල් මාක්‌ස්‌වාදීන් මෙන් මේ සියල්ල ධනවාදයට ලඝූ නො කරමු. ධනවාදය ද බිහිවූයේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහිය. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි උපත දහසයවැනි සියවසෙහි බටහිර කතෝලික වැඩවසම් සංස්‌කෘතියට විරුද්ධව සිදුවිය. අනුරාධපුරයෙහි ඊනියා වැඩවසම් සමාජයක් දකින්නෝ බටහිර ලිබරල්වාදීන්ගේ හා මාක්‌ස්‌වාදීන්ගේ ගෝලබාලයෝ ය. සිතීමට නොහැකි මේ පුස්‌සන්ගෙන් අනුරාධපුර යුගයෙහි දී රටෙහි ඊනියා ඉඩම් අයිතියක් තිබිණි ද යන්න සිතාබලන ලෙසටවත් ඉල්ලීමට නොහැකිය.
ගඩාෆි මරා දමනු ලැබුවේ නේටෝව විසිනි. ඔබාමා ම පවසා ඇති ආකාරයට නේටෝ හමුදාවලට නායකත්වය දී ඇත්තේ ඇමරිකාවය. නේටෝව නොවන්නට ගඩාෆි අද ද ලිබියාවේ රාජ්‍ය නායකයා ය. ඔහු ලිබියාවේ රාජ්‍ය නායක ධුරයෙන් ඉවත්කිරීමට බෙන්ගාසි කැරැලිකරුවන් සංවිධානය කරනු ලැබුයේ බටහිරයන් විසිනි. බටහිරයෝ හුදෙක් බෙංගාසීන්ට ආධාර කළ පිරිසක් නොවූහ. ඔවුහු ගඩාෆිට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කර එයට ආයුධ සපයා එය මෙහෙයවීම ද කළහ. නේටෝව නොතිබිණි නම් කුමක් වීමට තිබිණිද යන්න හුදු හිතළු ප්‍රශ්නයක් යෑයි යමකුට කිව හැකිය. ඒ එවැනි තත්ත්වයක් දැන් ඇතිකර සිදුවන්නේ කුමක් දැයි ඊනියා බටහිර විද්‍යාවට අනුව පරික්‍ෂා කළ නොහැකි බැවිනි. එහෙත් එවැනි අවස්‌ථාවල අපි වෙනත් පදනම්වල පිහිටා පිළිතුරු සොයා ගන්නෙමු. අනෙක් අතට බටහිර විද්‍යාඥයන් කෙතරම් කෑමොර ගැසුවත් කිසිම පරීක්‍ෂණයක් නැවත වතාවක් කළ හැකි නොවේ. බටහිරයන් විසින් බෙංගාසීන් මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසීන් ඇතුළු බටහිරයන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්‌සේ සිංහල බෞද්ධයන්ට එරෙහිව දෙමළ ජාතිවාදීන් යොදාගන්නා ආකාරයටය. දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමත් සමඟ ඉන් සිහි විකල් වී ඇති බටහිරයෝ හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් පහකිරීමට කටයුතු කරති.
ඇමරිකාව ඇතුළු බටහිරයන් ලිබියාවේදී කර ඇත්තේ ඔවුන්ගේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙනත් රටක නායකයකු ඝාතනය කිරීමකි. ඒ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී ආක්‍රමණයකි. එයට ඊනියා නව යටත්විජිතවාදය යෑයි කියන්නෝ බටහිරයන්ගේ ලිබරල්වාදී හා මාක්‌ස්‌වාදී ගෝලබාලයෝය. බටහිරයන් පසුගිය කාලයෙහි තමන්ට විරුද්ධ වූ බින් ලාඩන්, සදාම් හුසේන් හා ගඩාෆි ඝාතනය කළහ. ඔවුන්ගේ ඊළඟ ඉලක්‌කය සිරියාවය. අවසානයේදී ඔවුන් ඉරානයට ද යනු ඇත. බටහිරයන් ලෝකයේ බටහිර නොවන ජාතීන්ට කියන්නේ ඒ ජාතීන්ගේ නායකයන් තෝරන්නේ ඔවුන් මිස ඒ රටවල ජනතාව නොවන බවය. ඔවුන් ඒ අනෙක් අටවල රාජ්‍ය නායකයන්ට කියන්නේ නායකත්වයෙහි රැඳී සිටීමට නම් ඔවුන් කියන ආකාරයට කටයුතු කිරීමටය. මේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය නොවේ නම් වෙන කුමක්‌ද? අද ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය ආර්ථික වශයෙන් කඩාවැටෙමින් ඇත. එහෙත් ඒ කසිකබල් මාක්‌ස්‌වාදී ප්‍රවාදවලට අනුව නොවේ. ඒ රටවල ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වන ඊනියා කම්කරු පංතියක් නැත. ආර්ථික වශයෙන් කඩාවැටුණත් ලෝක දේශපාලන ආධිපත්‍යය ඇත්තේ බටහිරයන්ටය. ඒ ආධිපත්‍යය තහවුරු කරගන්නේ බටහිර විද්‍යාව මගිනි. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරැඹි බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදය තවමත් අවසන් වී නැත. අනෙක් රටවල ජනතාවට නම් නායකයන් පත්කර ගැනීමට ඉඩ නොදෙන පොළොවට හා එහි සතා, සර්පයා, සිවුපාවාට අපරාධ කර ඇති ලෝකය අගාධය කරා ගෙන යන ඔබාමා ඇතුළු මානව විරෝධී, පරිසර විරෝධී වත්මන් නායකයන් අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දිය යුතුය. එහෙත් එය කරන්නේ කවුද? එයට ශක්‌තිය ඇත්තේ කාටද? අවාසනාවකට බටහිර නොවන්නන්ට ඒ ශක්‌තිය වර්තමානයේ නැත. එහෙත් මාක්‌ස්‌වාදී නොවන අර්ථයකින් වුවත් බටහිර ආධිපත්‍යය අවුරුදු පනහකට අඩු කාලයකදී වැටෙනු ඇත.

- නලින් ද සිල්වා
ඉරිදා දිවයින
2011-10-30
ඉරිදා දිවයින
2011-10-30