ඉන්දියන් සාගරයේ බලය පතා ඇමරිකාව චීනය-ඉන්දියාව යුද්ධයක
මෙදා අප්‍රේල් සැප්තැම්බර් මෝසම් වැස්ස ආවේ නැත.ජල විදුලි නිෂ්පාදනය ඇණ හිට ඇත .වෙනදා මෙන් විදුලිය කප්පාදුවක් නැතත් ඩීසල් වලින් විදුලිය නිපදවීම...
http://weadikawa.blogspot.com/2011/10/blog-post_4363.html
මෙදා අප්‍රේල් සැප්තැම්බර් මෝසම් වැස්ස ආවේ නැත.ජල විදුලි නිෂ්පාදනය ඇණ හිට ඇත .වෙනදා මෙන් විදුලිය කප්පාදුවක් නැතත් ඩීසල් වලින් විදුලිය නිපදවීම නිසා සෑම දිනකම ලංවිමට සිදුවන පාඩුව මිලියන 150 ක් පමණ වේ.එනම් සෑම ශ්‍රී ලාංකිකයකුම දිනකට රු 3.50 ක් ලංවිමට ණය වෙයි.…එක් අතකින් ජල විදුලිය බලාපොරොත්තුවෙන් මෝසම් වැසි දෙස (නිරිතදිග ) බලා සිටින අප අනෙක් අතින් මෝසම් සුළං නතරවන තෙක් සිටින්නේ ( ඔක්තෝබර් මාර්තු ) ගල් අඟුරු ගොඩ බා ගැනීම සඳහාය.
ජලය නැතිකමින් පීඩාවට පත්ව සිටින රජරට ගොවීන්ද වන උද්‍යානවල සතා සිව්පාවාද බලා සිටින්නේ අන්තර් මෝසම් වැසි හෝ ඒවිදැයි කියාය. අතීතයේදී නම් මේ දෙපසින් (නිරිතදිග ඊසානදිග ) හමන සුළං එනම් සාගර සුළං දහරා වෙලඳ සුළං විය .මාන්තොට හා ගෝකණ්ණ පිළිවෙලින් මහා වරායන් වූයේ ඉන්දියානු සාගරය ඔස්සේ පෙර අපර දෙදිගටම අපේ නැව් මෝසම් සුළං දහරා විසින් රැගෙන ගිය නිසාය .එදවස සාගරයේ ඇඳී තිබුණු චීනයේ සිට ඉන්දියාව ලංකාව හරහා වැනීසියට පැතිර ගිය සාගර සේද මාවතේ පදනම වූයේද ඉන්දියානු සයුරේ කාළානුරූපව නැගෙන සුලං දහරාය. දැන් කාළගුණ විපර්යාස අවුල් කර ඇත්තේ ඒ වසර දහස් ගණනක සුළං රිද්මයයි.
අනාගත ලෝකයේ ,21 වැනි සියවසේ ජනගහනය ලෙසින්ද, ජනවාර්ගික විවිධත්වය ලෙසද ,වාණිජ ශක්තිය මගින්ද ,උපාය මාර්ගික වැදගත්කම මගින්ද අතිශය වැදගත් වන්නේ ඉන්දියානු සාගරය හෙවත් මෝසම් රළ සහිත අප්‍රිකානු සෝමාලියාවේ සිට ඉන්දුනීසියාව දක්වා විහිද ගිය කලාපය බව එක්සත් ජනපද උපායමාර්ගිකයකු වන රොබර්ට් කප්ලාන් සිය මොන්සූන් නම් කෘතියෙන් පවසා ඇත. කලකට පෙර ලොව ප්‍රචලිත ලාංකික වාස්තු විද්‍යාඥයා වූ ජෙෆ් රි බාවා සිය වාස්තු විද්‍යා ගුරුකුලය හැඳින්වූයේද මෝසම් වාස්තු විද්‍යාව (Monsoon Architecture) යන නමිනි.ඉන්දියානු සාගරයට වලංගු සීත හිමි කාලය සහිත සෘතු භේදය නොව කාලානුරූප වර්ෂාව සහ සුළං සමග බැඳුණු මෝසමට අනුව නිර්මිත පරිසරය සකස් කර ගැනීම බව එමගින් හුවා දක්වනු ලැබීය.
ඉන්දියානු සාගරය සාමාන්යයෙන් යුරෝපයේ හා ඇමරිකාවේ මර්කේටර් ප්‍රක්ෂේපනය සහිත ලෝක සිතියමේ ලෝකය ඇමරිකා මහද්වීපය පදනම කරගෙන අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය මැදට ගෙන ඉන්දියානු සාගරය සිතියමේ කොන් දෙකට වෙන්නට සළකුණු කර ඇත. කාර්මික විප්ලවයේ දෙවැනි යුගයේදී ( ක්‍රි ව 1850-1900) ඉතාම වැදගත් වූයේ යුරෝපය හා උතුරු ඇමරිකාව අතර සබඳතා හෙයින් අත්ලාන්තික් සයුර වැදගත් විය. පළමු හා දෙවන ලෝක සංග්‍රාම සමග ජපානය ,සෝවියට් සංගමය ,චීනය ,ඕස්ට්‍රේලියාව නැග ඒමත් සමග ෆැසිපික් සයුරද (1900-2000) ලොවට අතිශය වැදගත් විය. රොබර්ට් කප්ලාන්ගේ ගුරුකුලය පවසන්නේ මේ සියවසේ අතිශය වැදගත් සාගරය වන්නේ අත්ලාන්තික් හෝ ෆැසිපික් සයුර නොව ඉන්දියානු සාගරය බවය.
එහිදී පළමුව නැග්න්නේ ලොව බලශක්තියේ බලු පොරයයි. තෙල් ගල්ක ,ගල් අඳුරු ,ගෑස් ලෙස වූ පොසිල ඉන්ධන වාණිජ ලෙස බලශක්තියක් වන තෙක්ම ලොවේ ශක්තියේ පදනම වූයේ මිනිස් ශ්‍රමයයි. උදාහරණයක් ලෙස ඇමරිකාවේ කළු වහළුන් විසින් වවන ලද කපු,මැන්චෙස්ටර් නගරයේදී කඨින නූල් බවට පත් වූයේ මිනිස් අත් වලිනි. ඒ සඳහා වසර 1700 දී කඨින ලද කපු නූල් රාත්තලක් සඳහා පැය 200ක් අවශ්‍ය විය. ඇක් රයිට් විසින් වාෂ්ප එන්ජිම යොදා ගැනීමෙන් පසුව ඒ සඳහා ගල් අඟුරු යොදා ගැනීමත් නිසා වසර 1820 වනවිට කඨින ලද කපු රාත්තලක් සඳහා වැය වූයේ මිනිස් පැයක් පමණි. මෙලෙස යන්ත්‍ර හා පොසිල ඉන්ධන විසින් ලෝක ආර්ථිකය පිම්මක් පැන්නවූ අතර ( කාර්මික විප්ලයව ) ජනගහණය නිසා ලොවේ ආර්ථික යෝධයන් වූ ඉන්දියාව ,චීනය වැනි රටවල් පසුකර යන්නට බටහිර ලෝකයට හැකිවිය.
වසර 1700 දී ලෝක ආර් ථිකයේ යෝධයන් වූයේ මිලියන 165 ක් සිටි ඉන්දියාව හා බුහුටි තාක්ෂණ නිමවුම් සහිත මිලියන 138 ක් සිටි චීනයයි. එවකට මිලියන 8.6ක් සිටි එංගලන්තයේ ආර්ථික ශක්තිය ලොවෙන් 3% ක් වූ අතර 1800 වන තෙක් එක්සත් ජනපදයේ ආර්ථික ශක්තිය ලොවෙන් 1% ක් විය.කාල් මාක්ස් දුටු ලෙස මිනිස් ශ්‍රමය නොව ලොව වෙනස් කලේ පොසිල ඉන්ධන වැඩි වැඩියෙන් භාවිතා කිරීමය. 1980 දශකයේ ලෝක ආර්ථිකයේ පොසිල ඉන්ධන බලපෑම 86% ක් වූ අතර මේ දශකයේ එය 80% මට්ටමේ ඇත. වැදගත් කරුණ නම් වසර 2030-50 අතර කාලය වනවිට ලොව දැනට ඇති සියලු පොසිල ඉන්ධන යොදාගත හැකි වාහන ,නැව් ,ගුවන් යානා ,විදුලි බලාගාර හා වෙනත් යන්ත්‍ර නිමවී අවසන්වීමය.මේ නිසා පොසිල ඉන්ධන සඳහා මාරක පොරයක් ඇවිලී යනු නියතය.
…
වැඩි විස්තර
http://i43.tinypic.com/2mez66h.jpg
-පාඨලී චම්පික රණවක
ඉරිදා ලංකාදීප
2011-10-23