ශ්‍රී ලංකා හමුදාවන් උතුරෙන් ඉවත් කිරීමේ කතා අවසන් කිරීම සඳහා

උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් නැගෙනහිර, බටහිර, වයඹ හෝ වේවා රටේ සෑම පළාතකම ජනතාවට ශ්‍රී ලංකා හමුදාවන් අවශ්‍ය වන්නේ මක්‌නිසාද යන්න අවබෝධ කර ...


උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් නැගෙනහිර, බටහිර, වයඹ හෝ වේවා රටේ සෑම පළාතකම ජනතාවට ශ්‍රී ලංකා හමුදාවන් අවශ්‍ය වන්නේ මක්‌නිසාද යන්න අවබෝධ කර ගැනීම සඳහා වළගම්බා රජ සමයේ වැව් ඇළවේලි බිඳ දමමින් කැරලි ගැසූ තිස්‌ස බමුණාගේ පටන් මාවිල්ආරු වාරිමාර්ගය වසා දමමින් නැගෙනහිර ජනතාවගේ කෘෂිකාර්මික ජීවන මාර්ගය කඩාකප්පල් කිරීමට තරම් දුර්දාන්ත වූ කොටි ත්‍රස්‌තවාදයේ කෲරත්වය දක්‌වා වූ අතීතය විමසිය යුතුය. තිස්‌ස බමුණාගේ දුර්දාන්ත ක්‍රියාමාර්ගය නිසා මහා සාගතයක්‌ ඇතිවී පරසතුරු ආක්‍රමණයට මග පෑදුණු ආකාරය අමතක කළ නොහැක. කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු ජල මාර්ගය වසා දැමුවේ රට දෙකඩ කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා ගෙන්වීමේ අරමුණින්ය යන අදහසක්‌ ද එදා විය.

ඒ කෙසේ වෙතත් හැම යුගයකම බෙදුම්වාදී කැරලිකරුවන් හා විදේශ ආක්‍රමණිකයන් යුද්ධ උපායක්‌ වශයෙන් වැව්, ඇළවේලි විනාශ කළ බව ඉතිහාසයෙන් කියෑවෙන සත්‍යයකි. ඒ අනුව වළගම්බා යුගයේ පටන් වැව් ඇළවේලි ඇතුළු ජනතාවගේ ජීවන මාර්ගය ආරක්‍ෂා කිරීම සඳහා රට පුරා අවශ්‍ය හැමතැනකම දේශප්‍රේමී ජනතා හමුදාවන් රැඳවූ බව අමතක නොකළ යුතුය. වංකනාසික තිස්‌ස රජු දවස රට ආක්‍රමණය කර වැව් ඇළවේලි බිඳ දමා ජාතික වස්‌තුව කොල්ලකාගත් කරිකාලන් ප්‍රමුඛ ආක්‍රමණික හමුදාව අපේ වාරිමාර්ග ශිල්පීන් දොළොස්‌ දාහක්‌ වහලුන් ලෙස දෙමළ දේශයට ගෙන ගොස්‌ කාවේරි ගඟ හරස්‌ කර අමුණු බැඳීම සඳහා යොදාගත් බවද ඉතිහාසගත වී ඇත.

ඉන්දියානු දෙමළ ග්‍රන්ථයක්‌ වන සීලප්පදිකාරම් නමැති කෘතියට අනුව ගජබා රජු තම සේනාව රැගෙන ඉන්දියාවට ගොස්‌ දෙමළ ජනතාවගේ පූජණීය වස්‌තුවක්‌ වූ පත්තිනි සලඹ ලංකාවට ගෙනැවිත් ඇත. ගජබා රජු සේනා රැගෙන දෙමළ දේශයට ගියේ තම පිය රජු දවස ඉන්දියාවට වහලුන් ලෙස ගෙන ගිය සිංහල වාරිමාර්ග ශිල්පීන් ලංකාවට ආපසු ගෙන ඒම සඳහා ය. ගජබා රජු ලංකාවෙන් ගෙන ගිය සිංහල වහලුන් දොළොස්‌දාහට දෙමළ වහලුන් ඇතුළු විසිහතර දහසක්‌ ලංකාවට ගෙනාවේ කරිකාලන්ගේ ආක්‍රමණයේදී විනාශ කරනලද වැව් ඇළවේලි පිළිසකර කිරීම සඳහාය. ගජබා රජු දෙමළ හින්දු ජනතාවගේ ප්‍රජා වස්‌තුවක්‌ වූ පත්තිනි සලඹ ලංකාවට ගෙන ආවේ අපේ රට ආක්‍රමණය කර අපේ රටේ වස්‌තුව පැහැර ගෙන යැමට දඬුවමක්‌ වශයෙනි. ධාතුසේන රජුගේ පියාගේ කාලයේ දාඨිය, පීඨිය, පාරින්ද , නිරීතර ආදී ආක්‍රමණිකයන් මෙන්ම රාජ රාජ ප්‍රමුඛ ආක්‍රමණිකයන් හා කාලිංග මාඝ ප්‍රමුඛ පරසතුරු සේනාවනුත් ජාවකචන්ද්‍රභානු හා ආයH_ චක්‍රවර්ති ඇතුළු ආක්‍රමණිකයනුත් යුද්ධ උපායක්‌ වශයෙන් වැව් ඇළවේලි බිඳ දමා රටවැසි ජනතාව අසරණ භාවයට පත් කළ බව රහසක්‌ නොවේ.

කලා, බලලු වැව් හා ලොවටම ආදර්ශයක්‌ වූ යෝධ ඇළ ඇතුළු වාරිමාර්ග පද්ධතියක්‌ කරවූ ධාතුසේන රජු මෙන්ම සොළොස්‌ මහා වැව් ඇතුළු වාරිමාර්ග රාශියක්‌ කරවා රට ජලයෙන් ඈ¹ රන්තහඩුqවල සන්නස්‌ ලියවන්නට තරම් දියුණු මහා සංවර්ධනයකට මග පෑදූ වසභ රජුගේ පටන් යාපනය නල්ලූර් මහා කෝවිල කරවූ හය වැනි බුවනෙකබාහු දක්‌වා වූ බුද්ධදාස, අග්‍රබෝධි, දෙවැනිසේන, හතරවැනි මිහිඳු, මහවිජයබා, මහ පැරකුම්බා, දෙවැනි පැරකුම්බා, හතරවැනි පැරකුම්බා හා හයවැනි ශ්‍රී පැරකුම්බා ආදී සෑම ප්‍රබල රජ කෙනෙක්‌ම සියදහස්‌ ගණන් වැව් ඇළවේලි කරවා වාරිමාර්ග ආරක්‍ෂා කිරීම සඳහා හමුදාවන් යෙදවූ බවට කොතෙකුත් ඓතිහාසික සාධක හමුවේ. විශේෂයෙන් පරසතුරු ආක්‍රමණිකයන් පරදා රට සංවර්ධනය කරවූ වළගම්බා, ගජබා, ධාතුසේන, දෙවැනිසේන, හතරවැනි මිහිඳු, මහවිජයබාහු, මහපැරකුම්බා, දෙවැනි පැරකුම්බා, හතරවැනි පැරකුම්බා හයවැනි පැරකුම්බා හා හයවැනි බුවනෙකබා නමින් රජ වූ සපුමල් කුමාරයා ඇතුළු හැම ප්‍රබල ජාතික නායකයකුම දකුණේ තිස්‌සමහාරාමයේ පටන් යාපනය දක්‌වා රටේ අවශ්‍ය හැම තැනකම දේශප්‍රේමී ජනතා හමුදා රැඳ වූ බව ඓතිහාසික සත්‍යයකි.

සොළොස්‌ මහා වැව් කරවා මුළු රටේ ජනතාව ජලය මගින් එකමුතු කළ වසභ රජු පිළිබඳ ඓතිහාසික සත්‍යය යාපනය වල්ලිපුරම් ප්‍රදේශයෙන් හමුවූ රන්තහඩුවේ ලියෑවුණු සන්නසින් තහවුරුවී ඇත. රට පුරා ජලපෝෂක ප්‍රදේශ ආරක්‍ෂා වන අයුරින් වනඋයන් කරවා ගමින් ගමට වෛද්‍යවරු පත් කර, රෝහල් කරවා සතුන්ට පවා ප්‍රතිකාර කර වූ බෝසත් බුද්ධදාස රජුගේ නායකත්වයෙන් කරවූ ඔසු උයන් පහළ ඌවේ නිල්ගලත් වයඹ දොළුකන්දෙත්, දකුණේ උණවටුනේ හා කන්නැලියෙත් රජරට රිටිගලත් වශයෙන් සෑම පළාතකින්ම හමුවේ.

ජලයට හා වාරිමාර්ගවලට පදනම් වන ජලපෝෂක බිම්වල වනඋයන් ඇතිකිරීමේ බුද්ධදාස රජුගේ බෝධිසත්ව පිළිවෙත ජලය තම වස්‌තුව යෑයි ප්‍රකාශ කළ ධාතුසේන රජු මෙන්ම කන්තලේ මහවැව කරවූ දෙවැනි අග්‍රබෝධි රජුත්, අංගමැඩිල්ල වේල්ලෙ පටන් මින්නේරිය දක්‌වා ඇලහැර කරවූ මහසෙන් රජුත් පරසතුරන් පරදා පනස්‌පස්‌ වසක්‌ රට කරවූ මහ විජයබා රජුත් වැව් එක්‌දාස්‌ හාරසිය හැත්තෑ අටක්‌ කරවා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කිරීමට නායකත්වය දුන් මහා පරාක්‍රම බාහු රජුත් අවසන් වශයෙන් රට එක්‌සේසත් කිරීමට නායකත්වය දුන් හයවැනි ශ්‍රී පැරකුම්බා රජතුමා විසිනුත් වැව් ඇළවේලි මගින් තහවුරු කළ බව ඓතිහාසික සත්‍යයකි.

කෙටි කලකට කොටි ත්‍රස්‌තවාදීන්ගේ හාල්නැලිය බවට පත් වු යෝධ වැව ඇතුළු මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ වැව් පද්ධතියත් කොටි හිතවාදී ගුවන් යානා ගොඩබැස්‌aa වූ ඉරනමඩු වැව ඇතුළු වැව්නියාවක්‌ බවට උතුරු වන්නිකරයේ සියදහස්‌ ගණන් වැව් ඇළවේලිත් කරවූයේ වසභ රජුගේ පටන් මහා පරාක්‍රමබාහු රජතුමා දැක්‌වූ මුළු රටේම නායකයන් වූ හෙළ රජවරුන් මිස වැව් ඇළවේලි බිඳිමින් රටෙන් කොටසක්‌ කෙටි කාලවකවානුවලට අල්ලාගෙන සිටි දකුණු ඉන්දියානු ද්‍රවිඩ හෝ ජාවක ආදී කලාපීය සතුරු ආක්‍රමණික නායකයන් නොවේ.

මහපැරකුම් රජු සොළී ආක්‍රමණයට ගොදුරු වූ පාණ්‌ඩයින්ගේ සහාය සඳහා පළමුව ලංකාපුර සෙනෙවියාගේ නායකත්වයෙන් ලක්‍ෂයක හමුදාවකුත් දෙවැනුව දිග්විජය සෙනෙවියාගේ නායකත්වයෙන් තවත් ලක්‍ෂයක හමුදාවකුත් දෙමළ දේශයට යෑව්වේ පාණ්‌ඩ්‍ය දේශය ආක්‍රමණය කිරීමෙන් පසු සොළී සේනා ලංකාවද ආක්‍රමණය කරන බව රාජරාජ හා රාඡේන්ද්‍ර ආක්‍රමණවල අත්දැකීම්වලින් පෙනී ගොස්‌ තිබුණු හෙයිනි. සොළී සිංහල සේනා අතර යුද්ධය ලංකා භූමිය තුළ සිදුවූවා නම් වැව් ඇළ වේලි බිඳ දැමීමටත් පෙරදිග ධාන්‍යාගාරයේ පදනම බිඳ වැටෙන හෙයින් පාණ්‌aඩ්‍ය දේශය ගිලගත් සතුරා ඉන්දියානු භූමිය තුළ හිරකර තැබීම පැරකුම්බාවන්ගේ උපාය විය. ඒ ඓතිහාසික තොරතරු ද දෙමළ දේශයේ "තිරුවාලන්ගාඩු" හා "පල්ලවරායන්හෙට්‌ටි" සෙල්ලිපි වලින් තහවුරු වේ. වැව් ඇළවේලි බඳවා යාපනය අර්ධද්වීපය ඇතුළු මුළු රටම පාලනය කළ හැම රාජකීය නායකයකුම තම හමුදා දකුණේ තිස්‌සමහාරාමයේ පටන් නාගදීපය දක්‌වා රට පුරා අවශ්‍ය හැමතැනකම රඳවා ජනතාවගේ දිවි පෙවෙතත් ජාතික සංස්‌කෘතික උරුමයත් ආරක්‍ෂා කළ බව රහසක්‌ නොවේ.

ඒ ඓතිහාසික සත්‍යය අනුව වව්නියා, මන්නාරම්, මුලතිව්, දිස්‌ත්‍රික්‌කවලත් පැරැණි වැව් ඇළවේලි පිළිසකර කරවා අලුතෙන් පානීය ජල නළ මාර්ග හා වාරිමාර්ග තනා උතුරු, නැගෙනහිර හා දකුණු, බස්‌නාහිර, වයඹ, ඌව මධ්‍යම, සබරගමු හැම පළාතකම ජනතාවගේ ජීවන මාර්ගය සුරක්‍ෂිත කළ යුතුය. ඒ සඳහා උතුරේ මෙන්ම දකුණෙත්, නැගෙනහිරත්, බස්‌නාහිරත්, වයඹත්, ඌව, මධ්‍යම, සබරගමු යන හැම පළාතකමත් ජනතාවගේ දිවි පෙවෙත හා ජාතික සංස්‌කෘතික උරුමය ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය ස්‌ථානවල හමුදා කඳවුරු පිහිටුවා බලසේනා රැඳවිය යුතුය.

අතීතයේ වළගම්බා, ගජබා, ධාතුසේන, විජබා හා රට එක්‌සේසත් කළ පැරකුම්බා ආදී වීරයන්ගේ නායකත්වයෙන් රට බේරාගත් හමුදාවන් වාරිමාර්ග කැණීමේ, වැව් ඇළවේලි පිළිසකර කිරීමේ හා වැව් ඇළවේලි සුරක්‍ෂිත කිරීමේ සේවයේ යෙදුණු බව ඓතිහාසික සත්‍යයකි. ඒ ඓතිහාසික ක්‍රියාමාර්ගය නිර්මාණාත්මකව ඉදිරියට ගෙන යමින් බෙදුම්වාදී ත්‍රස්‌තවාදය හා ඔවුන්ගේ නව යටත් විජිතවාදී අධිපති මිතුරු බලවේග පරාජය කිරීමට සමත් වූ වීරෝධාර හමුදාවන් සතු හැකියාවන් යොදවා බස්‌නාහිර පළාත ගංවතුරින් යටකරමින් නිකරුණේ මුහුදට ගලායන කළු, කැලණි ගංගාවල ජලකඳ නියඟින් දැවෙන වයඹ හා උතුරුමැද ඔස්‌සේ උතුරට ගෙන යා යුතුය. පළමුව සිරිපා සමනල අඩවියෙන් ඇරඹි සිංහරාජ වනයෙන් එන ජලකඳත් එකතු කරගෙන කළුගඟ දිගේ මුහුදට ගලායන පිරිසිදු ජලය නළ මගින් වයඹටත්, උතුරුමැදටත්, උතුරටත් සපයා එම ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයත් ප්ලෝරයිඩ් හා රසායනික වසවිස මිශ්‍ර ජලයෙන් ඇතිවන වකුගඩු රෝග හා හෘදරෝග ආදී සෞඛ්‍ය ප්‍රශ්නත් විසඳිය යුතුය. ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරු ශිල්පීය හැකියාවන් හා යාන්ත්‍රික බලසේනා ශක්‌තීන් හමුදාව සතු බව රහසක්‌ නොවේ. දෙවනුව කළු, කැලණි ගංගාවල පිටාර ජලකඳ, වාරිමාර්ග පද්ධතියක්‌ ඔස්‌සේ අතීතයේ බත් කෝරලය වූ සත්කෝරලයටත්, පුත්තලම් දිසාවටත් පෙර රජදවස වැව්නියාවක්‌ වූ වව්නියා, මන්නාරම, කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කවලටත් ගෙන යා යුතුය. ඒ සඳහා හමුදාව සතු සේවයට කැපවීමේ ජීවගුණයත්a නිර්මාණ හැකියාවත් ඉංජිනේරු ශිල්පීය දක්‌ෂතාවත් යාන්ත්‍රික බලසේනා ශක්‌තීනුත් යොදා ගත යුතුය.

එසේ හමුදාවන් සතු ශක්‌තීන් යොදවා වයඹ, උතුරුමැද හා උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විස¹ අපේ දේශප්‍රේමී හමුදාව දේශප්‍රේමී සියලු ජන කොටස්‌වල ආදර ගෞරවයට පත්වන වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. හමුදාවන් සතු හැකියාවන් යොදවා පානීය ජල නල මාර්ග හා වාරිමාර්ග හැදීමෙන් අධිවේගී මාර්ග තැනීමේදී හා පාරවල් කොන්ක්‍රීට්‌ කිරීමේදී මෙන් දේශපාලන අනුබලය ලබන කොන්ත්‍රාත්කාරයින්ටත් කොන්ත්‍රාත්කාරයින්ගෙන් ලක්‍ෂ කෝටි ගණනින් බැඳි පුද පියවිලි, පියලි ලබන නිලධාරි හා දේශපාලන බලවතුන්ටත් යහපතක්‌ නොවේ. එසේ වුවත් කළු, කැලණි ගංගාවල පටන් පේදුරුතුඩුව දක්‌වා ජනතාවගේ ජල ප්‍රශ්න විස¹ ජලනල මාර්ගයේ වාරිමාර්ගත් ආරක්‍ෂා කරන්නට හමුදාව යොදවන්නේ නම් හමුදා හැකියාවන් මගින් තනා ඉටු කළ ජනතා අවශ්‍යතා ආරක්‍ෂා කිරීම සඳහා උතුරේ, දකුණේ, නැගෙනහිර, වයඹ හෝ රටේ කිසිම තැනක දේශප්‍රේමී ජනතා හමුදාවන් රැඳවීමට සිංහල, දෙමළ හෝ මුස්‌ලිම් කිසිම රටවැසියකු විරුද්ධ වන්නේ නැත. එවන් ක්‍රියාමාර්ගයකට විරුද්ධ වන්නේ අපාගත වූ ප්‍රභාකරන්ගේ සාපරාධී පාපී ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යැමෙන් බඩ වඩා ගන්නා නව යටත් විජිතවාදයේ ඒජන්තවරුන් පමණකි. එසේ හෙයින් බෙදුම්වාදය අවසන්කර, රටේ ඒකීයභාවය හා ජාතික උරුමයන් සුරැකිව රැකගෙන සමෘද්ධිමත් සමාජයක්‌ ගොඩනගන්නට අපේක්‍ෂා කරන සියලුම සැබෑ දේශප්‍රේමීන් ශ්‍රී ලංකා හමුදා උතුරෙන් ඉවත් කරන කතා අවසන් කරන ඉතිහාසගත ක්‍රියාමාර්ගය නිර්මාණාත්මකව ඉදිරියට ගෙන යා යුතු වේ.

අනගාරික ධර්මසේකරතුමා

2012-11-04

Related

අනගාරික ධර්මසේකර තුමා 3021946019241577729

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item