අධිකරණයට අත පෙවීම

අධිකරණයට අත පොවනවා යන චෝදනාව ප්‍රබල ලෙස නැඟුණු ආණ්‌ඩුවක්‌ ලෙස 1970-77 කාලයේ සමඟි පෙරමුණු ආණ්‌ඩුව හැඳින්විය හැකිය. එදා විපක්‍ෂය විසින් එම ...


අධිකරණයට අත පොවනවා යන චෝදනාව ප්‍රබල ලෙස නැඟුණු ආණ්‌ඩුවක්‌ ලෙස 1970-77 කාලයේ සමඟි පෙරමුණු ආණ්‌ඩුව හැඳින්විය හැකිය. එදා විපක්‍ෂය විසින් එම චෝදනාව එල්ල කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ පුතකු වූ අධිකරණ අමාත්‍ය µSලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක වෙතය. දේශපාලන වශයෙන් බැලූ බැල්මටම පක්‍ෂග්‍රාහී විනිසුරුවරුන් පත්කරනවා යෑයි එජාපය, විපක්‍ෂයේ සිට ආණ්‌ඩුවට චෝදනා කළේය. ඒවා නිකම්ම චෝදනා නොවූයේ 1960 දශකයේදී ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයකු හා කුරුණෑගල ප්‍රදේශයේ නීතිඥයකු වූ ජයා පතිරණ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන්නට සමඟි පෙරමුණු ආණ්‌ඩුව කටයුතු කළ නිසාය.


සමඟි පෙරමුණ ආණ්‌ඩු බලයෙන් බැස යැමත් සමඟ කරලියට පිවිසියේ අධිකරණයේ ස්‌වාධීනත්වය ගැන මහා ඉහළින් හඬ නැගූ ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවය. µSලික්‌ස්‌ ඩයස්‌ සේම ඡේ. ආර්. ජයවර්ධන ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ පුත්‍රයෙකි. ඡේ. ආර්. විසින් අගවිනිසුරු ධුරය ප්‍රදානය කරන ලද්දේ තිබුණාට වඩා වෙනස්‌ පිළිවෙළක්‌ අනුගමනය කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සිටියදී නමගිය සිවිල් නීතිඥයකු වූ නෙවිල් සමරකෝන් ඡේ. ආර්. විසින් අගවිනිසුරු ලෙස පත් කළේය. ඔහු හා ඡේ. ආර්. අතර පැවැති පුද්ගලික සම්බන්ධය මත එය ඉමහත් විවේචනයට භාජන විය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පදවි ගණන අඩු කරමින් එහි ව්‍යqහයේ ප්‍රතිසංස්‌කරණයක්‌ ඇති කරන්නට ඡේ. ආර්. තීන්දු කළ අතර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන් විනිසුරුවන් පත්කරන්නට ඡේ. ආර්. තීන්දු කළේය. එතැනදී කලින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සියලු දෙනා යළි පත් නොවූ අතර සමහරෙක්‌ අභියාචනාධිකරණයටත්, සමහරකුට විශ්‍රාම යැමටත් සිදු වී තිබිණි. තෝරා ගැනීමේ අයිතිය තිබූ ඡේ. ආර්. විසින් කරන ලද්දේ තමන්ට හිතවත් පිරිස්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීම යෑයි විපක්‍ෂයෙන් චෝදනා නැගුණි. ශ්‍රීලනිපයේ දේශපාලනය කරමින් සිටි ජයා පතිරණ, µSලික්‌ස්‌ ඩයස්‌ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට විරෝධය පා එය අධිකරණයේ ස්‌වාධීනත්වය නැති කිරීමක්‌ ලෙස විපක්‍ෂයේ සිට හඬ නැගූ ඡේ. ආර්., බලයට පැමිණි පසු ඒ සඳහා ලබාදුන්නේ අමුතුම පිළිතුරකි. කුරුණෑගල සිටි එජාපවාදියකු වූ වික්‌ටර් පෙරේරා ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගේ පුතුන් දෙදෙනකු වූ වෘත්තියෙන් නීතිඥ පසුබිමක්‌ තිබූ µSලික්‌ස්‌ හා ඡේ. ආර්. අධිකරණය විෂයෙහි මෙසේ හැසිරුණේ ඇයි?



මේ සඳහා හොඳ පිළිතුරක්‌ මැනියාවේලි ප්‍රකාශ කර තිබේ. "ක්‍ෂය රෝගය ගැන වෛද්‍ය මතය වන්නේ එය පහසුවෙන් සුව කළ හැකිය යන්නය. එහෙත් අමාරු කාරණය වන්නේ එය පහසුවෙන් සුව කිරීම සඳහා මුල් අවස්‌ථාවේදී අඳුනාගත යුතු වීමයි. නමුත් ක්‍ෂය රෝගය මුල් අවස්‌ථාවේදී හඳුනාගැනීම අපහසුය. නමුත් මුලදී ප්‍රතිකාර නොකරන ලද්දේ නම් කල්ගත වන විට එය හඳුනාගැනීම ඉතා පහසු වන නමුත් ඒ අවස්‌ථාවේදී සුව කිරීම අපහසු වේ."



මේ නිසා "ලෙඩේ" මුල් අවස්‌ථාවේදීම හඳුනාගෙන පහසුවෙන් සනීප කර ගැනීම µSලික්‌ස්‌ගේ හා ඡේ. ආර්. ගේ පිළිවෙත විය හැකි යෑයි සිතිය හැකිය. තම උපන් පරිසරයෙන්ම මේ දෙදෙනා ඒ ගැන හඳුනාගෙන සිටින්නට ඇත. පාලන බලය හොබවන්නට එන විටම එතැනින් රාජ්‍ය බලයට ප්‍රශ්නයක්‌ නොවන තැනකට කටයුතු කිරීම සඳහා ඔවුන් පියවර ගත්තා විය යුතුය.



දේශපාලකයෝ බලයට පත්වන්නේ මහජන ඡන්දයෙනි. ඔවුන් නිශ්චිත කාලයකට පසු යළිත් මහජනයා අතරට යා යුතුය. අතරතුර කාලයකදී දේශපාලනඥයා ගන්නා තීන්දු සඳහා මහජනතාව මැදිහත්වීමක්‌ කිරීමට බලය නැති අතර එතැනදී උපයෝගි වන්නේ අධිකරණයය. අධිකරණයේ ස්‌වාධීනත්වයට දේශපාලනඥයෝ අත පොවනවා යන්නෙන් අදහස්‌ වන්නේ එවැනි තීන්දු තීරණ සඳහා දේශපාලනඥයන් බලපෑම් කිරීමය. එසේ නැතිව සාමාන්‍ය ජන ජීවිතයේ ප්‍රශ්නවලදී දේශපාලනඥයන්, අධිකරණයට අනවශ්‍ය ලෙස මැදිහත් වනවා කීම නොවේ. අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායකට එරෙහිව ගෙනැවිත් තිබෙන දෝෂාභියෝගය සැලකෙන්නේ එවැන්නක්‌ ලෙසය.



ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට අවනත නොවන බව පෙනෙන විට ඔහුට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන ඒමට ද ඡේ. ආර්. කටයුතු කළේය. ඉන්පසු එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම සිටි රාජා වනසුන්දරගෙන් ද, අගවිනිසුරු ධුරය සඳහා පත්වීමේ ලිපිය ලබාදීමට පෙර ඉල්ලා අස්‌වීමේ ලිපිය ඡේ. ආර්. විසින් ඉල්ලා තිබිණි. නමුත් එවැනි ලිපියක්‌ ඡේ. ආර්.ට ලබාදෙන්නට රාජා වනසුන්දර කැමැති වූයේ නැත. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊළඟ සිටි පාරින්ද රණසිංහගෙන් ඡේ. ආර්. ට ඉල්ලා අස්‌වීමේ ලිපිය ලැබිණි.



ඒ සමඟම අගවිනිසුරු ලෙස පත්වීමේ ලිපිය ඡේ. ආර්. විසින් ඔහුට නිකුත් කළේය.



ඡේ. ආර්. අධිකරණය විෂයෙහි කරන ලද මෙම කටයුතු එදා සිටි විපක්‍ෂයේ විවේචනයේ ප්‍රධාන අංගයක්‌ විය. 1994 දී එම විපක්‍ෂය ආණ්‌ඩු බලය ලබාගත් විට චන්ද්‍රිකා කරන ලද්දේ ද මේ ටිකමය. ඇය, තමාගේ හිතවතකු වූ සරත් එන්. සිල්වා අභියාචනාධිකරණයේ සභාපති ලෙසත්, අගවිනිසුරු ලෙසත් නම් කළාය. සරත් සිල්වා පත්කරන ලද දිනයේ සිටම විපක්‍ෂය ඊට එරෙහිව හඬ නැගුවේය. එය අධිකරණයේ මළගම යෑයි කීවේය. සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝග දෙකක්‌ම ගෙනාවේය. විශ්‍රාම යැමෙන් පසු ඒ සරත් සිල්වාම එජාපයේ හා ජවිපෙ වීරයකු විය. ජනාධිපතිවරයාගේ පොදු අපේක්‍ෂකයා බවට ඔහු පත්කරන්නට ද තැත් කළේය. දූෂිත යෑයි කියූ සරත් සිල්වාගේ නායකත්වය යටතේ රාජ්‍ය දූෂණ සෙවීමට දූෂණ හඬ නම් සංවිධානයක්‌ ද ජවිපෙ ගොඩ නැඟීය.



එසේ බලන විට 2005 සිට මහින්දගේ ආණ්‌ඩුව අධිකරණයට අත දැම්මා යෑයි චෝදනාවක්‌ හෝ කළ හැක්‌කේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් සමඟ ඇති කරගත් ආරවුල හා අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයන් පමණි. එහිද තවත් පැත්තක්‌ තිබේ. ශිරානි බණ්‌ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියට පත්වන්නේ චන්ද්‍රිකාගේ කාලයේදීය. නීතිය පිළිබඳ මහාචාර්යවරියක්‌ වූ ශිරාණි, ශ්‍රේෂ්ඨාධිකරණයට චන්ද්‍රිකා විසින් පත්කරන විට ඒ ගැන චෝදනා මුඛයෙන් කතා කළ අය කීවේ "පැකේජය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන විට එයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට මෙම පත්වීම කළ බවය. ඒ කතාව අනුව බලන විට ශිරාණි බණ්‌ඩාරනායකට, අධිකරණයේම විනිශ්චයකාර ධුරයක්‌ හිමිවන්නේම දේශපාලන වුවමනාවක්‌ අනුවය. ඇය විසින් එවැන්නක්‌ ඉටු නොකරන ලද බව පෙනෙන නමුත් එයින් පෙනෙන්නේ අධිකරණය හා දේශපාලන බලඅධිකාරය අතර පවතින සම්බන්ධය කෙතරම් ස්‌වාධීනත්වයක්‌ උසුලනවා යෑයි කීවද මෙම සංස්‌ථා අතර ඇති සම්බන්ධය හේතුවෙන්, පොතේ තිබෙන මට්‌ටමේ ස්‌වාධීනතාවයක්‌ අධිකරණයකට අත්කරගත නොහැකි බවත් නමුත් නීතියේ ආධිපත්‍ය සඳහා අවශ්‍ය වන ආකාරයට අධිකරණය ස්‌වාධීන කිරීම අත්‍යවශ්‍යය. එහෙම බලන විට පැවැති ආණ්‌ඩු අතරින් ඒ සඳහා ඉඩක්‌ දී ඇත්තේ රාජපක්‍ෂ ආණ්‌ඩුව බව පෙනී යයි.



මහින්ද රාජපක්‍ෂ බලයට පත් වූ පසු එම ආණ්‌ඩුවට එරෙහිව යන තීන්aදු අගවිනිසුරු සරත් සිල්වා විසින් ලබාදුන්නේය. නමුත් සරත් සිල්වාට එරෙහිව ආණ්‌ඩුව දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ නැත. සරත් සිල්වා විශ්‍රාම යනතුරු ආණ්‌ඩුව ඉවසාගෙන සිටියේය. එසේ තිබියදීත් එළියෙන් තමන්ට හිතවත් අයෙක්‌ ගෙනැවිත් ඡේ. ආර්., චන්ද්‍රිකා කළා සේ අගවිනිසුරු කරන්නට මහින්ද කටයුතු නොකළේය. අශෝක ද සිල්වා ගත්තත්, ශිරානි බණ්‌ඩාරනායක ගත්තත් ජ්‍යෙෂ්ඨත්වය බලා මහින්ද විසින් අගවිනිසුරු කළා මිස, පහසුවෙන් එහෙයියකු පත්කිරීමේ හැකියාව තිබියදීත්, සරත් සිල්වාගෙන් ආණ්‌ඩුව රුචි නොවන තීන්දු ලැබී තිබියදීත් එවැන්නක්‌ නොකළේය.



දෝෂාභියෝගය වුවත් ආණ්‌ඩුව ගෙන එන්නේ නිත්‍යානුකූල රාමුවක්‌ මතය. එය ව්‍යවස්‌ථාදායකයට හිමි නෛතික අයිතියකි. ඒ තුළ පවතින ක්‍රියාදාමයේ ආණ්‌ඩුව නිසි ලෙස යෙදෙන්නේ නම් එයින් නීතියේ ආධිපත්‍යය බිඳෙන්නේ යයි කිව නොහැක. එයද නිත්‍යානුකූල තත්ත්වයකි. මහින්දගේ ආණ්‌ඩුව අධිකරණය අත පොවන්නේ යෑයි කිවහැක්‌කේ දෝෂාභියෝග ක්‍රියාමාර්ගය අනිසි ලෙස කරන්නේ නම් හා එය සාර්ථක වුවහොත් ඊළඟ අගවිනිසුරු ලෙස පිටතින් එහෙයියකු ගෙන්වුවහොත්ය.



මනෝඡ් අබයදීර
2012-11-07

Related

මනෝජ් අබයදීර 2479837799516289989

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item