ඇෆ්ගනිස්‌ථාන අර්බුදය පිළිබඳ ඇමරිකාව නොකී කතාව

-මහින්ද පතිරණ  -ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය,  -සබරගමුව විශ්ව විද්‍යාලය දශකයක්‌තිස්‌සේ පවතින ඇෆ්ගනිස්‌ථාන යුද්ධය පිළිබඳ තීරණාත්මක ...

-මහින්ද පතිරණ  -ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය,  -සබරගමුව විශ්ව විද්‍යාලය

දශකයක්‌තිස්‌සේ පවතින ඇෆ්ගනිස්‌ථාන යුද්ධය පිළිබඳ තීරණාත්මක තවත් සමුළුවක්‌ මේ සතියේ පැවැත්වුණි. තලේබාන් සංවිධානය බලයෙන් පහ කිරීමෙන් පසු වත්මන් ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි බලයේ පිහිටුවීම සඳහා මීට දස වසරකට පෙර ජර්මනියේ බොන් නගරයේ පැවැත් වූ සාකච්ඡාව සිහි ගන්නවමින්, 2014 වසරේ දී ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලකාය රටින් පිට වූ පසු ඇෆ්ගනිස්‌ථාන තත්ත්වය සාකච්ඡා කිරීමට පැවැත්වෙන සමුළුව එහි තීරණාත්මක බව පසෙක ලා පුස්‌ වෙඩිල්ලක මට්‌ටමට දැන් වැටී තිබේ. නිල හමුදා පිටත්ව යාමෙන් පසු ද තමා ඇෆ්ගනිස්‌ථානය සමග සිටින බව සමුළුවට පැමිණි බටහිර නායකයින්ගේ සුපුරුදු හා අපේක්‌ෂිත පොරොන්දුව විය. එහෙත් උග්‍ර ණය අර්බුදවල දෛවෝපගත ගොදුරු බවට පත්ව සිටින බටහිර රටවලට ඇෆ්ගනිස්‌ථානයට තබා තම රටවල එදිනෙදා වියදම් ටික හෝ ආවරණය කර ගැනීමට මේ වන විට මුදල් නැත. ඇෆ්ගනිස්‌ථානයේ විශාලත ම ආධාරකයා වන ඇමරිකාව පමණක්‌ පසුගිය වසරේ එරටට දුන් ඩොලර් බිලියන 3.5 මුදල මේ වසරේ දී ඩොලර් බිලියන 2 දක්‌වා පහත වැටී තිබේ. ඒ ද ඇමරිකානු සෙබළුන් ඇෆ්ගනිස්‌ථානය තුළ සිටිය දී ය.

ඇත්ත වශයෙන් ම මේ සතියේ සමුළුව පැවැත් වූයේ තිරය යටින් තිබෙන එක්‌ ප්‍රධානත ම කරුණක්‌ වෙනුවෙන් ය. ඒ අන් කිසිවක්‌ නොව තලේබාන් සංවිධානය සාම සාකච්ඡා මේසයට රැගෙන ඒ ම ය. එහෙත් එම ක්‍රියාව සඳහා සුදුසුම රට වන පාකිස්‌ථානය වත්මන් සමුළුව වර්ජනය කරන්නේ නේටෝව විසින් පසුගිය දා නිදි පැදුරේ ම සිටි තම සෙබළුන් 24 දෙනෙකු මරා දැමීම නිසා ය. මේ අනුව, ඇෆ්ගනිස්‌ථානය නැවත වරක්‌ ඇමරිකානු ආක්‍රමණයට පෙර පැවති මට්‌ටමට තල්ලු වීමේ ඉඩකට දැන් බොහෝ සෙයින් මතුවෙමින් තිබේ.

ඇෆ්ගනිස්‌ථානය පිළිබඳ පවතින අලුත් ම තත්ත්වය වන ඉහත අවිනිශ්චිතතාව යටින් දිවෙන එහෙත් බොහෝ විචාරකයින්ගේ හා දේශපාලකයින්ගේ ද අවධානයට යොමු නොවූ අති සංවේදී දෙවැනි පැත්තක්‌ තිබෙන බව ලෝකය විසින් අමතක නොකළ යුතු ය. ඒ ඇෆ්ගනිස්‌ථානයේ ජනවර්ග අතර බලය බෙදී යාම පිළිබඳ භයානක අසමානතාවයි. කොටින් ම කිවහොත් ඇෆ්ගනිස්‌ථානයේ බලය එහි බහුතර ජනතාව වන පශ්තුන් ජාතිකයින් වෙතින් අහිමි කර තිබීම ප්‍රශ්නයේ කේන්ද්‍රයයි. ජනපති හමීඩ් කර්සායි පශ්තුන් ජාතියෙකු බව ඇත්ත ය. එහෙත් මීට දස වසරකට පෙර පැවැත් වූ බොන් සමුළුවේ ම අදුරදර්ශී ක්‍රියා නිසා ඇෆ්ගන් රජයේ ප්‍රධාන භූමිකාවන් හිමි වූයේ සුළුතර ටර්ක්‌ හා උස්‌බෙක්‌ ජනවර්ගයන්ට ය. ඒ අනුව, බහුතර පශ්තුන් ජනයා බොහෝ සෙයින් කොන් වන තත්ත්වයක්‌ රට තුළ ඇති විය. මෙම කොන් කිරීම ම තලේබාන් සංවිධානය නැවත වරක්‌ ඇෆ්ගනිස්‌ථානය තුළ බලවත් වීමට බොහෝ සෙයින් හේතු වු බව විචාරක මතය වී තිබේ. මෙම තත්වය තුළ ඇෆ්ගනිස්‌ථාන ජනාධිපති හමීඩ් කර්සායි හට සිදු වූයේ සුළුතර ජනවර්ග නියෝජනය කරන, එහෙත් රජය තුළ සිටින අතිබලසම්පන්න භූමිකාවක්‌ තිබෙන හමුදා නායකයින්ගේ හා දේශපාලකයින්ගේ සිරකරුවෙකු වීමට ය.

කර්සායිගේ සිරකරු-තත්ත්වයේ ප්‍රතිඵලය වූයේ ඔහුට තම රජය තුළ ම සිටින බලවතුන්ගේ මෙන් ම ඇමරිකාවේ ද හුදු රූකඩයක්‌ වීමට සිදුවීම ය. මෙය ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් හිතා මතා ම ඇති කළ තත්ත්aවයකි. නමින් පමණක්‌ බහුතරය නියෝජනය කරන, එහෙත් තම අභිලාෂයන්ට නොවලහා ඉඩදෙන ජනපතිවරයකු ඇන්ග්ලෝ සැක්‌සන් රටවල් දෙකට ම මේ මොහොතේ අවශ්‍ය වන තත්ත්වයකි. ඒ කර්සායි ඉදිරිපසට දමා බහුතර මහජන මතය කොල්ල කන අතරතුර සුළුතර ජනවර්ගවලට අයත් නිලධාරීන් හරහා රටේ තීරක බලය ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට පාලනය යටතට ගැනීමට ය. මෙය අන් කිසිවක්‌ නොව පසුගිය කුප්‍රකට යටත් විජිත සමයේ සිට ම බ්‍රිතාන්‍යයින් විසින් ලෝකය පුරා ගෙන ගිය බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමයයි. මෙම ක්‍රමය විසින් ලෝකයේ කිසිදු තැනක ප්‍රශ්න විසඳා නැත. ඒ වෙනුවට කර ඇත්තේ ප්‍රශ්න නිර්මාණය කිරීම ය. අද ඇෆ්ගන් ප්‍රශ්නයේ ජයගත නොහැකි බාධකය ලෙස හිටපු යටත් විජිතකරුවන් ම සලකන පාකිස්‌ථානය යනු මෙම බෙදාවෙන්කර පාලනය කිරීමේ ප්‍රතිඵලයක්‌ වීම ඉරණම්කාරී ය.

මේ අනුව, වසර 10 දීර්ඝ යුද්ධයකින් පසු ලෝකයේ සුපිරිතම මිලිටරි බලවතාට තලේබාන් සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි වූවේ නම් ඇෆ්ගනිස්‌ථානය තුළ තිරසාර විසඳුමකට යා හැකි එක ම මාවත වන්නේ සාකච්ඡාව ය. ඇත්ත වශයෙන් ම මේ බව තේරුම්ගත් ඇමරිකාව පසුගිය වසරේ සිට ම තලේබාන් සංවිධානය සමග අනියම් මට්‌ටමේ සාකච්ඡා අරඹා තිබුණි. මෙම සාකච්ඡාවල ප්‍රධාන මැදිහත්කරු වූයේ පකිස්‌ථානයයි. එහෙත් පකිස්‌ථානය මෙවර බොන් සමුළුවට සහභාගී නොවෙමින් දුන් පණිවුඩය ඉතා ප්‍රබල අරුතක්‌ ගන්නේ මෙහි දි ය. එක්‌ අතකින් ඇමරිකාව තලේබාන් සංවිධානය සමග සාකච්ඡා කරන්නේ එකී සංවිධානය දියකර හැරීමේ එක ම අරමුණ සිත රඳවාගෙන නම් පකිස්‌ථානයේ අවංක උත්සාහය ඒ සඳහා නොලැබෙනු ඇත. මන්ද තලේබාන් සංවිධානය දේශපාලනමය වශයෙන් ස්‌ථාවර මට්‌ටම තිබෙන ඇෆ්ගනිස්‌ථානයකට පකිස්‌ථානය කැමති ය. අසල්වැසි ඉරානය ද ඊට කැමති වනු ඇත. එහෙත් ඇමරිකාවේ ප්‍රශ්නය වන්නේ ද එයම ය. එනම් පාකිස්‌ථානයට හා ඉරානයට හිතවත් දේශපාලන සංවිධානයක්‌ ඇෆ්ගනිsස්‌ථානයේ බලය අතට ගැනීම ය.

මේ අතර, ඇමරිකාවට අවශ්‍ය වන්නේ 2014 දී තම හමුදා ඇෆ්ගනිස්‌ථානයෙන් පිට ව ගිය පසු ද පුහුණුකරුවන්ගේ හා උපදේශකයින්ගේ නමින් තවදුරටත් දහස්‌ ගණනින් හමුදා ඇෆ්ගනිස්‌ථානය තුළ රඳවා තැබීමට ය. ඔස්‌ටේ්‍රලියාවේ පවා සෙබළුන් රැඳවීමට මේ වන විට තීරණය කොට තිබෙන ඇමරිකාව කිසි දිනෙක තම ලෙයින් හා මුදලින් ආයෝජනය කර තිබෙන ඇෆ්ගනිස්‌ථාන පොළොවෙන් පිටවීමට කැමති වෙතැයි සිතීම මුලාවකි. ඇමරිකානු පාලනය හා හමීඩ් කර්සායි අතර මේ පිළිබඳ සාකච්ඡා දැනටමත් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ. සෙබළුන් රැඳවීම තුළින් ඇෆ්ගනිස්‌ථානයේ ඩොලර් බිලියන ගණනක්‌ වටිනා ස්‌වභාවික සම්පත් පාකිස්‌ථාන සහාය හරහා චීනයට යැමේ "අනතුර" වැළකීම ඇමරිකාවේ ආසන්නතම අරමුණ වන අතර දිගු කාලීන අරමුණු වන්නේ දිනෙක එම හමුදා ඉරානයට හෝ/හා චීනයට එරෙහි ව යෙදවීමට හැකිවීමයි. යුද්ධය නිම වීමටත් පෙර ඇමරිකානු ආශිර්වාදය යටතේ ඇෆ්ගනිස්‌ථානය විසින් තම රටෙහි යකඩ කැණීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන්නේ මෙම අරමුණින් ය. කෙසේ වෙතත්, සදාකල් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්‌ථානය තුළ රඳවා තැබීමේ අනිවාර්ය ප්‍රතිඵලය නම් මේ වන විටත් යුද වදින මට්‌ටමක්‌ දක්‌වා ගොස්‌ තිබෙන ඉරානය විසින් මෙන් ම එවැනි තත්ත්වයකට මදක්‌ පමණක්‌ මෙහායින් තිබෙන පාකිස්‌ථානය විසින් ඇමරිකාව අස්‌ථාවර කිරීමේ අරමුණින් තවදුරටත් තලේබාන් සංවිධානයට සහාය දීම ය. ඒ ඇමරිකාවට සේ ම මෙම රටවලට ද ඇෆ්ගනිස්‌ථානය තුළ දේශපාලන හා ආර්ථික අරමුණු තිබෙන නිසා ය. එසේ නම්, මේ සියල්ලෙහි ම ඓක්‍යය වන්නේ ඇෆ්ගනිස්‌ථානය තුළ කිසියම් හෝ සාමකාමී තත්ත්වයක්‌ ඇතිවීමට නම් එරට තුළ වන බහුතර පශ්තුන් ජනතාවට පිළිගත හැකි මෙන් ම අසල්වැසි ඉරානය හා පාකිස්‌ථානය ද පිළිගන්නා දේශපාලන විසඳුමක්‌ ඇමරිකාව විසින් යෝජනා කළ යුතු ය. මන්ද මෙම සාධක තුන ම ඇෆ්ගනිස්‌ථානය සම්බන්¨ධයෙන් තුනක්‌ නොවේ, එකකි. ඇමරිකාව එම භූමි යථාර්ථය පිළිගැනීමට සූදානම් ද ? 
 

අරාබි විප්ලව භූමියේ තනිවූ ඊශ්‍රායලය ගැන 'අසරණ' ඔබාමා කනගාටු වේ 


දෙසැම්බර් 2 වැනි දින ඇමරිකානු ආරක්‌ෂක ලේකම් ලියෝන් පැනේටා විසින් කළ ප්‍රකාශයකින් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔබාමා පාලනයේ නියම ස්‌ථාවරය නැවත වරක්‌ මතු විය. හිටපු සී අයි ඒ ප්‍රධානි පැනේටා ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසින් අරාබි ජන නැගිටීම්වලින් පසු මැදපෙරදිග ඇති වූ දේශපාලන වටපිටාව සැලකිල්ලට නොගෙන සිටින්නේ නම් ඉදිරියේ දී එරට දැඩි හුදකලාවීමකට ලක්‌වන බව ය. මේ අනුව, පැනේටා ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ තුර්කිය, ඊජිප්තුව, ජොර්දානය හා වෙනත් මැදපෙරදිග රටවල් සමග තිබෙන ආරාවුල් විසඳා ගන්නා ලෙස ය. පැනේටා මීට පෙර ද එනම් පසුගිය ඔක්‌තෝම්බරයේ ද ප්‍රකාශ කළේ මැදපෙරදිග රටවල් සමග තිබෙන අර්බුද විසඳා ගැනීම ඊශ්‍රායල් යහපතට ම හේතුවන බව ය.

පශ්චාත් මුබාරක්‌ ඊජිප්තුවේ නැගී එන දේශපාලන තත්ත්වය විසින් ඇමරිකාව හා ඊශ්‍රායලය මේ වන විටත් බියට පත්කොට තිබේ. දෙසැම්බර් මුල් සතිය වන විට නිකුත් ව තිබූ ප්‍රතිඵලවලට අනුව කියවුණේ වට කීපයකින් පැවැත්වෙන ඊජිප්තු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන විට මුස්‌ලම් සහෝදරත්වය එරට පාර්ලිමේන්තුවේ අති බහුතර බලය ලබාගනු ඇති බව ය. මුබාරක්‌ සමයේ මෙම පක්‌ෂය තහනම් කර තිබුණේ ඇමරිකානු හා ඊශ්‍රායල් ඕනෑකම්වලට අනුව ය.

හිලරි ක්‌ලින්ටන් විසින් ෙµස්‌බුක්‌ විප්ලවය ලෙස නම් කළ අරාබි විප්ලවයේ නියම උරුමය ඉස්‌ලාම්වාදීන් සතුවන බව ඇමරිකාව හා ඊශ්‍රායලය දැන් හොඳින් ම දනී. එම යථාර්ථය පිළිගනිමින් ඊශ්‍රායල් ආරක්‌ෂක අමාත්‍ය එහුද් බරාක්‌ දෙසැම්බර් 3 වන දා පැවසූයේ තමා ඊජිප්තුවේ ඡන්ද ප්‍රතිඵලයෙන් සැලී ගිය බව ය. මුස්‌ලිම් සහෝදරත්ව සංවිධානය ගාසා තීරයේ සිටින හමාස්‌ සටන්කාමින් සමග අති සමීප සම්බන්ධයක්‌ පවත්වාගෙන යයි. මේ අතර, ටියුනිසියාවේ, ලිබියාවේ, මොරොක්‌කෝවේ හා තුර්කියේ ද පවතින්නේ කිසියම් හෝ ආකාරයකින් පලස්‌තීන ජනතාව දෙස සානුකම්පිතව බලන ඉස්‌ලාම්වාදී රජයන් ය. පසුගිය දා පැවති ටියුනීසියානු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට එහනඩා පක්‌aෂය පවසා සිටින්නේ තම ප්‍රතිපත්ති සැකසී ඇත්තේ තුර්කියේ පාලක ඒ කේ පී පක්‌ෂයේ මතවාදයන්ට අනුව බව ය.

මැදපෙරදිග පවතින හා නැගෙමින් තිබෙන තත්ත්වය ලෝක බල දේශපාලනය උඩුයටිකුරු කරන මට්‌ටමේ එකක්‌ වුව ද මේ සෑම ප්‍රශ්නයක ම පිටුපසින් සිටින ඇමරිකාව ඊට දක්‌වන ප්‍රතිචාරය එතරම් වෙනස්‌ නොවනු ඇත. පැනේටාගේ ප්‍රකාශයෙන් පමණක්‌ නොව මීට මාස කීපයකට ඉහත දී කළ ඔබාමාගේ මැදපෙරදිග ප්‍රතිපත්ති කථාවෙන් ද පැහැදිලිs වූයේ පාලක ඩිමොක්‍රටික්‌a පක්‍ෂයේ යුදවාදී නොවන අංශය මෙම ප්‍රශ්නය සැබෑ ලෙස කියවාගෙන සිටින බවත් ඊට නිසි විසඳුමක්‌ දීමට සූදානම් බවත් ය. ඔබාමා තම මැදපෙරදිග කතාවේ දී සඳහන් කළේ අනාගත පලස්‌තීන් ඊශ්‍රායල් සාම සකච්ඡා පදනම් විය යුත්තේ 1967 දී ඊශ්‍රායලය විසින් කළ දින හයේ යුද්ධයට පෙර තිබූ දේශ සිමා මත බව ය. එහෙත් මෙම ප්‍රකාශයට ඊශ්‍රායලයෙන් පමණක්‌ නොව ඇමරිකාවෙන් ද මතු වූයේ දැඩි විරෝධයකි. ඊශ්‍රායල් අගමැතිවරයා විසින් ඔබාමාගේ ඉහත ප්‍රකාශය ප්‍රතික්‌ෂේප කළේ ඇමරිකානු කොන්ග්‍රසයේ දී ම ය. නෙතක්‌යාහු විසින් ඇමරිකානු කොන්ග්‍රසයට ම විත් ඔබාමා ප්‍රතික්‌ෂේප කරන විට නෙතන්යාහු දුන් කන් පැළෙන කොන්ග්‍රස්‌ අත්පොළසන් නාදය අද ද පලස්‌තීන අර්බුදයට සාමකාමි හා තිරසාර විසඳුමක්‌ අපේක්‌ෂා කරන අයගේ දෙසවන රැඳී තිබෙනු නොඅනුමාන ය. ඔබාමා හා ඇමරිකාව අතර තිබෙන මේ පෑහින නොහැකි වෙන අන් යමක්‌ නොවේ. ඔබාමා මුස්‌ලිම් සම්භවයක්‌ සහිත කළු ජාතිකයෙකි. ජනාධිපති ඔබාමා ඇමරිකාවෙක්‌ ද යන්න නැගෙමින් තිබූ මහජන අසහනය ඇමරිකාව තුළ යාන්තම් හෝ අකාමකා වී ගියේ පසුගිය මැයි මාසයේ දී ඇමරිකානු සීල් භටයින් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමත් සමගින් පමණකි.

මේ අනුව, කිව හැක්‌කේ වර්තමානයේ ඇමරිකානු ආරක්‌ෂක ලේකම් ලියෝන් පැනේටා ම පවසන ලෙස මැදපෙරදිග කලාපය තුළ ඊශ්‍රායලය හුදකලා වීම මගින් ම එරට පවතින භූමි යථාර්ථයට අවදිකරනු ඇති බව ය. මූල්‍ය අර්බුදයෙන් බැට කා තිබෙන ඇමරිකාවට හා යුරෝපයේ ඊශ්‍රායල් හිතවතුන්ට අනාගත ඊශ්‍රායලය වෙනුවෙන් කළ හැකි වනු ඇත්තේ සිදුවන දෙය බලා සිටීම පමණි.


යුරේනියම් බලයට විකිණෙන ඉන්දියානු සිල්ලර වෙළඳාම


න්‍යෂ්ටික කර්මාන්ත සඳහා යොදා ගන්නා යුරේනියම් ඉන්දියාවට විකිණිම හා බටහිර බහුජාතික සමාගම්වලට ඉන්දියාවේ සුපිරි වෙළඳසල් ආරම්භ කිරීමට ඉන්දීය රජය විසින් දුන් අනුමැතිය අතර බැලූ බැල්ලමට සම්බන්ධයක්‌ පෙනෙන්ට නැත. එහෙත් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා ඔස්‌ටේ්‍රලියාවට පැමිණ එරට තුළ තම මැරීන් භටයින් 2500 ක්‌ ගාල් කිsssරීමට ගත් තීරණය අතර තුර ඕස්‌ටේ්‍රලියානු අගමැති ජූලියා ගිලාර්ඩ් විසින් ඉන්දියාවට යුරේනියම් විකිණීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට තම පාලක කම්කරු පක්‌ෂය පොළඹවා ගැනීම අපගේ සැලකිල්ලට භාජනය විය යුතු ය.

ලෝකයේ ප්‍රධානත ම ඇමරිකානු බහුජාතික සුපිරි වෙළඳසල් යෝධයින් වන වෝල්මාර්ට්‌, ටෙස්‌කෝ හා කැරෙµda වැන්නන්ට ඩොලර් බිලියන 450 ක්‌ වටිනා ඉන්දීය සිල්ලර වෙළෙඳපොලට ඇතුළුවීමට රජය විසින් දුන් අවසරය තාවකාලික ව අහෝසි කර තිබුණ ද ඒ සඳහා දේශපාලන ඒකමතියක්‌ සදහා මෙම කොලම ලියන අතර තුර ද සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. ඉහත බහුජාතික සමාගම් මේ වන විටත් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වේ. එහෙත් ඔවුන්ට මහජන පාරිභෝගිකයනට Rජුව ම භාණ්‌ඩ අලෙවි කිරීමේ හැකියාවක්‌ නැත. ඔවුන් කරන්නේ ගොවීන්ගෙන් භාණ්‌ඩ මිලට ගෙන ඒවා තොග වශයෙන් විකිණීම පමණි.

කෙසේ වෙතත්, නවත ම තීරණයට අනුව තොග වශයෙන් පමණක්‌ නොව සිල්ලර වශයෙන් ද භාණ්‌ඩ අලෙවි කිරීමේ හැකියාව දැවැන්ත සමාගම් වල ට හිමි වේ. එහෙත් මෙම 'හායි ගා' විවෘත කිරීම ඉන්දියාවට උදාකරනු ඇත්තේ හොඳ කාලයක්‌ නම් නොවේ. ඉන්දියානු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකළ පර්යේෂණයක දී හෙළි ව ඇත්තේ බහු ජාතික සමාගම විසින් සෙත සලසනු ඇත්තේ සමස්‌ත ඉන්දියානු ජනගහණයෙන් සියයට 1 හෝ 2 කට පමණි. උදාහරණයක්‌ ලෙස එක්‌ වෝල්මාර්ට්‌ සුපිරි වෙළෙඳසලක්‌ මගින් 11 200 ක ජන ඒකකයක්‌ අවතැන් කර අතර තුර එමගින් ලාබ ලබනු ඇත්තේ 285 දෙනෙකු පමණි. මේ අනුව, තම ප්‍රාදේශීය වෙළෙඳසල් හරහා ව්‍යාපාර කරන මිලියන 20 පමණ වන කුඩා පරිමාණ වෙළෙඳුන් ඉන්දීය වෙළෙඳපොලින් වාෂ්ප වනු ඇති බව එම ආයතනය පවසා සිටී.

මේ තත්වය පිළිබඳ දැනුවත් වූ ඉන්දීය වෙළෙඳුන් පසුගිය දා ඉන්දියාව පුරා ම දැඩි විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කළේ ය. එමෙන් ම ඉන්දියාවේ ප්‍රධාන විපක්‌ෂය වන භාරතීය ජනතා පක්‍ෂය සපථ කළේ මෙම තීරණය කොන්ග්‍රස්‌ රජය විසින් හකුලා නොගන්නේ නම් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කිරීමට තමා ඉඩ නොතබන බව ය. තව ද සංධාන කොන්ග්‍රස්‌ රජයේ ම කොටස්‌කාරියක්‌ වන ටි්‍රනමූල් කොන්ග්‍රසයේ මමතා බැනර්ජි ද මෙම තීරණයට එරෙහි ව ඉන්දියාව තුළ දැඩි සටනක්‌ දියත් කළා ය.

මේ අතර, ලෝක යුරේනියම් ගබඩාවෙන් සියයට 40 සතු ඔස්‌ට්‍රෙලියාව මීට පෙර පවසා තිබුණේ න්‍යෂ්ටික හරන ගිවිසුමට අත්සන්කොට නැති ඉන්දියාවට හා පාකිස්‌ථානය යන දෙරටට ම තමා යුරේනියම් අලෙවි නොකරන බව ය. එහෙත් පසුගිය ඉරිදා දින ගිලාර්ඩ් විසින් ගත් තීරණය හුදු වෙළඳ අරමුණක්‌ ඇති ව කළ දෙයක්‌ නොව නැගී එන ආසියාව තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල උවමනාවට ඉන්දියාව යොදා ගැනීමේ අරමුණින් කළ දෙයක්‌ බව සිතිය හැකි ය. නවතම තීරණය අසබඩ පාකිස්‌ථානය ප්‍රකාශ කළේ තමාට ද ඔස්‌ටේ්‍රලියාවත් යුරේනියම් ලබා ගැනීමේ හැකියාව ලබා දිය යුතු බව ය. කෙසේ වෙතත්, ඔස්‌ටේ්‍රලියාව විසින් එම ඉල්ලීම නම් පෙනෙන තෙක්‌ මානය හෝ ඉටු කරතැයි සිතිය නොහැකි ය. මන්ද පසුගිය දා ඔබාමා පාලනය ඔස්‌ටේ්‍රලියාවට අවසර ලබා දුන්නේ වටිනා පරමාණුක මූලද්‍රව්‍ය ඉන්දියාවට පමණක්‌ දෙන ලෙස ය. අගමැති ගිලාර්ඩ් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, ආසියානු සියවසේ දී ඉන්දියාව සමග වන මෙම මූලෝපායික ප්‍රතිපත්ති වෙනස සිදු කළේ තම රටේ ම යහපත වෙනුවෙන්, බව ය. මේ අතර, නවත ම නැගී එන මූලෝපායික ආරක්‍ෂක සංධානයේ තතු විත්ති සාකච්ඡා කිරීම සඳහා ඔස්‌ටේ්‍රලියානු ආරක්‌ෂ අමාත්‍ය ස්‌ටිවන් ස්‌මිත් පසුගිය 6 වන දා ඉන්දියාවේ සංචාරයක නිරත විය.

මේ සියල්ල ම මෙසේ සිදුවීමට පසුබිමක්‌ තබේ. එනම්, චීනය නැගීම පිළිබඳ පසුගිය සතියේ ද මෙම කොලමින් පෙන්වා දුන් පරිදි ඇමරිකාව හා ඉන්දියාව සිටින්නේ දැඩි අවිවේකයකිනි. එවන් අවිවේකයක්‌ තුළ චීනය අසලින් ම නැගෙන යෝධ පාරිභෝගිකයෙකු වන ඉන්දියාව බටහිරට මහත් අස්‌වැසිල්ලකි. ඒ අනුව, ඉන්දියාව සමග වන නැගී එන සබඳතාව හරහා බටහිර ලෝකයට අරමුණු දෙකක්‌ තිබේ. එකක්‌ ආර්ථික ය, අනෙක දේශපාලනික ය. ආර්ථික අරමුණ අතර, බටහිර ලෝකය ආර්ථික වශයෙන් පල්ලම් බසින විට එම කලාපයේ බහුජාතික සමාගම්වලට ඉන්දියාව තුළ සෘජු ආයෝජන සිදුකිරීම හරහා දැවැන්ත ඉන්දීය පාරිභෝගික පොකැට්‌ටුවෙන් අඩක්‌ පමණ සිය රටවලට රැගෙන එත හැකි ය. මූල්‍ය අර්බුදවලට මුහුණ පා තිබෙන ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට මෙය විශාල ධන උල්පතකි. දේශපාලන අරමුණ නම්, ඉන්දියාව, චීනයට එරෙහි ව සටනට දමත හැකි විස්‌වසනීය ඉත්තෙකු බව බටහිර කල්පනා කරන්නේ ය. ඉන්දියාවට චිනය සමග 'මානසික' ප්‍රශ්න තිබේ. චීනය සමග ඒවා බේරා ගන්නා අතර තුර ම, බටහිර ලෝකය හා චීනය අතර පවතින සීතල යුද්ධයේ ප්‍රතිඵලයක්‌ ලෙස බටහිරට ගැති හා චීනය සමග අමනාපකම් තිබෙන රටවල ස්‌වභාවික සම්පත්වලට ප්‍රවේශවීමේ හැකියාව දීර්ඝකාලීනව ඉන්දියාවට ලැබෙන ඇත. තව ද පාකිස්‌ථානය හා තමා සම සමව ලද වරප්‍රසාද දැන් තනිව ම භුක්‌ති විඳිමේ අවස්‌ථාව ද ඉන්දියාවට ලබාගත හැකි ය. පසුගිය දා ලැබුණු ඇෆ්ගනිස්‌ථානයෙන් ලද ඩොලර් බිලියන 10 ඉක්‌ම වූ යකඩ කැණීමේ කොන්ත්‍රාත්තුව හා යුරේනියම් යනු මේ වරප්‍රසාදවලින් දෙකක්‌ පමණි. 


ආර්ථික අර්බුද මැදින් නැවතත් බ්‍රිතාන්‍ය ජන කෝලාහලවලට වැටෙන ලකුණු 


අන් කිසිදු රටකට වඩා බ්‍රි්‍රsතාන්‍ය තුළ ආදායම් බෙදීයාමේ විෂමතාවක්‌ තිබෙන බව එරට කරන ලද ප්‍රධාන පෙළේ සමීක්‌ෂණයකින් හෙළි වී තිබේ. සමීක්‌ෂණයේ ප්‍රතිඵලවලට අනුව, එරට ජනගහණයෙන් ඉහළ ම සියයට 10 ක ආදායම 2008 වසර වන විට පවුම් 55 000 ක්‌ වී තිබුණ අතර සමාජයේ පහළ ම සියයට 10 සතු ආදායම පවුම් 4700 පමණකි. එය ඉහළ ම කොටස ලබන ආදායම් මෙන් දොළොස්‌ ගුණයකින් අඩු ය. මෙය 1985 සිට 2008 දක්‌වා අට ගුණයකින් වැඩි වීමක්‌ බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. අධ්‍යනය විසින් ම පෙන්වා දෙන ප§දි වඩාත් සාධාරණ බවට ලෝකය සිතන ජර්මනිය, ස්‌වීඩනය හා ඩෙන්මාර්කය වැනි රටවල ද ඉහළ ම හා පහළ ම සමාජ කොටස්‌වල ආදායම් පරතර තව තවත් විශාල වෙමින් තිබේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ කැන්ටබරි අගරදගුරු රෝවන් විලියම්ස්‌ අනතුරු අ`ගවා සිටියේ පසුගිය ග්‍රීස්‌මයේ හටගත් විරෝධතා හා කෝලාහල වන් තත්ත්වයක්‌ නැවත වරක්‌ බ්‍රිතාන්‍ය තුළ සිදුවීමේ අනතුරක්‌ තිබෙන බව ය. ඊට හේතුව ලෙස ඔහු දක්‌වා සිටින්නේ රටේ නැගී එමින් තිබෙන හා නැගී ඒමට නියමිත දරුණු ගණයේ විරැකියාව, ආදායම් විෂමතාව හා ආදායම් අඩුවීම තුළින් තරුණයින් අතර අන් කවරදාකටත් වඩා ඇතිවෙමින් ඉච්ඡාභංගත්වයයි. මෙම ඉච්ඡාභංගත්වයේ ආසන්නත ම හේතුකාරකය වන්නේ හුදකලා වූ තාරුණ්‍ය විසින් තමාට නැතිවීමට දෙයක්‌ නැතය යන සිතුවිල්ල පහළ කර ගැනීම ය.

මේ අතර, ප්‍රංශය හා ජර්මනිය විසින් යුරෝ රැකගැනීම සඳහා කර සටනේ ප්‍රතිඵලයක්‌ ලෙස යුරෝපා කොටස්‌ වෙළඳ පොලට පැමිණි සහනය එක්‌ වර ම අතුරුදන් වූයේ ස්‌ටෑන්ඩර්ඩ් හා පුවර් ආයතනය විසින් කළ අනතුරු ඇ`ගවීමක්‌ සමග ය. එය ආයතනය ප්‍රකාශ කළේ තමා යුරෝ කලාපයේ රටවල් 15 ණය ශේ්‍රණි අධ්‍යයනය කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජර්මනිය හා ප්‍රංශය වැනි ප්‍රභූ රටවල මෙන් ම යුරෝපයේ පරිධියේ රටවල ද මූල්‍ය තත්ත්වයන් පහත වැටිය හැකි බව යි.

උපුටා ගැනීම
දිවයින
2011-12-09

Related

සතියක ලෝකය 7710007630893940594

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item